සෞඛ්‍ය සේවයේ නිරුවත
වෛද්‍ය A.T.සුදර්ශන මහතාට ප්‍රශ්න 10 ක්, 1, රජයේ රෝහල් වල සේවය කරන විශේඥ වෛද්‍යවරුන්ගේ සතියේ දිනවල උදේ වරුවේ පමනක් සාමාන්‍ය රාජකාරි වේලාවන් කුමක්ද?
2 නියමිත වේලාවට සේවයට නොපැමිනෙන විශේඥ වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට (ඔබ කියනා පරිදි ඔවුන්ගේ වාහනය ඇතුල් කිරීම බලාසිටිනවාට අමතරව) මෙ වනවිට දිවයිනේ කිසිම පරිපාලන වෛද්‍යවරයකු හැකියාවක් නැත්තේ ඇයි?
3. සවස 4.00 න් පසු චැනල් සේවයේ යෙදීසිටින විශේඥ වෛද්‍යවරුන් හට අතිකාල දීමනා ලබාදෙන්නේ ඇයි?
4, බොහෝ විශේඥ වෛද්‍යවරුන් සවස්වරුවේ (සවස 2.00 සිට 4.00 දක්වා) වාට්ටු සේවයට නොපැමින චැනල් සේවයට යාමට සූදානම් වෙමින් තම විවේක කාමරයේ, නිල නිවාසයේ හෝ තම පුද්ගලික නිවෙස් තුල සිටිනා බව ඔබ දන්නේද?
5 පොරොත්තු සේවයේ (On call) යෙදී සිටින විශේඥ වෛද්‍යවරුන් හට නිල නිවාසයක් ඇත්නම් එදින සැතපුම් 10 කට වඩා දුරින් ඇති චැනල් මධ්‍යස්ථානවල හා ඔවුන්ගේ පුද්ගලික නිවාසවල සිටිය හැකිද?
6 වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද රාජකාරී පැහැරහැරීම්, නොසැලිකිලිකම් හා අතපසුවීම් පිළිබද විනය කටයුතු හා නීතිමය කටයුතු ගැනීමට සූදානම්වන අවස්ථාවලදී ඊට පෙර රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ (GMOA) නියෝජිතයෙකු පැමින අදාල සියලු වෛද්‍යවරුන් කැඳවා සාක්ෂි ලබාදෙන ආකාරය හා අදාල අවාසි සහගත කරුනු විනාශ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන බව ඔබ දන්නවාද?
7. ඔබගේ සේවා කාලය තුලදී කිසියම් හෝ විශේඥ වෛද්‍යවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත්ද? ඒ ආයතනය හා වකවානුව කරුනාකර සදහන් කරන්න, (ඔබගේ අනික් පෝස්ට් වල සදහන් කරන පරිදි) එහිදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (GMOA)අනවශ්‍ය බලපෑම් කර ඇත්ද?
8 විදේශ පුහුනුව (Foreign Training) නිමකර ලංකාවට පැමිනෙන නවක විශේඥ වෛද්‍යවරුන් හට ශික්ෂන රෝහල් තුල බොහෝවිට ඔවුනට හිමි අංශ ලබාදීම පරක්කු කිරීමට පරිපාලනයට බලපෑම් ඇතිකිරීම නැවත්විය හැකිද?
9 දිවයිනේ අවංකව සේවය කරන අතලොස්සක් හැර බොහෝ විශේඥ වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරිය පැහැරහරිමින්, ඖෂධ සමාගම්වල අත්කොලු බවට පත්ව ඔවුන්ගේ කොමිස් මුදල් ලබාගනිමින් අන්තනෝමතිකව ක්‍රියාකිරීම වැලැක්වීමකින් තොරව අනෙකුත් සාමාන්‍ය , හෙදියන්, අතුරු වෛද්‍ය , කලමනාකාර සේවා නිලධාරීන් (Clerical Services) , රියදුරන් සාමාන්‍ය සේවකයන් පාලනය කර සමස්ථ සෞඛ්‍ය සේවය දියුනු කල හැකිද?
10 ඔබ පිලිතුරු දෙන්නේ හිතට එකඟවද?
දැන් මාගේ උප්පැන්නය සෙවීමට මහන්සි නොවන්න, මා මේවා වෙනස් කිරීමට ගොස් කරදර රාශියකට මුහුනදුන් පරිපාලන වෛද්‍යවරයෙකි. ඔබගේ උප්පැන්නය ඔබ ලබාදෙන පිළිතුරෙන් තීරනය වනු ඇත....
සතියකව කලින් Dr සුදර්ශන ට මම ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කරාට පස්සෙ දෙතුන් වතාවක් comments වල ලියල තිබුන උත්තර දෙනව කියල. එත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න Dr සුදර්ශන ට අමාරු බව මම දන්නව. ඒ හින්ද උත්තර ටික මමම කියන්නම්.
සෞඛ්‍ය අමාත්‍යාංශය අද කිසිම විනයක් නැති ආයතනයක් කියල කිසි ගැටලුවක් නැතුව හදුන්වන්න පුලුවන්. Dr සුදර්ශන කියන විදිහට ඔක්සිජන් රෙගියුලේටර් හදල , සාම්පල් ටික ලැබ් එකට අරන් ගිහිල්ල, කැඩිච්ච ඇඳන් ටිකක් හදල, සාරි ඇඳගෙන ආව ගෑනු කෙනෙකුට නිලඇදුම් අන්දවල, හෙදියන්ට නයිටින්ගේල්ගේ රැජිනගේ ප්‍රතිපත්ති ගණිකා වෘතියේ යොදවන්න එපා කියල, රෝහලේ සුළු සේවකයො පාලනය කරල මේක හදන්න පුළුවන්කමක් නෑ. ලොක්කගෙ ඉදලම තියෙන්නෙ බොරුව. මම අවුරුදු ගානක් හිටිය හින්ද දන්නව මේක මේ විදිහට පවත්වාගෙන යන්න ගොඩාක් අයට ලොකු ඕන කමක් තියනව කියල. ඒක ඔවුන්ට සල්ලි ආකරයක් එහෙම නැත්නම් රෙස්ට් හවුස් එකක්.
ඉස්සර රටේ ජනතාව විශේඥ වෛද්‍යවරුන් සැලකුවෙ දෙවිවරුන්ට වගෙ. ඒ ගොල්ලොත් ඒ විදිහටම වැඩ කෙරුව. පාන්දරින්ම රෝහලට ඇවිල්ල නියමිත වේලාවෙන් පස්සෙ පිටවෙනව,. පුද්ගලික වෛද්‍ය සේවය ගැන එතරම් උනන්දුවක් නෑ. ඒ වගේම රෝහල් සේවයත් පෞද්ගලික වෛද්‍ය සේවයත් කිසිලෙසකින් පටලාගත්තේ නෑ . සල්ලිත් එක්කමේ තත්වය ක්‍රම ක්‍රමයෙන් උඩු යටිකුරු වෙලා. මා දන්නා විදිහට ලෝකයේ කිසි රටක මෙසේ රාජ්‍ය සෞඛ්‍ය සේවයත් පෞද්ගලික සෞඛ්‍ය සේවයත් මේ විදිහට පටලවාගෙන නෑ.
විශේඥ වෛද්‍යවරයෙක් උදේ 8.00 ට සේවයට ඇවිල්ල දහවල් 12 .00 වනතුරු රෝහලේ ඉදල නැවතත් දහවල් 2,00 ට රෝහලට ඇවිල්ල 4.00 වනතුරු ඉදල හවස 4.00 ට චැනල් සේවයට ගිහිල්ල රත්‍රී 8.00 – 9.00 වනතෙක් එහි ඉදල ඉඳල Private Hospital වල නැවතිල ඉන්න ලෙඩ්ඩුත් බලල Surgery එහෙමත් කරල පහුවෙනිදා උදේ 8.00 ට ඉස්පිරිතාලයට එන්න පුලුවන්ද? ඊට අමතරව තමන්ගෙ පෞද්ගලික වැඩ කරගන්නත් ඕනි. මේව හින්ද තමයි ගොඩක් වෛද්‍යවරු ඉස්පිරිතාලයට පරක්කු වෙලා එන්නෙ.හුගක් අය සාමාන්‍යටෙන් එන්නෙ 10.00 ට විතර, (මේ තත්වෙ Teaching Hospital වල වෙනස්. ඒවගෙ හුගක් අය වෙලාවට එනව.) නරකම Base Hospital, General Hospital වල.හුගක් වෙලාවට ඒවගෙ ඉන්න Director ලා අලුත් අය. විශේඥ වෛද්‍යවරුන් පරක්කු වෙලා ආව දැක්කම ගුඩ් මෝනිං කියනවා ,නැත්නම් දැක්කත් නොදැක්ක ගානට ඉන්නව. හුගක් තැන්වල උදේ 10.00 ට ඇවිත් ඉක්මනින් ලෙඩ්ඩු ටික බලනව. සායන වල බලන්නෙ නොම්බර 10 යි නැත්නම් 15 යි. හරියට 8,00 ට ආවනම් ඒ පැත්ත් ලෙඩ්ඩු ටික ඉවරයි. ආය චැනල් වලට ලෙඩ්ඩු ඉතුරුවෙන්නෙ නෑ. සමහර සායන වල waiting list එක අවුරුද්දක් විතර. ලෙඩ තියාගෙන ඉන්න බෑනෙ. ඉතින් හවසට යනව චැනල් එකට. හවසට නම් එන්නෙම නැති තරම්. හුගක් දුර පැතිවල් වැඩකරන විශේඥ වෛද්‍යවරුන් ගෙ ස්ථිර පදිංචිය නුවර නැත්නම් කොලඹ. සදුදා උදේට යනව. ඉස්පිරිතාලයට එනකොට 11.00 විතර වෙනව. සිකුරාදා හවස ගෙදර යනව. හැබයි පරක්කු වෙලා ආවත් තමන්ගෙ Diary එකේ දාන්නෙ උදේ 8.00 ට එනව සෙනසුරාදත් වැඩකරා කියල. හැමදාමත් OT ත් ගන්නව.
පාත්තය ඇදට යනකොට පැටව් යන්නෙ කොර ගහ ගහ. ඒක තමයි සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙ තත්වය. හුගාක් ඉස්පිරිතාල වල MO ල ඕනටත් වැඩියෙන් ඉන්නව, කොළඹ NHSL OPD එක බලන්න 60 ක් එන්න ඕන තැන්වල එන්නෙ 30යි , වැඩකරන පැය හය පැය දෙකෙන් දෙකට බෙදල දවසටම පැය දෙකක් වැඩට එනව, එහෙම නැත්නම් දවස් තුනකට වරක් ඇවිල්ල පැය 6 ක් වැඩ කරනව. වාට්ටුත් බලන්නෙ එහෙම තමයි.ඊට අමතරව පැය 4 ක OT එකකුත් ගන්නව. ඒකෙන් වෙන්නෙ ලෙඩෙක් බලන්න ගන්න කාලය 2/3 කින් අඩු වෙන එක.
මේ සියලු දේවල් රෝහල්වල සේවකයො දන්නව.වෛද්යවරුන්ගෙන් හුගක් වෙලාවට ඒ ගොල්ලොන්ට උදව් තියනවනෙ,පෝලිමේ නැතුව ලෙඩෙක් පෙන්නන්න, තමන්ගෙ ලෙඩ බලාගන්න, ක්ලිනික් දිනයක් ඉස්සරහට දාගන්න වගෙ, ඒ හින්දයි විශේඥ වෛද්‍යවරුන් තරහකරගෙන බැරි හින්දයි,ඒ ගොල්ලොන්ට පාඩුවක් වෙන්නෙ නැති හින්දයි කට වහගෙන ඉන්නව.ඒ හින්දා, සමහර විශේඥ වෛද්‍යවරුන් එහෙම තමයි.ඉස්පිරිටාලෙ වැඩකරන කෙනෙක් හරි ඒ ගොල්ලන්ගෙ නෑදැයො, යාලුවො ආවොත් දෙය්යන්ට වගෙ සලකන්නෙ. දෙගොල්ලොම පිට කහගන්නව. අහින්සක රෝගීන්ට කොරපොතු විතරයි. වෛද්‍ය පරිපාලනය රෝහල් පරිපාලනය උනත් එහෙමයි. ඉස්පිරිතාලෙ සේවකයො ලෙඩ්ඩුන්ට එහෙම හයිපාට් දැම්ම කියල කාට විරුද්ධවද Action ඇරගෙන තියෙන්නෙ. පොඩි පොඩි කරදර දැම්මට ලොකු දේවල් කරන්න යන්නෙ නෑ එහෙම උනොත් වෛද්‍යවරුන් ගෙ ඒවත් ඇදල ගනියි කියලබයට.
මේව මිනිස්සුන්ගෙන් හංගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි වැටලීම් ඒකකය කියල එකක් දාල තියනව. අල්ලනවනම් ඕනතරම් අල්ලන්න පුලුවන්, කොළඹ වටේ තියන හෝමාගම, අවිස්සාවෙල්ල,හොරන, කලුතර, පානදුර, වතුපිටිවල, මීගමුව වගෙ ඉස්පිරිතාල වලට උදෙ 8.00 ට ගියානම් බලාගන්න පුලුවන් විශේඥ වෛද්‍යවරුන් කීදෙනෙක් ඇවිල්ල ඉන්නවද කියල. ඔය ඔක්කොටම කට්ටිය යන්නෙ උදේට කොලඹ ඉදල යනකොටම 10.00- 11.00 පහුවෙනව. හදිසි වැටලීම් ඒකකය එහෙම අල්ලන්නෙ නෑ, අල්ලන්න යන්නෙත් දුර පැතිවල , එතකොට බටා OT එහෙමත් ගන්න පුලුවන්නෙ. අල්ලන්න ඉස්සෙල්ල කෝල් කරල ඉස්පිරිතාලෙ ලොක්කට කියනව. එයා විශේඥ වෛද්‍යවරුන් හොඳ හිත ගන්න හිමින්ම Flying Squad අද එනව කියනව. පොඩි දොස්තරල ටිකකුයි සූලු සේවකයො ටිකකුයි අල්ල ගන්නව. ඇත්තටම කියනවනම් ඉස්පිරිතාල වල වෛද්‍යවරු ඇරෙන්න අනික් ඔක්කොම වෙලාවට එනව, එහෙම වෙන්නෙ ඒ ගොල්ලොන්ට පොත් අත්සන් කරන්න තියන හින්ද. කලෙකට ඉස්සෙල්ල හැම ඉස්පිරිතාලෙකටම finger print machine හයිකරන්න ලෑස්ති උනා.හැබයි වෛද්‍යවරුන්ට ඇර, අනික් යුනියන් විරුද්ද වුනා දානව නම් ඔක්කොටම දාන්න කියල, වැඩේ නිකම්ම නැවතුනා.
GMOA එක ගැනත් ටිකක් කියන්න ඕන. GMOA එක ඇතුලෙ තමයි සෞඛ්‍ය අමත්‍යාංශය තියෙන්නෙ. මමත් ඕකෙ හිටිය හින්දා ඇත්ත තත්වය දන්නව. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල GMOA එක ක්‍රියාකරන්නෙ හරියට Godfather film එකේ තියන මාෆියා කල්ලියක් වගේ. ඒකෙ අතු බූවල්ලෙක්ගෙ වගේ හැමතැනම විහිදිලා. GMOA එකේ Branch Secretary තමයි ඉස්පිරිතාලෙට ඊලඟ ලිස්ට් එකෙන් එන්න ඕන MO ලා ගාන, කොහෙට්ටද දාන්න ඕනි, කව්ද නිදහස් කරන්නෙ කියල තීරනය කරන්නෙ.හරිනම් කලිසමක් ඇඳල කරන්න බෑ ඒ වගෙ ඉස්පිරිතාලයක ආයතන ප්‍රධානි තනතුර. මුලු සෞඛ්‍ය අමත්‍යාංශයීම ඉන්න පරිපාලන වෛද්‍යවරුන් Provincial Directors. RDHS, Hospital Directors වැඩකරන්නේද GMOA එකට ඕන හැටියට. GMOA එක ස්ට්‍රයික් කරන සමහර දවස් වලට බොරු Show දාල එහෙම නෙමෙයි කියල පෙන්නනව. නැත්නම් ලංකාවෙ අනිත් සියලුම ආයතන ආයතන සංග්‍රහයට අනුව වැඩකරනකොට ඉස්පිරිතාලවලට විතරක් වෙන නීතියක් අදාල වෙන්න බෑනෙ. ලංකාවෙ අනිත් ඕනම ආයතනයක ආයතන ප්‍රධානියට බලයක් තියනව තමන්ගෙ සේවකයන් වැඩට එන්නෙ කීයටද, අතිකාල දීමනා ගන්නෙ ඇත්තටද කියල හොයල බලන්න. මෙහෙ වෙන්නෙ ඒව කරන්නෙ නැතුව ඒ ගොල්ලොත් පරක්කු වෙලා වැඩට එනව. අතිකාල දීමනා ගැන නම් නිල නොවන එකගතාවක් තියනවලු GMOA එකයි DGHS අතර පැය 100 කට වඩා වැඩ කරත් නැතත් ඔක්කොටම දෙන්න ඕන කියල. වෛද්‍යවරුන්ට ලංකාවෙ ලැබෙන්නෙ අඩු වැටුපක් කියල මමත් පිළිගන්නව. ඒත් ඒකට විසදුම හොරට අතිකාල ගන්න එකයි, වැඩට එන්නෙ නැති එකයි වෙන්න බෑ. අහින්සක රෝගීන් ඒකට පළි නෑ.
