~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • Judge lata FB twitter Instagram ehema inna puluwan da? puluwan nam FB eke oyage personal opnion post karanna puluwan da. For ex: dan political situation eka gana ehema.


    ලංකාවේ කිසිම කෙනෙක් එහෙම ප්‍රායෝගිකව නං ඕවල නෑ..
    ඉන්න එපා කියලත් නෑ හැබැයි..
    පර්සනල් ඔපීනියන්ස් පොදු ස්ථාන වල කොහොමත් කියන්න අවසර නෑ විනිසුරුවරුන්ට..
    ෆේස් බුක් නෙමේ කොහේ උනත්..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    රිය අනතුරක් වුනොත් හරි, වෙන්න ගිහින් හරි බහින් බස් වීමක් ඇති වෙලා (වැරද්ද අතේ තියෙන පාර්ශවේ ගේම ඉල්ලන් එද්දි Road rage කියන්නේ) දෙක තුනක් ඇන්නොත් මොකද වෙන්නේ? වැරද්දත් කරලා ගේම ඉල්ලන් එද්දි ඉතින් මල පනිනවානේ උන් ගහන්න වගේ එද්දි දෙක තුනක් අනිවා දෙනවානේ. ඌට පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මැකිද? අපිට ආත්මාරක්ෂාවට ගැහුවේ කියලා කියන්න පුලුවන්ද? මේ ලඟදි සිද්ධ වුන දෙයක් නිසා දැනගන්න අහන්නේ :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහපු දේ තෙරිලා නැ..ඔක සාමාන්‍යය තත්වය නෙ..මම අහන්නෙ ඇයි එහෙම නොවෙන ලමයින්ට වෙන දේ ගැන..

    මම මම ප්‍රසිද්ද ම උදාහරනයක් ගන්නම් කො මට මතක විදිහට ස්වර්නා මල්ලවආරච්චි ගෙ දුවගෙ තාත්තා වසන්ත ඔබේසෙකර නේ..එත් එයාලා විවාහ වෙලා නැනෙ..එතකොට එ ලමයා පව් නෙ...දෙමව්පියන් ගෙ විවාහය කියන දෙයින් ලමයෙක් ගෙ අනාගතය තීරනය කරන එක වැරදි නේද..

    ධර්මසිරි බණ්ඩාරනායක නේද :dull:

    ඔප්පු කලාට වැඩක් නෑ..
    විවාහ වෙන්නම ඕනේ..
    විවාහයෙන් පිට කියන එකයි සුජාත නෑ කියන්නේ, පියෙක් නෑ කියන එක නෙමෙයි..
    පියා ඉන්නවා, සුජාතභාවය තමයි නැත්තේ කසාදෙන් පිට ලමයෙක් නිසා..


    සුජාත නොවන දරුවෙක්ට නීතියෙන් ඇතිවන අවාසි මොනවද? (පියාගේ දේපල හිමිකම් නැතිවීමට අමතරව)
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ අහන ප්‍රශ්නයට සම්බන්ධ ප්‍රශ්නයක් මේ ත්‍රෙඩ් එකේ මුල අහලා තිබුනා. ඊට වඩා විස්තරයක් දැනගන්න ඕනේ නිසා මේක අහන්නේ.

    ලංකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න තිබියයුතු අවම සුදුසුකම් මොනවද? වයස 35ට වැඩි, සිංහල බෞද්ධ, විවාහක පුරවැසියෙක් වෙන්න ඕනෙද? කලින් උත්තරේ වයස ගැන විතරයි කියලා තිබුනේ. මේ දේවල් කලින් තිබිලා පස්සේ වෙනස් වුනාද?
     

    thanujaka

    Well-known member
  • මහෙස්ත්‍රාත් තුමනි.. මට ආපු තව ප්‍රශ්නයක්... :)

    දැන් මම ඉඩම එක්ක ගෙයක් ගන්නවා කෙනෙක්ගෙන්... නමුත් ඒ දේපල තියෙන්නෙ එයාගෙ මියගිය බිරිදගේ නමට.. මරණ සහතිකේ , විවාහ සහතිකේ ඔක්කොම පරීක්ශා කරලා බලලා ඒක සල්ලි දීලා ගන්නවා.. සාක්කියට එයාගෙ එකම දරුවත් අත්සන් කරනවා.. ඔප්පු ලියල රෙජිස්ටර් කරනවා... හදිස්සියෙවත් අර මැරුන කෙනා අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබිලා ඒක අවුරුදු කීපෙකට පස්සෙ හම්බ උනොත් එහෙම මම ගත්ත දේපලට මොකද වෙන්නෙ ? (අපි හිතමු අන්තිම කැමැත්තෙන් ඒක පුණ්යාතනයකට ලියලා තියෙනවා හරි එයාගෙම දරුවෙක්ට ලියලා තියෙනවා හරි කියලා.. )


    පැවරූ දේපොල ආපහු හරවන්න බෑ..
    ඉතිරි දේපොල වලට විතරයි ඒක වලංගු එතකොට..
    අන්තිම කැමති පත්‍රයක් ලැබුනම ඒක දිසා අධිකරණයෙන් තමයි බලාත්මක කරගන්න ඕනේ..
    ප්‍රායෝගිකව ඕව තියෙන්නේ ලෝයර් කෙනෙක් ලග මිනිස්සු අතේ නෑ.. එහෙම එකක් තියෙනවනං ඒ කෙනා මැරුණම ලෝයර් ඒක උසාවියට දානවා ඒ අදාල පාර්ශව වලට දැනුම් දීලා..
     

    thanujaka

    Well-known member
  • රිය අනතුරක් වුනොත් හරි, වෙන්න ගිහින් හරි බහින් බස් වීමක් ඇති වෙලා (වැරද්ද අතේ තියෙන පාර්ශවේ ගේම ඉල්ලන් එද්දි Road rage කියන්නේ) දෙක තුනක් ඇන්නොත් මොකද වෙන්නේ? වැරද්දත් කරලා ගේම ඉල්ලන් එද්දි ඉතින් මල පනිනවානේ උන් ගහන්න වගේ එද්දි දෙක තුනක් අනිවා දෙනවානේ. ඌට පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මැකිද? අපිට ආත්මාරක්ෂාවට ගැහුවේ කියලා කියන්න පුලුවන්ද? මේ ලඟදි සිද්ධ වුන දෙයක් නිසා දැනගන්න අහන්නේ :sorry:


    එන්ට්‍රි එකක දාන්න පුළුවන් එයාට..
    ආත්මාරක්ෂාවට ගැහුවා කියනවනං නඩු කියලා උසාවියේදි ඒක ඔප්පු කරන්න ඕනේ..
    ලොකු නඩුවක් කියන්න ඕනේ එකට..
    ගහන්න ආව කියල ඔප්පු කරන්න පුළුවන් නං හරි නැත්තං උසාවියෙන් වන්දි දෙන්න කියනවා..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අර අපරාධයක් වුන තැනකට මහේස්ත්‍රාත්තුමා යනවා.
    1. සෑම මහේස්ත්‍රාත් කෙනෙක්ගෙම වගකීමක්ද එක ? එහෙම නැත්නම් ඒවාට යන අයෙක් වෙනමම උසාවියේ සිටිනවද ?
    2. මහ්ස්ත්රත්තුමකු යන්නේ මොනවගේ අපරාදයක් උන තැනකටද ? මිනීමැරුම් /දේපල ගිනිතැබීම් / කල කෝලාහල ....????
    3. එසේ මහේස්ත්‍රාත් වරයෙක් ගිහින් කරන්නේ කුමක්ද ?
    4. සමහර වෙලාවට බලන්න බැරි තරම් අපහසු සිද්දීත් සෙට් වෙනවා නේද ? (අධික සහාසික ඝාතන, කල් ගිය මෘත දේහ .....)
     

    thanujaka

    Well-known member
  • ධර්මසිරි බණ්ඩාරනායක නේද :dull:




    සුජාත නොවන දරුවෙක්ට නීතියෙන් ඇතිවන අවාසි මොනවද? (පියාගේ දේපල හිමිකම් නැතිවීමට අමතරව)


    පියාගේ පෙලපත්නාමය එන්නේ නෑ..
    නඩත්තු ඉල්ලන්න බෑ..
    පියාගෙන් කිසිම උරුමයක් නෑ වෙන ගැටළුවක් නෑ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පියාගේ පෙලපත්නාමය එන්නේ නෑ..
    නඩත්තු ඉල්ලන්න බෑ..
    පියාගෙන් කිසිම උරුමයක් නෑ වෙන ගැටළුවක් නෑ..

    තැන්ක්ස් පිළිතුරට :D
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,271
    2,325
    113
    හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ..
    පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි..
    මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ..
    අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ..
    කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා..
    ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා..
    පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ..
    ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි..
    ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්..
    දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ..
    රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ..
    එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..:)


    Patta Kathawa
     

    thanujaka

    Well-known member
  • අර අපරාධයක් වුන තැනකට මහේස්ත්‍රාත්තුමා යනවා.
    1. සෑම මහේස්ත්‍රාත් කෙනෙක්ගෙම වගකීමක්ද එක ? එහෙම නැත්නම් ඒවාට යන අයෙක් වෙනමම උසාවියේ සිටිනවද ?
    2. මහ්ස්ත්රත්තුමකු යන්නේ මොනවගේ අපරාදයක් උන තැනකටද ? මිනීමැරුම් /දේපල ගිනිතැබීම් / කල කෝලාහල ....????
    3. එසේ මහේස්ත්‍රාත් වරයෙක් ගිහින් කරන්නේ කුමක්ද ?
    4. සමහර වෙලාවට බලන්න බැරි තරම් අපහසු සිද්දීත් සෙට් වෙනවා නේද ? (අධික සහාසික ඝාතන, කල් ගිය මෘත දේහ .....)


    ඒකට කියන්නේ ස්ථානීය පරීක්ශාව කියලා..

    1. ඒක රජකාරියේම කොටසක්.. පුද්ගලිකවම මහේස්ත්‍රාත්වරයා තමයි ඒකට යන්නේ..

    2. මිනීමැරුමක් වෙලා තියෙනවනං හෝ මෘතදේහයක් තියෙනවානං විතරයි යන්නේ..

    3. ඒ ස්ථානය පරීක්ශා කරල ඒ ඒ සාක්ශි සටහන් කරගන්නවා..

    4. ඔව්, බලන්න බෑ සමහර ඒවා අධික ලෙස දුගද හමනවා..
    ඕගොල්ලො ඔය ටීවී එකේ දැක්ක ප්‍රසිද්ධ ඝාතනයක මෘත දේහයකුත් බලන්න ගියේ මම..
    ඒකත් එහෙමයි..
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒකට කියන්නේ ස්ථානීය පරීක්ශාව කියලා..
    2. මිනීමැරුමක් වෙලා තියෙනවනං හෝ මෘතදේහයක් තියෙනවානං විතරයි යන්නේ..
    3. ඒ ස්ථානය පරීක්ශා කරල ඒ ඒ සාක්ශි සටහන් කරගන්නවා..

    එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? (මොකද අපරාධ පරීක්ෂණය/සාක්ෂි එකතු කිරීම පොලිසිය මගින් වෙනවා. අධිකරණ විද්‍යා කටයුතු අධිකරණ වෛද්‍ය වරයා කරනවා)

    PM එකේ උත්තරයට බොහොම ස්තුතියි!
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ අහන ප්‍රශ්නයට සම්බන්ධ ප්‍රශ්නයක් මේ ත්‍රෙඩ් එකේ මුල අහලා තිබුනා. ඊට වඩා විස්තරයක් දැනගන්න ඕනේ නිසා මේක අහන්නේ.

    ලංකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න තිබියයුතු අවම සුදුසුකම් මොනවද? වයස 35ට වැඩි, සිංහල බෞද්ධ, විවාහක පුරවැසියෙක් වෙන්න ඕනෙද? කලින් උත්තරේ වයස ගැන විතරයි කියලා තිබුනේ. මේ දේවල් කලින් තිබිලා පස්සේ වෙනස් වුනාද?

