මැච් වල රූපවාහිනී විකාශන අයිතීන්
*උබලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා fb එකෙන් උපුටා ගන්න ලද්දකි.
මොනවද මේ මැච් වල
රූපවාහිනී විකාශන අයිතීන් සහ
සැටලයිට් විකාශන අයිතීන්?
"ඒ නාලිකාවෙන්ලු මේ සැරේ මැච් එකේ ලංකාවෙ රූපවාහිනී විකාශන අයිතිය අරන් තියෙන්නෙ. ඒ නාලිකාව සැටලයිට් විකාශන අයිතිය තියෙන නාලිකාවක් නේද? ඒත් ඇයි අර Dialog Tv එකෙන් ඒක block කරන්නෙ. එහෙම block කරලා කෝමද එයාලගෙ Dialog Now එකේ මැච් එක Free දෙන්නෙ?"
මෙහෙම කතා ඔබ ගොඩක් තැන්වල දකිනවා අහනවා ඇති. එහෙම කෙරෙන ගොඩක් කතාවල බොහෝමයක් තියෙන්නෙ නිවැරදි අවබෝධයක් නැතුව කියන අසත්‍ය කරුණු. ඒ නිසා අද අපි බලමු මොනවද මේ රූපවාහිනී විකාශන අයිතිය සහ සැටලයිට් විකාශන අයිතිය කියන්නෙ කියලා.
ක්‍රිකට් ඇතුළු ඕනෑම ක්‍රීඩා තරඟයක රූපවාහිනී විකාශන අයිතිය රටකට ලබා ගැනීමේදී කොටස් දෙක්කින් සමන්විත වෙනවා. එනම්,
1. Satelite Broadcasting Rights
2. Terrestrial Broadcasting Rights
කියන්නෙ ඒ කොටස් දෙකයි. යම් කිසි නාලිකාවකට යම් තරඟයක් විකාශන අයිතිය හිමි කර ගැනීමේදී එම තරඟාවලියට අදාළව මේ දෙකම හෝ එකක් හිමි කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නෙ මෙම Satellite හෝ Terrestrial කියන විකාශන අයිතීන් වර්ග නාලිකාවකට ස්ථිරව තියෙන දෙයක් නෙවෙයි අදාල ගිවිසුම් කාලය මත එම තරඟාවලියට විතරක් අදාළව තිබෙනා දෙයක්.
අපි දැන් මේක ප්‍රායෝගිකව ලංකාවෙ තත්වය එක්ක යොදාලා බලමු.
ලංකාව අයිති වෙන්නෙ ඉන්දියානු කලාපයට. ඉන්දියානු කලාපෙදි සෑම විටම පාහේ මුළු ඉන්දියානු කලාපය සඳහාම යම් ක්‍රීඩා තරඟයක සමස්ත රූපවාහිනී විකාශන අයිතිය ගන්නෙ ඉන්දියානු නාලිකාවක්. උදාහරණ තමයි Star Sports, Sony Six, Dsport වගේ නාලිකා. මෙන්න මේ ඉන්දියානු නාලිකාවෙන් තමයි ඉන්දීය කලාපෙට අයිති ලංකාව වගේ රටවල දේශීය නාලිකා විකාශන අයිතිය ගන්න ඕන.
එතැනදි ලංකාවෙ දේශීය නාලිකාවලට පුළුවන් ඉන්දීය නාලිකාවෙන් අදාළ තරඟාවලියේ Terrestrial, Satellite කියන රූපවාහිනී විකාශන අයිතීන් දෙකම හෝ එකක් ගන්න.
නමුත් අපේ රටේදි නිතරම දේශීය නාලිකාව ඉන්දියානු නාලිකාවෙන් මිලදී ගන්නෙ Terrestrial කියන රූපවාහිනී විකාශන අයිතිය විතරයි.
ඇයි ඒ?
ඉන්දියානු නාලිකාව සැටලයිට් සේවා ඔස්සේ ලංකාවට පේන නාලිකාවක් නිසා දේශීය නාලිකා Satellite විකාශන අයිතිය ගත්තොත් අදාළ ඉන්දීය නාලිකාව නරඹන පිරිස අඩු වීමෙන් ඉන්දීය නාලිකාවට වෙන පාඩුව පියවා ගැනීම සඳහා සෑම විටම Satellite විකාශන අයිතිය Terrestrial විකාශන අයිතියට වඩා ඉහළ මිලකට තමයි දේශීය නාලිකාවට ලබා දෙන්නෙ. මෙන්න මේ හේතුවෙන් විකාශන අයිතීන් වර්ග දෙකම ගැනීමට විශාල වියදමක් දැරීමට සිදු වීම නිසායි මෙලෙස දේශීය නාලිකා Terrestrial රූපවාහිනී විකාශන අයිතිය පමණක් ඉන්දියානු නාලිකාවෙන් ලබා ගන්නේ.
මෙලෙස යම් තරඟයක Terrestrial විකාශන අයිතිය පමණක් දේශීය නාලිකාවක් ලබාගත් විට එම තරඟය සජීවීව සැටලයිට් රූපවාහිනී සේවා ඔස්සේ විකාශය කිරීමට දේශීය නාලිකාවට නීතියෙන් අවසර නෑ. ඒකයි මැච් යන වෙලාවට දේශීය නාලිකා Dialog Tv, Dish Tv Lanka යන සැටලයිට් රූපවාහිනී සේවාවල Block කරනු ලබන්නේ. නමුත් කියන්න ඕන මෙම Satellite විකාශන අයිතිය නොමැති වීම Peo Tv වැනි IPTV රූපවාහිනී සේවාවන්හි දේශීය නාලිකාව Block කිරීමට හේතුවක් වෙන්නේ නැති බව.
මෑත ඉතිහාසයේ පැවති සියළු ක්‍රිකට් තරඟාවලිවල සේම පෙර පැවති ආසියානු කුසලානයේ දි Channel Eye නාලිකාවෙන් ද, මෙවර එංගලන්ත සංචාරයේදී සිරස මාධ්‍ය ජාලය විසින්ද හිමි කරගෙන ඇත්තේ Terrestrial රූපවාහිනී විකාශන අයිතීන් පමණයි. එම නිසා එම දේශීය නාලිකා Dialog Tv, Dish Tv Lanka යන සැටලයිට් රූපවාහිනී සේවා ඔස්සේ තරඟය අතරතුර Block වීම සිදු වේ.
එතකොට Dialog Now එකෙන් කොහොමද මැච් එක Free දෙන්නෙ?
ඔබට මේ ප්‍රශ්නය සඳාහා පිළිතුර දැනටමත් අවබෝධ වී ඇතිව ඇති. මෙහිදී Dialog සමාගම ඉන්දීය නාලිකාවෙන් තරඟාවලියේ සැටලයිට් රූපවාහිනී විකාශන අයිතිය මිලදී ගෙන වෙළෙඳ අනුග්‍රහයන්ද ලබා ගනිමින්, ගුණාත්මක සේවාවක් තම පාරිභෝගිකයන්ට සැපයීම සහ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තම Dialog Now නාලිකාව ඔස්සේ නොමිලේ තම පාරිභෝගිකයන්ට ලබා දීම සිදු වේ. මෙය ඔවුන් පසුගිය ආසියානු කුසලානයේ සිට ඉදිරියට පැවැත්වෙන සෑම තරඟාවලියක් සඳාහාම සිදු කිරීමට සූදානම් බවයි අපිට ආරංචි වෙලා තියෙන්නෙ
- Lahiru Ranaweera
Source - FM & TV Sri Lanka Facebook Page