බ්‍රෑන්ඩ් නිව් කියන්නේ අදාළ වාහනේ නිෂ්පාදකයා වෙනුවෙන් ලංකාවේ ඉන්න "බලයලත් නියෝජිතයෙක්" (Agent) ලංකාවට ගෙන්නපු වාහන.
Eg:
Toyota - Toyota Lanka
Nissan,Suzuki - AMW
Honda - Stafford Motors
Mitsubishi - United Motors
Mazda - Colonial Motors
Isuzu - Sathosa Motors
Benz - DIMO
BMW - Prestige Automobile
මෙහෙම වාහනයක් ගෙන්නද්දී වාහනේ කර්මාන්තශාලාවෙන් කෙලින්ම එන්නේ වරායට, කර්මාන්තශාලාවෙන් පිට පාවිච්චියක් වෙලා නෑ. CR (වාහනේ පොතේ) බ්‍රෑන්ඩ් නිව් කියල වදින්න වාහන ගෙන්නන්න පුළුවන් බලයලත් නියෝජිතයාට විතරයි, වාහනේ නිෂ්පාදකයාගේ වොරන්ටිය සහ රී-කෝල් සපෝට් හම්බෙන්නේ මෙහෙම ගෙන්නුවම විතරයි.
රීකන්ඩිෂන් කියන්නේ ඕනෑම කෙනෙක් ජපානයේ පාවිච්චි කරපු වාහනයක් ලංකාවට ගෙන්නුවාම. මේකෙදි වාහනේ ගෙන්නන කෙනා ජපානේ වාහනේ පාවිච්චි කරපු කෙනාගෙන් හරි ජපානේ පාව්ච්චි කරපු වාහන සේල් එකකින් / වෙන්දේසියකින් හරි ජපානේ වාහන ෂෝ රූම් එකකින් / නියෝජිතයෙකුගෙන් හරි
වාහනේ ගත්ත වෙන්න පුළුවන්. මෙහෙම ගෙන්නන්න නම් වාහනේ අනිවාර්යයෙන් ජපානේ පාවිච්චි වෙලා තියෙන්න ඕන (රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන, ඊට පස්සේ De-Register කරලා ලංකාවට ගේන්න පුළුවන්.)
5000km බ්‍රෑන්ඩ් නිව් වාහන නෑ, බලයලත් නියෝජිතයාගෙන් ගද්දි උපරිම මයිලේජ් එක තියෙන්න පුළුවන් ලංකාවේ වරායේ ඉඳන් අදාළ ෂෝ රූම් එකට තියෙන දුර විතරයි. කාර් නම් එහෙමත් නෑ ගොඩක් ගේන්නේ කැරියර් වල.
5000km රීකන්ඩිෂන් වාහන ක්‍රම කීපයකට තියෙන්න පුළුවන්
1. කවුරුහරි ජපනෙක් 5000km පැදලා විකුණලා
2. ජපානේ වෙන්දේසියේ 5000km වාහනයක් තිබිලා
3. ආනයනකරු ජපානෙන් අරං රෙජිස්ටර් කරලා 5000km පැදලා මෙහෙට එවල
4. ජපානෙදි 5000km යන්නත් කලින් හදිසි අනතුරකට/ ගංවතුර වගේ ආපදාවකට අහුවෙච්ච වාහනයක් අරගෙන ආනයනකරුගෙ යාඩ් එකට දාල රිපෙයා කරලා ලංකාවට එවල
5. ජපානේ පට්ට ගහපු (50000km වෙන්න පුළුවන් 500,000km වෙන්න පුළුවන්) වාහනයක් අරං රිපෙයා කරලා Odometer එක 5000km ට කරකවල ලංකාවට එවල
6. වාහනේ ලංකාවට ආවට පස්සේ Odometer එක කරකවල (මෙහෙම කළාම JAAI/JEVIC රිපෝට්, ඔක්ෂන් පේපර්ස් වෙනස් කරල තමයි කස්ටමර්ට පෙන්නන්නෙ.)
1,2,3 විදි වලට ආපු 5000km recondition වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වගේම තමයි. ඒත් ලාබෙ වැඩිපුර තියෙන්නේ 4,5,6 ක්‍රමවලින් හින්ද එහෙම එන වාහන සෑහෙන්න තියෙනවා සේල් වල. ඒක හින්ද Recondition unregistered වාහනයක් ගන්නවා නම් 100% ෂුවර් ඉම්පෝටර් කෙනෙක් හොයා ගන්න ඕන.
යූස් කරපු වාහන විකුණද්දී බ්‍රෑන්ඩ් නිව් කියල කියන එකෙන් අදහස් කරන්නේ ලංකාවට ඒජන්ට් බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු වාහනයක් කියන එක, සේල් එකකින්/ඉම්පෝටර් කෙනෙක්ගෙන් ගත්ත එකක් නෙමෙයි කියන එක. එතකොට ඊළඟ ඕනර් දන්නවනේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ ලංකාවේ විතරයි, අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ බලයලත් නියෝජිත (ඒජන්ට්) ලවා මේන්ටේන් කරපු වාහනයක් කියල.