සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා //
සඳේ එන්නම් ඔබේ ලෙනටා
මගේ සෝතාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිඳේ //
පුෂ්පයන් මාරුතේ ගිලිලා
මැරී යයි කා හටත් නොකියා
මැරී යයි කා හටත් නොකියා
සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම් ඔබේ ලෙනටා
මලානික මාගෙ හඳ අඹරේ
දිලේවා පුන් සඳක් විලසේ //
රන් විලේ සෞම්‍ය හඳපානේ
මැවේ ඡායා මගේ හර්දේ
මැවේ ඡායා මගේ හර්දේ
සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා //
සඳේ එන්නම් ඔබේ ලෙනටා