මේ විදිහ දෙවල් වලට විරුද්ධව කවුරුහරි වැඩකරනවනම් GMOA එකට union members උසිගන්නල කලබල කරවල ඉන්න දෙන්නෙ නෑ. ඒ වගේම මාරුවීම් ඔක්කොම තියෙන්නෙ ඒ ගොල්ලොන්ගෙ අතේ, වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද රාජකාරී පැහැරහැරීම්, නොසැලිකිලිකම් හා අතපසුවීම් පිළිබද විනය කටයුතු හා නීතිමය කටයුතු වගෙ දෙවල් ආපුවහම ඊට ඉස්සෙල්ල රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ (GMOA) නියෝජිතයෙකු ඇවිල්ල අදාල සියලු වෛද්‍යවරුන් කැඳවා සාක්ෂි ලබාදෙන ආකාරය හා අදාල අවාසි සහගත කරුනු විනාශ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙනව. විදේශ පුහුනුව (Foreign Training) ඉවරවෙලා ලංකාවට පැමිනෙන නවක විශේඥ වෛද්‍යවරුන් හට ශික්ෂන රෝහල් දෙන්න ඕන තැන පරක්කු කරන්න පරිපාලනයට බලපෑම් කරනව. නියමිත වේලාවට සේවයට නොපැමිනෙන වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න මෙ වනවිට දිවයිනේ කිසිම පරිපාලන වෛද්‍යවරයකු හැකියාවක් නෑ. Dr සුදර්ශන ගෙ “ ඔව් මම යටත් වුණා” ලියුම දිහා බලන්න , සාමාන්‍ය වෛද්‍යවරියකට සැරෙන් කතාකරල එහෙම වුනා නම් විශේඥ වෛද්‍යවරයෙකුගෙ විනය ප්‍රශ්නයක් ආවොත් කොහොම වෙයිද? ඔයාගෙ අනිත් ලිපිවල තියන විඳිහට අනික් සේවකයන්ට වගෙ දීල ඇදල දැම්මෙ නැත්තෙ ඇයි? ලංකාවෙ සෞඛ්‍ය සේවය දියුන කරන්න තියන ප්‍රධානතම බාදාව වෙලා තියෙන්නෙ මේ හේතුව. වෛද්‍යයරුන්ගෙ විනය හදන්නෙ නැතුව රෝහල් දියුනු කරන්නෙ කොහොමද? වෛද්‍යයරුන්ගෙ විනය හැදුවොත් එක සතියෙන් අනිත් ඔක්කොගෙම විනය හදන්න පුලුවන්.
හැමදේම ගලාගෙන යන්නේ පහත් තැනින්. Dr සුදර්ශනත් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෛද්‍යවරවරුන් හොදටම හොදයි රෝහල්වල තියන ප්‍රශ්නය අනික් සේවකයොන්ගෙ විනය කියල කතා පතුරනව. මේවගෙන් වෙන්නෙ මිනිස්සු නියම තත්වය තේරුම් ගන්නෙ නැතුව මුලාවෙන එක. මේ වෙනකොටත් ඔයාගෙ Facebook යාලුවො ගොඩක් දෙනෙක් ඒක ඇත්ත කියල හිතාගෙන ඉන්නෙ කියල ඔයාගෙ පොස්ට් වලට දාන කොමෙන්ට් වලින් පේනව. අපේ අයත් හරි කැමත්යි නර්ස්ලට ඇටෙන්ඩන්ලට බනිනකොට. ඒත් consultant ලට බනින්න බයයි . කොතරම් හොඳ වෛද්‍යවරු සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට ආවත් කොච්චර හොඳ සේවකයන් ආවත් ඒ සියලු දෙනාම වෙනස් වන්න යන්නේ ඉතා සුලු කාලයක් පමනයි. රෝහල්තුල කොතරම් විධිමත් පරිපාලනයක් ඇතිකරත්, සේවකයන්ගේ ආකල්ප වෙනස් කරවා ගත්තත් රෝහලක හිනිපත්තේම සිටින විශේඥ වෛද්‍යවරුන් පාලනය කරන්නේ නැතුව මේව වෙනස් කරන්න බෑ. Dr සුදර්ශන ගෙ හැම ලිපියකම තියන ප්‍රශ්න වලට මුල ඒකයි.
මේ තත්වයට විරුද්දව කවුරුහරි වෛද්‍යවරයෙක් විශේඥ වෛද්‍යවරයෙක් නැගී හිටියොත් ආයෙ වැඩකරල හමාරයි. මාරුකරනව නැති කරදර දානව. වෛද්‍යවරුන්ගෙ කොන්ද කඩල තියෙන්නෙ, බලන්න ලංකාවෙ වෛද්යවරු 20,000 ක් විතර ඉන්නව. GMOA එකට විරුද්දව කතා කරන්නෙ කී දෙනාද? පහුගිය කාලෙ ජාත්ක රෝහලේ ටිකක් හිටිය. , දැන් ඒ ගොල්ලොත් නිශ්ශබ්ද කරල. පරිපාලන වෛද්‍යවරුන්ටත් එහෙම තමයි. Dr සුදර්ශන මටත් වැඩිය හොඳින් දන්නවා ඇති පහුගිය කාලයේ ඒ වගේ අයට වෙච්ච දේවල්. ඉන්නවනම් ඉන්නවෙන්නෙ ඒවට යටත් වෙලා තමයි. ලංකාවෙ උසස්පෙල ඉහලින් සමත්වෙලා අවුරුදු පහක් වෛද්ය විද්යාලවල් ඉගනගෙන උගතුන් කියලා එන අය එක බූරුවෝ විදිහට පාවිච්චි කරනව. එහෙම කරන්න කැමති නැති හුගක් අය පිටරට ගිහිල්ලා ඉන්නව. මටත් උනේ ඒක තමයි.
මම මේ ලියපු දේවල් දැකල හුගක් අය හිතයි මම වෛද්‍යවරුන්ට , විශේඥ වෛද්‍යවරුන්ට විරුද්ධ ජන්මාන්තර වෛරක්කාරයෙක් කියල . එහෙම නෑ, මම ජීවිතයෙන් වැඩිකාලයක් ආශ්‍රය කරල තියෙන්නෙ ඒ ගොල්ලො. මගේ බැච්මේට්ල, මගේ නෑදෑයො, මාත් එක්ක එකට වැඩ කරපු අය. වෛද්‍යවරු, විශේඥ වෛද්‍යවරු වෙන්න ලංකාවෙ ලේසි නෑ. හොඳටම ඉගෙනගන්න පුලුවන් දක්ෂයො තමයි ඒ තත්වයට එන්නෙ,. ඒ වගේම හුගාක් අය හොඳ මහත්වරු, සමාජ සේවකයො, දානපතිය, හොඳට ආගම අදහනව. සමහර අය මං වගෙ හොඳට කනව බොනව, සමාජ අසාධාරනකම් ගැන කතාකරනව. හුගාක් අය හරිම කාරුනිකයි.රෝහල් වල අනික් සේවකයො වගෙ ලෙඩ්ඩුන්ට කඩා පනින්නෙ නෑ.මෙතන තියෙන්නෙ ඒ ගොල්ලො ඒ ගොල්ලොන්ටත් නොදැනිම කරන වැරැද්ද. හැබයි ඒ වැරද්ද තමයි ලොකුම හෙනේ වෙලා තියෙන්නෙ ඉස්පිරිතාලවල. ඒ ගොල්ලො හිතන්නෙ නෑ වෙලාවට වැඩට නේන එක , ලෙඩ්ඩු රස්ත්යාදු කරන එක, වැඩි ගානට බෙහෙත් දීල කොම්පැනි වලින් කොමිස් මුදල් ගන්න එක, හොරට OT දාන එක, නිවාඩු දාන්නෙ නැතුව ගෙදර ඉන්න එක වැරද්දක් කියල. මේක ඒ ගොල්ලන්ගෙ Culture එකක් වෙලා තියෙන්නෙ. හුගක් අය හිතන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියල. ඒ තරමට ඒ ගොල්ලොන්ගෙ හිත් දූශනය වෙලා තියෙන්නෙ. ලංකාවෙ ප්ශ්චාත් උපාධි පාස් වෙලා බටහිර රටවල කරන Foreign Training එකෙන් පස්සෙ ඒ රටවල දොස්තරල වැඩ කරන හැටි ,ඒ ගොල්ලො වැඩ කරපු හැටි දන්න නිසා ලංකාවට එන්නෙ වැඩක් කරන්න බලාගෙන. ඒත් ලංකාවට ඇවිල්ල ටික කාලයයි යන්නෙ, එලිපිට කරන හොර වැඩ දැක්කහම, ඒවට කිසි ප්‍රශ්නයක් එන්නෙ නෑ කියල තේරෙනකොට ,අනිත් අය සල්ලි හම්බුකරන හැටි පේනකොට දන්නෙ නැතුවම වැඩේට එකතු වෙනව. කාලෙකට ඉස්සර මන් දන්න Doctor කෙනෙක් හිටිය. එයා බණ වැඩසටහන් මෙහෙයවන්න යනව. ගිහිල්ල ඇවිල්ල එදාට ඉස්පිරිතාලෙ වැඩකෙරුව කියල Diary එකේ ලියල OT(අතිකාල දීමනා) ත් ගන්නව. මම මේ කියන කරුනු වලින් වෛද්‍යවරුන්ට වෙන අපහාසයට වඩා දහස් ගනන් අපවාද මේව වෙනස් කර ගත්තෙ නැත්නම් ඉදිරියේදී විදින්න වේවි.
මම වැඩකරන රට දිහා බැලුවම ල්ංකාවෙ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය තියෙන්නෙ අවුරුදු 10 ක් විතර පිටිපස්සෙ, ලංකාවෙ සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ත්යෙන්නෙ අවුරුදු 50 කට පස්සෙ වගෙ වැඩවසම් යුගයෙ ලක්ෂනත් එහෙමත් තියනව. ලංකාවෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලවල ඕනවටත් වැඩිය පහසුකම් තියනව.බෙහෙත් ගත්තම පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් වාට්ටුවල ඉන්න ලෙඩ්ඩුන්ට ඕන බෙහෙතක් දෙන්න පුලුවන්, රෝහලේ නැත්නම් ඉස්පිරිතාලෙ ගානෙ පිටින් ගෙනත් දෙනව. හැම අලුත් උපකරනයක්ම ලැබෙනව. ගොඩනැගිලි රෙපෙයාර් වලට ඉල්ලුව ගමන්ම සල්ලි දෙනව, ඔය Lanka Hospital වගෙ දෙගුනයක වැඩ Base Hospital එකක කරන්න පුලුවන්. නැත්තෙ උනන්දුව විතරයි. ලංකාවෙ අවුරුද්දෙ අයවැයෙන් බිලියන 216 ක් සෞඛ්‍යට වියදම් කරනව.ඒ කියන්නෙ ඔක්කොම ආන්ඩුවෙන් බෙහෙත් ගත්තොත් එක්කෙනෙකුට රුපියල් 50,000 ක් විතර. මීට වැඩිය හොදයි ඔක්කොටම Health Insurance නිකම් දුන්නනම්. වැඩේත් ලාබයි . මිනිස්සුන්තත් ලේසියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියාම උතුරු කොරියාවට ගියා වගේ තමයි. එහෙම නැතුව ඔයා DGHS උන දවසට ඔක්කොම හදන්න පුලුවන් කිය කියා සිහින මවන්න එපා. ඔයා නෙමෙයි මහ බඹා ආවත් මේ යන තාලෙට මේව වෙනස් කරන්න අමාරුයි. මොන වැඩකට ගියත් වැඩ කරන්න වෙන්නෙ පාලනයට තර්ජනයක් නොවෙනකම් විතරයි.මේ ප්‍රශ්නයට Dr සුදර්ශන ඇදගත්තු එක ගැන මට කනගාටුයි, ඒත් පසුගිය කාලය තුලදීම මම බලාපොරොත්තු උනා සෞඛ්‍ය පරිපාලක කෙනෙක්ගෙන් මේ ටික අහන්න, මම ලියුමක මේ ටික ඇහුවනම් කිව්වනම් ඒක බොහේ වෙලාවට යන්නෙ කුනු කූඩයට. දැන් එහෙම වෙන එකක් නෑ කියල පොඩි විශ්වාශයක් තියනව. පුලුවන්නම් මේ ගැන DGHS එක්ක කතා කරන්න, අඩුම ගනනෙ අඟිලි සලකුනු යන්ත්‍රයක් වත් හැම ඉස්පිරිතාලයකටම හයි කරන්න කියන්න, CCTV කැමරා ගේට්ටු වලට හයි කරොත් තවත් හොදයි. ට්‍රයි කරල බලන්න.කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. බැරි වුනොත් ඒක කරන්න දෙන්නෙ නැත්තෙ කව්ද කියල පෝස්ට් එකක් දාන්න. ඔක්කොටම එතකොට දැනගන්න පුලුවන් ඒ අය ගැන. Facebook යාලුවො 4000 ක් විතර ඉන්න නිසා ඒ ගොල්ලොන්ටත් මේ ගැන දැනගන්න ලැබෙන් එකත් ලොකු දෙයක්.
ලංකාවෙ සෞඛ්‍ය සේවයේ අසාධාරනකම් ගැන මම කිව්වෙ ටිකයි. බෙහෙත් ලියල කොමිස් ගන්න හැටි, ටෙන්ඩර් මගඩි, ඉස්පිරිතාලෙ තියන ලැබ් ටෙස්ට් පිටින් ගන්න කියල ගන්න කොමිස්, මේව ඔක්කොම ලියනවනම් පොතක් ලියන්න වෙයි. මේව කිව්ව කියල මට කිසි වාසියක් නෑ කාලෙ යනව විතරයි. ඒත් මේව රටේ ජනතාව දැනගන්න ඕනි නිසා ලියනව. මම කිව්ව දේවල ඇත්තද නැද්ද කියල මේව බලන කාටහරි දැනගන්න ඕනි නම් වාද කරන්න ඕන නෑ මම කියන දේවල් හිතේ තියාගෙන ලගම තියන ලොකු ඉස්පිරිතාලයකට ගිහිල්ල බලන්න. එහෙම නැත්නම් හිතවත් අවංක රජයේ වෛද්යවරයෙකුගෙන් අහල බලන්න.
මගේ ප්‍රශ්න 10 දැම්මගෙන් පස්සෙත් අනෙක් අයත් අහල තිබ්ම මම මගේ identity එක දෙන්නෙ නැත්තෙ ඇයි කියල. මම ලංකාවෙ ඉන්න කාලෙත් හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි බය වුනේ නෑ. ඒත් මගේ ගොඩාක් යාලුවො නෑදෑයො ලංකාවෙ හැමතැනම වෛද්‍යවරු වශයෙන් තවමත් වැඩකරනව. ගොඩක් ඒ ගොල්ලො ඒ විස්තර මට කියල මේව ගැන පසුතැවිලි වෙනව. මම මේ විදිහ ලිපියක් දාපුවහම ඒක හරි කියල කිව්වොත් ඒ ගොල්ලොන්ට හුගාක් ප්‍රශ්න එන්න පුලුවන්, මම හින්ද ඒගොල්ලොන්ට එහෙම දෙයක් වෙනවට මම කැමත් නෑ. ඒකයි මම කව්ද කියල කියන්නෙ නැත්තෙ.
Dr සුදර්ශන ගැන මම හිතන්නෙ හොඳ මහත්මයෙක් කියල. අවංක අදහස් තිබ්බට මේව වෙනස් කරන්න බෑ,. Dr සුදර්ශන මේ ප්‍රශ්න වලට උත්තර දෙන ගියොත් වෙන්නෙ නයා මල්ලෙ දාගත්තා වගෙ වැඩක්. ඇත්ත කිව්වොත් අමාත්‍යාංශයට යන්න බෑ, බොරු කිව්වොත් FB යාලුවන්ට මුහුන දෙන්න බෑ වගෙ වැඩක්.ඒ හින්ද මගේ ප්‍රශ්න වැඩිය හිතට ගන්න එපා. උත්තරයක් දෙන්න පුලුවන්නම් සැහැල්ලුවෙන් දෙන්න.මුන් මගේ ඔලුව කයි කියල හිතනවනම් උත්තර නොදී ඉන්න, හැබයි මගේ පෝස්ට් එක කරුනාකරල දාන්න. දාන කොමෙන්ට් එහෙමත් එහෙමම තියෙන්න අරින්න. මගෙන් තව පොඩි ඉල්ලීමකුත් තියනව. Dr සුදර්ශන කියල තිබුන මම මීට වඩා නිර්භීත වුනානම් හොදයි කියල. ඔබ කැමතිනම් පොස්ට් එකක් දාන්න වෛද්‍යවරුන්ට ඇගිළි සලකුනු යන්ත්‍ර වළින් පැමිනීම ලකුණු කිරීම අනිවාර්ය කල යුත්තෙ ඇයි කියල. මන් දන්න විදිහට ලංකාවෙ අමාත්‍යාංශ ලේකම්ලත් ඇගිලි සලකුනු යන්ත්‍ර පාවිච්චි කරනවා. පළවෙනි පියවර වෙන්න ඕනි රෝහල් වල නියමිත කාලය වෛද්‍යවරු රඳවාගන්න එක. ලංකාවම ඒක වෙනුවෙන් කතා කරාවි.අපි මේ ගැන සමාජ මතයක් හදමු. පරම්පරා ගානක් ඉන්නව කියල හිතපු මහින්දලාත් යවපු ලංකාවෙ මිනිස්සුන්ට මේ වැඩේ බැරි වෙන එකක් නෑ.
ප.ළි දැන් මම වෙබ් එකේ දැක්ක GMOA President පාදෙනිය තමන්ගෙ අනික් සාමාජිකයො ටිකකුත් ඇරගෙන SAITAM එක ගැනයි ETCA එක ගැනයි කරුනු පැහැදිලිකර දෙන්න මහ නායක හාමුදුරුවො මුනගැහෙන්න යනව කියල. GMOA ගල් යුගයෙ ඉන්නව කියන්නෙ ඒකයි. ඒ ගොල්ලො වෙළද ගිවිසුම්, උසස් අධ්‍යාපනය ගැන දවස් කීයක් මහ නායක හාමුදුරුවන්ට කරුනු පැහැදිලි කරන්න හිතාගෙනද දන්නෙ නෑ යන්නෙ.
උපුටා ගැනීමකි....
https://www.facebook.com/profile.php?id=100010308733396&fref=nf
https://www.facebook.com/permalink.php?story_fbid=311106765909612&id=100010308733396