ඉදිරිය ගැන දැන්ම හිතමු .....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි පවතින තත්වය අපි හැමෝම දන්නවා. ඒ ගැන අපේ දැනුම වර්ධනය සහ අපේ සවයිවල් එක බලන්න ඕනේ මේ වෙලේ. මොකද මේකේ ඉන්න හුගක් අයට පොඩි ළමයි ඉන්නවා. ඒ වගේම මේකේ ඉන්න තරුණ උන්ට අම්මලා තාත්තලා ඉන්නවා. ඒ මිනිස්සු ගැන බලන්නත් ඕනේ මේ කාලේ.

    1. මම අයිටී පැත්තේ ඉන්න නිසා ඒ පැත්තේ ඉන්න උන්ට මේක කියන්නම ඕනේ. තමන් වැඩ කරන කම්පැනි එක ලෝකල් එකක් නම් දැන්ම සිවි එහෙම හදාගෙන ෆොරින් එකකට පනින්න බලන්න. එහෙම උනාම Financial ස්ටේබල් එක තියනවා. හොදම මාර්ගය LinkedIn එකේ ප්‍රොෆයිල් අප්ඩේට් කරගෙන reference එහෙම අප්ඩේට් කරගෙන තියාගන්න. එකේම තියනවා ජොබ් Apply කරන තැන. මේකෙන් ජොබ් සෙට් වෙන රේට් එක වැඩි. ඕනේ එකෙක් ඉන්නවා නම් PM එකක් දාපල්ලා ඕනේ වෙලාවක උදව් කරනවා

    1650353200788.png


    2. උබලා ඉන්ගිනියරින් වගේ සබ්ජෙක්ට් එකක් නම් කරන්නේ. එකත් ලෝකල් නම් කරපු සබ්ජෙක්ට් එකට අදාලව තියන වෙනත් පිටරට ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එකත් LinkedIn එකෙන් කරන්න පුලවන් වැඩක්.

    3. තමන්ගේ ගෙවත්තේ පොඩියට වගාවක් දාන්න පුළුවන් නම් වටිනවා. මේ වෙනකොට මම එළවලු වර්ග 5 ක් හදලා තියෙන්නේ. ඒ වගේම ඒ වගාවේ පල දරනකොට අලුතෙන් ආයිත් ඒ වර්ගයම වගා කරන්න ගන්න. අතිරික්ත දේවල් වටේ මිනිසුන්ට බෙදලා දෙන්න පුළුවන් . පොහොර කෙස් එක එක්ක එළවලු එහෙම අඩු වෙයි කියල මම නම් හිතන්නේ .

    1650353158826.png


    4. තමන්ගේ නෑයෝ එහෙම පිට ගම් වල ඉන්නවා නම් දැන්ම ඉන්වෙස්ට් කරලා වී ටිකක් අරන් තියාගන්න. වී කියන එක අව්රුද්ද්ක් වගේ ශේප් එකේ තියාගන්න පුළුවන්. අපේ නම් හසලක පැත්තේ කුබුරු තියනවා. බාප්පලා තමා කරන්නේ. එකෙන් ලොකු අස්වැන්නක් එන නිසා ලොකු ප්‍රශ්නයක් නැ . එත් එහෙම නැති අය දැන්ම ඔප්ෂන් එකක් හදාගන්න. මොකුත්ම නැති උනොත් අඩුම. බත් ටික හරි කන්න පුළුවන් වෙන්න .

    5. මාසික පඩි ගන්න අය සියලුම් සුකොපබෝගී වියදම් නතර කරලා සල්ලි ටික ඉතුරු කරගන්න ඕනේ මේ වෙලාවේ. හදිස්සියක් උනොත් ගන්න පුළුවන් වෙන්න තමන්ට හැකි උපරිමේත් උපරිමය ඉතුරු කරන්න ඕනේ මේ වෙලාවේ.

    1650353253850.png


    6. තමන් හෝ තමාගේ ලගම අය නිදන් ගත රෝග සදහා දීර්ග කාලිනව් බෙහෙත් ගන්නවා නම් අඩුම මාස 6 -12 අතර කාලෙකට බෙහෙත් ටික ගන්න වෙනවා. මේක දැනට මාසෙකට විතර කලින් කරන්න තිබ්බ දෙයක්. මම මේ තත්වේ ඉන්න නිසා මාස 8 කට බෙහෙත් අරන් තියා ගත්තා. පිට රට ඉදන් ලංකාවට බෙහෙත් එවන්න හරිම අමාරුයි. මම ඉන්දියාවේ යාලුවෙක්ට කතා කළා. එවන්න බැ . ඩිප්ලෝමටික් විදිහට මොකක් හරි කරන්න බලන්නම් කිව්වා.

    1650352974842.png


    7. අපිට මොනවා උනත් දරුවෝ ගැන බලන්න ඕනේ. ඒ නිසා ඒ අය කන කෑම කල්තබා ගන්න පුළුවන් ඒවා ටිකක් අරන් තියාගන්න. පොඩි ස්ටොක් එකක් වගේ. එදිනෙදා අහාර් ගබඩා කරන එක වැඩකට ඇති දෙයක් නෙමේ. එත් වෙන කරනන් දෙයක් නැතුව ලමයෙක් බඩගින්නේ තියන්න බැරි නිසා මේ ඔප්ෂන් එක සලකා බලන්න ඕනේ. උදාහර්න විදිහට ඔය ෆාලික්ස් ක්රස්ට් වගේ ඒවා අව්රුද්දක් වගේ තියාගන්න පුළුවන්. ඒවා එක්පයර් ඩෙට් එක බලලා ප්ලැන් කරලා අරන් තියාගන්න.

    1650353346895.png


    8. මේ යන විදිහට තෙල් ගැන කතා කරනන් දෙයක් නැනේ. අපි හිතමු තෙල් අවමය වෙලා උබලට හදිස්සියේ හොස්පිටල් යන්න උනා. බඩුම තමා. ඒ නිසා දැන් තමන්ට දෙන තෙල් ටිකෙන් අවමය 100KM - 200KM වගේ යන්න ඇති වෙන්න තෙල් ටිකක් ඇදලා තියාගන්න. ඊට වඩා ස්ටොක් කරන එක අසාදරනයි මට හිතෙන විදිහට. එත් මැරෙන්නේ නැතුව ජිවත් වෙන්න නේ හැම කෙනෙක්ගෙම අරමුණ. ඒ නිසා මේ වගේ ස්ටෙප් එකක් අසාදාරන නැ කියන එක මගේ අදහස.

    1650353038359.png



    9. අර ඇෆ්ගනිස්තානේ වගේ සරණාගත තත්වෙට අවොත් වෙන රටකට පැනල යන්න වෙන මට්ටමට වෙනවා. එකේදී සල්ලි වලින් වැඩක් නැ . ඒ නිසා ඒ වගේ රටක මිල කරන්න පුළුවන් දෙයක් අරන් තියාගන්න. (ගෝල්ඩ් , ජේම්ස් ). මහා පරිමානෙන් නෙමේ. එහේ මොකක් හරි ගේමක් ගහගන්නකන් එක විකුනලා කන්න බොන්න අවමය කරගන්න. තමන්ට පුළුවන් ප්‍රමාණෙන් මේක කරගන්න ඕනේ. හැබැයි මම නම් හිතන්නේ ලංකාවේ තත්වේ මේ ගානට එන්නේ නැති වෙයි කියන එක


    1650353078491.png



    උබලාට හිතෙන දේවලුත් දාගෙන යමු. මේකේ ඉන්න උන්ට වැදගත් වෙයි. එකට ඉදලා මේකට මුණ දෙන එක අපේ වගකීමක්. සුදානම් වීම තමා හොදම අවිය
    Hope for the best... Plan for the worst



     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ සේරම මිලියන ගණන් සේවින්ස් තියෙන උන්ට දෙන අඩ්වයිස් නේ, එදා වේල ගැට ගහගන්න උන්ට මොකද වෙන්නේ?

    මිලියන ගණන් ඕනේ නැනේ බන් වී ටිකක් අරන් තියාගන්න. එක අවමය.
    එළවලු ටිකක් හදන්න මහා ලොකු ගානක් ඕනෙද? එළවලු ඇට පැකට් එක 120/- ගොම ටිකක් හොයාගන්න පුළුවන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුං වගේ හරක් 10% ක් වත් ඉන්නකොට රටේ අනිත් මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නෙ
    මට කියපන්කො ඕකෙන් වෙන හානිය? උබට දෙයක් පේනවනම් විස්තර කරලා දීපන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට කියපන්කො ඕකෙන් වෙන හානිය? උබට දෙයක් පේනවනම් විස්තර කරලා දීපන්
    උබ දැන් පෙට්ට්‍රල් ලීටර කීයක් ස්ටෝ කරදා.
    මගේ පරන තෙල් වගයක් ති්බ්බ මාස 7 විතර මහ ගෙදර බයික් එකට දාල දුවන්න බැලුව එන්ජිම නොක් කරනව. තෙල් බලන් යනකොට සීල් කරල තිබ්බත් වැඩිකල් තියාගන්න බෑ. ඒ නිසා ඒකත් බලපන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ දැන් පෙට්ට්‍රල් ලීටර කීයක් ස්ටෝ කරදා.
    මගේ පරන තෙල් වගයක් ති්බ්බ මාස 7 විතර මහ ගෙදර බයික් එකට දාල දුවන්න බැලුව එන්ජිම නොක් කරනව. තෙල් බලන් යනකොට සීල් කරල තිබ්බත් වැඩිකල් තියාගන්න බෑ. ඒ නිසා ඒකත් බලපන්.

    මම කියන්නේ මචන් වාහනේ ස්ටොක් කරන එක නෙමේ. එදිනෙදා වාහනේ දුවන්න වෙනවා පෝලිමේ තෙල් ගහගෙන. හිතපන් උබට හොපිටල් යන්න උන. ඊට පස්සේ බෙහෙතක් ගෙන්න වටේ යන්න උනා කියල. පෝලිම් වල ඉන්න වෙලාවක් නැනේ. අන්න ඒ වෙලාවට අර ස්ටොක් can එක දාගත්තා ගියා. අන්න ඒ වගේ පර්පස් එකකට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පලවෙනි පොයින්ට් එක ඉතා වැදගත්. වෙන රටක මුල් ඇදපු කම්පනියකට ජොයින් වෙන එක හොදයි. පුලුවන් තව තැනක පාට් ටයුම් හරි, ෆ්‍රී ලාන්ස් හරි කරන්න.

    පෙට්‍රලුත් හැම වෙලාවෙම ෆුල් තියාගන්න එක හොදයි.

    වියදම් නන් කපන්න වෙය් අම්බානක. කන්නත් නැති වෙයිද කියන එකයි බය

    කුබුරු නන් නෑ, අවුරුද්දටම හාල් ගෝනි බාගයක් වගෙ නන් හම්බෙනව සීයගෙ කුබුරු වලින්

    ගෑනිගෙ රත්තරන් බඩු ටික තමා තියෙන්නෙ. 🤣

    මේ සේරම මිලියන ගණන් සේවින්ස් තියෙන උන්ට දෙන අඩ්වයිස් නේ, එදා වේල ගැට ගහගන්න උන්ට මොකද වෙන්නේ?

    උන්ට මැරෙන්න තමා වෙන්නෙ හෙසී
    ------ Post added on Apr 19, 2022 at 1:41 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ සේරම මිලියන ගණන් සේවින්ස් තියෙන උන්ට දෙන අඩ්වයිස් නේ, එදා වේල ගැට ගහගන්න උන්ට මොකද වෙන්නේ?
    එදා වෙලා ගැටගන උන් මේකේ thread වල මොකද කරන්නේ ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මිලියන ගණන් ඕනේ නැනේ බන් වී ටිකක් අරන් තියාගන්න. එක අවමය.
    එළවලු ටිකක් හදන්න මහා ලොකු ගානක් ඕනෙද? එළවලු ඇට පැකට් එක 120/- ගොම ටිකක් හොයාගන්න පුළුවන්.
    නෑ මම කිව්වෙ අනික්වා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    දුප්පත් පෝසත් මොකා උනත් අන්තිම දේ පන කෙන්ද රැක ගන්න එක . ඒ පොයින්ට් එකේ ඉදන් ඉතින් කතා කලේ
    අන්න ඒකම තමා මාත් කලින් වාහන ත්‍රෙඩ් එකේ කිව්වෙ. ස්ටේටස් මේන්ටේන් කරන්න වෙන්නෙ අන්තිමට කාලා බීලා කීයක් හරි ඉතුරුවුනොත් විතරයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අන්න ඒකම තමා මාත් කලින් වාහන ත්‍රෙඩ් එකේ කිව්වෙ. ස්ටේටස් මේන්ටේන් කරන්න වෙන්නෙ අන්තිමට කාලා බීලා කීයක් හරි ඉතුරුවුනොත් විතරයි.
    ඔව් මම දැක්කා එක බන්. තව අයිඩියා දාපන් තියන ඒවා. මොකකෙට හරි ප්‍රයෝජනවත් වෙයි
     
    • Like
    Reactions: Solo Rider

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මුං වගේ හරක් 10% ක් වත් ඉන්නකොට රටේ අනිත් මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නෙ
    කවුරුත් පුලුවන්නම් කරන්නේ ඔක බන්..
    මමත් ඉන්නෙ මිනිස්සු අනිත් කෙනා ගැන හිතන්න ඔනා කියන අදහසේ.
    ලන්කවේ නැත්තේත් ඔකයි.
    මුගෙන් මෙතන පරාර්ථකාමිත්වයත් පෙන්නන තැන් තියනවනෙ.
    අනික මෙක් ඔක්කොම කරන්න ඔනෙත් නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුරුත් පුලුවන්නම් කරන්නේ ඔක බන්..
    මමත් ඉන්නෙ මිනිස්සු අනිත් කෙනා ගැන හිතන්න ඔනා කියන අදහසේ.
    ලන්කවේ නැත්තේත් ඔකයි.
    මුගෙන් මෙතන පරාර්ථකාමිත්වයත් පෙන්නන තැන් තියනවනෙ.
    අනික මෙක් ඔක්කොම කරන්න ඔනෙත් නෑ.
    ඒ වගේ තත්වෙකට රට අවාම කව්රුත් බලන්නේ තමන්ගේ ස්වයිවල් එක. එක තමා මනුෂ්‍ය සවබාවය් බන් . මම කියන්නේ හිතපන් උබලගේ පැත්තේ උබ ලග හාල් / වී ටිකක් තියේ නම් අසරණ එහා ගෙදර පොඩි එකා බඩගින්නේ ඉන්නකොට උබ නොදී ඉන්නේ නැනේ බන්. එකයි මේකේ පොයින්ට් එක. උබ මෑ ගස් 5 ක් හදලා තියේ නම් උබට අනිවා අතිරික්තයක් තියනවා. මේ වගේ දෙයක් ගැන හිතලා තිබ්බේ නැති එකෙක්ට එකෙන් ටිකක් දීලා හදලා ළමයින්ට දෙන්න කියන්න අපිට පුළුවන්. මොකද අපි මේ ගැන පෙර සුදානමක් වෙලා තියන නිසා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Thanks කොල්ලෝ පෞද්ගලිකව මට මේ එකක්වත් අවශ්‍ය නැති වුනත් අවශ්‍ය කෙනෙක්ට පෙරසුදානම් වෙන්න අදහසක් ගන්න පුළුවන් මේකෙන්. ඇත්තටම වටිනවා