මම පයිතන් දන්නෙ නෑ. ස්ව උත්සාහයෙන් ඉගෙනගන්න බැලුවෙ.
පාවිච්චි කරන්නෙ වින්ඩෝස් විස්ට තියෙන කොම්පියුටරයක්.
අලුත් පයිතන් ලව දාන්න බලල, බලල බැරිම තැන පයිතන් 3.4.3 දැම්මා.
පොතකුත් ඩවුන්ලෝඩ් කරල පලවෙනි වැඩසටහනේදීම ලෙඩක් ආව කියහන්කො.
ඒකෙ තියෙන්නෙ "ගමේ ඕවරේ" කියල ප්රින්ට් කරන්න.
පොතේ තියෙන විදිහට print "Game Over" ගැහුවම එන්නෙ නෑ.
ඊට පස්සෙ print (Game Over) විදිහට ගැහුවම එන්නෙත් නෑ.
පස්සෙ print ("Game") විදිහට ගැහුවම තමා ආවෙ.
මට ඕනි දැනගන්න මේ ටික.
1. මම යූස් කරන වර්ශන් එක දැන් ඉගෙනගත්තොත් අවුල්ද?
2. මම යූස් කරන පොත අවුල්ද?
3. වර්ශන් එකෙන් වර්ශන් එකට වුනත් බේසික් කෝඩ්, සින්ටෙක්ස් වෙනස් වෙනවද?
4. පුලුවන් නම් මට ඉගෙනගන්න පොතකුයි, ඒකට හරියන වර්ශන් එකකුයි කියන්න.
2019 මගෙ ටාර්ගට් එකක්.
ජයවේවා.