Quietest Place on Earth !!

rereyaka

Active member
  • Jan 12, 2018
    100
    117
    43
    මේ කියන්න යන්නේ අමුතුම ස්ථානයක් ගැන. එක තමා "ලෝකයේ තියන නිශ්ෂබ්දම" තැන ගැන. ඇත්තටම කිව්වොත් මේක තියෙන්නේ අපි කව්රුත් අහලා නැති තැනක නෙමෙයි. මෙක තියෙන්නේ වොෂින්ටන්වල Microsoft මුලස්ථානයේ 87ගොඩනැගිල්ල තුලය. අද වනවිට මෙය ලොව නිශ්ෂබ්දම ස්ථානය ලෙස ගිනස් වාර්තාව උසුලනවා.
    මෙම සුවශේෂී කාමරය ඇතුලේ පසුබිම් ශබ්ද මට්ටම එහෙම නැත්නම් background noise level එක -20.6 decibel වෙනවා.ඒවගේම මෙම කාමරය anechoic කුටීරයක් කියලත් හදුන්වනවා. එකේ තේරුම තමයි මෙම කාමරය ඇතුලේ ශබ්දය 99% ක් ම අවශෝෂණය කර ගන්න පුලුවන්න. ඒ කියන්නේ කිසිම දෝංකාරයක් නිකුත් වෙන්නේ නැ.
    ඔය විද්‍යාත්මක කරුණු ටික කිව්වා කියල මේකේ අමුතුවක් තේරෙන්නේ නැනේ. එකට ඇතුලට ගිහිල්ලම බලන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තුලෙ ඉන්න එක හිතන තරම් ලේසි නැ. මොකද කිව්වොත් මේකේ තුලට ගියපුවාම තමන්ගේ හෘද ස්පන්දනය වගේම ඇතැම් අයට තමන්ගේ පෙනහළු වල සංකෝචන පවා ඇහෙනවා. කොටින්ම කිව්වොත් තමන්ගේ රුධිර වාහිනී ඔස්සේ රුධිරය ගමන් කරන එකත් ඇහෙනවා. මීට අමතරව මේකේ ඇතුලේ ඇවිදිනකොට තමන්ගේ අස්ථිවල සන්ධි ගැටෙන ශබ්දය පවා ඇහෙනවලු. පිස්සු නේද !! ඇත්තම කිව්වොත් මේකේ ඇතුලෙදි පිස්සු හැදෙනවලු. ඕනෙම අයෙක්ට මේකේ ඇතුලේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ පැයක් වගේ කාලයක් විතරලු. ඊට පස්සේ ඔලුව විකාර (hallucinate) වෙන්න පටන් ගන්නවලු. මෙම කුටිය Microsoft ආයතනයේ බොහෝ නිෂ්පාදන වල ශබ්ද පරීක්ෂාවන් සදහා යොදා ගන්නවලු. උදාහරණයක් විදිහට keyboard වල ශබ්ද එහෙම පරික්ෂා කරන්න..


    පුංචි දෙයක් හරි දැනගත්තනම් Rep ++ එකක් දීල යන්න. ජය !!

    k5fXmJ.jpg


    k5fXmJ.jpg