රූපයේ දැක්වෙන පුද්ගලයා කුඩා කල පටන් කුළු හරකෙකු ඇති කල අතර පසුව ඔහු කුළු හරක් සටන් පිටියකට විකුණන ලදී. අදාල කුළු හරකා සටන් වදින තරගය ඔහු නැරඹූ අතර සටන අතර කුළු හරකා දැඩි ලෙස තුවාල ලැබීය. ප්‍රේක්ෂකාගරයේ සිටි සිය මුල් හිමිකරුවා හදුනාගත් කුළු හරකා සරණක් පතා හෝ යමක් වෙනුවෙන් ඔහු වෙත දිව ආ අතර ඔහු කුළු හරකාට හාදුවක් දී ඉවතට විය. තමා හදුනන එකම මනුෂ්‍ය ජීවියා වූ සිය පලමු හිමිකරුවාත් තමාව නන්නාදුනන සටන් භූමියක අසරණ වී සිටියදී හැර ගිය කුළු හරකා අවසානයේ මරණයට පත්විය.මෙය kiss of Judas ලෙස හදුන්වයි.
මෙහි දැක්වෙන්නේ ගව පොර ශූරයෙකු වූ ස්පාඤ්ඤ ජාතික Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ වඩාත්ම තීරණාත්මක වූ මොහොතය.
තුවාල කර ප්‍රකෝප කරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාධයකට ලක්විය. අන්ත අසරණව ගවයා අභිමුවට වැටුන ඔහුගේ ජීවිතය රැකුනේ තමා විසින්ම හිංසා කල ගවයාගේ අභයදානය නිසාය. කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයාගෙ හැසිරීම Alvaroගේ ක්‍රීඩා ජීවිතයට නැවතීමේ තිත තබන්නට සමත් විය. එතැනින් නොනැවතී ඔහු ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.එම සිදුවීම ගැන ඔහු පසුකලෙක පවසා තිබුනේ මෙලෙසය.
"And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth."
මිනිසුන්ට මෙන්ම සතුන්ටද ජීවත්වීම තම අයිතියකි !!
තීරණය කිරීම ඔබටම භාර කරමි.

Last edited:





