පරිණාමනය නොවූ සුරතලෙක් 2 - Bichir

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පරිණාමනය නොවූ සුරතලෙක් 2 - Bichir

    ආයුබෝවන් හැමෝටම,
    පටන් ගත්ත වැඩක් ඉවර කරන්නම ඕනි හන්ද මේ thread එක continue කරන්න හිතුවා. මේ වෙනකොට සමහර හේතු හන්ද Bichir හදන එක නවත්තන උනා මටත්.:(:(

    කලින් thread එක බැලුවේ නැත්නම්. පරිණාමනය නොවූ සුරතලෙක් 1-Bichir

    හරි මේ thread එකේ කතා කරන්නේ Bichir types ටික ගැන.
    කවුරුහරි Bichir වර්ග එකතු කරන්න හදනවා නම්, මේ වර්ග වෙන් කරලා අදුර ගන්න ලේසිම ක්‍රමේ තමයි, finlets සහ body markings.
    Finlets කියන්නේ මාළුවාගේ body එකේ උඩින් තියෙන spikes count එක.මෙතැනදී කතා කරන්නේ ප්‍රධාන වර්ග ටික ගැන විතරයි.:yes:


    Bichir main Group 2යි .
    Upper Jaws and Lower Jaws.
    Upper Jaws = upper jaw එක lower jaw එකට වඩා හැදිලා තියෙන set එක
    Lower Jaws = lower jaw එක upper jaw එකට වඩා හැදිලා තියෙන set එක


    Upper Jaw
    upper jaw group එක group 2කට කැඩෙනවා.

    *Senegalus Group and Erpetolchthys
    *Weeksii Group


    Senegalus Group and Erpetolchthys
    හරි මේ sub-group එකේ සෙට් එක ගැන මුලින්ම බලමු.

    1.Polypterus Senegalus Senegalus (Grey Bichir)


    most common bichir type එක.මෙයාලගේ වර්ග 2ක් mainly ඉන්නවා.normal and albino.ඊට අමතරව short-bodied, long-finned types ඉන්නවා max size=9-15inch. 8-10 finlets.ලංකාවේ විකුණන්න ඉන්නවා.


    2.Polypterus Senegalus Meridionales (Giant Grey Bichir)


    කලින් bichir type එකේම sub-species එකක්.මෙයාල හැබැයි wild-caught විතරයි ඉන්නේ. max size=24inch. 8-10 finlets.ලංකාවේ විකුණන්න නැහැ.


    3.Polypterus Delhezi (Banded Bichir)


    මෙයාල හුගක් breed කරනවා.එකේ result එකක් විදියට markings නැති අයත් විකුණන්න ඉන්නවා. Royale Delhezi කියලා markings ගොඩක් වැඩි සෙට් එකකුත් ඉන්නවා.Both types ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=9-16inch. 10-13 finlets.


    4.Polypterus Polli (Marbled Bichir)


    ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=12-16inch.5-7 finlets.


    5.Polypterus Palmas Palmas (Shortfin Bichir)


    ලංකාවේ විකුණන්න නැහැ.max size=9-16inch.7-10 finlets.


    6.Polypterus Palmas Buttikoferi (Gold Dust Bichir)


    ලංකාවේ විකුණන්න නැහැ.max size=12-21inch.7-10 finlets.


    7.Rope Fish (Reed Fish)


    මෙයාලත් polypteride family එකෙමයි.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=12-18inch.7-13 finlets.



    Weeksii Group
    හරි මේ sub-group එකේ සෙට් එක ගැන මුලින්ම බලමු.

    1.Polypterus Weeksii (Mottled Bichir)


    ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=16-21inch.9-11 finlets.


    2.Polypterus Ornatipinnis(Ornate Bichir)


    මෙයාලා නම් ටිකක් aggressive අනික් bichir type එක්ක.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=18-26inch.9-11 finlets.


    3.Polypterus Retropinnis(Retro Bichir)


    මෙයාලා slow-growing.හුගක් වෙලාවට හැංගිලා ඉන්න කැමතියි.ලංකාවේ විකුණන්න නැහැ.max size=9-16inch.7-9 finlets.


    4.Polypterus Teugelsi (Cross River Bichir)


    මෙයාලා fast-growing.ටිකක් aggressive.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=16-27inch.7-9 finlets.


    5.Polypterus Mokelembembe(West African Bichir)


    හුගක් වෙලාවට හැංගිලා ඉන්න කැමතියි.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=9-14inch.6-8 finlets.




    Lower Jaw


    *Bichir and Endlicheri Group


    1.Polypterus Bichir Bichir(Nile Bichir)


    මිල අධිකම සහ ලස්සනම Bichir type එක.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=18-39inch.15-18 finlets.


    2.Polypterus Bichir Lepradei(Leprade's Bichir)


    මෙයාලත් nile bichir වගේමයි පොඩි කාලේ.ලොකු වෙනකොට තමයි වෙනස් වෙන්නේ.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=16-29inch.13-15 finlets.


    3.Polypterus Congicus(Congo Bichir)


    මෙයාලා තමයි ලොකුම bichir type එක.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=18-42inch.12-15 finlets.


    4.Polypterus Ansorgii(Guinean Bichir)


    මෙයාලා තමයි දෙවෙනියට ලොකුම bichir type එක.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=18-41inch.12-15 finlets.


    5.Polypterus Endlicheri(Saddled Bichir)


    මෙයාලා තමයි ගොඩක්ම ජනප්‍රිය bichir type එක.ලංකාවේ විකුණන්න ඉන්නවා.max size=16-36inch.11-14 finlets.



    තව විස්තර ටිකක් කෙටියෙන් කියන්නම්.:rolleyes:
    මේ ප්‍රධාන වර්ග ටිකට අමතරව hybrids ජාති ඉන්නවා.ex - Lapen (Endlicheri *Lepradei)

    තව මේ හුගක් වර්ග captive breed කරනවා. Captive breed අය මිල ගණන් අඩුයි වගේම, wild-caught අය තරම් ලොකු වෙන්නෙත් නැහැ. wild caught අය මිල වැඩියි.catch location එක අනුව එකම වර්ගේ උනත් තවත් වෙනස්කම් පෙන්නවා.

    තව common වර්ග වල short-body අය ඉන්නවා. ඒ වගේම Platinum version එක ඉන්නවා.හැබැයි තවම ලංකාවේ නැහැ.

    තව වැදගත් දෙයක් තියෙයි. Upper-jaw වර්ග හොදටම markings පෙනන්නේ white substrate. Lower-jaw වර්ග හොදටම markings පෙනන්නේ Black substrate.හැබැයි මේ වර්ග දෙකම රතු,දම්, නිල් වගේ substrate වල හොදටමmarkings පෙන්නවා.
    ඒ හන්දා හුගාක් Bichir ජාති එකට හදන අය RED-Garnet Sand එක Use කරනවා.:yes::yes::yes:

    Bichir වර්ග එකතු කරන්න හදන කෙනෙක්ට මේ thread එක වැදගත් වෙයි කියලා හිතනවා..:P


    සැ .යු : 2018/12 වෙන කොට ලංකාවේ මන් නොදනුවත්ව අනික් ඉන්න වර්ග ඉන්න පුලුවන්..තව max size එකට captivity එකේ ලොකු වෙන්නේත් නැත.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම කවදාවත් මාළු ඇති කරලා නෑ. හැබැයි මාළු ටැංකි දිහා බලාගෙන ඉද්දි හරි ලස්සනයි. :yes: