සත පනහ භාවිතයෙන් ඉවතට

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    සත පනහ භාවිතයෙන් ඉවතට

    සතය,සත පහ,සත දහය භාවිතා කරන්නේ නෑනේ දැන්.අලුත්ම සීන් එක සත විසිපහ සහ සත පනහ දෙකම ආය අලුතෙන් නිකුත් කරන්නේ නෑ.දෙකම මහ බැංකුව අයින් කර ඇත.අලුත්ම කාසි රුපියල තවදුරටත් භාවිතයේ ඇත. එය පෙර පැවති සත විසිපහ ප්‍රමානයට නිෂ්පාදනය කර ඇත.රුපියල් දෙක සත පනහ ප්‍රමානයට නිෂ්පාදනය කර ඇත.රුපියල් පහ කලින් පැවති රුපියල ප්‍රමානයට සහ රුපියල් දහය කලින් පැවති රුපියල් දෙක ප්‍රමානයට නිකුත් කර ඇත. තව සතු‍ටු දායක දෙය නම් එන වසර මැද වෙන්න කලින් රුපියල සහ රුපියල් දෙක භාවිතයෙන් ඉවත් වනු ඇතයි මහ බැංකුව අනුමාන කර ඇත.2020 වෙනකොට රුපියල් පහත් භවිතයෙන් ඉවත් වෙනු ඇත.රුපියල් දහය තියෙයි.මේක මට විස්තර දුන්නේ මහ බැංකුවේ ඉන්න උසස්ම නිලධාරියෙක්.හැබයි මට කියන්න තියෙන්නේ මෙච්චරයි.මේක අනිවාර්යෙන්ම වෙනවා ,මරා දිගටම අගමෙති වෙලා හිටියොත් රුපියල පහ දහය නෙවෙයි රුපියල් දාහ නෝට්‍ටුවත් පන්දාහේ නොට්‍ටුවත් දෙකම 2020 වෙනකොට භාවිතයෙන් මහ බැංකුවටත් කලින් මිනිස්සුම අයින් කරයි.රටේ අනාගතය ඉතාම දරුනුයි,රටේ ආර්ථිකය ඉතාම දරුනුයි.රටේ ඉරනමත් ඉතාම දරුනුයි.මෙය වෙනස් කල නොහැක.
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රු.10 රු.5 රු.2 සහ රු.1 නව කාසි කාණ්ඩයක් පැමිණේ
    - 28 11 2018 - 02:55 - 193 views - ෂමිල පෙරේරා

    කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන්කර හඳුනාගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇතිව මුහුණත වටිනාකම රු.10, රු.5, රු.2 හා රු.1 යන කාසි වාර්ග 4කින් යුතු නව කාසි කාණ්ඩයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

    මෙහි පළමු කාසි ඇසුරුම ඊයේ (27දා) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.

    මෙම නව කාසි කාණ්ඩයේ කාසි 2018 දෙසැම්බර් මස 03 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර, අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමග ගෙවීම් සඳහා භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    නව කාසි කාණ්ඩයේ ලක්ෂණ

    නව කාසි කාණ්ඩයේ කාසි වර්ග 4ම අනෙකුත් ලෝහවලට වඩා අඩු මිලක් ඇති සහ ලෝහාලේපිත කාසිවලට වඩා වැඩි කල් පැවැත්මක් ඇති මල නොබැඳෙන වානේවලින් නිෂ්පාදනය කර ඇත. කාසිවල විෂ්කම්භය හා ඝනකම කාසියේ වටිනාකම සමග වැඩිවන අනුපිළිවෙළට වෙනස් කර ඇති අතර, පහසුවෙන් රැගෙන යා හැක ිපරිදි කාසිවල බර අඩු කර ඇති බවද කියයි. තවද, දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට මෙම කාසි වර්ග එකිනෙකින් වෙන්කර පහසුවෙන් හඳුනා ගැනීමට එකිනෙකින් වෙනස් වූ දාර යොදා ඇති බවද කියයි.

    කාසි පිළිබඳ විස්තර

    රු.10 කාසිය මල නොබැඳෙන වානේවලින් නිෂ්පාදිත අතර, මි.මී.26.4ක විෂ්කම්භයක්, මි.මී.1.80ක ඝනකමක්, වටකුරු හැඩයක් හා කට්ට 11ක් සහිත දාරයක් සහිතය.

    රු.5 කාසිය මල නොබැඳෙන වානේවලින් නිෂ්පාදිත අතර, මි.මී.23.5ක විෂ්කම්භයක්, මි.මී.1.80ක ඝනකමක්, වටකුරු හැඩයක් සහ සාමාන්‍ය ලෙස කට්ට සහිත දාරයක් සහිතය.

    රු.2 කාසිය මල නොබැඳෙන වානේවලින් නිෂ්පාදිත අතර, මි.මී.22.0ක විෂ්කම්භයක්, මි.මී.1.75ක ඝනකමක්, වටකුරු හැඩයක් සහ ගුඹුරු කට්ට සහිත දායක් සහිතය.

    රු.1 කාසිය මල නොබැඳෙන වානේවලින් නිෂ්පාදිත අතර, මි.මී.20.0ක විෂ්කම්භයක්, මි.මී.1.75ක ඝනකමක්, වටකුරු හැඩයක් සහ දුරින් දුර කට්ට සහිත දායක් සහිතය.

    කාසියේ මුහුණත

    සාමාන්‍ය පරිදි මෙම කාසිවල මුහුණතේ රාජ්‍ය ලාංඡනයද, කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් 'ශ්‍රී ලංකා' ලෙස දැක්වෙන අතර, '2017' වර්ෂය රාජ්‍ය ලාංඡනයට පහළින් දැක්වේ.

    කාසියේ පිටුපස

    කාසියේ පිටුපස මධ්‍යයේ එහි මුහුණත වටිනාකම විශාල ඉලක්කමෙන්ද, සිංහල, දෙමළ හා ඉංග්‍රීස් භාෂාවලින් වචනයෙන්ද දක්වා ඇත. කාසිවල පරිධියේ නෙළුම් මල් පෙති මොස්තරයක් යොදා ඇත.
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    image-e20bbd5b89.jpg
     
    Last edited: