ගිය පාරත් කිව්වා නඩුවෙන් අයින් වෙන්න ඕනේ කියලා, මේ පාරත් කියලා බලන්න ඕනා, මේ මාසේ අන්තිම නඩුව තියෙනවා, පොලිසියෙන් නම් කියන්නේ මට ලොයස්ලා අල්ලන්න ඔනෙත් නැහැ කියලා, මම පැසා 01 නිසා, මම ලොයර් කෙනෙක් ඇල්ලුවෙත් මේ නඩුවෙන් මට අයින් වෙන්න ඕනේ නිසා, දැන් නම් නඩු අංකේ B නම්බර් නෙමෙයි යන්නේ XXX/2014 කියලා නම්බර් එකක් තමයි යන්නේ. උසාවියට ලොයර් හරහා කිව්වොත් මට මේක මානසික වධයක්, මට බඩුත් එපා වන්දිත් එපා කියලා, මට නඩුවෙන් අයින් වෙන්න පුළුවන් වෙයිද ? ඔය බට ටිකයි ජැක් ටිකයි දැන් දිරලත් ඇති, මට ආරංචි උන විදියට ඒ බඩු ටික දැන් පොලිසියේ නැහැ, දාපු තැනක් දන්නෙත් නැහැ, තෙරුමක් නැති නඩුවකට මම කට්ට කනවා. අඩුම තරමේ උසාවියෙන් තාම මගෙන් කිසිම සාක්ෂියක් ගත්තෙත් නැහැ, අනික දැන් මට ඒ විස්තර එච්චර මතකත් නැහැ. උසාවිය මගෙන් සාක්ෂි අහනකොට මට ඒ සිද්ධිය ගැන සමහර දේවල් මතක නැහැ කිව්වොත් මට ප්රශ්නයක් වෙයිද ?