෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    shoot ekata kalin okkoma plan karala podi podi test karala balal thibbe. enisa loku awulak giye ne. AE wala basic tracking eka use kale .

    පොඩි එක්කෙනෙගේ අතේ tracking points දැම්මද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ස්ක්‍රිප්ට් කියවලා බලන්න ආස නම්
    ගොඩක්ම ෆිල්ම් වල ස්ක්‍රිප්ට් මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් https://www.imsdb.com
    මේ තියෙන්නෙ Wall-E එකේ ස්ක්‍රිප්ට් එක, ෆිල්ම් එකට වඩා ඩීටේල්ස් තියනවා මේකෙ

    https://www.imsdb.com/scripts/Wall-E.html
    :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්ටෝරි බෝර්ඩ්

    776px-Storyboard_for_The_Radio_Adventures_of_Dr._Floyd.jpg


    ලංකාවේ නං ගොඩක් වෙලාවට ස්ටෝරි බෝර්ඩ් එක්ක ගන්නේ දාවන කාලය කෙටි (විනාඩි 3ට අඩු ) ප්‍රඩක්ෂන් වලට
    උදා : වෙළද දැන්වීම් , ම්යුසික් විඩියෝ

    thumbnail


    ඒ උනාට පිටරට නං ෆිල්ම් සහ වීඩියෝ ගේම් හදන්න ගන්නවා ගන්න, ෆිල්ම් වල ස්ටෝරි බෝර්ඩ් එකට කියන්නේ ෂූටිං බෝර්ඩ් එක කියලා කියනවා

    16371d1518606496-production-used-storyboard-trinity-surprises-agent-397043.jpg


    600px-MatrixBeretta84F-2.jpg

    matrix-trinity-dodge-this.jpg



    thumbnail


    ස්ටෝරි බෝඩ් එකක තියන වාසිය තමයි රුගත කරන්න කලින් දරශනය මොනවගේද කියලා ඇදල පෙන්නලා තියනවා. එකෙන් අද්‍යක්ෂක වරයාගේ හිතේ මැවිලා තියන දේ හරියටම අනික් අයට අවබෝධ කරලා දෙන්න පුළුවන් රුගත කිරීම කරන්න කලින්

    cinematographer or director of photography ( DP or DOP) ලංකාවේ විදිහට කැමරා ශිල්පිය ට අවබෝදයක් තියනවා කැමර කොණ ගැන සහ මොනවගේද අලෝක කරනයක්ද කරන්න ඕනි කියන එක

    line producer නැතිනම් රේකිය නිෂ්පාදක වරයාට අදහසක් ගන්න පුළුවන් වියදම ගැන

    production designer නැත්නම් කලා අධ්‍යයක්ෂක වරයට අදහසක් ගන්න පුළුවන් පසුතල සහ අවශ්‍ය කරන සැරසිලි ගැන

    Editer ට මේකේ ම සිං මාරුකරලා එඩිට් එක හද ගන්න පුළුවන්

    අනික නළුවන්ට

    ස්ටෝරි බෝර්ඩ් එක ඉතාමත් වැදගත් වෙනවා . මේකෙන් කාලය සහ මුදල් ඉතිරි වෙනවා මොකද හැමෝම දන්නවා මොකක්ද shoot කරන්නේ යන්නේ කියලා හරියටම

    නැත්නම් DIRECTOR හිතේ තියන්න සින් එක වේනම එකක් , වැඩ කරන අයගේ හිතේ තියෙන්නේ වෙන් දේවල්. "To make sure everybody's on the same page"

    තව දෙයක් තියනවා ස්ටෝරි එකේ කතාව ගලාගෙන යන ආකාරය කලින් තිය වෙනස් කරන්නත් මේක පාවිච්චි කරනවා. (twist or Shuffle)

    උදාහරනයක් ගමු.

    1) කට්ටියක් කාන්තරෙක් ගමනයක් යනවා
    2) වතුර නැතුව අමාරුවෙන් යනවා
    3) ඊට පස්සේ වැලි වලිං මතු උන සතෙක් මෙයාලට පහර දෙනවා
    4) මෙයාල අමාරුවෙන් බඩගාගෙන ගිහින් ක්ෂේම භූමියකට යනවා.

    Director ට පුළුවන් ස්ටෝරි බෝර්ඩ් එකේ 4)වෙනි සිං එක අංක එකට අරං ඒ කියන්නේ අමාරුවෙන් බඩ ගාගෙන යන දර්ශනයෙන් චිත්‍ර පටිය පටන් අරන් ප්‍රේක්ෂකයාගේ කුතු හලය වැඩි කරන්න. ඒ තීරණය ගන්න Edit එකට වාඩ් වෙනකම් ඉන්න ඕනි නැහැ. මේ ස්ටෝරි බෝර්ඩ් එකෙන්ම තීරණය කරන්න පුළුවන් එඩිට් එක ගැන.

    ස්ටෝරි බෝර්ඩ් එකකටත් අවශම දේවල කිහිපයක් තියනවා
    1) Scene number 2) BG - Back ground මොන වගේද කියන එක
    3) කැමරා ඇන්ගල් එක / ලෙන්ස් එක සහ කැමරා මුමන්ට් එක
    4) දර්ශනය ගැන කෙටි හැදින්වීමක් 4) දෙබස්




    ඇනිමේෂන් කරන අය මේ ස්ටෝරි බෝර්ඩ් වලට animatic කරන ඒ කියන්නේ ස්ටෝරි බෝර්ඩ් එකේ තියන ස්ටිල් ඉමේජ් ටික දාල ඇත්තටම ඩයලොග් මියුසික් දාල වීඩියෝ එකක හදාගන්නවා.එකෙන් ඇනිමේෂන් එකේ කාලය lip sync(ශබ්දයට අනුව කට සලවිම) සහ අනවශ්‍ය background හදන්න යන කාලය ඉතුරු වෙන්ව


    පහල තියන උදාහරණය බල්ලන



    ස්ටෝරි බෝර්ඩ් ගැන මම දන්නේ නැති දේවලුත් තිබුනොත් එකතු කරන්න , එහෙන්නං ඊළගට මුඩ් බෝර්ඩ් ගැන දාන්නම් - ජය
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හප්පා ඒකෙ නෑනේ
    මේකේ කීපයක් තියෙනවා. හැබැයි ටිකක් පරණයි

    https://drive.google.com/drive/folders/13qZjGVw3WayDYwLrFiRb-vZi2ugVY9M9

    උබ දාල තියෙන software version එකට අදාලව බාගනින්



    Lynda - 3ds Max 2019 Essential Training


    Torrent Link

    Meke thiyenawa 3ds max ekai maya ekei tutorials

    https://www.elakiri.com/forum/showthread.php?t=1869598
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ,

    ස්ටෝරි බෝර්ඩ්...

    සුපිරි පොස්ට් එකක්
    ගොඩක් දේවල් දැනගත්තා :D

    මුඩ් බෝඩ් ගැනත් ඉක්මනට දාමු.


    producer, executive producer ගේ වෙනස මොකක්ද?
     
    සුපිරි පොස්ට් එකක්
    ගොඩක් දේවල් දැනගත්තා :D

    මුඩ් බෝඩ් ගැනත් ඉක්මනට දාමු.

    Producer, executive producer ගේ වෙනස මොකක්ද?


    producer : මුදල් වියදම් කරන කෙනා. (නිෂ්පාදන පිරිවැය සම්පුරන්යෙන්ම හරි කොටසක් හරි දරන )

    executive producer: producer වෙනුවට එයා වෙනුවෙන් එයාගේ මුදල් වලට වෙන්නේ මොනවද කියලා හොයාබලන, FILM ගැන දැනුම තියන Accountant ගැන දැනුම තියන, විවාහරික නිතිය ගැන දැනුම තියන(artist agreement, music copyrights or royalties) Creative power 1 තියන කෙනා ෆිලම් එක රිලීස් උනාට පස්සේ marketing කරන්නේ කොහොමද, award වලට Film 1 දාන්නේ කොහමොද වගේ දේවල් බලන වගකීම් වැඩි ජොබ් එකක්
     
    තව දෙයක් චිත්‍රපටියකට award හම්බ්බ උනහම ඒ award අයිති Director ට නෙමයි Producer ට ගොඩක් අය මේක වරද්ද ගන්න තැනක්.
    Director ට හම්මබ වෙන්නේ Directing වලට මිසක් චිත්‍ර පටිය හම්බවෙන ඒව එයාට අයිති නැහැ. "හොදම චිත්‍ර පටිය" "ජනප්‍රියම චිත්‍ර පටිය" වගේ සම්මාන වල අයිතිය නිෂ්පාදක සතුයි.
     
    Last edited:
    තව Producer කෙනෙක් ඉන්නවා
    Line Producer: මෙයා තමයි production department එකේ HOD , Film එකක් shoot කරද්දී එදිනෙදා දේවල්manage කරන්නේ මෙයා. මෙයා හරියට hub එකක් වගේ ඒ කියන්නේ හැම department එකකම වෙන දේවල් මෙයා හරහා තමයි යන්නේ නැත්නම් හැමෝම තම තමන්ට හිතු මතේ වැඩ කරනවා. හරියට prduction manage කරන්න මේ තනතුර අත්‍යවශ්‍යයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    producer : මුදල් වියදම් කරන කෙනා. (නිෂ්පාදන පිරිවැය සම්පුරන්යෙන්ම හරි කොටසක් හරි දරන )

    executive producer: producer වෙනුවට එයා වෙනුවෙන් එයාගේ මුදල් වලට වෙන්නේ මොනවද කියලා හොයාබලන, FILM ගැන දැනුම තියන Accountant ගැන දැනුම තියන, විවාහරික නිතිය ගැන දැනුම තියන(artist agreement, music copyrights or royalties) Creative power 1 තියන කෙනා ෆිලම් එක රිලීස් උනාට පස්සේ marketing කරන්නේ කොහොමද, award වලට Film 1 දාන්නේ කොහමොද වගේ දේවල් බලන වගකීම් වැඩි ජොබ් එකක්
    [/SIZE][/COLOR]

    එල එල :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව දෙයක් චිත්‍රපටියකට award හම්බ්බ උනහම ඒ award අයිති Director ට නෙමයි Producer ට ගොඩක් අය මේක වරද්ද ගන්න තැනක්.
    Director ට හම්මබ වෙන්නේ Directing වලට මිසක් චිත්‍ර පටිය හම්බවෙන ඒව එයාට අයිති නැහැ. "හොදම චිත්‍ර පටිය" "ජනප්‍රියම චිත්‍ර පටිය" වගේ සම්මාන වල අයිතිය නිෂ්පාදක සතුයි.

    :yes::yes::yes:
    චිත්‍රපටියෙන් ලැබෙන ආදායම බෙදෙන්නේ කොහොමද?

    සාමාන්යෙන් වැඩකරන crew එකටත් ආදායමෙන් කොටසක් යනවද?