යතුරුපැදියේ නඩත්තුව

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    යතුරුපැදියේ නඩත්තුව

    x2Ln2ld.png

    දෛනික රැකවරණ හා නඩත්තු කිරීම මඟින් ඔබේ යතුරුපැදිය දිගු කලක් නිසි ලෙස ධාවනය කිරීමේ හැකියාව ලැබෙයි. ඔබ මිලදී ගන්නා මොහොතේ සිට ඔබේ යතුරුපැදියේ යහපැවැත්ම, නඩත්තුව, ආරක්ෂාව සහ විකුණුම් වටිනාකම ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. පහත දැක්වෙන්නේ නඩත්තු උපදෙස් පිළිපැදීම මඟින් ඔබේ යතුරුපැදිය දිගු කාලයක් හොඳ තත්වයෙන් පවත්වා ගත හැකිවේවි.


    geqsd0A.png
    පිරිසිදු බව.
    යතුරුපැදිය නිතරම පිරිසිදුව තබාගන්න. දූවිලි මඩ වැනි අපවිත්‍ර ද්‍රව්‍ය බැඳී ඇතිවිට පිරිසිදු මෘදු රෙදිකඩකින් ඒවා ප්‍රවේශමෙන් පිසදා හරින්න. සතියකට වරක් සුදුසු පිරිසිදුකාරකයක් යොදාගනිමින් යතුරුපැදිය සෝදා තබාගන්න.

    8d40pZw.png
    ටයර.
    ටයර හා ටියුබ වල දිගු පැවැත්ම සඳහා ඒවායේ වායු පීඩනය නිතිපතා ඒකාකාරී ලෙස පවත්වා ගතයුතුයි.

    yvlXVV8.png
    සෙවණක නවතා තබන්න.
    දූවිල්ල, තෙතමනය හා දැඩි සූර්ය තාපය යතුරුපැදියට බෙහෙවින් අහිතකර වන බැවින් එය නවතා තබන විට ආවරණයක සෙවණේ නවතා තැබිය යුතුයි.

    uXItTQ5.png
    ලිහිසි තෙල්.
    නිසිකලට ලිහිසි තෙල් මාරු කරන්න. කල්ඉකුත්වූ දැවී තෙල් යතුරුපැදියේ අභ්‍යන්තර කොටස් නිසි පරිදි ආරක්ෂා නොකරයි.

    tH0cSWS.png
    ස්පාර්ක් ප්ලගය.
    ස්පාර්ක් ප්ලගය වියළිව හා පිරිසිදුව තබාගන්න.

    RoIgf7n.png
    කාබරේටරය
    එන්ජිම වෙත ඉන්දන සපයන කාබරෙටරය පිරිසිදුව මළ බැඳීමකින් තොරව තබාගතයුතුයි.

    lCA0Cjt.png
    නිසි සැලකිල්ල.
    ඔබ කොපමණ ප්‍රවේශමෙන් යතුරුපැදිය භාවිතා කළත් එහි ක්‍රියාකාරිත්වය ගැන නිතර සැලකිල්ලෙන් පසුවන්න. අසාමාන්‍ය දෙදරුම් ශබ්ධ හා තෙල් දැවෙන ගන්ධය පිළිබඳ නිතර විමසිලිමත් වන්න.
     
    • Like
    Reactions: sanjuprasad

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අහ්හ් ,චානි අක්කේ ගයාත්‍රි දේවිය නැමදින්නේ නැද්ද දැන් :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ post එක හොඳ නැද්ද කොටා මල්ලි? :D
    හොඳය් ,හොඳය් ,ඒත් මම කැමති එක එක දේවතාවියන් ගැන ත්‍රෙඩ් දානවට
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හොඳය් ,හොඳය් ,ඒත් මම කැමති එක එක දේවතාවියන් ගැන ත්‍රෙඩ් දානවට
    ලක්ෂ්මි දේවිය ගැන දාන්නම්කො
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    mamath kotai ayye....:P
    ඒ පාර තොත් ආවද ,වරෙන් වරෙන් උඹ දැක්කද චානි අක්කගේ ගයා දේවිය ගැන දාපු ත්‍රෙඩ් එක
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අයියෝ යතුරුපැදි ගැන කතාකරන්නකෝ මල්ලි :sorry:
    මේකේ යතුරුපැදි ගැන කතාකරන්න ගොඩක් අය කැමති නැහැ අත් ට්‍රැක්ටර් ගැන කතා කලොත් මොකෝ :cool:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේකේ යතුරුපැදි ගැන කතාකරන්න ගොඩක් අය කැමති නැහැ අත් ට්‍රැක්ටර් ගැන කතා කලොත් මොකෝ :cool:
    වරදක් නෑ, ඒත් මේ thread එක යතුරුපැදි වෙනුවෙන් වෙන්කරමු සුදු :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වරදක් නෑ, ඒත් මේ thread එක යතුරුපැදි වෙනුවෙන් වෙන්කරමු සුදු :D
    හොඳ අක්ක ,එහෙනම් වෙනම ත්‍රෙඩ් 1ක් ඕපන් කරන්න අත් ට්‍රැක්ටර් වලට කැමති අපේ එල කිරි ජනතාව වෙනුවෙන් මේ දැන්ම
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හොඳ අක්ක ,එහෙනම් වෙනම ත්‍රෙඩ් 1ක් ඕපන් කරන්න අත් ට්‍රැක්ටර් වලට කැමති අපේ එල කිරි ජනතාව වෙනුවෙන් මේ දැන්ම
    මම ඉතින් ට්‍රැක්ටර් ගැන දන්නේ නෑනේ :sorry: