දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි.

    බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල් නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්‍ර ඇසුරෙන් සොයාගත හැක. මොහු මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ග්‍රන්ථ කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු රහතන් වහන්සේලා ය.

    එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ.. මහා විහාරය පොළොවට සමතලා කර උඳු වපුරණ ලදී... අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණ සාර්ථකත්වයට පත් වන්නේ මෙලෙසය...

    මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත බුධඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත.

    බුද්ධඝෝෂ හිමි රචනා කරන විසුද්ධිමාර්ගයේ පටිච්ච සමුප්පාදය හරි හැටි විස්තර නොකරන බව එය කියවූ ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ශ වන කරුණකි. බුද්ධ ඝෝෂ හිමියන්ද පෘථග්ජනයෙකු වු තමා ට පටිච්චසමුප්පාදය විග්‍රහය හරි හැටි කිරීමට නොහැකි වූ බව ඔහු විසින්ම ලියා ඇති නිසා ඒ ගැන තවත් තර්කයක් නොමැත. අනිත් කරුනනම් විපස්සනාවයි. විසුද්ධි මාර්ගය තුල විපස්සනාවට වැඩි තැනක් දී නොමැත. විපස්සනාවේ ගැබුරු තැන් විසුද්ධි මාර්ගයේ විග්‍රහ කර නොමැත. බුද්ධ ඝෝෂ හිමි අනාර්ය ධ්‍යාන හැදෑරූ පුද්ගලයෙකු නිසාදෝ හේ වැඩි අවධානය යොමු කර ඇත්තේ සමතය කෙරෙහිය.

    පාලි සාහිත්ය‌ රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු රහතන් වහන්සේලා විසින් ලියන ලද හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. බුද්ධ ඝෝෂ හිමියන්ට අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අ‍ටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

    හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ පෘථග්ජනයෙක් වූ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි. භාවනා ක්‍රම අතුරැදහන් වූ නිසා රහතන් වහන්සේලා ද නැති විය. වසර දහසක් පසු වන මාරයාගේ බලපෑම නිසා ධර්මය විනාශ වන බවට දේශනා කල බුද්ධ වචනය සත්‍යක් විය.

    මේ හෙල අ‍ටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්‍රහයේදී පැහැදිලිය. හෙල අ‍ටුවා ගැන හෝ ඒවා ලියූ අ‍ටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අ‍ටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්‍රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛ පරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.
    එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.

    ත්‍රිපිටකයට සින්හල අර්ථ සැපයූ වත්මන් බුද්දගෝෂ චීවරදාරින් අත්පොත ලෙස භාවිතා කලේ විසුද්දි මාර්ගයයි .මේනිසා,

    අනිච්ච = අනිත්ය ලෙසත්,
    අනත්ථ = අනාත්ම ලෙසත් ධර්මය විකුර්ති කිරිමෙන් සoඝබේදය සිදුකරගත් මේ චීවරදාරීන් නිසා බුදුදහම අතුරුදන් විය .........නිවන් මග වැසුණි.අනිත්ය ,අනාත්ම සoකල්පය හින්දු අදහසක් බව o/l ලමයෙකුට උවද වැටහේ

    මේරට රාවණා විරෝදීන් ගෑන කල සමීක්ෂණ වලදී මට ඔප්පු වූයේ ඔවුන් වික්ටොරියානු යටත්විජිත සබ්යත්වයට ආවඩන කලු සුද්දන් සහ බුද්දගෝෂ සහ මහානාම යන ඉන්දියානුවන්ගේ වැදිබණ කරපින්නාගත් පිරිස බවය.
    මොවුන්ට අනුව බටහිර හෝ ඉන්දියාව පරයන පුද්ගලයෙක් හෝ ශිෂ්ටාචාරයක් මේ දූපත තුල තිබිය නොහැක .මොවුන්ට පොදුවේ බුද්දගෝෂ බෞද්ධයන් යැයි හදුන්වයි
    .
    :yes:

    bp
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    .ඇතැම්විට මේවා ඉන්දීය රෝ කුමන්ත්‍රණද විය හැක​
    :shocked:

    giphy.gif
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රාවනා හිටියේ කොයි කාලේද? ක්‍රි.පු කියේද?

    මටනම් හිතෙන විදියට වසර 5000න් 5000 දියුණු ශිෂ්ඨාචාර බිඳවැටෙනව. අපි න්න ශිෂ්ඨාචාරෙ කලින් එක මත ඒක ඊටත් කලින් ශිෂ්ඨාචාරය මතත් ගොඩනැගුන. විනාශයට මිනිසාගේම සමාජ ගැටුම් දායක වෙනව. උදාහරණයක් විදියට මොහෙන්දජාරෝ හරප්පා, නයිල්, ග්‍රීක වගේ අපිට ක.ඉන් ශිෂ්ඨාචාර. කෝ ඔවුන්ගේ වසර 5000 ක දැනුම. අපිට ආවද. තාමත් අපිට බෑ ඔවුන්ගේ ඉදිකිරීම් වල තාක්ෂණය. මොකද ශිෂ්ඨාචාර විනාස වෙන්නෙ දැනුම ගලායාම නතර උනාම. යුද්ධයකදී ඉලක්ක බවට පත් වෙන්නෙත් දැනුම හා බල ජනනය වන ස්ථාන්න. හිතුවොත් අපිත් එවගේ තත්වෙකට මුහුණ දුන්න කියල. දැනුම කියනදේ නැති උනොත්. ගලායාම නැති උනුත්. අපි යුද්ධයෙන් බේරුණ අවසන් පිරිස උනොත්, අපිට අර පරණ දැවැන්ත නටබුන් දිහා බල බල අළුතින් පටන්ගන්න වෙනව. ඒකත් අවුරුදු 5000ක් යනකන් දියුණු වෙයි. අපි ඉන්නෙ ලූප් එකක 5000 තමයි සීමාව. අපේ ශිෂ්ඨාචාරයට වසර 2500යි. කලින් එකට 5000යි. රාවණා ගැන හිතන්න පුළුවන් අපිට ඊටත් කලින් එකේ. ඒ කියන්නෙ අවු 7500 කට කලින්. ඒ නිසා ඒකෙ නටබුන් හොයන්න අමාරුයි. තිබ්බත් අපි හිතන්නේ ඒ අපිට කලින් ශිෂ්ඨාචාරය ට අයිති ඒව කියල
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..

    හොඳ තර්කයක්.. :yes: ඒත් 5000න් 5000ටම බිඳවැටෙනවා කියන්නේ කොහොම ද ? :nerd::nerd: ඊට වැඩි කාලයක් උනත් ශිෂ්ඨාචාරයක පැවැත්ම තියෙන්න පුළුවන්නේ..??:nerd::nerd:
     
    Last edited:

    ermssekanayake

    Junior member
  • Jan 13, 2010
    227
    10
    18
    Ratmalana
    :yes:
    මම මේකේ ට්‍රෙලර් එක බලල නාට්‍යය ගැන ගොඩක් බලාපොරුතු තියං හිටිය ඇත්තටම. තාම එක එපියයි බැලුවෙ හිතපු තරං ගතියක් නෑ:rolleyes: කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.

    වැදගත්ම කාරණාව තමයි රාමානයන කියන්නෙ හර්කියුලිස් වගේ epic ගණයට අයිති වෙන කතාවක් විතරයි. ඒක ලිව්වෙ වාල්මිකී කියන කතුවරය. කතාවෙ දුෂ්ඨය ට විශේෂ බලයන් තියෙන කොට තමයි කතාව රසවත් වෙන්නෙ ඒ නිසා රාවණාට අරුම පුදුම බලයන් තියෙන කෙනෙක් බවට පත්කළා. රාවණා ලාංකික රජකෙනෙක් කියල කිව්ව නිසා අපේ සමහර අය චූන් වුනා. රාමායනය මහා භාරත් වගේ ඉන්දියන් වීර කාව්‍ය ලස්සනයි ඒත් ඒක ලංකාවෙ ඉතිහාසයත් එක්ක පටලවා ගන්න. එපා විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත. නාට්‍යය හොඳින් රස විදින්න නමුත් මේක හෙලයන්ගේ ඉතිහාසය කියල බොරුවට පුරාජේරු කියන්න නං එපා..
    :baffled:

    :yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කියවල නැත්තම් මේක කියවන්න. මූට වැරදුන තැන් ඇත. මූ රුසියන් නිසා.

    Russian Blog
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හොඳ තර්කයක්.. :yes: ඒත් 5000න් 5000ටම බිඳවැටෙනවා කියන්නේ කොහොම ද ? :nerd::nerd: ඊට වැඩි කාලයක් උනත් ශිෂ්ඨාචාරයක පැවැත්ම තියෙන්න පුළුවන්නේ..??:nerd::nerd:

    ඔව් පුළුවන්. දැනට වෙලා තියන විදියට ඕක මම හිතුවෙ. ඔය 5000 කතාව මගෙ පෞද්ගලික මතයක්. Population එක දරන්න පුළුවන් උපරිම ගානකට 5000කින් එනව කියල මම පෞද්ගලිකව හිතන්නෙ. ඔය 5000 ප්‍රශ්නෙ එන්නෙ සම්පත් බෙදීයාමේ ප්‍රශ්නය මත. ඒනිසා අපි සම්පත් ප්‍රමාණය වැඩි කරගන්න වෙනව. ඒකට පෘතිවිය විතරක් මදි. ඒ නිසා 5000ට කලින් අපි Intergalactic උනොත් පවතින්න පුළුවන් වෙයි
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හොඳ තර්කයක්.. :yes: ඒත් 5000න් 5000ටම බිඳවැටෙනවා කියන්නේ කොහොම ද ? :nerd::nerd: ඊට වැඩි කාලයක් උනත් ශිෂ්ඨාචාරයක පැවැත්ම තියෙන්න පුළුවන්නේ..??:nerd::nerd:

    පහුගිය අවුරුදු 118
    ඇතුලත ලෝක යුද්ද 3 ක් උනා.. ඉතින් අනිවාර්යයෙන්ම තව අවුරුදු 200 ක් වත් ඇතුලත 3 න් වෙනි ලෝක යුද්දෙත් එනව.. ඊට පස්සෙ ඉතින් මොනව ඉතුරු වෙයිද දන්නෙ නෑ.. :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මටනම් හිතෙන විදියට වසර 5000න් 5000 දියුණු ශිෂ්ඨාචාර බිඳවැටෙනව. අපි න්න ශිෂ්ඨාචාරෙ කලින් එක මත ඒක ඊටත් කලින් ශිෂ්ඨාචාරය මතත් ගොඩනැගුන. විනාශයට මිනිසාගේම සමාජ ගැටුම් දායක වෙනව. උදාහරණයක් විදියට මොහෙන්දජාරෝ හරප්පා, නයිල්, ග්‍රීක වගේ අපිට ක.ඉන් ශිෂ්ඨාචාර. කෝ ඔවුන්ගේ වසර 5000 ක දැනුම. අපිට ආවද. තාමත් අපිට බෑ ඔවුන්ගේ ඉදිකිරීම් වල තාක්ෂණය. මොකද ශිෂ්ඨාචාර විනාස වෙන්නෙ දැනුම ගලායාම නතර උනාම. යුද්ධයකදී ඉලක්ක බවට පත් වෙන්නෙත් දැනුම හා බල ජනනය වන ස්ථාන්න. හිතුවොත් අපිත් එවගේ තත්වෙකට මුහුණ දුන්න කියල. දැනුම කියනදේ නැති උනොත්. ගලායාම නැති උනුත්. අපි යුද්ධයෙන් බේරුණ අවසන් පිරිස උනොත්, අපිට අර පරණ දැවැන්ත නටබුන් දිහා බල බල අළුතින් පටන්ගන්න වෙනව. ඒකත් අවුරුදු 5000ක් යනකන් දියුණු වෙයි. අපි ඉන්නෙ ලූප් එකක 5000 තමයි සීමාව. අපේ ශිෂ්ඨාචාරයට වසර 2500යි. කලින් එකට 5000යි. රාවණා ගැන හිතන්න පුළුවන් අපිට ඊටත් කලින් එකේ. ඒ කියන්නෙ අවු 7500 කට කලින්. ඒ නිසා ඒකෙ නටබුන් හොයන්න අමාරුයි. තිබ්බත් අපි හිතන්නේ ඒ අපිට කලින් ශිෂ්ඨාචාරය ට අයිති ඒව කියල

    ඔය තර්කයේ එක ප්‍රශ්නයක් තියනවා 5000 කට වතාවක් ලෝකේ ශිෂ්ටාචාර මාරු උනා කියමු. ස්වභාවික සම්පත් අවුරුදු 5000 න් reset වෙන්නේ නැහැනේ බන්? අහසෙන් යන්න තරන් බුද්ධිමත් ජාතියක් පොළවේ මීටර් 100ක් හාරලා නැහැ කියන එක වෙන්න බැරි දෙයක්… අනික පහුගිය අවුරුදු 50000 ටම තිබ්බ ශිෂ්ටාචාර 10 න් පොලව හාරපු එකම මිනිස්සු අපි ද?

    -----------
    කොහොම උනත් දැන් මෙතන රාවනා කියලා කෙනෙක් ගැන, ශිෂ්ටාචාරයක් ගැන කියනවා. කාට හරි එහෙම කියන්න නං ඒකට සාක්ෂි එපැයි? ඒක ඔප්පු කරන්න එපැයි මෙන්න මේ අහවල් කාලයට අයිති එකක් කියලා? යමක කාලය දල වශයෙන් නිර්ණය කල හැකි පරීක්ෂණ තියනවා නේ?

    අපි ලංකාවේ අවුරුදු 2500 ක් ඉතිහාසයක් ගැන කතා කරන්නේ සාක්ෂි එක්ක.
    මිසර ශිෂ්ටාචාරය ගැන කතා කරන්නේ සාක්ෂි එක්ක.
    මායා ශිෂ්ටාචාරය ගැන කතා කරන්නේ සාක්ෂි එක්ක.
    ඉන්දු නිම්න ශිෂ්ටාචාරය - චීන ශිෂ්ටාචාරය වගේ ඒ ඒ රටවල ඒ ඒ කාලවල පවතී ශිෂ්ටාචාර ගැන කතා කරන්නේ සාක්ෂි එක්ක.ඒ සාක්ෂි එක්ක ඒවාට කාලය නිර්ණය කරලා තියනවා.

    ඉතින් මන් ඇහුවේ රාවනා හිටියේ කොයි කාලේද කියලා. ඔය කියන ශිෂ්ටාචාරයක් තිබ්බ.

    ජනප්‍රවාද ශිෂ්ටාචාර වෙන්නේ නෑ නේ බන්?

    එහෙම තිබ්බා නං ඉතින් රටවල් 195 ක ශිෂ්ටාචාර වැහි වහැලා. අර Moana (2016) වගේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda

    :yes::yes::yes::yes:
     
    මම කියන්නේ රාමායණයේ එන සමහර අතිශ්‍යෝක්තියන් නෙමෙයි. ශිෂ්ඨාචාරය කියන දේ ස්වභාවික සම්පත් එක්ක බැඳිල තියන දෙයක්. අවුරුදු 5000 කතාවට උත්තරයක් මම මගෙ අන්තිම පෝස්ට් එකේ දීල ඇති. ශිෂ්ඨාචාරයක් ඔවුන්ට සුවිශේෂී තාක්ෂණික උපක්‍රම යොදාගන්නව. කළුගලින් හදපු නිසා මිසර විජයගෙන් පසු නටබුන් ඉතිරි උනා. ගඩොලින් හැදුවනම් ඉතිරි වේවිද. ඒ වගේම තමයි අද අපිට දකින්න තියන කොන්ක්‍රීට් වනාන්තරත් තව අවුරුදු 5000කින් පාලුවට ගිහින් තිබ්බොත් අපිට හුණු ගල් සහ රතුපස් වලින් හැදුන කඳු වගේ පෙනේවි. ( උදාහරණයක් විතරයි ). ශිෂ්ඨාචාරය විනාශ උනාට දැනුම නැති උනාට ඉතිරි උන අවශේෂ අරන් රිවර්ස් ඉන්ජිනියරින් කරල අළුත් ශිෂ්ඨාචාරයක් පටන් ගන්නත් පුළුවන් ඒ දැනුමින්. ( ඒ ශිෂ්හෝඨාචාරයේ දියුණු වෙන වේගය කලින් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම දියුණු උනාම අධික සම්පත් පරිබෝජනයක් වෙලා කාලයක් යද්දි සම්පත් සීමිත වෙලා ඇතිවෙන අර්බුධ මුල් වෙන්න පුළුවන් ඒකෙම අවසානයට ). බොහෝ විට කාලානුරූපීව තියන දේ නැවත භාවිතයට ගන්න පුළුවන්.
    එහෙම නැවත නැවත භාවිත උනොත් කාල නිර්ණයන් වරදිනව. 100%ක් හරියන්නෙ නෑ.චීන මිසර ශිෂ්ඨාචාර බිහි වෙන්නත් කලින් කාන්තාර වීමට කලින් දියුණු ශිෂ්ඨාචාර තියෙන්න ආති කවුද දන්නෙ අපිට වැලි තලාවක් පෙනුනට.

    අනික පසුකාලීන පාලකයන් ආක්‍රමණිකයන් මේ නටබුන් වලට පවා ගිණි තියනව. කාබන් කාල නිර්ණය අඟුරු වලින් කරන්න ලේසි නිසා වර්තමානයේ කාල නිර්ණයන් වලින් කියන්නෙ බොහෝවිට ගිනි තිබ්බ කාලය. රාමායනය ඇත්ත කියන දේ නෙමෙයි මම පිලිගන්නෙ ඒ කතාවට පාදක උන අධිරාජ්‍ය වාදී රාවනා වගේ චරිතයක් සිටීමේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන් කියන එක. සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බෑ. මොකද බෞද්ධ සාහාත්‍යයේ යක්ෂ හා නාග ගෝත්‍රික මැණික් පුටු අර්බුදයත් කුවේනිගෙ කපු කැටීමත් අර මම කිව්ව පැරණි ශිෂ්ඨාචාරය රිවර්ස් ඉන්ජිනියර් කරල භාවිත කල දේවල් වෙන්න පුළුවන් අතරමැදි අවස්තාවෙදි.

    දකුණු ආසියාවේම පැරණිම මානව පොසිල හම්බෙලා තියෙන්නෙත් ලංකාවෙන්. ලංකාවෙ Homo Sapiens ඉඳලා තියෙන්නෙ 40000කට පෙර ඉඳන්. ඉතින් මේ කාලය මදිද ශිෂ්ඨාචාරයක් ගොඩනැගෙන්න. මම නම් හිතන්නෙ විජය කුමාරයා එද්දි අපි හිටියෙ දියුණු ශිෂ්ඨාචාරයක් බිඳවැටිල අතරමැදි අවධියක.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    භූ විද්‍යාව අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සේදමාවත මිනිසා විසින් නිර්මාණය කළ පාලමක් එය එසේ වන්නේ හු මුහුදේ ඇති බැසෝල්ට් නැමැති පාෂාණය නොව ග්‍රැනයිට් නැමැති පාෂාණය තිබෙන නිසාය තවද is පටිඝ විද්‍යාව අනුව එම ගල් ස්වභාවිකව සෑදුණු ඒවා යම් යම් ක්‍රියාකාරකම් වලට ලක්කර ඇත.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    රටවල් දෙකක් අතර පාලමක් හැදෙන්නේ එක්කෝ වෙළෙඳාමක් සඳහා එක්කෝ ආක්‍රමණික යුද්ධයක් සඳහා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලවෙනි කොටස බැලුව :yes: ටෙලිනාට්ටියක් බලල මේක ඇත්ත ඉතිහාසේ කියල වැඩිය උඩ පනින්න නං හොඳ නෑ මේක නාට්ටියක් විදිහට බලල රසවිඳින්නයි තියන්නේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okath hariyata pyramid of giza sphinx ge age eka hoyana yana eka wage eka eka adahas enne aluth ma soya ganima ekka sphinx ge age eka around 9000 years egyptu sistacharaya arabenne aurudu 5000 hakata udai.

    ginak nathuwa duwamk naginne na wage myths waltath monwa hari mulashrayak thiynawa nikan kathawakata wada eth e kathawe kiyana dewal 100% aththa newi kaleth ekka godak dewal wenas wenawa.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    okath hariyata pyramid of giza sphinx ge age eka hoyana yana eka wage eka eka adahas enne aluth ma soya ganima ekka sphinx ge age eka around 9000 years egyptu sistacharaya arabenne aurudu 5000 hakata udai.

    ginak nathuwa duwamk naginne na wage myths waltath monwa hari mulashrayak thiynawa nikan kathawakata wada eth e kathawe kiyana dewal 100% aththa newi kaleth ekka godak dewal wenas wenawa.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    භූ විද්‍යාව අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සේදමාවත මිනිසා විසින් නිර්මාණය කළ පාලමක් එය එසේ වන්නේ හු මුහුදේ ඇති බැසෝල්ට් නැමැති පාෂාණය නොව ග්‍රැනයිට් නැමැති පාෂාණය තිබෙන නිසාය තවද is පටිඝ විද්‍යාව අනුව එම ගල් ස්වභාවිකව සෑදුණු ඒවා යම් යම් ක්‍රියාකාරකම් වලට ලක්කර ඇත.

    :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම කියන්නේ රාමායණයේ එන සමහර අතිශ්‍යෝක්තියන් නෙමෙයි. ශිෂ්ඨාචාරය කියන දේ ස්වභාවික සම්පත් එක්ක බැඳිල තියන දෙයක්. අවුරුදු 5000 කතාවට උත්තරයක් මම මගෙ අන්තිම පෝස්ට් එකේ දීල ඇති. ශිෂ්ඨාචාරයක් ඔවුන්ට සුවිශේෂී තාක්ෂණික උපක්‍රම යොදාගන්නව. කළුගලින් හදපු නිසා මිසර විජයගෙන් පසු නටබුන් ඉතිරි උනා. ගඩොලින් හැදුවනම් ඉතිරි වේවිද. ඒ වගේම තමයි අද අපිට දකින්න තියන කොන්ක්‍රීට් වනාන්තරත් තව අවුරුදු 5000කින් පාලුවට ගිහින් තිබ්බොත් අපිට හුණු ගල් සහ රතුපස් වලින් හැදුන කඳු වගේ පෙනේවි. ( උදාහරණයක් විතරයි ). ශිෂ්ඨාචාරය විනාශ උනාට දැනුම නැති උනාට ඉතිරි උන අවශේෂ අරන් රිවර්ස් ඉන්ජිනියරින් කරල අළුත් ශිෂ්ඨාචාරයක් පටන් ගන්නත් පුළුවන් ඒ දැනුමින්. ( ඒ ශිෂ්හෝඨාචාරයේ දියුණු වෙන වේගය කලින් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම දියුණු උනාම අධික සම්පත් පරිබෝජනයක් වෙලා කාලයක් යද්දි සම්පත් සීමිත වෙලා ඇතිවෙන අර්බුධ මුල් වෙන්න පුළුවන් ඒකෙම අවසානයට ). බොහෝ විට කාලානුරූපීව තියන දේ නැවත භාවිතයට ගන්න පුළුවන්.
    එහෙම නැවත නැවත භාවිත උනොත් කාල නිර්ණයන් වරදිනව. 100%ක් හරියන්නෙ නෑ.චීන මිසර ශිෂ්ඨාචාර බිහි වෙන්නත් කලින් කාන්තාර වීමට කලින් දියුණු ශිෂ්ඨාචාර තියෙන්න ආති කවුද දන්නෙ අපිට වැලි තලාවක් පෙනුනට.

    අනික පසුකාලීන පාලකයන් ආක්‍රමණිකයන් මේ නටබුන් වලට පවා ගිණි තියනව. කාබන් කාල නිර්ණය අඟුරු වලින් කරන්න ලේසි නිසා වර්තමානයේ කාල නිර්ණයන් වලින් කියන්නෙ බොහෝවිට ගිනි තිබ්බ කාලය. රාමායනය ඇත්ත කියන දේ නෙමෙයි මම පිලිගන්නෙ ඒ කතාවට පාදක උන අධිරාජ්‍ය වාදී රාවනා වගේ චරිතයක් සිටීමේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන් කියන එක. සම්පුර්ණයෙන්ම බැහැර කරන්න බෑ. මොකද බෞද්ධ සාහාත්‍යයේ යක්ෂ හා නාග ගෝත්‍රික මැණික් පුටු අර්බුදයත් කුවේනිගෙ කපු කැටීමත් අර මම කිව්ව පැරණි ශිෂ්ඨාචාරය රිවර්ස් ඉන්ජිනියර් කරල භාවිත කල දේවල් වෙන්න පුළුවන් අතරමැදි අවස්තාවෙදි.

    දකුණු ආසියාවේම පැරණිම මානව පොසිල හම්බෙලා තියෙන්නෙත් ලංකාවෙන්. ලංකාවෙ Homo Sapiens ඉඳලා තියෙන්නෙ 40000කට පෙර ඉඳන්. ඉතින් මේ කාලය මදිද ශිෂ්ඨාචාරයක් ගොඩනැගෙන්න. මම නම් හිතන්නෙ විජය කුමාරයා එද්දි අපි හිටියෙ දියුණු ශිෂ්ඨාචාරයක් බිඳවැටිල අතරමැදි අවධියක.

    :yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඔය රාවණා විකාර නවත්වලා වීල් බැරෝ එකක් වත් හඳලා පිට රටට කීයකට හරි විකුණන්ඩ බලපන්...