රුපියල අවප්රමාන වීමේ කතාව
රුපියල අවප්රමාන වීමේ කතාව
*** මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවන නිසා මේ ලිපියේ කියන දේවල් ගැන 100% විශ්වාසයක් නැත. මම වැරදි නම් ආර්ථික ඔස්තාර් කෙනෙක් ඒවා නිවැරදි කරන සේක්වා***
මුදලේ වටිනාකම
මූලිකම බේසික්ම දේ තමයි, මුදල් වලට "සැබෑ" වටිනාකමක් නෑ කියන එක. ඒ කියන්නෙ මුදල් අපිට පරිභෝජනය කරන්න බෑ. අපිට අඹ ගෙඩියක් කන්න පුළුවන් වුනාට මුදල් කන්න බෑ නෙ. ඒ කියන්නෙ මුදල් වලට "සැබෑ" වටිනාකමක් නෑ. මුදලේ වටිනාකම කියල අපි හඳුනාගන්නේ මුදල් වලින් යම් කිසි දෙයක් මිලදී ගැනීමට තියෙන හැකියාව. මට රුපියල් සීයක් දීල අඹ ගෙඩි දෙකක් මිලදී ගන්න පුළුවන් නං මගේ රුපියල් සීයට "අඹ ගෙඩි දෙකක් මිලදී ගැනීමේ හැකියාව" තියෙනවා.
එතකොට අඹ ගෙඩි වල ඉඳල මුදල් දක්වා සියළුම දේ වල වටිනාකම හෙවත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. ඒ කියන්නෙ අඹ වලට ලොකු ඉල්ලුමක් තියනව නං අඹ වල වටිනාකම වැඩියි. අඹ හිඟයි නං (සැපයුම අඩුයි නං) අඹ වල වටිනාකම වැඩියි. කාටවත් අඹ එපා නං අඹ වල වටිනාකම අඩුයි. ඕසෙට අඹ තියේ නං ඒත් අඹ වල වටිනාකම අඩුයි.
මුදල් වල මිලත් තීරණය වෙන්නෙ මේ තියරිය අනුව මයි.
සමහර මුදල් වලට ඉල්ලුම වැඩියි. ඒ නිසා ඒවගෙ වටිනාකම වැඩියි. ඒවා "දෘඩ මුදල්" (hard currency) කියල හඳුන්වනවා. උදාහරණ : ඇමරිකන් ඩොලර්, යූරෝ, යෙන්, යූආන්. සමහර මුදල් වලට කිසි ඉල්ලුමක් නෑ. ඒ නිසා ඒවගෙ වටිනාකම අඩුයි. ඒවා "මෘදු මුදල්" (soft currency) කියල හඳුන්වනවා. උදාහරණ : රුපියල්.
කිසිම මුදල් ඒකකයකට නිරපේක්ෂ වටිනාකමක් නෑ. ඒ කියන්නේ තවත් මොකකට හරි සාපේක්ෂව වටිනාකමක් තමයි තියෙන්නෙ. A මුදලේ B මුදලට සාපේක්ෂ වටිනාකම කියන්නේ A මුදල් ඒකක 1 ක් දීලා B මුදල් ඒකක කීයක් ගන්න පුළුවන් ද කියන එක. උදාහරණයකට මේ දවස් වල ඩොලරයේ රුපියලට සාපේක්ෂ වටිනාකම 170. ඒ කියන්නෙ ඩොලර් 1 දීලා රුපියල් 170 ගන්න පුළුවන්. මේ වටිනාකම් රඳා පවතින්නේ ලෝක වෙළඳපොළේ ඩොලරයට සහ රුපියලට ඇති ඉල්ලුම අනුව.
ඇමරිකන් ඩොලරයේ ඇති ස්ථාවර භාවය නිසා ඒකෙ වටිනාකම *බොහෝ දුරට* ස්ථායී. මේ නිසා *ආසන්න වශයෙන්* ඩොලරයට සාපේක්ෂ අගය නිරපේක්ෂ අගයක් කියල සලකන්න පුළුවන්. හැබැයි ආසන්න වශයෙන්. හරියටම නෙවෙයි.
විදේශීය මුදල් සංචිතය
ඕනම රටක "විදේශීය මුදල් සංචිතය" (foreign currency reserve) කියල එකක් මහ බැංකුව විසින් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින් පවත්වාගෙන යන ගිණුමක්.
මේ ගිණුමට සල්ලි ලැබෙන්නෙ මෙහෙමයි.
එක විදිහක් තමයි විදේශීය ණය. තවත් විදිහක් රජය තමාගේ වත්කම් විදේශීය රටවලට සහ සමාගම් වලට විකිණීම. උදාහරණයකට තමාගෙ රටේ ලොකු වරායක් තියෙනව නං ඒක චීනෙට විකුණල ඩොලර් අරගෙන විදෙස් මුදල් සංචිතයට දාන්න පුළුවන්.
නමුත් මේකට සල්ලි ලැබෙන හොඳම (ආර්ථිකය පැත්තෙන්) ක්‍රමය තමයි අපනයන ආදායම. අපනයන බිස්නස් කරන ව්‍යාපාරිකයෝ ආදයම් ලබන්නෙ ඩොලර් වලින් (පිටරටට බඩු විකුණලා). මේ ඩොලර් මේ අය බැංකු වල තැන්පත් කරනවා. මීට අමතරව ලංකාවට එන විදේශිකයන් එයාපෝට් එකේදි ඩොලර් දීලා රුපියල් ගැනීම සහ විදේශ වල රැකියා කරන ලාංකිකයන් ඩොලර් (සහ වෙනත් විදේශ මුදල්) ලංකාවට එවීම කියන්නෙ බැංකු වලට ඩොලර් ලැබෙන ක්‍රම දෙකක්.
ඩොලර් ආදායම එන තවත් වැදගත් ක්‍රමයක් තමයි ඍජු විදෙස් ආයෝජන. උදාහරණයකට වොකස්වැගන් කොම්පැණිය කුලියාපිටියෙ ෆැක්ටරියක් හදන්න තීරනය කරොත්, ඒ අය තමාගේ ඩොලර් ලංකාවට අරගෙන ඇවිත්, ඒ ඩොලර් රුපියල් වලට මාරු කරල තමයි ෆැක්ටරියේ වැඩ කටයුතු කරන්නෙ. එතකොටත් ඩොලර් ලැබෙනවා.
එතකොට ඒ බැංකු මේ ඩොලර් දීලා මහ බැංකුවෙන් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් (treasury bonds and treasury bills) ලබා ගන්නවා. එහෙම කරන්නෙ ඒ සඳහා ඔවුන්ට මහ බැංකුවෙන් පොළියක් ලැබෙන නිසා. මීට අමතරව ව්‍යාපාරිකයන්ට කෙලින්ම මහ බැංකුවෙන් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ගන්නත් පුළුවන්.
නමුත් ඇමරිකන් ඩොලරයේ තියෙන ස්ථාවර බව නිසා මේ බිස්නස් එක සැලකෙන්නේ ලෝකයේ ඉතාමත් අඩුම අවදානමක් ඇති ආයෝජනය කියල. ඒ නිසා මේ වෙනුවෙන් ලැබෙන පොළිය ඉතාම අඩුයි.
(හැබැයි ඉතිං රටේ අගමැති තමංගෙ යාළුවෙක් නං ව්‍යාපාරිකයෙක්ට පොඩි ජිල්මාට් එකක් දාලා ලොකු පොළියක් එක්ක බැඳුම්කර ගන්නත් පුළුවන්. ඒක වෙනම ආතල් එකක්. ඒව හැමෝටම බෑ.)
මහ බැංකුව මේ විදේශ මුදල් සංචිතය පවත්වාගෙන යන්නෙ රටේ ආර්ථිකය හැසිරවීමේ මෙවලමක් විදිහට. මේ මෙවලම පාවිච්චි කරන ප්‍රධානම ආකාර දෙකක් තමයි,
1. විදේශීය ණය ගෙවීම
2. රටේ ආර්ථිකය සහ ලෝක ආර්ථිකය අතර බෆර් එකක් විදිහට. ඒ කියන්නෙ ලෝක ආර්ථිකයේ වෙනස් වීම් වල බලපෑම අපේ ආර්ථිකයට දැනෙන විදිහ පාලනය කිරීම
මේ පාලනය කරන එක විදිහක් තමයි තමාගේ රටේ මුදල් ඒකකයේ ඩොලරයට සාපේක්ෂ අගය පාලනය කිරීම.
දැන් අපි බලමු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කියන්නෙ මොකද්ද, සහ ඒකෙ බලපෑම මොකද්ද කියලා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කියන්නෙ ඩොලර් එකක් විකුණලා රුපියල් කීයක් ගන්න පුළුවන් ද කියන එක. මේක තීරණය වෙන්නේ වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම මත.
එතකොට රටක මහබැංකුවට පුළුවන් මේ වෙළඳපොල මත තීරනය වෙන වටිනාකමට එලෙසම පවතින්න ඉඩ දෙන්න. ඒකට කියන්නේ "පා කිරීම" () කියලා. එතකොට වෙළඳපොල අනුව මිල තීරණය වෙන නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වෙනවා. රුපියලේ නියම වෙළඳපොල අගය තමයි අපිට පේන්න තියෙන්නෙ.
එහෙම නැත්තං මහබැංකුවට පුළුවන් තමාගේ විදෙස් මුදල් සංචිතය පාවිච්චි කරල තමාගේ මුදල් වලට හෝ ඩොලර් වලට කෘතීම ඉල්ලුමක් නිර්මානය කරලා තමාට අවශ්‍යය විදිහට තමාගේ මුදල් ඒකකයේ ඩොලරයට සාපේක්ෂ අගය පාලනය කරන්න.
ඒක කරන්නෙ මෙහෙමයි.
අපි හිතමු රුපියලේ වෙළඳපොල වටිනාකම අනුව ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය 150 කියලා. එතකොට මහ බැංකුව හිතනවා මේක හොඳ අගයක් නෙවෙයි, අපි රුපියලේ වටිනාකම තව ටිකක් වැඩි කරන්න ඕන කියල. දැන් මහ බැංකුව මොකද කරන්නේ තමාගේ විදෙස් සංචිත වලින් කොටසක් වෙළඳපොලට නිදහස් කරනවා. එතකොට වෙළඳපොලේ ඩොලර් ප්‍රමානය එකපාරටම වැඩි වෙන නිසා (සැපයුම වැඩියි) ඩොලරයේ වටිනාකම පහත යනවා. ඒ කියන්නෙ සාපේක්ෂව රුපියලේ වටිනාකම ඉහල යනවා.
ඕකම අනික් පැත්තටත් කරන්න පුළුවන්. මහ බැංකුව එක පාරටම ඩොලර් මිලදී ගන්න පටන් ගන්නවා. එතකොට ඩොලර් වලට වෙළඳපොලේ ඉල්ලුම වැඩිවෙන නිසා ඩොලරයේ වටිනාකම ඉහළ යනවා. ඒ කියන්නෙ සාපේක්ෂව රුපියලේ වටිනාකම පහළ යනවා.
දැන් උඹල බලයි තමාගේ මුදලේ වටිනාකම පහත දාගන්නෙ මොන හරක ද කියල. නමුත්, තමාගේ මුදලේ ඩොලරයට සාපේක්ෂ අගය ඉහළ යනව කියන්නෙ හැම වෙලේම හොඳ දෙයක් නෙවෙයි.
අපි හිතමු අඹ පිටරට යවන බිස්නස් එකක් කරන එකෙක් ඉන්නව කියල. ඌ අඹ ගෙඩියක් ඩොලර් 1 ගානෙ රට යවනවා. එතකොට අද ඩොලරයේ අගය රුපියල් 150 නං, ඌ අද අඹ ගෙඩියක් විකුණල ඩොලර් 1 ගත්තම ඌට රුපියල් 150 කට සරිලන බඩු දේශීය වෙළඳපොලේ ගන්න පුළුවන්. දැන් අපි හිතමු රුපියන අවප්රමාන වෙලා පහුවෙනිදට ඩොලරයේ අගය රුපියල් 155 වුනා කියල. දැන් අපේ අඹ වෙළෙන්දට අඹ ගෙඩියක් වික්කම රුපියල් 155 ක් ලැබෙනවා. අම්මට හුඩු! නිකං ඉඳල මූට රුපියල් 5 ක් ලාබයි.
හැබැයි ඕකෙම අනික් පැත්ත වෙනව ආනයන බිස්නස් කරන එකෙක් ට. අපි හිතමු පිටරටින් ඇපල් ගේන එකෙක් ඉන්නව කියල. ඌ ඇපල් ගන්නෙ ඇපල් ගෙඩිය ඩොලර් 1 ගානෙ නං, ඌට අද ඇපල් ගෙඩියක් ගන්න රුපියල් 150 ක් ඕන වුනා නං, හෙට ඇපල් ගෙඩියක් ගන්න රුපියල් 155 ඕනෙ. ඌට කෙලවෙලා.
ඒ නිසා මුදලේ සාපේක්ෂ වටිනාකම අඩු හෝ වැඩි වීම රටකට හොඳ හෝ නරකයි කියල එකක් නෑ. ඒක තීරණය වෙන්නේ රටේ ආර්ථිකයේ සොබාවය අනුව.
උදාහරණයකට විශාල අපනයන වෙළඳපොලක් තියෙන චීනය සහ ජපානය වගේ රටවල් හිතා මතා තමාගේ මුදලේ අගය පහත දාගන්නවා. ඒක කරන්නෙ කලින් දැකපු විදිහට ඩොලර් මිලදී ගැනීමෙන් විදෙස් සංචිත පුරවා ගැනීම හරහා. ඇත්තෙන්ම ලෝකයේ වැඩිම විදෙස් සංචිත තියෙන රටවල් දෙක චීනය සහ ජපානය. ඒ පිළිවෙලින් ඩොලර් ට්‍රිලියන 3 ට්‍රිලියන 1.3 ක්.
ලංකාවේ වත්මන් විදෙස් සංචිතය ඩොලර් බිලියන 8.6.
රටක් තීරණය කරන්න ඕනෙ තමාගේ විදෙස් මුදල් සංචිතය සහ මුදලේ සාපේක්ෂ වටිනාකම හසුරුවන්නෙ කොහොමද කියලා.
රටක අපනයන ආදායම ගොඩක් වැඩියි නං, විදෙස් ආයෝජන බස බස ගාල එනව නං විදෙස් සංචිත පුරව ගෙන තමාගේ මුදල ඩොලරයට සාපේක්ෂව පහත දාගන්න එක වාසියි.
රටක ආනයන වියදම ගොඩක් වැඩියි නං විදෙස් සංචිත වියදම් කරලා තමාගේ මුදලේ අගය ආරක්ෂා කරගන්න එක හොඳයි.
මේක මෙහම වුනොත් මෙහෙම කරන්න ඕනෙ කියල සූත්‍රයක් නෑ. ඒක රටේ ආර්ථිකය හසුරුවන එය ගන්න ඕනෙ තීරණයක්.
ලංකව වගේ රටවලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විශාල විදෙස් ණය වාරික ගෙවීමට සිදු වීම. අපි කලින් දැක්ක වගේ විදෙස් ණය වාරික ගෙවන්න ඕනෙ විදෙස් මුදල් සංචිතයෙන්. එතකොට අපි විදෙස් ණය වාරික අනිවාර්යයෙන් ගෙවන්නම ඕනෙ නිසා විදෙස් සංචිත වියදම් කරල රුපියල අවප්රමාන වීම වැලැක්වීම සීමා වෙනවා. ඒ කියන්නෙ අපිට විදෙස් සංචිත ඩොලර් බිලියන 10 තියෙනව නං, අපිට ණය වාරික ඩොලර් බිලියන 3 ක් ගෙවන්න ඕනෙ නං, මුදලේ අගය කොන්ට්‍රෝල් කරන්න ඉතුරු වෙන්නෙ ඩොලර් බිලියන 7 යි.
ඒ වගේම විදෙස් සංචිත නැට්ටට ඉවර කරගන්නත් බෑ. සාමාන්‍යයෙන් පිළිගැනීම තියෙන්නෙ අවම වශයෙන් මාස 6 ක ආනයන වියදම් සහ මාස 12 ක විදෙස් ණය වාරික ගෙවන්න ප්‍රමානවත් විදෙස් සංචිත හැම වෙලේම තියෙන්න ඕනෙ කියල.
ඒ නිසා අපනයන ආදායම සහ ඍජු විදෙස් ආයෝජන හැම වෙලේම ප්රශස්ත මට්ටමක තියා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් විදෙස් මුදල් සංචිත හිඳෙන්න පුළුවන්. රුපියල අධික ලෙස අවප්රමාන වෙන්න පුළුවන්.
මේ ඔක්කොම බැලන්ස් කරගෙන ගේම ගහන එක තමයි සෙල්ලම. ඒක තමයි ආර්ථිකය නිවැරදි විදිහට හැසිරවීම කියන්නෙ.
ලංකාවේ තත්වය
පළවෙනි ප්‍රස්තාරයේ තියෙන්නෙ ලංකාවේ අපනයන ආදායම 2008 ඉඳලා 2018 දක්වා.
මේ ප්‍රස්තාරය බලද්දි අපිට පේනවා
1. 2009 යුද්ධය ඉවර වෙද්දි ඩොලර් බිලියන 0.6 විතර වුන අපනයන ආදායම ක්‍රමයෙන් වර්ධනය වෙලා 2012 වෙද්දි ඩොලර් බිලියන 0.9 විතර වුන බව
2. 2012 ලෝක ආර්ථික අවපාතයත් එක්ක ඒක ආපහු බිලියන 0.7 දක්වා අඩු වුන බව
3. නැවත 2014 වෙද්දි වර්ධනය වෙලා බිලියන 1 දක්වා පැමිණි බවත්, 2015 වන විට බිලියන 1 සීමාවේ පැවති බව.
4. 2015 න් පසු අඩු වෙලා බිලියන 0.8 සීමාවට ගිහින් ආපහු 2018 වෙද්දි බිලියන 1 දක්වා වැඩි වී ඇති බව.
ඒ කියන්නෙ සරළව පහුගිය අවුරුදු 4 ඇතුළත අපනයන ආදායමේ වෙනසක් වෙලා නෑ.
ඉතින් අපනයන ආදායම මේ වගේ එක තැන පල් වෙද්දි, රුපියල අවප්රමාන වුනා කියල අපිට ලැබෙන මහ ලොකු වාසියක් නෑ.
ඇත්තෙන්ම වෙන්නෙ ආනයන වියදම වැඩි වීම නිසා ආර්ථිකය කඩා වැටීමට ලක් වීමත්, ආර්ථිකයේ අස්ථාවර බව නිසා ආයෝජකයන්ට ආයෝජනය කිරීමේ අවදානම වැඩි වීමත් විතරයි. මේ අවදානම වැඩි වීම විදෙස් ආයෝජකයන්ටත් බලපාන නිසා ඔවුන් තමාගේ ඩොලර් ලංකාවෙන් ඉවත් කරගත්තොත් ආයෙත් කෙල වෙන්නෙ අපේ විදෙස් සංචිතයට. එතකොට අපිට රුපියල පාලනය කිරීමේ හැකියාව තවත් අඩු වෙනවා. මේක විෂම චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙලා අපේ පාලනයෙන් සම්පූර්නයෙන්ම ගිලිහෙන වුනත් පුළුවන්.
වෙන්න පුළුවන් තවත් නරක ප්‍රතිඵලයක් තමයි රුපියල විශාල වශයෙන් අවප්රමාන වෙනකොට මිනිස්සු බැංකු වල තැන්පත් කරල තියෙන මුදල් ඉවත් කර ගන්න පෙළඹෙන එක. මේක ආර්ථිකයට පිහියෙන් අනිනවා වගේ වැඩක්.
ලංකාවේ ආනයන වියදමෙන් වැඩි ප්‍රමානයක් වැය වෙන්නේ ඩීසල් වගේ අත්‍යාවශ්‍යය භාණ්ඩ මිලදී ගන්න නිසා ආනයන වියදම අඩු කිරීමෙන් මේක පාලනය කරන්න බෑ.
ඒ වගේම ලංකාවේ අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යය සහ ඉන්ධන ආනයනය කරන නිසා රුපියල අවප්රමාන වීම අපනයන වෙළඳපොළටත් නරක විදිහට බලපාන්න පුළුවන්.
මෙතන කරන්නේ අපනයන වෙළඳපොළ ප්‍රවර්ධනය කරන්න කරන සැලසුම් සහගත ගේමක් කියල සමහරු පෙන්නන්න හැදුවත්, ඇත්තටම වෙලා තියෙන්නෙ විදෙස් ණය වාරික ගෙවීම සඳහා විදෙස් සංචිත ඉතුරු කරගන්න උත්සහ කිරීමක්.
ඒක දීර්ඝ කාලීනව ආර්ථිකයට මොන වගේ බලපායි ද කියල අපි බලාගෙන ඉමු.
සසර සැරිසරන පාදඩයා