ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    තට්ට හිසත් කහරෙද්දත් මිස කිසිදු ශීලගුණෝපේත භාවයක් නැති කාසමුණ්ඩකයන්ගේ නිර්ලජ්ජී ජාවාරම් ගැන ථේරවාදයද චෝරවාදයද ලිපි පෙළ තුලින් අපි බොහෝ දේ කථා කළෙමු. ඉදිරියටද කථා කරන්නෙමු. ලංකා ඊ නිව්ස් ආරම්භ කළ මෙම 'කිංසච්ච ගවේශණය' දැන් දැන් දැන උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ද බලවත් අවධාරණයට ලක්ව තිබේ. එය ලක්වැසි බෞද්ධ ජනතාවගේ වාසනාවකි. චෝරවාදී මිත්‍යා දෘෂ්ඨියෙන් මිඳීම සඳහා පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් විසින් අන්තර් ජාලයට යොමු කර ඇති පහත දැක්වෙන ලිපිය ඔබගේ නැණස පෑදීමට මහත් රුකුලක් වෙනු නිසැක ය.

    වර්තමාන සමාජය තුළ සෑම දෙයටම පාහේ පූජා පැවැත්වේ. පසුගිය කාලය පුරා මෙහි විශාල වැඩි වීමක් දක්නට ඇත. එහෙත් අපි මෙහි තේරුම් ගත යුතු දෙය වන්නේ බුදුදහම තුළ අද පවතින මේ බොහෝ පූජාවිධීන් බුදුරදුන් ගේ දේශනා හා ගැළපෙන ඒවා නොවන බවය. වෙනත් ආගමික සංකල්පයන් තුළ දකින්නට ලැබෙන පූජා විධීන් මේ ආකාරයට ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත. 108ක් ඖෂධ පූජාව, හාරදහසේ පහන් පිංකම, කංචුක පූජාව, මහා පිච්ච මල් පූජාව, රෝස මල් පූජාව, ෙචෙත්‍යයන් වටා පලතුරු, අටපිරිකර ආදිය තබමින් කෙරෙන පූජා මේ අතර වේ.

    ඒ අතරින් වර්තමානයේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නේ, රහතන් වහන්සේලා බිහි කරගැනීම අරමුණු කරගනිමින් යැයි පවසමින් විවිධ කිරිපිඬු පූජා, හඳුන්කූරු ලක්ෂයක් පූජා කිරීම ආදී පූජාවන්ය. මෙහිදී වන විශේෂත්වය වන්නේ එම කිරිපිඬු පූජා සඳහා කිරිබත් පිසීමට අවශ්‍ය ‍පොල් කැඩීම සඳහා ගසට නගින්නේද සුදු පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳගෙනය. ‍පොල් ලෙලි ගසන්නේද එසේ ය. ඒ සියල්ල ඔවුන් කරන්නේ දින ගණනක් ඒ වෙනුවෙන් ම පේවී සිටගෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. ඒ නිසාම එවැනි පූජාවන් ඉතා පිරිසිදු පූජාවන් බව පවසමින් ඒ කෙරෙහි ඇදී යන පිරිස්ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එහෙත් මෙහි ඇති මිථ්‍යාව කිසිවකු වටහා ගන්නේ නැත.

    බොහෝ විහාරස්ථානවල කෙරෙන කංචුක පූජාවද ඉතාම ප්‍රචලිතය. එහෙත් මෙම පූජාව පිළිබඳව බුද්ධ භාෂිතයේ හෝ ත්‍රිපිටකයේ කිසිදු තැනක පෙනෙන්නට නැත. “කංචුක” යන්නෙහි තේරුම හැට්ටය යන්නයි. කංචුක පූජාව ලෙස අද බොහෝ දෙනා කරන්නේ, චෛත්‍යය වටා සිවුරක් හෝ බෞද්ධ කොඩියක් එතීමයි. චෛත්‍යය යනු බෞද්ධයන්ගේ සංකේතයක් පමණි. ඒ වටා සිවුරු හෝ බෞද්ධ කොඩි එතීමෙන් ලැබෙන ඵලයක් නැත. මෙමඟින් බොහෝ දෙනා බලා‍පොරොත්තු වන්නේ, මුදල් ඉපැයීමය. මෙවැනි කටයුතු සඳහා සංවිධායකයන් යැයි කියා ගන්නා පිරිස් බොහෝ සම්මාදම්වල නිරත වෙති. සම්මාදම්වලින් ලැබෙන එම මුදලින් කොටසක් යන්නෙ සංවිධායකයන්ගේ සාක්කුවලට ය. එමෙන්ම චෛත්‍යයට හැට්ට පූජා කරන සම්ප්‍රදායක් බුදුදහම තුළ නැත. එමනිසා කංචුක පූජා යැයි පවත්වන මෙම කිසිදු අර්ථයක් නැති, පූජාවලට වියදම් කරන මුදල්වලින් එම විහාරස්ථාන හෝ චෛත්‍යයන්හි සුදුපිරියම් කොට අලුත්වැඩියාවක් කරන්නේ නම් එය ඉතා මැනවි.

    එමෙන්ම චෛත්‍යයන් වටා මහා පළතුරු පූජාවන්, චෛත්‍යයේ උසට අටපිරිකර පූජා පැවැත්වීම්ද සමාජය තුළ බහුලය. බුදුදහමේ කිසිදු තැනක එවැනි පූජා පිළිබඳව ද සඳහන් වන්නේ නැත. එහෙත් බෞද්ධයා ඊට පෙළඹී හමාරය. මේ තුළින් සිදුවන්නේ ව්‍යාපාරිකයන්ට ගුණාත්මක තත්ත්වයෙන් තොර භාණ්ඩ අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබිම පමණි. සාමාන්‍යයෙන් අටපිරිකරක් තුළ අඩංගු වන්නේ, බෞද්ධ භික්ෂුවකට අවශ්‍ය වන සිවුරු, අඳන, පාත්‍ර, දැලිපිහි, ආදිය යි. ඒවා සහිත අටපිරිකරක් චෛත්‍යයකට පූජා කිරීම සුදුසු ද යන්න අප විමසා බැලිය යුතු ය. එමෙන්ම එවැනි පූජා ක්‍රම සමාජය තුළ පැතිරීමත් සමග සිදුවන්නේ වැඩි ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරිකයන් ඒවා ජාවාරම් බවට පත් කර ගැනීමකි. චෛත්‍යයට කරන පලතුරු පූජාද ඒ ආකාරයේම වේ. සෝමාවති චෛත්‍ය වටා මහා පලතුරු පූජාවන් පැවැත්වීම අද බහුලවම දැකිය හැකිය. ඒ තුළින්ද සිදුවන්නේ බෞද්ධ ප්‍රබෝධයක් නොව මුලින් සඳහන් කළා සේ, ව්‍යාපාරික ජාවාරම් පමණි.

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ - නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” යනුවෙනි. එනම්, බෞද්ධ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස මෝඩ පුද්ගලයන්ට නොවන බවය. මෙම බුද්ධ පාඨය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසම හොඳින් අවබෝධ කරගත යුතුව ඇත.

    අපට යම් රෝගයක් වැලඳුණ කල අප කළ යුත්තේ, ඊට නිසි ප්‍රතිකර්ම ලබා ගැනීමය. ඊට අදාළ ඖෂධ ලබා නොගෙන, ඒවා බුදුරදුන්ට පූජා කළ පමණින් රෝග සුවවෙතැයි සිතීම මිථ්‍යාවකි. බුද්ධ ශාසනය තුළ නිරෝගිමතුන් අතර අග්‍රස්ථානයට පත් වූයේ බක්කුල මහරහතන් වහන්සේය. එම චරිත කතාව පෙරටු කරගනිමින් වර්තමානයේ බොහෝ ස්ථානවල 108ක් වූ ඖෂධ පූජා පැවැත්වීමට කටයුතු කරයි. මේ සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ, විවිධ ආ‍ලේපන, කසාය පැකට්, ආදියයි. ඖෂධ අවශ්‍ය වන්නේ විහාරස්ථානයක බෝධීන් වහන්සේට හෝ චෛත්‍යයට නොවේ. රෝගීන්ටය. රෝගී වූ අයෙකුට ඖෂධ ලබා දී හොඳින් රැක බලා ගත හැකි නම්, එය මහඟු පුණ්‍ය කර්මයකි. “යෝගිලානං උපට්ඨති - සෝමං උපට්ඨති” යනුවෙන් බුදුරදුන් දේශනා කරන ලද්දේ, යමෙක් රෝගියෙකුට උපස්ථාන කරන්නේ නම්, එය බුදුරදුන්ට සැලකීම හා සමාන වන බවය. එලෙස රෝගීන්ට අවශ්‍ය වන ඖෂධ වර්ග අද බහුලව චෛත්‍ය හා බෝධීන් වහන්සේලාට පූජා කිරීම නිසා, ඒවා සිය දහස් ගණනින් විනාශ වෙමින් පවතී. භික්ෂූන් වහන්සේලාට පවා රෝගී වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය තරම් පහසුකම් වර්තමානයේ ඇත. එබැවින් ලෝකයට අඬබෙර ගසා, ලක්ෂ සංඛ්‍යාත මුදල් වියදම් කරමින්, කරන මෙවැනි වෛවර්ණ පූජාවන්වලට වඩා, රෝගී භික්ෂුවකට අවශ්‍ය ඖෂධ ලබාදී, උන්වහන්සේ සුවපත් කරන්නට කටයුතු කරන්නේ නම්, එය මහත්ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය කර්මයකි.

    අසූහාරදහසේ පහන් පිංකම්, විවිධ මල් පිංකම් ආදියද මෙම පූජා ක්‍රම අතර බහුලව දැකිය හැකිය. අතීතයේ දී සෑම මලක්ම බුදුරදුන්ට පූජා කළේ නැත. එහෙත් අද පවතින මෙම ප්‍රවණතාව නිසා, වැටකෙයා මල පවා බුදුරදුන්ට පූජා කරන්නට ඇතැම්හු පෙළඹෙති. අනෙක් අතට අප පහන් දල්වන්නේ අන්ධකාරය දුරු කරනු පිණිසය. බුදුරදුන්ට පහන් දැල්වීමෙන් සංකේතවත් වන්නේ, මෝහය නැමැති ගණ අන්ධකාරය දුරු කර, ප්‍රඥාව නැමැති ආලෝකය දැල්වීමයි. එමනිසා අප කළ යුත්තේ පැහැදුණු සිතින් යුතුව බුදුරදුන්ට මල් පහන් පූජා කිරීම පමණි. ඒ අරමුණ ඇතිව බුදුරදුන්ට එක් පහනක් මලක් පූජා කිරීම වුවද ප්‍රමාණවත් ය.

    මෙවැනි ක්‍රියාකාරකම් තුළින් බෞද්ධ ප්‍රබෝධයකට කිසිවක් සිදු වන්නේ නැත. සිදුවන්නේ බෞද්ධ සමාජය පිරිහීමක් පමණි. එමෙන්ම බෞද්ධ ජනතාව තුළ පවතින ශ්‍රද්ධාව පෙරදැරි කරගනිමින් මේවා සංවිධානය කරන පිරිස් විසින් සිදුකරන්නේ ඒ ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් ධනය නිෂ්ඵල කාරණා සඳහා විනාශ කර දැමීමකි. බුදුරදුන් දේශනා කර ඇත්තේ තමන් මහන්සි වී උපයන ධනය අර්ථවත් ආකාරයට වියදම් කළ යුතු බවය. සිඟාලෝවාද සූත්‍රය තුළදී බුදුරජාණන් වහන්සේ එම කාරණය මැනවින් පෙන්වා දී ඇත.

    අනෙක් අතට ‍පොල් ගසකට පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳ නැඟීම මෙන්ම මුඛවාඩම් බැඳ පලතුරු කැඩීමද එක්තරා ආකාරයක විකාර අදහසක් බව පැහැදිලි කාරණාවකි. ‍පොල් ගසකට නඟින්නට පිරුවට අවශ්‍ය වන්නේ නැත. එය එක් පැත්තකින් ඉතා අවදානම් සහගත ක්‍රියාවකි. අනෙක් අතට ‍පොල් කැඩීම, කුඹුරු කෙටීම, අතීතයේ සිට පැවැති අපගේ ජීවන වෘත්තීන්ය. ඒවා කරන පිළිවෙළක් ඇත. එබැවින් මේ සියල්ල මිනිසුන් මුලාවට පත්කරන තක්කඩි ජාවාරම්කරුවන්ගේ කපටි ක්‍රියා මිස, මේවායින් කිසිදු ආකාරයකට බුදු දහමට යහපතක් සිදුවන්නේ නැත. ඒ තුළින් සිදුවන්නේ අපගේ බෞද්ධ සමාජය දිනෙන් දින පිරිහීම පමණකි.

    මාලදිවයින, ජපානය, මැ‍ලේසියාව, ඉන්දුනීසියාව, වැනි බොහෝ රටවල් අතීතයේ දී මහා බෞද්ධ රාජ්‍යයන් ය. එහෙත් ඒ සියල්ල අද වන විට බිඳ වැටී ගොස් ඇත. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, මේ ආකාරයේ විවිධ පුදපූජාවන් කෙරෙහි විමසුමකින් තොරව ඇදී යාමය. ඒ තුළින් මිනිසුන්ගේ ධනය දිනෙන් දින විනාශයට පත් කරවන අතර, අවසානයේ විවිධ හොරමැරකම් කර හෝ, එම පූජාවන් සඳහා සහභාගී වීමට ජනතාව හුරු කරවීමක් මෙහිදී සිදුවේ. එමනිසා අප මෙම තත්ත්වය නුවණින් අවබෝධ කර ගත යුතු ය.

    බුදුරජාණන් වහන්සේ හැමවිටම දේශනා කරන ලද්දේ, “දැහැමින් උපයා ගන්න. නිවැරදිව වියපැහැදම් කරමින් ජීවත් වන්න” යනුවෙනි. සැබෑ බෞද්ධ පූජාව ඇත්තේ එතැනය. එය අප නිසි පරිදි වටහා ගත යුතුය. එසේ නොවුණහොත්, ඉහත කී රටවල්වලට සේම අපටත් අපගේ බුදුදහම නැති වී යන්නට තවත් වැඩි කාලයක් ගත නොවෙනු ඇත.

    | හෑගොඩ විපස්සි හිමි
    2018.ජූලි.27 |

    QtGpP5e.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඔව් ඒ වත්මන් ශින්හලු මහා පරිමාණ පුජා වලට ඇබ්බැහි වෙලා කන්න සල්ලි නැතත් අනුරාධපුරේ ඒම ගිහිං බලන්න ඕනා කිලෝමීටර් ගණන් රෙදි උස්සං නටන නාඩගම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    Modded pilgrims of modern Shinhalese nation:

    කංචුක පුජාව

    පිච්ච මල් පුජාව

    රෝසමලේ පුජාව

    නම්බර පුජා (පහන්, බෙහෙත් etc)
    පලතුරු පුජා (ෆ්රුට් සැලඩ් පුජා)
    අටපිරිකර පුජා හෙවත් කැසිනෝ පුජා

    අලුත්ම එක

    කිරිපිඩු පුජා

    :rofl:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,118
    10,695
    113
    උඹ මාතර නේද බන් ? ඇත්තද බන් මාතර රාහුලේ කිට්ටුව (මුස්ලිම් නමක් තියෙන පැත්තක ) පන්සලක් හදලා තියෙන්නේ හෝටලයක ආකෘතියකට කියන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පුණ්ය ශක්තිය වසානා ගුණය උන්වහන්සේලාගේ පිරිණිවීමත් සමගම ඉවර වෙන්නෙ නෑ. අසංඛ්‍ය කල්ප ගානක් උනත් පවතිනවා. ඒකයි අදටත් අටවිසි බුදුවරුන්ගේ පිලිම වලටම මල් පහන් දානය පූජ කරන්නෙ. පිලිම නැතත් සියළු බුදුවරුන්ට ඒ දාන පූජ කරන්නෙ. ඉතින් ගෞතම බුද්ධ ශාසනයෙ ගෞතම බුදුන්ට ලැබෙන පුද සත්කාර ගැන කතා කරන්න දෙයක් නෑ. ඒවා කොහොම හරි ලැබෙනවා. බුද්ධ කාලයෙදි උනත් බුදු හාමුදුවන්ට මිත්‍යා දුශ්ඨිකයො පවා පුද සත්කාර කරා. අද උනත් කවුරු හරි කාගෙන් හරි ඒ පුදසත්කාර ලැබෙනවා. ඒ බව බුදු දහම විනාශ කරන අයත් දන්නවා. ඒ මිනිස්සු බලන්නෙ බෞද්ධයව මුලා කරලා. ඒ දානමය පින්කම් හෑල්ලුවට ලක්වෙන්න විහිලුවට ලක්වෙන්න වැඩ කරන එක
     
    • Like
    Reactions: Sara531

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැමති කෙනෙක් කැමති දෙයක් පූජා කරාය කියල කාටවත් හිත් රිදවා ගන්ඩ අවශ්යතාවයක් නැ..උඩම එක කෙමෙන්ට් එකක් මදිව කෙමන්ට් දෙකක් දාල බුරා පැනල තියෙන කතෝලික අන්තවාදීන්ට සතුට උදාකරන්ඩ පුද පුජා පැවත්වීම නතර කරන්ඩ ඔනෙ නැ..

    සල්ලි අපේනම් වියදම් කරන්නෙත් අපිමනම්, සහබාගී වෙන්නෙත් අපිමනම්, මේ කොහෙවත් ඉන්න මිසදුටු අන්තවාදින්ට ඇයි වේදනා..
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බුදුරජාණන් වහන්සේ නමකගේ පින් මහිමය නිසා උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දහස් ගාණක් ගියත් උන් වහන්සේ නමින් සැදැහැවත් මිනිස්සු මහා පින් කම් කරනවා. ඒවා කරලා සුගතියේ යනවා. ඒවා දකින සැදැහැවත් මිනිස්සු, ඒවා තමන් කලා සේ සතුටින් අනුමෝදන් වෙලා කුසල් රැස් කරගන්නවා, සුගතියේ යනවා. පිං මද අසෘතවත් පෘතග්ජනයන්ට එහෙම පිනක් කරනවා තියා වෙන මනුස්සයෙක් කරන පිනක් අනුමෝදන් වෙන්නවත් හැකියාව නෑ.. අඳුරින් අඳුරට ගමන් කරනවා.

    උඹ පව්.. එච්චරයි.. ලැබිච්චි මනුස්ස ජීවිතයෙන් ප්‍රෙයා්ජනයක් ගනිං.

    ප.ලි වෙඩින් වල ,පාර්ටිවල අනන්තවත් මුදල්,ආහාර නාස්තිවෙනවා. ඒවා නවත්වන්න කියලා එකෙක් පෝස්ට් හදනවද ?
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේ හාමුදුරුවෝ මම පුද්ගලිකව දන්නවා
    උන්වහන්සේ සෝම හාමුදුරුවෝ පෙන්නපු මාර්ගය නැවත සොයාගන්න උත්සහ කරන යතිවරයාණන් වහන්සේ නමක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    කැමති කෙනෙක් කැමති දෙයක් පූජා කරාය කියල කාටවත් හිත් රිදවා ගන්ඩ අවශ්යතාවයක් නැ..උඩම එක කෙමෙන්ට් එකක් මදිව කෙමන්ට් දෙකක් දාල බුරා පැනල තියෙන කතෝලික අන්තවාදීන්ට සතුට උදාකරන්ඩ පුද පුජා පැවත්වීම නතර කරන්ඩ ඔනෙ නැ..

    සල්ලි අපේනම් වියදම් කරන්නෙත් අපිමනම්, සහබාගී වෙන්නෙත් අපිමනම්, මේ කොහෙවත් ඉන්න මිසදුටු අන්තවාදින්ට ඇයි වේදනා..

    උබේ logic එකේ විදිහට මිනිස්සුන්ට කාක්කා බෙටිත් පුජකරන්න පුළුවන් නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබේ logic එකේ විදිහට මිනිස්සුන්ට ............ පුජකරන්න පුළුවන් නේද ?

    මේ තවත් අන්තවාදියෙක් ,උබට පුජාවක් කියුවම ඒවද මතක් වෙන්නෙ..මනුස්ස ආත්මයක් ලබාගෙන තිරිසන්නු විදිහට ජිවත් වෙන උන්...:baffled::baffled:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    උඹ මාතර නේද බන් ? ඇත්තද බන් මාතර රාහුලේ කිට්ටුව (මුස්ලිම් නමක් තියෙන පැත්තක ) පන්සලක් හදලා තියෙන්නේ හෝටලයක ආකෘතියකට කියන්නේ

    koheda kiyala danne nadda? mamanan ahala ne
     
    Last edited:

    User_Name_User

    Junior member
  • Nov 24, 2018
    12
    0
    8
    ඔවට සහබාගි වෙන්නෙ නෑත්නම්, අකමෑති නම් අපහාස කරන්න එපා . කරන අය කරයි .ඒකාලේ රජවරු පවා කරපු විශාල පුජාවල් තියෙනවා ස්ටූපයට. චේතනාවයි වෑදගත්.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බුදුරජාණන් වහන්සේ නමකගේ පින් මහිමය නිසා උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දහස් ගාණක් ගියත් උන් වහන්සේ නමින් සැදැහැවත් මිනිස්සු මහා පින් කම් කරනවා. ඒවා කරලා සුගතියේ යනවා. ඒවා දකින සැදැහැවත් මිනිස්සු, ඒවා තමන් කලා සේ සතුටින් අනුමෝදන් වෙලා කුසල් රැස් කරගන්නවා, සුගතියේ යනවා. පිං මද අසෘතවත් පෘතග්ජනයන්ට එහෙම පිනක් කරනවා තියා වෙන මනුස්සයෙක් කරන පිනක් අනුමෝදන් වෙන්නවත් හැකියාව නෑ.. අඳුරින් අඳුරට ගමන් කරනවා.

    උඹ පව්.. එච්චරයි.. ලැබිච්චි මනුස්ස ජීවිතයෙන් ප්‍රෙයා්ජනයක් ගනිං.

    ප.ලි වෙඩින් වල ,පාර්ටිවල අනන්තවත් මුදල්,ආහාර නාස්තිවෙනවා. ඒවා නවත්වන්න කියලා එකෙක් පෝස්ට් හදනවද ?

    yako owata awith minissu kala hari yanawa. nikan laksha ganan pahan paththu karala monawa karannada? mal koti ganan. anthimata gahatath ne. apitath ne.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    කැමති කෙනෙක් කැමති දෙයක් පූජා කරාය කියල කාටවත් හිත් රිදවා ගන්ඩ අවශ්යතාවයක් නැ..උඩම එක කෙමෙන්ට් එකක් මදිව කෙමන්ට් දෙකක් දාල බුරා පැනල තියෙන කතෝලික අන්තවාදීන්ට සතුට උදාකරන්ඩ පුද පුජා පැවත්වීම නතර කරන්ඩ ඔනෙ නැ..

    සල්ලි අපේනම් වියදම් කරන්නෙත් අපිමනම්, සහබාගී වෙන්නෙත් අපිමනම්, මේ කොහෙවත් ඉන්න මිසදුටු අන්තවාදින්ට ඇයි වේදනා..

    “erozon, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    කැමති කෙනෙක් කැමති දෙයක් පූජා කරාය කියල කාටවත් හිත් රිදවා ගන්ඩ අවශ්යතාවයක් නැ..උඩම එක කෙමෙන්ට් එකක් මදිව කෙමන්ට් දෙකක් දාල බුරා පැනල තියෙන කතෝලික අන්තවාදීන්ට සතුට උදාකරන්ඩ පුද පුජා පැවත්වීම නතර කරන්ඩ ඔනෙ නැ..

    සල්ලි අපේනම් වියදම් කරන්නෙත් අපිමනම්, සහබාගී වෙන්නෙත් අපිමනම්, මේ කොහෙවත් ඉන්න මිසදුටු අන්තවාදින්ට ඇයි වේදනා..

    බුදුරජාණන් වහන්සේ නමකගේ පින් මහිමය නිසා උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දහස් ගාණක් ගියත් උන් වහන්සේ නමින් සැදැහැවත් මිනිස්සු මහා පින් කම් කරනවා. ඒවා කරලා සුගතියේ යනවා. ඒවා දකින සැදැහැවත් මිනිස්සු, ඒවා තමන් කලා සේ සතුටින් අනුමෝදන් වෙලා කුසල් රැස් කරගන්නවා, සුගතියේ යනවා. පිං මද අසෘතවත් පෘතග්ජනයන්ට එහෙම පිනක් කරනවා තියා වෙන මනුස්සයෙක් කරන පිනක් අනුමෝදන් වෙන්නවත් හැකියාව නෑ.. අඳුරින් අඳුරට ගමන් කරනවා.

    උඹ පව්.. එච්චරයි.. ලැබිච්චි මනුස්ස ජීවිතයෙන් ප්‍රෙයා්ජනයක් ගනිං.

    ප.ලි වෙඩින් වල ,පාර්ටිවල අනන්තවත් මුදල්,ආහාර නාස්තිවෙනවා. ඒවා නවත්වන්න කියලා එකෙක් පෝස්ට් හදනවද ?

    ඔවට සහබාගි වෙන්නෙ නෑත්නම්, අකමෑති නම් අපහාස කරන්න එපා . කරන අය කරයි .ඒකාලේ රජවරු පවා කරපු විශාල පුජාවල් තියෙනවා ස්ටූපයට. චේතනාවයි වෑදගත්.

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට

    “ආනන්ද, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,118
    10,695
    113
    koheda kiyala danne nadda? mamanan ahala ne

    රාහුලේ ඉස්කෝලේ ලගින් නේද හයිවේ එකට යන්නේ ? මාතර රාහුලේ කිට්ටුව මුස්ලිම් නමක් තියෙන පැත්තක් තියෙනවාලු ඒ හරියේ ඉන්නේ ලොකු පොරවල්ලු (සිංහල) බන් , මාතර ගොඩක් එවුන් දන්නවලු බන් , හොයලා බලපන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට

    “ආනන්ද, මේ මල්, සුවඳ, මේවා තථාගතයන්ට කරන සැබෑ පූජා නො වෙයි. යමකු ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත ව, ධර්මානුකූල ව වසයි ද, අන්න ඔහු තථාගතයන්ට උතුම් ප්‍රතිපත්ති සත්කාර කරයි, පුදයි.”

    එරෝසාන්ලට ඔවා බර වැඩියි
    එරෝසාන්ලා හිතන්නේ බුදු පිළිමෙට වැන්දොත් පින් කියලා
    එක පෙරලි පෙරලි වැන්දොත් තවත් පිං කියලා
    පිං කැටේට රුපියලක් දැම්මම ටං ගාන සද්දෙට එරෝසන්ලගේ හිත් ශාද්‍රවෙන් පිරෙනවා