සෞඛ්‍ය සේවයේ නිරුවත

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    සෞඛ්‍ය සේවයේ නිරුවත

    වෛද්‍ය A.T.සුදර්ශන මහතාට ප්‍රශ්න 10 ක්, 1, රජයේ රෝහල් වල සේවය කරන විශේඥ වෛද්‍යවරුන්ගේ සතියේ දිනවල උදේ වරුවේ පමනක් සාමාන්‍ය රාජකාරි වේලාවන් කුමක්ද?
    2 නියමිත වේලාවට සේවයට නොපැමිනෙන විශේඥ වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට (ඔබ කියනා පරිදි ඔවුන්ගේ වාහනය ඇතුල් කිරීම බලාසිටිනවාට අමතරව) මෙ වනවිට දිවයිනේ කිසිම පරිපාලන වෛද්‍යවරයකු හැකියාවක් නැත්තේ ඇයි?
    3. සවස 4.00 න් පසු චැනල් සේවයේ යෙදීසිටින විශේඥ වෛද්‍යවරුන් හට අතිකාල දීමනා ලබාදෙන්නේ ඇයි?
    4, බොහෝ විශේඥ වෛද්‍යවරුන් සවස්වරුවේ (සවස 2.00 සිට 4.00 දක්වා) වාට්ටු සේවයට නොපැමින චැනල් සේවයට යාමට සූදානම් වෙමින් තම විවේක කාමරයේ, නිල නිවාසයේ හෝ තම පුද්ගලික නිවෙස් තුල සිටිනා බව ඔබ දන්නේද?
    5 පොරොත්තු සේවයේ (On call) යෙදී සිටින විශේඥ වෛද්‍යවරුන් හට නිල නිවාසයක් ඇත්නම් එදින සැතපුම් 10 කට වඩා දුරින් ඇති චැනල් මධ්‍යස්ථානවල හා ඔවුන්ගේ පුද්ගලික නිවාසවල සිටිය හැකිද?
    6 වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද රාජකාරී පැහැරහැරීම්, නොසැලිකිලිකම් හා අතපසුවීම් පිළිබද විනය කටයුතු හා නීතිමය කටයුතු ගැනීමට සූදානම්වන අවස්ථාවලදී ඊට පෙර රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ (GMOA) නියෝජිතයෙකු පැමින අදාල සියලු වෛද්‍යවරුන් කැඳවා සාක්ෂි ලබාදෙන ආකාරය හා අදාල අවාසි සහගත කරුනු විනාශ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන බව ඔබ දන්නවාද?
    7. ඔබගේ සේවා කාලය තුලදී කිසියම් හෝ විශේඥ වෛද්‍යවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත්ද? ඒ ආයතනය හා වකවානුව කරුනාකර සදහන් කරන්න, (ඔබගේ අනික් පෝස්ට් වල සදහන් කරන පරිදි) එහිදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (GMOA)අනවශ්‍ය බලපෑම් කර ඇත්ද?
    8 විදේශ පුහුනුව (Foreign Training) නිමකර ලංකාවට පැමිනෙන නවක විශේඥ වෛද්‍යවරුන් හට ශික්ෂන රෝහල් තුල බොහෝවිට ඔවුනට හිමි අංශ ලබාදීම පරක්කු කිරීමට පරිපාලනයට බලපෑම් ඇතිකිරීම නැවත්විය හැකිද?
    9 දිවයිනේ අවංකව සේවය කරන අතලොස්සක් හැර බොහෝ විශේඥ වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරිය පැහැරහරිමින්, ඖෂධ සමාගම්වල අත්කොලු බවට පත්ව ඔවුන්ගේ කොමිස් මුදල් ලබාගනිමින් අන්තනෝමතිකව ක්‍රියාකිරීම වැලැක්වීමකින් තොරව අනෙකුත් සාමාන්‍ය , හෙදියන්, අතුරු වෛද්‍ය , කලමනාකාර සේවා නිලධාරීන් (Clerical Services) , රියදුරන් සාමාන්‍ය සේවකයන් පාලනය කර සමස්ථ සෞඛ්‍ය සේවය දියුනු කල හැකිද?
    10 ඔබ පිලිතුරු දෙන්නේ හිතට එකඟවද?

    දැන් මාගේ උප්පැන්නය සෙවීමට මහන්සි නොවන්න, මා මේවා වෙනස් කිරීමට ගොස් කරදර රාශියකට මුහුනදුන් පරිපාලන වෛද්‍යවරයෙකි. ඔබගේ උප්පැන්නය ඔබ ලබාදෙන පිළිතුරෙන් තීරනය වනු ඇත....


    සතියකව කලින් Dr සුදර්ශන ට මම ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කරාට පස්සෙ දෙතුන් වතාවක් comments වල ලියල තිබුන උත්තර දෙනව කියල. එත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න Dr සුදර්ශන ට අමාරු බව මම දන්නව. ඒ හින්ද උත්තර ටික මමම කියන්නම්.
    සෞඛ්‍ය අමාත්‍යාංශය අද කිසිම විනයක් නැති ආයතනයක් කියල කිසි ගැටලුවක් නැතුව හදුන්වන්න පුලුවන්. Dr සුදර්ශන කියන විදිහට ඔක්සිජන් රෙගියුලේටර් හදල , සාම්පල් ටික ලැබ් එකට අරන් ගිහිල්ල, කැඩිච්ච ඇඳන් ටිකක් හදල, සාරි ඇඳගෙන ආව ගෑනු කෙනෙකුට නිලඇදුම් අන්දවල, හෙදියන්ට නයිටින්ගේල්ගේ රැජිනගේ ප්‍රතිපත්ති ගණිකා වෘතියේ යොදවන්න එපා කියල, රෝහලේ සුළු සේවකයො පාලනය කරල මේක හදන්න පුළුවන්කමක් නෑ. ලොක්කගෙ ඉදලම තියෙන්නෙ බොරුව. මම අවුරුදු ගානක් හිටිය හින්ද දන්නව මේක මේ විදිහට පවත්වාගෙන යන්න ගොඩාක් අයට ලොකු ඕන කමක් තියනව කියල. ඒක ඔවුන්ට සල්ලි ආකරයක් එහෙම නැත්නම් රෙස්ට් හවුස් එකක්.
    ඉස්සර රටේ ජනතාව විශේඥ වෛද්‍යවරුන් සැලකුවෙ දෙවිවරුන්ට වගෙ. ඒ ගොල්ලොත් ඒ විදිහටම වැඩ කෙරුව. පාන්දරින්ම රෝහලට ඇවිල්ල නියමිත වේලාවෙන් පස්සෙ පිටවෙනව,. පුද්ගලික වෛද්‍ය සේවය ගැන එතරම් උනන්දුවක් නෑ. ඒ වගේම රෝහල් සේවයත් පෞද්ගලික වෛද්‍ය සේවයත් කිසිලෙසකින් පටලාගත්තේ නෑ . සල්ලිත් එක්කමේ තත්වය ක්‍රම ක්‍රමයෙන් උඩු යටිකුරු වෙලා. මා දන්නා විදිහට ලෝකයේ කිසි රටක මෙසේ රාජ්‍ය සෞඛ්‍ය සේවයත් පෞද්ගලික සෞඛ්‍ය සේවයත් මේ විදිහට පටලවාගෙන නෑ.
    විශේඥ වෛද්‍යවරයෙක් උදේ 8.00 ට සේවයට ඇවිල්ල දහවල් 12 .00 වනතුරු රෝහලේ ඉදල නැවතත් දහවල් 2,00 ට රෝහලට ඇවිල්ල 4.00 වනතුරු ඉදල හවස 4.00 ට චැනල් සේවයට ගිහිල්ල රත්‍රී 8.00 – 9.00 වනතෙක් එහි ඉදල ඉඳල Private Hospital වල නැවතිල ඉන්න ලෙඩ්ඩුත් බලල Surgery එහෙමත් කරල පහුවෙනිදා උදේ 8.00 ට ඉස්පිරිතාලයට එන්න පුලුවන්ද? ඊට අමතරව තමන්ගෙ පෞද්ගලික වැඩ කරගන්නත් ඕනි. මේව හින්ද තමයි ගොඩක් වෛද්‍යවරු ඉස්පිරිතාලයට පරක්කු වෙලා එන්නෙ.හුගක් අය සාමාන්‍යටෙන් එන්නෙ 10.00 ට විතර, (මේ තත්වෙ Teaching Hospital වල වෙනස්. ඒවගෙ හුගක් අය වෙලාවට එනව.) නරකම Base Hospital, General Hospital වල.හුගක් වෙලාවට ඒවගෙ ඉන්න Director ලා අලුත් අය. විශේඥ වෛද්‍යවරුන් පරක්කු වෙලා ආව දැක්කම ගුඩ් මෝනිං කියනවා ,නැත්නම් දැක්කත් නොදැක්ක ගානට ඉන්නව. හුගක් තැන්වල උදේ 10.00 ට ඇවිත් ඉක්මනින් ලෙඩ්ඩු ටික බලනව. සායන වල බලන්නෙ නොම්බර 10 යි නැත්නම් 15 යි. හරියට 8,00 ට ආවනම් ඒ පැත්ත් ලෙඩ්ඩු ටික ඉවරයි. ආය චැනල් වලට ලෙඩ්ඩු ඉතුරුවෙන්නෙ නෑ. සමහර සායන වල waiting list එක අවුරුද්දක් විතර. ලෙඩ තියාගෙන ඉන්න බෑනෙ. ඉතින් හවසට යනව චැනල් එකට. හවසට නම් එන්නෙම නැති තරම්. හුගක් දුර පැතිවල් වැඩකරන විශේඥ වෛද්‍යවරුන් ගෙ ස්ථිර පදිංචිය නුවර නැත්නම් කොලඹ. සදුදා උදේට යනව. ඉස්පිරිතාලයට එනකොට 11.00 විතර වෙනව. සිකුරාදා හවස ගෙදර යනව. හැබයි පරක්කු වෙලා ආවත් තමන්ගෙ Diary එකේ දාන්නෙ උදේ 8.00 ට එනව සෙනසුරාදත් වැඩකරා කියල. හැමදාමත් OT ත් ගන්නව.
    පාත්තය ඇදට යනකොට පැටව් යන්නෙ කොර ගහ ගහ. ඒක තමයි සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙ තත්වය. හුගාක් ඉස්පිරිතාල වල MO ල ඕනටත් වැඩියෙන් ඉන්නව, කොළඹ NHSL OPD එක බලන්න 60 ක් එන්න ඕන තැන්වල එන්නෙ 30යි , වැඩකරන පැය හය පැය දෙකෙන් දෙකට බෙදල දවසටම පැය දෙකක් වැඩට එනව, එහෙම නැත්නම් දවස් තුනකට වරක් ඇවිල්ල පැය 6 ක් වැඩ කරනව. වාට්ටුත් බලන්නෙ එහෙම තමයි.ඊට අමතරව පැය 4 ක OT එකකුත් ගන්නව. ඒකෙන් වෙන්නෙ ලෙඩෙක් බලන්න ගන්න කාලය 2/3 කින් අඩු වෙන එක.
    මේ සියලු දේවල් රෝහල්වල සේවකයො දන්නව.වෛද්යවරුන්ගෙන් හුගක් වෙලාවට ඒ ගොල්ලොන්ට උදව් තියනවනෙ,පෝලිමේ නැතුව ලෙඩෙක් පෙන්නන්න, තමන්ගෙ ලෙඩ බලාගන්න, ක්ලිනික් දිනයක් ඉස්සරහට දාගන්න වගෙ, ඒ හින්දයි විශේඥ වෛද්‍යවරුන් තරහකරගෙන බැරි හින්දයි,ඒ ගොල්ලොන්ට පාඩුවක් වෙන්නෙ නැති හින්දයි කට වහගෙන ඉන්නව.ඒ හින්දා, සමහර විශේඥ වෛද්‍යවරුන් එහෙම තමයි.ඉස්පිරිටාලෙ වැඩකරන කෙනෙක් හරි ඒ ගොල්ලන්ගෙ නෑදැයො, යාලුවො ආවොත් දෙය්යන්ට වගෙ සලකන්නෙ. දෙගොල්ලොම පිට කහගන්නව. අහින්සක රෝගීන්ට කොරපොතු විතරයි. වෛද්‍ය පරිපාලනය රෝහල් පරිපාලනය උනත් එහෙමයි. ඉස්පිරිතාලෙ සේවකයො ලෙඩ්ඩුන්ට එහෙම හයිපාට් දැම්ම කියල කාට විරුද්ධවද Action ඇරගෙන තියෙන්නෙ. පොඩි පොඩි කරදර දැම්මට ලොකු දේවල් කරන්න යන්නෙ නෑ එහෙම උනොත් වෛද්‍යවරුන් ගෙ ඒවත් ඇදල ගනියි කියලබයට.
    මේව මිනිස්සුන්ගෙන් හංගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි වැටලීම් ඒකකය කියල එකක් දාල තියනව. අල්ලනවනම් ඕනතරම් අල්ලන්න පුලුවන්, කොළඹ වටේ තියන හෝමාගම, අවිස්සාවෙල්ල,හොරන, කලුතර, පානදුර, වතුපිටිවල, මීගමුව වගෙ ඉස්පිරිතාල වලට උදෙ 8.00 ට ගියානම් බලාගන්න පුලුවන් විශේඥ වෛද්‍යවරුන් කීදෙනෙක් ඇවිල්ල ඉන්නවද කියල. ඔය ඔක්කොටම කට්ටිය යන්නෙ උදේට කොලඹ ඉදල යනකොටම 10.00- 11.00 පහුවෙනව. හදිසි වැටලීම් ඒකකය එහෙම අල්ලන්නෙ නෑ, අල්ලන්න යන්නෙත් දුර පැතිවල , එතකොට බටා OT එහෙමත් ගන්න පුලුවන්නෙ. අල්ලන්න ඉස්සෙල්ල කෝල් කරල ඉස්පිරිතාලෙ ලොක්කට කියනව. එයා විශේඥ වෛද්‍යවරුන් හොඳ හිත ගන්න හිමින්ම Flying Squad අද එනව කියනව. පොඩි දොස්තරල ටිකකුයි සූලු සේවකයො ටිකකුයි අල්ල ගන්නව. ඇත්තටම කියනවනම් ඉස්පිරිතාල වල වෛද්‍යවරු ඇරෙන්න අනික් ඔක්කොම වෙලාවට එනව, එහෙම වෙන්නෙ ඒ ගොල්ලොන්ට පොත් අත්සන් කරන්න තියන හින්ද. කලෙකට ඉස්සෙල්ල හැම ඉස්පිරිතාලෙකටම finger print machine හයිකරන්න ලෑස්ති උනා.හැබයි වෛද්‍යවරුන්ට ඇර, අනික් යුනියන් විරුද්ද වුනා දානව නම් ඔක්කොටම දාන්න කියල, වැඩේ නිකම්ම නැවතුනා.
    GMOA එක ගැනත් ටිකක් කියන්න ඕන. GMOA එක ඇතුලෙ තමයි සෞඛ්‍ය අමත්‍යාංශය තියෙන්නෙ. මමත් ඕකෙ හිටිය හින්දා ඇත්ත තත්වය දන්නව. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල GMOA එක ක්‍රියාකරන්නෙ හරියට Godfather film එකේ තියන මාෆියා කල්ලියක් වගේ. ඒකෙ අතු බූවල්ලෙක්ගෙ වගේ හැමතැනම විහිදිලා. GMOA එකේ Branch Secretary තමයි ඉස්පිරිතාලෙට ඊලඟ ලිස්ට් එකෙන් එන්න ඕන MO ලා ගාන, කොහෙට්ටද දාන්න ඕනි, කව්ද නිදහස් කරන්නෙ කියල තීරනය කරන්නෙ.හරිනම් කලිසමක් ඇඳල කරන්න බෑ ඒ වගෙ ඉස්පිරිතාලයක ආයතන ප්‍රධානි තනතුර. මුලු සෞඛ්‍ය අමත්‍යාංශයීම ඉන්න පරිපාලන වෛද්‍යවරුන් Provincial Directors. RDHS, Hospital Directors වැඩකරන්නේද GMOA එකට ඕන හැටියට. GMOA එක ස්ට්‍රයික් කරන සමහර දවස් වලට බොරු Show දාල එහෙම නෙමෙයි කියල පෙන්නනව. නැත්නම් ලංකාවෙ අනිත් සියලුම ආයතන ආයතන සංග්‍රහයට අනුව වැඩකරනකොට ඉස්පිරිතාලවලට විතරක් වෙන නීතියක් අදාල වෙන්න බෑනෙ. ලංකාවෙ අනිත් ඕනම ආයතනයක ආයතන ප්‍රධානියට බලයක් තියනව තමන්ගෙ සේවකයන් වැඩට එන්නෙ කීයටද, අතිකාල දීමනා ගන්නෙ ඇත්තටද කියල හොයල බලන්න. මෙහෙ වෙන්නෙ ඒව කරන්නෙ නැතුව ඒ ගොල්ලොත් පරක්කු වෙලා වැඩට එනව. අතිකාල දීමනා ගැන නම් නිල නොවන එකගතාවක් තියනවලු GMOA එකයි DGHS අතර පැය 100 කට වඩා වැඩ කරත් නැතත් ඔක්කොටම දෙන්න ඕන කියල. වෛද්‍යවරුන්ට ලංකාවෙ ලැබෙන්නෙ අඩු වැටුපක් කියල මමත් පිළිගන්නව. ඒත් ඒකට විසදුම හොරට අතිකාල ගන්න එකයි, වැඩට එන්නෙ නැති එකයි වෙන්න බෑ. අහින්සක රෝගීන් ඒකට පළි නෑ.
    මේ විදිහ දෙවල් වලට විරුද්ධව කවුරුහරි වැඩකරනවනම් GMOA එකට union members උසිගන්නල කලබල කරවල ඉන්න දෙන්නෙ නෑ. ඒ වගේම මාරුවීම් ඔක්කොම තියෙන්නෙ ඒ ගොල්ලොන්ගෙ අතේ, වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද රාජකාරී පැහැරහැරීම්, නොසැලිකිලිකම් හා අතපසුවීම් පිළිබද විනය කටයුතු හා නීතිමය කටයුතු වගෙ දෙවල් ආපුවහම ඊට ඉස්සෙල්ල රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ (GMOA) නියෝජිතයෙකු ඇවිල්ල අදාල සියලු වෛද්‍යවරුන් කැඳවා සාක්ෂි ලබාදෙන ආකාරය හා අදාල අවාසි සහගත කරුනු විනාශ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙනව. විදේශ පුහුනුව (Foreign Training) ඉවරවෙලා ලංකාවට පැමිනෙන නවක විශේඥ වෛද්‍යවරුන් හට ශික්ෂන රෝහල් දෙන්න ඕන තැන පරක්කු කරන්න පරිපාලනයට බලපෑම් කරනව. නියමිත වේලාවට සේවයට නොපැමිනෙන වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න මෙ වනවිට දිවයිනේ කිසිම පරිපාලන වෛද්‍යවරයකු හැකියාවක් නෑ. Dr සුදර්ශන ගෙ “ ඔව් මම යටත් වුණා” ලියුම දිහා බලන්න , සාමාන්‍ය වෛද්‍යවරියකට සැරෙන් කතාකරල එහෙම වුනා නම් විශේඥ වෛද්‍යවරයෙකුගෙ විනය ප්‍රශ්නයක් ආවොත් කොහොම වෙයිද? ඔයාගෙ අනිත් ලිපිවල තියන විඳිහට අනික් සේවකයන්ට වගෙ දීල ඇදල දැම්මෙ නැත්තෙ ඇයි? ලංකාවෙ සෞඛ්‍ය සේවය දියුන කරන්න තියන ප්‍රධානතම බාදාව වෙලා තියෙන්නෙ මේ හේතුව. වෛද්‍යයරුන්ගෙ විනය හදන්නෙ නැතුව රෝහල් දියුනු කරන්නෙ කොහොමද? වෛද්‍යයරුන්ගෙ විනය හැදුවොත් එක සතියෙන් අනිත් ඔක්කොගෙම විනය හදන්න පුලුවන්.

    හැමදේම ගලාගෙන යන්නේ පහත් තැනින්. Dr සුදර්ශනත් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෛද්‍යවරවරුන් හොදටම හොදයි රෝහල්වල තියන ප්‍රශ්නය අනික් සේවකයොන්ගෙ විනය කියල කතා පතුරනව. මේවගෙන් වෙන්නෙ මිනිස්සු නියම තත්වය

    වෙළද ගිවිසුම්, උසස් අධ්‍යාපනය ගැන දවස් කීයක් මහ නායක හාමුදුරුවන්ට කරුනු පැහැදිලි කරන්න හිතාගෙනද දන්නෙ නෑ යන්නෙ.
    ඔය මොකුත් ලොකු දේවල් ඔනෙ නෑ . පුලුවන් ජගතෙක් attend pinger print මැශිමක් එක hospital එකකට හරි හයි කරලා පෙන්නන්න.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    තනි සක්කිලි එකනේ ඔකුන්ගේ ළමයි කුඩු කාරයෝ ගණිකාවෝ වෙන්නේ
    තනි vakcine හොරු ඕකුන් කැමැති නැ පරිපාලන නිලදාරීන් ඕකුන් පාලයන කරනවට
    උන්ගේ වලතකම් කරගන්න බැරි නිසා
    ඕකුන් ට medical ref ලා බෙහෙත් දෙනවා සමාගම් වලින් ටේස්ට් කරන්න ඕකුන් කරන්නේ
    ඈත දුප්පත් ගම්වල ඉස්ප්රිතලවල තමා ඕක කරන්නේ
    ඔකටම සෙට් වෙලා ඉන්නවා ගංජා ජෙප්පොත්

    ඕකුන් ට medical ref ලා බෙහෙත් දෙනවා සමාගම් වලින් ටේස්ට් කරන්න ඕකුන් කරන්නේ
    ඈත දුප්පත් ගම්වල ඉස්ප්රිතලවල තමා ඕක කරන්නේ
    ඔකටම සෙට් වෙලා ඉන්නවා ගංජා ජෙප්පොත්
    ------ Post added on Aug 24, 2021 at 11:24 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    මම හිතුවෙ ඩොක්කු නයිට් ශිෆ්ට් එකේ නර්ස්ලට ගහන එකක් වීඩියෝ කරල දාල කියල :(