ප්‍රජාතන්ත්‍රවාදයට කලින්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ප්‍රජාතන්ත්‍රවාදයට කලින්

    ශ්‍රී ලංකාවේ "මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට කලින් ඉල්ලන්නේ තුන් වේල කන පිළිවෙලක්" - මුත්තයියා මුරලිදරන්

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල අහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

    උතුරේ මෙන් ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව ලෝකයේ වැඩි ම කඩුලු දවා ගත් පන්දු යවන්නා ද වන මුත්තයියා මුරලිදරන් මේ බව පැවසුවේ, තම අවසන් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ රංගන හේරත් හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන බීබීසි සිංහල සේවය සමග පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරය.

    ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ මූලික පහසුකම් - මුත්තයියා මුරලිදරන්

    "මිනිස්සු මට බනියි. මේකට ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු," මුරලිදරන් කියා සිටියේය.

    මෑතකදී උතුරේ 9 වියැති දැරියක් ආර්ථික ගැටලු නිසා සිය දිවි නසා ගෙන ඇති බව පැවසූ මුරලිදරන් උතුරේ කිසිදු දේශපාලකයෙකු ඒ ගැන සොයා නොබැලූ බවට ද චෝදනා කරයි.

    "දෙමළ දේශපාලකයන් කතා කරනවා අයිතිය ගැන, ඊට පස්සේ ඉස්සර වෙච්ච් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මට තේරෙන්නේ නැහැ මොනවද ඒ කියලා, මේ පවුල ගැන බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ."

    උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට උතුරේ දේශපාලකයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කළේ, උතුරට එවන් විසඳුමක් අවශ්‍ය ඇයි ද යන්නයි.

    "අතීතයේ දෙපැත්තෙන් ම වැරදි වුණා, මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම වැරදියි කියලා, ඒකේ 5% ක් විතර දේශපාලන ගේම්වල අයුතු ප්‍රයෝජන ගත්තා, ඒකෙන් මුළු රටේ ම ප්‍රශ්න ඇති වුණා, ඊට පස්සේ ප්‍රභාකරන් හැදුව දෙමළ මිනිස්සු ගැන පෙනී සිටින එක, ඒක ඉස්සෙල්ලා කරා, පස්සේ එයත් මිනී මරන්න පටන් ගත්තා, එයා ත්‍රස්තවාදියෙක් වුණා."

    "දෙපැත්තට ම හානි වුණා, යුද්ධයකදී අහිංසක මිනිස්සු මැරෙනවා, නැත්නම් ඒකට යුද්ධයක් කියන්නේ නැහැ, එහෙම නැත්නම් සමාකමීව සාකච්ඡා කරලා බේරගන්න ඕනේ."

    "මේ රට අයිති සිංහල බෞද්ධයන්ට"
    "මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ."

    නමුත්, "මම දක්ෂතා පෙන්වද්දී මුළු රට ම සිංහල, දෙමළ, මුස්ලිම් ද කියල බලලා ද මට සහයෝගය දුන්නේ?, මගේ දක්ෂතාවට මේ රටේ පුරවැසියෙක් නිසා මට උදව් කරා," මුත්තයියා මුරලිදරන් කියා සිටියේය.

    "මේගොල්ලෝ බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා සිටිනවා කියලා, ඇත්තට ම සාමාන්‍ය මිනිහ ගැන බලල නැහැ," ඔහු කියා සිටියේය.

    "මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලො ම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ."

    වසර 18 ක කාලයක් පුරා දිවයින පුරා තමන් සම්බන්ධ වී සිටින ස්වේච්ඡා සංවිධානයක් හරහා තමන් තමන්ට කළ හැකි දේ අඩු ආදායම් ඇති ජනතාවට කර ඇති බව පවසන මුරලිදරන්, දේශපාලකයන් ඒ ගැන අඩු අවධානයක් යොමුකරන බවට පවසයි.

    "අපි පාර්ලිමේන්තුවට යවන්නේ රට පාලනය කරන්න, දුන්නේ වැඩක් කරන්න, ඒක බෑ කියනව නම් දාලා යන්න ඕනේ, නිදහසට කරුණු කියන්න බැහැ, මට පන්දු යවන්න බැරි නම් මම නිදහසට කරුණු 25,000ක් විතර කියනවා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ."