    මහේස්ත්‍රාත්තුමාට මගේ ප්‍රශ්නේ මිස් වෙලාද:(:(
     

    thanujaka

    Well-known member
  • එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ? (මොකද අපරාධ පරීක්ෂණය/සාක්ෂි එකතු කිරීම පොලිසිය මගින් වෙනවා. අධිකරණ විද්‍යා කටයුතු අධිකරණ වෛද්‍ය වරයා කරනවා)

    PM එකේ උත්තරයට බොහොම ස්තුතියි!


    මූලිකම දේ ඉදිරී පරීක්ශණ සදහා පොලිසියට උපදෙස් දෙන එක..
    හුගක් වෙලාවට අපරාධ ස්ථානයේ තියෙන පුංචි පුංචි නමුත් නඩුවකට හුගාක වැදගත් සාක්ෂි පොලිසිය අතින් මග හැරෙනවා..
    ඒ වගේ වෙලාවට ඒවා නිරීක්ෂණය කරලා මෙන්න මේ මේ දේවල් ගැන හොයා බලන්න කියල නියොග දෙන්න තමයි මහේස්ත්‍රාත් පරීක්ශණ පවත්වන්නේ..
     

    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත්තුමාට මගේ ප්‍රශ්නේ මිස් වෙලාද:(:(


    ඕ සොරි සොරි ඔයාගේ ප්‍රශ්නේ මිස් වෙලා නේද..
    අවුරුදු 35 සම්පූර්ණ යහපත් සෞඛ්‍යයෙන් ඉන්න ඕනම ශ්‍රී ලාංකිය පුරවැසියෙකුට පුළුවන්..
    බෞද්ධ වෙන්න, විවාහ වෙලාම ඉන්න එහෙම දෙයක් නෑ..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඕ සොරි සොරි ඔයාගේ ප්‍රශ්නේ මිස් වෙලා නේද..
    අවුරුදු 35 සම්පූර්ණ යහපත් සෞඛ්‍යයෙන් ඉන්න ඕනම ශ්‍රී ලාංකිය පුරවැසියෙකුට පුළුවන්..
    බෞද්ධ වෙන්න, විවාහ වෙලාම ඉන්න එහෙම දෙයක් නෑ..

    බොහොම ස්තූතියි.
    අද ඔෆිස් එකේ කීප දෙනෙක් ඔය ගැන තර්ක කලා. මම ඉතිං පැත්තකට වෙලා අහගෙන හිටියා. හරියට දන්නේ නැතුව තර්ක කරන්න බෑනේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා විවාහ වුනේ ජනාධිපතිවරනයට ඉල්ලන්න සුදුසුකම් හදාගන්න කියන කතාවේ ඇත්තක් නැද්ද? නැත්නම් කලින් එහෙම දෙයක් තිබිලා වෙනස් වුණාද?
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේක නීතිමය පැත්තටම යනවාද දන්නේ නැහැ ,

    මේකයි ප්‍රශ්නේ
    විසා ඉල්ලුම් කරද්දී වත්කම් ඉදිරිපත් කරනකොට

    1. බිට්කොයින් / ක්රිප්ටෝකරන්සි වලට ආයෝජනය කරලා තියන කෙනෙක් තමාගේ වත්කම් අදාළ නිලදාරියාට
    ඉදිරිපත් කරන්නේ කොහොමද ?

    2. කලින් වැඩ කල සේවා ස්ථානයක එස්පිරියන්ස් එක පෙනන්න සේව්ර්විස් ලෙටර් එකක් විතරක් ගන්න පුළුවන් හැබැයි
    eth/epf කපලා නැත්නම්, කන්ට්‍රක්ට් එකක් වත් දීලා නැත්නම්

    මේ වගේ අවස්තාවක වරක් එස්පිරියන්ස් එක පෙන්නන්න සේව්ර්විස් ලෙටර් එක විතරක් ඇතිද ?
    වැඩ කල කාල සීමාවට etf/epf දැන් දාගන්න පුලුවන්ද ?