රනිල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අරලියගහ මන්දිරයේදී අැමරිකානු, එක්සත් රාජධානි, යුරෝපා, ඉන්දීය,ජපාන, කැනඩා, ඔස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රිකයන් මුණගැසී සාකච්ඡා කරමින් සිටියි.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි

    (හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

    රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය.

    ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ඉල්ලා තිබුණු බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නව අන්තර්වාර ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

    කොළඹ පදනම් ආයතනයේ අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගුණවර්ධන මහතා එම කරුණු කීවේය.

    එහිදි ඔහු මෙසේ ද කීය.

    “අපි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට තවත් ණය වාරිකයක් ලැබෙන්න තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් බලා සිටිනවා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නව”.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් මූලික නිරීක්ෂණ ඉදිරිපත් කළේය.

    මේ වසරේ ජූනි මාසයේදී අන්තර්ජාතික මූලය අරමුදල අවසන් වරට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 252ක මුදලක් නිදහස් කළේය.


    lankadeepa
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    කාලකන්ණි ආප්පයෙක් ගෙනැල්ලා කන පරිප්පුවට
    මරාගෙන මැරෙන්න වුනත් ලෑස්ති යකෝ...:shocked:



     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලකන්ණි ආප්පයෙක් ගෙනැල්ලා කන පරිප්පුවට
    මරාගෙන මැරෙන්න වුනත් ලෑස්ති යකෝ...:shocked:


    [##YOUTUBE]MTB78sLd4kw[/YOUTUBE]​

    ෆොනිල් බේරගන්න එක ක්‍රමයක් තියෙනවා......... යවපු නැති බැලුමත් උස්සං අරලියගහමන්දිරේට ගිහිං ෆොන්ස්වත් බදාගෙන හඳට පළයන්:baffled::rofl::P