    "දුගී දුප්පත් මිනිහව උඩට දාන එක තමයි පළවෙනි ප්‍රශ්නය වෙන්න ඕන," මුරලිදරන් කියා සිටියේය.

    කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, දැන් බලන්න මෙයා කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ජනාධිපති කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ
    මුත්තයියා මුරලිදරන්
    "කරන්න බැරි නම් දාල යන්න ඕනේ, තව කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ, දැන් බලන්න මෙයා කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ජනාධිපති කියනව නම් එයාට තමයි බලය තියෙන්නේ කියලා, ඕක තර්කයක් විතරයි, විසඳුමක් නැහැ."

    "මේක නීතියෙන් බේරගන්න ඕනේ, මොනව හරි ප්‍රශ්නයක් තියෙනව නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ල නඩුවක් දාලා බේර ගන්න. මේකට මිනිස්සුන්ව අදින්න එපා," වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය ගැන තම අදහස් එක් කරමින් මුරලිදරන් තම අදහස් පැවසීය.

    "ඔය මිනිස්සු ගේනවනේ ඔයා හිතනව ද මිනිස්සු නිකම් කතා කරන එක බලන්න එනවා කියලා, ඕනෙ නම් පක්ෂෙක 10 ක් විතර ඉඳියි ඒකට, අනික් අය මම දන්න විදිහට කීයක් හරි සල්ලි දීලා, කෑම එකක් දීලා බස් එකෙන් ගෙනල්ලා, බස්සන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ," කොළඹ පවත්වන දේශපාලන විරෝධතාවලට ජනතාව පැමිණීම ගැන ද මුරලිදරන් දැක්වුයේ එවන් අදහසකි.

    "එදා වේල හොයාගන්න බැරිව ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් ළමයින්ට කන්න දෙන්නේ නැතුව කොළඹට ඇවිල්ල කෑගහගහ ඉඳියි ද? මම නම් ඒක පිළිගන්නේ නැහැ," ඔහු කියා සිටියේය.

    "මම දැන් ක්‍රිකට් බලන්නේ නැහැ"
    සාකච්ඡාව ආරම්භයේදී අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව බිහි කළ තවත් සාර්ථක පන්දු යවන්නෙකු වන රංගන හේරත්ගේ විශ්‍රාම ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇති බවය.

    රංගන විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ සකස් විය යුතු ද යන්න විමසීමේදී ඔහු පැවසුවේ, තමන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග නොබලන හෙයින් ඒ පිළිබඳව වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවය.

    රංගන විශ්‍රාම යන එක අපිට ලොකු පාඩුවක්, එයා නැති එක අපේ කණ්ඩායමට ලොකුවට දැනෙයි, මම දැන් අවුරදු 3ක් තිස්සේ ලංකාව ක්‍රීඩා කරන මැච් බලන්නේ නැහැ. ඒ නිසා කණ්ඩායමේ වෙන්න ඕන වෙනස්කම් ගැන මට එතරම් දැනුමක් නැහැ
    "රංගන විශ්‍රාම යන එක අපිට ලොකු පාඩුවක්, එයා නැති එක අපේ කණ්ඩායමට ලොකුවට දැනෙයි, මම දැන් අවුරදු 3 ක් තිස්සේ ලංකාව ක්‍රීඩා කරන මැච් බලන්නේ නැහැ. ඒ නිසා කණ්ඩායමේ වෙන්න ඕන වෙනස්කම් ගැන මට එතරම් දැනුමක් නැහැ."

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ගැන ඇති වූ කලකිරීම් මෙන් ම කණ්ඩායමේ ක්‍රීඩකයන් නිතර වෙනස් කරමින් ඔවුන් ගෙන ගිය වැඩපිළිවෙළ මුරලිදරන්ගේගේ දැඩි විවේචනයට ලක්විය.

    තරග පාවා දීමේ චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට කර ඇති හානිය ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බව ඔහු පවසයි.

    "අයි.සී.සී. එක නුවන් සොයිසාට චෝදනා කරලා තියෙනවා, එයා මාත් එක්ක සෙල්ලම් කරපු කෙනක්, මට හරි දුකයි, ඒ වගේ තව නම් තියෙනවා කියනවා, නමුත් ඔප්පු කරනකම් මොකුත් කියන්න බැහැ"

    "අපිටත් දැන් හිතෙනවා, ඇත්තට ම අපේ කාලෙත් මේක වුණා ද කියල, සැකයක් ඇති වෙනවා සමහර තරගවල, එහෙම සැකයන් ඇති වෙන වැඩ දැන් වෙලා තියෙන්නේ, ඒක තමයි කියන්නේ පරිපාලනය හරියට තිබ්බොත්, ක්‍රීඩකයන්ගේ විනය හරියට තිබ්බොත් මේ දේවල් වෙන්නේ නැහැ" මුත්තයියා මුරලිදරන් කියා සිටියේය.
     
    • Like
    Reactions: SuperX

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඇත්ත ප්‍රජාත්‍රන්ත රෙද්දට වඩා ප්‍රශ්න ගොඩක් තියනව. ප්‍රජාත්‍රන්තෙත් නිකන්ම හැදෙනව හැමෝගෙම අතේ සල්ලි තියනවනම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    "එදා වේල හොයාගන්න බැරිව ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් ළමයින්ට කන්න දෙන්නේ නැතුව කොළඹට ඇවිල්ල කෑගහගහ ඉඳියි ද? මම නම් ඒක පිළිගන්නේ නැහැ," ඔහු කියා සිටියේය.

    :lol::lol::lol: Doosra :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,552
    113
    ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල අහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

    කතාව සම්පූර්ණ ඇත්ත . රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිනිසුන්ගෙ මූලික අවශ්‍යතා සපුරලා දෙන්නෙ නෑ. අනිත් එක සමහර රටවල ඉතිහාසය , සංස්කෘතිය, වාර්ගික සංයුතිය ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදය කොහෙත්ම ගැලපෙන පාලන ක්‍රමයක් නෙවෙයි .
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්ත ප්‍රජාත්‍රන්ත රෙද්දට වඩා ප්‍රශ්න ගොඩක් තියනව. ප්‍රජාත්‍රන්තෙත් නිකන්ම හැදෙනව හැමෝගෙම අතේ සල්ලි තියනවනම්

    ජනතාව අතේ සල්ලි තියෙනවා නම් ඒ මිනිස්සු දේශපාලකයෝ පස්සේ යන එක අඩු වෙනවා ආත්ම අභිමානය මිනිසුන්ට ඇති වෙනවා තමන්ගේ අවශ්‍යතා ටික කරගන්න පුළුවන් උනාම එහෙම උනාම මිනිස්සු ප්‍රශ්න දිහා විවුර්ත මනසින් බලන්න පුරුදු වේනවා ප්‍රජාතන්ත්‍ර බව නිකන්ම සමාජයේ ඇති වේවි එහෙම උනාම

    මම චන්දේ එක්කෝ නොදා ඉදල තියෙනවා නැත්නම් මහින්ද පාර්ශවයට තමා දීලා තියෙන්නේ ඒත් කියන්න ඕනේ මේ රට යන්නෙම මජර මඩ දේශපාලනයට විතරයි. රනිල්ගේ ක්‍රමේ මේ රටට හරි යන්නේ නැහැ මහින්දත් මේ ජරා යක්කු එක්ක නම් දේශපාලනේ කරන්නේ පොරටත් අබ සරණයි.

    යකෝ මොන ආණ්ඩුවක් රට කරත් අපිට කමක් නැහැ අනික මොකටද අපි ඒ ගැන කරදර වෙන්නේ මේ රටේ විදියට ගැලපෙන්න දේවල් කරපියවූ

    "මේගොල්ලෝ බොරුවට කියනවා අපි මේකට පෙනී සිටිනවා සිටිනවා කියලා, ඇත්තට ම සාමාන්‍ය මිනිහ ගැන බලල නැහැ," ඔහු කියා සිටියේය.

    "මම නම් කියන්න කැමති නැහැ,ඕගොල්ලො ම හිතාගන්න, මේ රටේ ජනාධිපති හැටියට හිටපු දෙන්නෙක් විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ."

    මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට චන්දේ දුන්න එක ගැන මම සතුටු වෙනවා
     
    Last edited: