යතුරුපැදියේ නඩත්තුව
දෛනික රැකවරණ හා නඩත්තු කිරීම මඟින් ඔබේ යතුරුපැදිය දිගු කලක් නිසි ලෙස ධාවනය කිරීමේ හැකියාව ලැබෙයි. ඔබ මිලදී ගන්නා මොහොතේ සිට ඔබේ යතුරුපැදියේ යහපැවැත්ම, නඩත්තුව, ආරක්ෂාව සහ විකුණුම් වටිනාකම ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. පහත දැක්වෙන්නේ නඩත්තු උපදෙස් පිළිපැදීම මඟින් ඔබේ යතුරුපැදිය දිගු කාලයක් හොඳ තත්වයෙන් පවත්වා ගත හැකිවේවි.
පිරිසිදු බව.
යතුරුපැදිය නිතරම පිරිසිදුව තබාගන්න. දූවිලි මඩ වැනි අපවිත්‍ර ද්‍රව්‍ය බැඳී ඇතිවිට පිරිසිදු මෘදු රෙදිකඩකින් ඒවා ප්‍රවේශමෙන් පිසදා හරින්න. සතියකට වරක් සුදුසු පිරිසිදුකාරකයක් යොදාගනිමින් යතුරුපැදිය සෝදා තබාගන්න.
ටයර.
ටයර හා ටියුබ වල දිගු පැවැත්ම සඳහා ඒවායේ වායු පීඩනය නිතිපතා ඒකාකාරී ලෙස පවත්වා ගතයුතුයි.
සෙවණක නවතා තබන්න.
දූවිල්ල, තෙතමනය හා දැඩි සූර්ය තාපය යතුරුපැදියට බෙහෙවින් අහිතකර වන බැවින් එය නවතා තබන විට ආවරණයක සෙවණේ නවතා තැබිය යුතුයි.
ලිහිසි තෙල්.
නිසිකලට ලිහිසි තෙල් මාරු කරන්න. කල්ඉකුත්වූ දැවී තෙල් යතුරුපැදියේ අභ්‍යන්තර කොටස් නිසි පරිදි ආරක්ෂා නොකරයි.
ස්පාර්ක් ප්ලගය.
ස්පාර්ක් ප්ලගය වියළිව හා පිරිසිදුව තබාගන්න.
කාබරේටරය
එන්ජිම වෙත ඉන්දන සපයන කාබරෙටරය පිරිසිදුව මළ බැඳීමකින් තොරව තබාගතයුතුයි.
නිසි සැලකිල්ල.
ඔබ කොපමණ ප්‍රවේශමෙන් යතුරුපැදිය භාවිතා කළත් එහි ක්‍රියාකාරිත්වය ගැන නිතර සැලකිල්ලෙන් පසුවන්න. අසාමාන්‍ය දෙදරුම් ශබ්ධ හා තෙල් දැවෙන ගන්ධය පිළිබඳ නිතර විමසිලිමත් වන්න.