සිහිනයකි ජීවිතේ (නවකථාව )

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    "මට ෆස්ට් ක්ලාස් එකක් තියේ"
    "අනේ රත්නත්තරේ පිහිටයි මගෙ කොල්ලට"
    දෑසට නැගි කදුලු පිස දමමින් ඈ කවීශ ගේ හිස සිම්බාය.
    අප්පච්චි කෝ
    "ඔය ඉන්නේ"අප්පච්චී ද කාලගෝට්ටිය ඇසී එතැනට පැමිණ සිටිනු කවීශ දුටුවේ එවිටය.අප්පච්චි ට වැද නමස්කාර කරන විට අප්පච්චි ගේ ඇස් වලද කදුලක් දිලිසෙනු පෙනිණ.
    "මගෙ කොල්ල දස්සය "
    "ආ එතකොට මගෙ කොල්ල අපේ නෙවෙයි"අම්මා බොරු නෝක්කාඩු වකින් කීවේ සිනා මවමින් ය.


    :( mekata nam aduna.. mokada mage amma mata ugannana dipu wayama mathak wenakota.. mata bari wuna ape ammata a wage sathutak denna
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    "මට ෆස්ට් ක්ලාස් එකක් තියේ"
    "අනේ රත්නත්තරේ පිහිටයි මගෙ කොල්ලට"
    දෑසට නැගි කදුලු පිස දමමින් ඈ කවීශ ගේ හිස සිම්බාය.
    අප්පච්චි කෝ
    "ඔය ඉන්නේ"අප්පච්චී ද කාලගෝට්ටිය ඇසී එතැනට පැමිණ සිටිනු කවීශ දුටුවේ එවිටය.අප්පච්චි ට වැද නමස්කාර කරන විට අප්පච්චි ගේ ඇස් වලද කදුලක් දිලිසෙනු පෙනිණ.
    "මගෙ කොල්ල දස්සය "
    "ආ එතකොට මගෙ කොල්ල අපේ නෙවෙයි"අම්මා බොරු නෝක්කාඩු වකින් කීවේ සිනා මවමින් ය.


    :( mekata nam aduna.. mokada mage amma mata ugannana dipu wayama mathak wenakota.. mata bari wuna ape ammata a wage sathutak denna

    එහෙම හිතන්න එපා බං ෆස්ට් ක්ලාස් නැතුවට උබ හිනා වෙලා හොඳින් ඉන්නව දකින හැම මොහොතකම අම්මාල සතුටු වෙනව බං..:love:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉරේෂා සිටියේ ඇඳේ හාන්සිවී පත්තරයක් බලමිනි.මෙඩිකල් ඉවර වීමට ඇත්තේ තව දින දෙක තුනක් පමණි .නිකම්ම ගෙදරට වී සිටිනවාට වඩා පාසල් යන්නට තිබුණා නම් හොඳය.කරන්නට වැඩ එකතු වීම අනෙක් ගැටලුවයි.වාර විභාගයට ළඟ නිසා දරුවන් ඒ සඳහා සූදානම් කල යුතුය.නොදන්නා අංකයකින් දුර ඇමතුමක් ආවේ ඈ කල්පනාවේ සිටින විටය.
    “හෙලෝ”
    “උඹ මට කට් එක දාල වෙන එකෙක් එක්ක යනකල් මම නිකම්ම ඉදී කියල හිතන්න එපා ලොක්කි ..ඇරත් දරුවෙක් වදන්න බැරි උඹව ඉස් මුදුනින් පිළිගන්න එකෙක් ඉඳී කියල තමයි බය..ඇඟිල්ලෙ තරමට ඉදිමියන්..මට නැත්තං ආයෙ වෙන එකෙකුටත් නෑ තමා..කෙලෙහිගුණයක් නැති හැත්ත”
    ඉන්දික ගේ බීමත් හඬ ඉරේෂා ට හඳුනාගැනීම අපහසුවූයේ නැත.හැඬුම් ආවේ කී කතාවලටය.ඉරේෂා හඬාගෙනම සාලයට ගියේ අම්මා සොයාගෙනය.
    “අනෙ අම්මා..අර මිනිහ මට කතා කරල බනිනව “
    “හිතේ කේන්තියට නෙ ඔයා කෝල් ආන්සර් නොකර ඉන්න වෙන මොනා ක්‍රන්නද ..මට බය ඔය යකා ඊට වඩා දෙයක් කරයිද කියල”
    “මොනව කරන්නද..අපි බලමුකො ලොක්කි කලබල නොවී ඉන්න “
    අප්පච්චි ඇගේ හිස පිරිමැද්දේය.
    වර්තමාන සමාජය තුළ ගැහැනිය අනාරක්ෂිත ය.දිනෙන් දින කායික මෙන්ම මානසික වද බන්දන වලට මුහුණ දෙන ස්ත්‍රීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇත.තමාට කියූ දේවල් නොකියා පිහියකින් ඇන්නා නම් මීට හොඳය.දරුවකු ලබන්නට නොහැකිවීම කෙනෙක් අබබගාත කරවන්නේ මනසින්‍ ය.
    කවීශ දින කීපයක්ම මදාරා ගේ දුරකථන ඇමතුම් මග හැර දැමුවේ හැමදා සුවදුක් විමසා කතා කරන්නට දෙයක් නොමැති නිසාවෙනි.අහම්බෙන් හො ඉරේෂා අක්කා තම දුරකථනය පිරික්සුව හොත් සිදුවන්නේ නිස්කාරනේ හිත් රිදවා ගැනීමටය.කවීශ ගේ මේ ක්‍රියාවන්‍ නිසා මදාරා සිටියේ කනස්සල්ලේන් මෙන්ම ඉරේෂා සමග උපන් දැඩි කේන්තියෙනි .ආදරය කලා හෝ නොකලා කලින් දිනවල ඔහු හා කතා කිරීමට තිබු අවස්ථාව ද ඈ උදුරාගෙන හමාරය.මදාරා තම මිතුරිය සොයා ගියේ හිතේ කරදර ගතිය නිසාමය.පිටරට සිටි කාලයේ බොහෝ ප්‍රශ්න විසඳා ගත්තේ ටානි හා එක් ව ය.
    “අය්යෝ හනී වට්ස් රෝන්ග් විත් යූ ..එච්චරම ආදරේ හිතෙන්න තරම් මොකක්ද කවීශ ගෙ විශේෂත්වය..ජුස්ට් චිල්..ලෙට් බයි ගෝන්ස් බී බයි ගෝන්ස්..”
    “අයි ඩෝන්ට් නෝ ඔන්ලි තිං අයි නෝව් ඉස් ස්ටිල් අයි ලව් හිම් “
    “සෝ වයි ඩෝන්ට් යූ ෆයිට් ෆොර් ඉට්..ඩෝන්ට් බී අ ලූසර්..ඉෆ් යූ වෝන්ට් හිම් ඩූ සම්තිං විතවුට් වේස්ටින්ග් මෝ ටයිම්”
    “හි ඩස්න්ට් එවන් අන්ස්වර් මයි කෝල්ස්..”
    මදාරා කල්පනා කලේ ටානියා කියූ දේවල් පිළිබඳව ය.තරඟයක් නොදීම පරාජය පිළිගත යුතු නැත.ලංකාවේදී පෙම්වතුන් ඇසුරු කර තිබුණත් ඔවුන් අතැර දැමූයේ තමාය.කෙටි පණිවුඩයකට පිලිතුරු නොදෙන තරමට මාව එපා කලේ ඉරේෂා ය.අවශ්‍ය නම් මේ සම්බන්දය බිඳලන්නට ඕනෑ තරම් දේවල් කරන්නට පුලුවන ඒත් එසේ කලා කියා කවීශ තමාට කැමති වේ යැයි සිතිය නොහැක .
    මදාරා කවීශ ගේ අම්මා ඇමතුවේ අරමුණක් ඇතිවය පොඩි පුතා තමාට කීකරු බව කීවා මතක ඇත.ඉරේෂා ප්‍රතික්ෂේප කිරීමට අම්මාට හේතු සාදා දිය හැකිය.වැඩිමහලු එකියක් තම පුතුට බන්දා දීමට ඈ කොහොමත් අකමැති වනු ඇත.ඉරේෂා ගේ පාසලට කතා කර ලබා ගත් තොරතුරු වලින් කියැවුනේ ඈ වත්කම් අතින්ද පෝසතකු නොවන වගය.කවීශ දිනා ගැනීමේ අනෙක් මග අම්මා ට ළං වීමය.
    “හෙලෝ අම්මා..”
    “ආ මදාරා දුව..කතා කරන්න හිටියෙ මම”
    “ඒ මොකෝ අම්මා”
    “අපි අර හිතපු එක හරි අර ඉරේෂා ලෙඩ වෙලා ඉඳල තියෙනවනෙ මේ ළඟදි”
    “තව දෙයක් මටත් ආරංචි උනා අම්මා මම නොකිය හිටියෙ “
    “ඒ මොකක්ද ?”
    “අනේ මන්දා අම්මා කවීශ ට ආරංචි උනොත් මගෙත් එක්ක රණ්ඩු අල්ලයි..දන්නවනෙ සැර ටික”
    “අනේ එයාගෙ සැර ..ඔයා කියන්නකො “
    “ඒ දෙන්නගෙ එෆෙයාර් එකක් තියේ මම හිතන්නෙ”
    “ඒ ළමය ගොඩක් වැඩිමහල් නේ මේ කොල්ලට වඩා ..පිස්සුද මන්ද මේ කොල්ලට”
    “වැඩිමහල් කෙනෙක්ද අම්මා ..?”
    “නැතුව අපේ සමාධි දුවගෙ වයසෙනෙ ..මම අහන්නම් කො මොනවද මේ කරන්නෙ කියල”
    “අනේ බනිණ්න නම් එපා අම්මා “
    “හරි හරි දරුවො..බුදු සරණයි !”
    හිතුවාටත් වඩා වැඩේ සාර්ථක ය.අම්මා තමා කෙරේ විශ්වාසයෙන් පසුවන බව තේරුම් ගත හැකිය.ඈව රැවටීමට හේතුවක් නැත.පෙම්වතියක් සිටියා කියා මා සමඟ කතා කරන්නට බැරි කමක් කවීශ ට නැත.
    කවීශ කෑම කා රූපවාහිනීය ඉදිරියේ වාඩි වුයේ අරමුණකින් තොරවය .අද සියලුම ජනමාධ්‍යය දුවන්නේ වානිජ අරමුණු පස්සේය.ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් යටපත් කරගෙන වෙනත් රටවල නිර්මාණ රූපවාහිනිය අරක් ගෙන ඇත.
    අම්මා පැමිණියේ හිතේ දෙගිඩියාවෙනි පොඩී ගෙ සිත රිදවීමටත් බැරිය එනමුත් මේවා හිතේ තබාගෙන පසුව දුක්වීමෙන් පලක් නැත.
    “පොඩී කාරනාවක් අහන්න ආවේ මම”
    “මොකද්ද අම්මා”..කවීශ රූපවාහිනියට නෙත් යොමාගෙනම පිළිතුරු දුන්නේය.
    “අර ඉරේෂා දුව ලෙඩ වෙලා ඉද්දි බලන්න ගියාද ඔයා”
    කවීශ ගැස්සී ගියේ අම්මාගේ පැනයටය.ඉරේෂා අක්කා ලෙඩ වූ බවත් තමා එහි ගිය බවත් අම්මා දැනගත්තේ කොහොමද ?”
    “ඔව් මම අර නුවර ගිය වෙලාවෙ ආරංචි වෙලා ගියා ඇයි “
    “නෑ මට ආරංචි උනා එහෙම ඒ ළමයට මොනවා වෙලාද”
    අම්මා හදන්නේ තමාගේ කටින් වචනය ගැනීමටවග කවීශ තේරුම්ගත්තේය.
    “එයාගෙ ගර්භාෂෙ ගෙඩියක් තිබිල ඒකත් එක්ක ගර්භාෂෙ අයින් කලා බ්ලීඩ් වෙන්න අරගන..අම්මා මොකෝ ඕක හදිස්සියේ අහන්න හිතුවෙ කවුද ඕපාදූපෙ කිව්වෙ”
    “කවුරු කිව්වත් කතාව ඇත්තනෙ”
    “ඒකේ තියෙන වැරැද්ද මොකක්ද යාලුවෙක් ලෙඩ උනාම බලන්න යන එක වැරදි ද”
    “ නෑ නෑ වැරැද්දක් නෑ ඉතිං මම දැනං හිටියෙ නෑ එයා ඔයාගෙ යාලුවෙක් කියල “
    “අයියගෙ වෙඩින් එක දවසෙ ඉදන් යාලුවෙක් තමයි”
    “මොකද මේ අම්මගෙයි පුතාගෙයි සංවාදෙ”
    අප්පච්චි පැමිණියේ වෙලාවටය කියා කවීශ සිතුවේය .
    “නෑ මේ මෙයාගෙ යාලුවෙක් ගැන ඇහුවෙ මම”
    “බලන්නකො අප්පච්චි මම ලෙඩ වෙච්චි ගෑණු ළමයෙක් බලන්න ගියා කියල අම්මා බනිනව “
    “ආ ගෑණු ළමයෙක් බලන්න ගිය එකටනම් බනිණ එක වැරදියි ඒයි”
    “ඔය දෙන්න එක්ක ඉතිං දෙයක් කතා කරන්න පුලුවනෑ”
    කියා අම්මා නැගිට ගියාය.
    අම්මාට කවුරු හෝ කේලමක් කියා ඇත.සැකකරන්නට ඉන්නේ මදාරා පමණි .තම පෙම්වතිය ඉරේෂා බවත් නුවර ගිය මොහොතේ රෝගියෙක් බලන්නට ගිය වගත් දන්නේ මදාරා පමණි .
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉවර වෙන්න ලං වෙනකොට අගේ වැඩී බං..ඒකම නෙවේ වැඩත් එක්ක බෑ බං
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අම්මාට කවුරු හෝ කේලමක් කියා ඇත.සැකකරන්නට ඉන්නේ මදාරා පමණි .තම පෙම්වතිය ඉරේෂා බවත් නුවර ගිය මොහොතේ රෝගියෙක් බලන්නට ගිය වගත් දන්නේ මදාරා පමණි .එහෙත් නිශ්චිත සාක්ෂි නැතිව මදාරා ගෙන් ඒ ගැන විමසීමට නොහැකිය .එක්කෝ ඇත්තම කතාව අම්මාට පැවසිය යුතුය.කාර්‍යාල යට ගියත් කවීශ රාජකාරි කලේ සතුටින් නොව කරන්න ට උවමනාවටය.ඉරේෂා අක්කා හමුවීමට යොදාගත්තේ සතිඅන්තය කි.විනෝද චාරිකාවක් යනබව පවසා කටයුතු සූදානම් කරගත්තද මදාරා මෙන්ම අම්මාත් තමා දෙස බලන්නේ සැකයෙන් දැයි කවීශ සිතුවේය .මදාරා වරින් වර අම්මා සමඟ කතාබස් කරන බව දැන උන්නත් එය එපා යැයි කියා නවත්තනට සාධාරණ හේතුවක් නැත.ඕන මගුලක් කියා හිතට කීවේ එන දේකට මුහුණ දෙන්නට සූදානම් වීමටය.
    ඉරේෂා අක්කා සමඟ ඇති සම්බන්දය ට විරුද්ධ වීමට ඕනෑතරම් කාරනා ඇතත් කැමති වීමට එකම හේතුවනම් තමාගේ කැමැත්ත එය වීම පමණි .අම්මාත් පෙම්වතියත් අතරින් එකක් තෝරාගන්නට කීම අසාධාරණ ය.අම්මාවරු පිරිමි පුතුන්ට ආදරේය ,ලෝබය ..බොහෝ ලේලිලා නැන්දම්මාවරු සමඟ දබල වන්නේ මේ ලෝබය සීමාව ඉක්මවූ විටය.
    උදෑසනින් ම පිටත් වූයේ ඒ සුදු මූණ දැකීමේ නොතිත් ආසාවෙනි.ලක්සලින් මිලටගත් හෑන්ඩ්ලූම් සාරිය අම්මාට හොරෙන් කාරයට දමාගත්තේ ඈට තිලිණ කරන්නටය.පොඩි නංගීට චොකලට් එකක් සහ ගෙදරට අයිසින් කේක් එකක් ගත්තේ අතරමගිනි.
    ඉරේෂා වෙනදාටත් කලින් අවදි වූයේ හිතේ බලාපොරොත්තු ගොන්නක්ද සමඟිනි .කෙසේ හෝ අම්මාව කවීශ මල්ලී ට කැමති වීම ලද ජයග්‍රහණය කි.ජීවිතේ සුන්දර පක්ෂය පිළිබඳව දලුලන බලාපොරොත්තුවක් ඇත.
    “ගුඩ් මෝර්නිං පැටියෝ දැං කොහෙද ?”
    “මේ මග ඉන්නෙ අක්කා ..අම්මල ගහල පන්නයිද දන් නෑ ආවම “
    “අනෙ පිස්සු නොකිය ඉන්න..පාර මතකයි ද”
    “පාරනම් මතක නෑ ගඳ ට ඉව අල්ලං ආවම හොයාගන්න පුලුවන් වෙයි”
    “අනේ මේ අපි නාලා කරල සුවඳට ඉන්නෙ හරිද ?”
    “ආවම බලන්නම් සුවඳද කියලා”
    “ආ ඇත්තද..පිස්සු හොල්මන මගෙ පරිස්සමෙන් එන්න ළඟ ට ආවම කෝල් කරන්න වස්තු”
    හිතේ අලුත් පෙම් පාටක් තැවරී ඇත.ගතේ ඇත්තේ නැවුම් උද්‍යෝගිමත් බවකි.තේ පිලියෙල කොට කෑම පිසීමට අවශ්‍ය කලමනාද සූදානම් කර තැබූ ඉරේෂා මිදුල ඇමදීමෙන් පසු අලුත්ම මල් මිටක් ගෙන සාලයේ මල්බඳුනට දැමුවාය.සුවඳකාරක ඉස නිවස හැඩ කලේ අමුත්තා පිළිගැනීමට ය.කාලය ඉක්මනට යන්නෙ නම් හොඳය.
    රෝහලේදී නැන්දා කියූ තොරතුරු අනුව ඉන්දික ට කවීශ ගේ විස්තර සොයාගැනීම අපහසු වූයේ නැත.තමාට කල දෙයට පලි ගන්නා තුරු හිතට නිවනක් නැත.මත් බෝතල් හිස්වූ බොහෝ සැඳෑවන් වල හිතේ ඇඳුනේ ඒ රස පිරුණු රුවය.කෙතරම් ගෑණු ආශ්‍රය කොට තිබුණත් ඒ කවුරුත් ලොක්කී මෙන් හැඩ නැත.හැඩැති නිතඹ ත් පිරුණු ලැමත් මතක් වනවිට පපුව රාග ගින්නේ දැවේ.දින කීපයක් තිස්සේ ඉරේෂා නිවසින් පිටතට එතැයි බලා සිටියත් එය සිදුවූයෙ නැත.කවීශ මුලින්ම මේ කතාවෙන් ඉවත් කල යුතුය ඉන්පසු ලොක්කීගේ කැමැත්ත ගන්නා හැටි තමා දන්නේය.
    “මචං එකෙක්ට ගේමක් දෙන්න තියෙනව හැබැයි බය කිරිල්ලක් විතරයි”
    “අපෝ ඔය ගූ කේස් පොඩි එකෙක් ලව්වා කරගනින් “
    “මේක මගෙ වැඩක් මං ලව් කරපු එකී එකෙක් උස්සන්න යනව ඌට ගේමක් දෙන්න ඕන අරකිට රිදෙන්න”
    “සිම්පල් වැඩක්නෙ බං අල්ලගෙන අතක් පයක් කඩමු”
    “ඉඳපංකො මම ප්ලෑනක් අඳින්න වැඩේට”
    මිතුරු සාදයකදී ඉන්දික තම මිතුරන් හා ඉරේෂා ගේ පෙම් කතාව වෙනස් කිරීමට පිඹුරු පත් ඇන්දේය.
    සීතල පිණි උරා බොමින් අලුත් හිරු රැස් පොලව මත වැටෙමින් ඇත.මීදුම් දුමාරය අතරින් ඈත කඳු පෙල යන්තමින් පෙනේ ඉරේෂා නිවසේ වැට මායිමට වී ඈත පාර බලා උන්නේ කවීශ මල්ලී එනතුරුය.කවීශ අසාගත් මග සලකුණු අනුව ඉරේෂා ගේ නිවස්න බලා එනවිට උදෑසන නවයට ආසන්නය.කාරය මිඳුලේ නවත්වන විටම ඔහු ව පිළිගන්නට ඈ පෙරමගට ආවාය.පුංචි මල් ඉහුණු ගවුමක් ඇඳ ඇස් වලින් පවා සිනාසෙමින් උන් ඉරේෂා දුටුවනම් ඈ තුරුලට ගෙන සිපගන්නට කවීශ ට සිතුනේය.
    “පාර හොයාගන්න අමාරු වුණාද පුතා”
    “එච්චර කරදරයක් උනේ නෑ අම්මා”
    කවීශ පහත් වී අම්මාටත් අප්පච්චි ටත් වැන්දේය.
    “ගෙට යමු පුතේ”
    අප්පච්චි කීවේ සිනාවක් මුව පුරා දරාගෙනය.පිරිමි පුතෙකු වෙනුවෙන් බලාපොරොත්තුවක් තිබුණා මතකය.පුතේ කියා ආදරය කරන්නට නියම පිරිමි දරුවෙකු ලැබී ඇත.අම්මා සිටියේ හිතේ දැවටුනු ලැජ්ජාවත් කණස්සල්ල ත් සමඟිනි.පෙරදා කවීශ පුතාට කතා කලෙත් ප්‍රතිචාර දැක්වූවේත් වෙනස් විදියකටය.ඒවා ඔහුගේ හිතේ ඇතුවාට සැක නැත.හැමදේම කලේ ලොක්කී ට හොඳක් කිරීමටය.ඉන්දික ට වඩා කවීශ හැමාතින්ම වාගේ හොඳය එකම ගැටලුවනම් ඔහුගේ දෙමාපියන් මොනවා කියයිද යන්නය.
    “කෝ නංගි නැද්ද “
    කවීශ ඇසුවේ ඉරේෂා ගෙනි.
    “උදේ ක්ලාස් එකක් එයාට දවල් වෙද්දි එයි තේ බොනව්ද කාලම ඉන්නවද”
    “තේ එකක් ලෑස්ති කරන්න දරුවො “
    අප්පච්චි කීවේ කවීශ යමක් කියන්නට පෙරාතුව ය.ඉරේෂා මුවින් ඉඟිකර හාදුවක් පුදා කුස්සියට ගියාය.
    කවීශ අප්පච්චි සමඟ විවිධ මාතෘකා ඔස්සේ කතා කලේය.අප්පච්චි ට දැනුනේ වියතෙක් හා සංවාදයේ යෙදෙනවා වැනි හැඟීමකි.ඔවුනට කුලුපග වීමට වැඩි වේලා ගත වූයේ නැත.
    තේ පානයෙන් අනතුරුව කවීශ ඉරේෂා සමඟ මිඳුලට ආවේ අවට සිරි නැරඹීමට ය.තවමත් මීදුම සම්පූර්ණයෙන් පහවගොස් නැත අවට පරිසරයේ ද ඇත්තේ සිසිල් බවකි.ඒ සිසිලස සමගින් සමට වැටෙන හිරු එලිය සනීපය.
    “මාර ලස්සනයිනෙ අක්කා මේ පැත්ත”
    “ලස්සන අය ඉන්නකොට ඉතිං ලස්සනයිනෙ කොහොමත් “
    ඈ ඳගකාර ලෙස කීවාය .
    “ලස්සන කියන එකේ ඩෙෆිනිෂන් වෙනස් වෙලාද?”
    “හරි හරි අපි කැතයිනෙ”
    “අනේ නෑ මගෙ හාවි කොච්චර හැඩයිද”
    දෙදෙනා සිනාවෙමින් මිඳුල කෙලවර ගල්තලාවෙහි හිඳගත්තෝය.කවීශ ඇගේ අත මෘදුව අල්ලා ගත්තේ ආදරය යෙනි.
    “මොන ප්‍රශ්නෙ ආවත් මාව දාල යන් නෑ නේද ?”
    ඈ කවීශ ගේ උරමතට බර උනාය.
    “මම කීවනෙ ඉතිං අන්තිම ගමන වෙනකල් ගමන් ඔක්කොම යන්නෙ ඔයා එක්ක විතරයි කියල”
    “මේ කෙල්ල සතුටිං තියනවට ඔයාට පිං “
    “මේ කොල්ල සතුටු වෙන්නෙ කෙල්ල සතුටින් හිටියොත් විතරයි..ඒක නෙවෙයි නෑව කීවට සුවඳක්නම් දැනුණෙ නෑ”
    “ආ ඇත්තද ..කපටි කොල්ලා”
    ඈ තම කොපුල කවීශ ට පෑවාය.කවීශ අදරින් සුදුමූණ සිපගත්තේය .දෙතොල් පැටලුනේ සීතල බිඳගෙනය.රාගයෙන් තොර ප්‍රේමය මුසාවකි.

    අප්පච්චි මොනවා කීවද මදාරා නරක කෙල්ලෙකු නොවෙතැයි අම්මා සිතුවාය.අපි මැදපංතියේ කියමින් ඉන්නවාට වඩා ඉහළ පංතිය හා සම වීමට වෙර දැරිය යුතුය.ඉද්දමල්ගොඩ පරම්පරාව හා එකතු වීමට ලද අවස්තාව මගහැරයාම මෝඩ කමකි.ඒ නැතත් දැං අපි මුලින් උන්නාට වඩා තත්ත්වයක ඉන්නෙමු ලොකුපුතා පවුල පිටින්ම ඉන්නේ පිටරට ය,පොඩීට පිළිගත් වැදගත් රැකියාවක් නවීන පන්නයේ මෝටර් රතයක් ඇත.එහෙම බලනකොට ඉද්දමල්ගොඩ ලා සමඟ පෑහෙන්නට බැරිකමක් නැත.පළමු පංතියේ කියා කීවාට ඔවුනට ඇති ප්‍රශ්න අපේ පවුල් වල නැත.
    “මේ ඒයි පොඩි පුතා ගැන ටිකක් හොයල බලන්න ඕන”
    අම්මා කීවේ තේ කෝප්පය අප්පච්චි ට පිළිගන්වමිනි.
    “අර මොකෝ යස අපූරුවට ඉන්නේ කොල්ල”
    “එහෙම තමා ඉතිං පේන්නෙ අදත් ඔය ට්‍රිප් කියල කොහෙ ගියාද දන් නෑ කලින් අර පසිඳුවගෙන් හරි අහගන්න තිබ්බා ඒ කොල්ලත් රට ගිහිල්ලනෙ”
    “දැං මොකද ඕව හදිස්සියේ ඇදිල ආවෙ”
    “නෑ මට ආරංචියක් ආව මෙයා අර ඉරේෂා කියන කෙල්ල එක්ක යාලුයි කියල”
    “කවුද කීවෙ ..ඉතිං ඒක එහෙමනම් සතුටු වෙන්න එපැයි අපි නැත්තං අපිම එපැයි ඕකත් හොයන්න”
    “සතුටු වෙන්න තිබ්බා කෙල්ල බාල වෙල වඳ එකියක් නොවුනා නම්”
    “අපෝ එහෙම කතා කරන්න එපා වයස කියන්නෙ ඉලක්කමක් විතරයි මොකක්ද වඳ කතාව”
    “ඒ කෙල්ලගෙ සැට් එක පිටින්ම අයින් කලාලු මොනවද වෙලා දරුවෙක් ඉතිං ඇරං හදා ගත්තොත් තමා”
    “ඉතිං ඒකට කමක් නෑනෙ ඒ කෙල්ල මොන්ව කරන්නද ,මොකක් හරි පවක් නිසා එහෙම උනා කියල ගැනුකෙනෙක්ව පීඩනයට ලක් කරන එක වැරදියි”
    “අනේ මට ඔයාගෙ මහප්‍රාන තේරෙන් නෑ..මම දන්නෙ මෙච්චරයි එහෙම දෙයක් තියේනම් මම නම් උඩිනම විරුද්ධ යි”
    “පුතාගෙ කැමැත්ත තමා බලන්න ඕන අපේ කැමැත්ත අංක දෙක අනික ගහල බැණල වෙනස් කරන වයසක්ද දැං..එයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න එයාට අයිතිය තියෙනව”
    “ඕන උරචක්කර මාලයක් එල්ලං එනකල් බලං හිටියම හරියයි එහෙනං”
    අම්ම නැගිට යන දෙස අප්පච්චි බලාසිටියේ මද සිනාවෙනි.
    “මේ කෝප්පෙ අරන් යන්න”
    දවස මේ තරම් ඉකමනින් ගෙවී ගියේ ඇයිදැයි කවීශ ත් ඉරේෂා ත් දෙදෙනාම සිතුවෝය.කාටත් අද සතුට පිරුණු දවසකි.කවීශ අම්මාට සහ අප්පච්චි ට වැඳ ඔවුනට සමුදුන් පසු පොඩ්ඩී කවීශ ට වැන්දේය.
    “හොඳට ඉගන ගන්න ඕන පොඩ්ඩි තේරුනාද”
    ඈ කවීශ ට සිනාසුනාය.
    ඉරේෂා පහත් වී කවීශ ට වැන්දාය.ඈ ට කෙදිරි ගෑ වුනේ යටි බඩ රිදුන නිසාය.කවීශ වහාම පහත් වී ඈ වත්තම් කරගත්තේ ය.
    “වඳින්න ඕනෙ නෑ ඔහොම ඉන්න”
    “දුකයි යන්න දෙන්න”
    “ආයෙ දවසක එන්නම් “
    “බුදු සරණයි මල්ලි පැටියො ..පරිස්සමෙන් “
    ඉරේෂා කීවේ තෙත් වූ දෙනෙත පිසලමිනි.කවීශ හිතෙ දුක දරාගෙන පිටව ආවේ දිගු දුරක් වාහනය පැදවීමට ඇති නිසාවෙනි .අයියාගේ විවාහ උත්සවය දව්සේ ඔවුන් දෙපසින් සිටි මොහොතේ පටන් මේ දක්වා ම රස මතක කවීශ ගේ මනස විනිවිද පැතිර තිබේ.මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ ..කවීශ දයාන් විතාරණයන්ගේ ගීය තාලයට මිමිනුවේය .
    වංගු සහිත මාර්ගයේ ගමන එතරම් ලේසි පහසු නොවූයේ හුරු පුරුදු නැති නිසාවෙනි.කීපවරක්ම ඉස්සර කිරීමට උත්සාහ කලත් ඉදිරියෙන් යන ටිපර් රත රියදුරා ඊට ඉඩ දෙන්නෙ නැත.පසුපසින් එන වාහන කීපයක්ම නලා හඬවමින් කියන්නේ ඉදිරියට යන්නට කියාය.අද රටේ නීතිය ක්‍රියාත්මකවන්නේ නැත.මාර්ග නීති ඇත්තේ පොත් වලටය.එහෙන් මෙහෙන් වෙට්ටු දමා ත්‍රී රෝද රතයක් තමා පසු කරයනු කවීශ දුටුවේය.එහි ගියවුන් ඕනෑවට් වඩා උවමනාවෙන් තම රතය දෙස බලනු කවීශ දුටුවේය.වම් පසින් ඇත්තේ දල බෑවුමකි .පසුපසින් එන වෑන් රතයා නොනවත්වා නලාව හඬවමින් සිටි නිසා කවීශ තම වේගය බාල කර එයට ඉඩදුන්නත් ඔහු ඉස්සර කරන්නේද නැත.
    “මොන ලබ්බක් කරනවද “
    කවීශ වේගය වැඩිකලේ හිතේ කෝපයත් සමගිනි වංගුව පහුවෙත්ම ටිපර් රතය පසුකර යන්නට ඉදිරියට ගිය කවීශ ගේ රතය දෙසට ටිපර් රතය හැරවූ නිසා කවීශ ට දකුණට කපනවා හැර කරන්නට දෙයක් තිබුණේ නැත .වේගයෙන් ගොස් දකුණු ඉවුරේ ගලක වැදුනු මෝටර් රතය උඩුකුරුව පෙරැලී ගියේය.
     

    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    පට්ට කතාව මචන්. මුල ඉදලා ඔක්කොම කියෙව්වා එක පාර.. ඉතුරු කෑල්ලත් දාපන්.. ජය..
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පහලොස්වන පරිච්ඡේදය
    කීපවරක්ම කවීශ මල්ලී අමතන්නට උත්සාහ කලත් ඔහු ගේ දුරකථනය ක්‍රියාවිරහිත වී ඇත.පාරවත් වරද්ද ගත්තද දන්නෙ නෑ.
    නොදන්නා අංකයකින් පැමිණි දුරකථන ඇමතුමට ඈ පිළිතුරු දුන්නේ ය.
    “කොහොමද ලොක්කි ජොලියෙ ඉන්නව නේද අපිට බූට් පාර දීල ඈ, මම කිව්වා වගේම වැඩේ කරා ඔන්න ගිහින් බලපන් උඹේ මල්ලි බබාට මොකද උනේ කියල”
    ඉරේෂා ගේ සියොලඟම සීතල වී ගියේය.දෙවියනේ කවීශ මල්ලි..ඈ කෑ ගසාගෙන අම්මා සොයා දිව ගියාය.
    “අම්මා අනේ අර තිරිසනා කවීශ මල්ලිට මොකක් හරි කරදරයක් කරලා”
    ඉරේෂා සැකෙවින් සිද්ධිය අම්මා ටත් අප්පච්චි ටත් පැවසුවේ ඉකිලමිනි.
    “අනේ අප්පච්චි අපි කවීශ හොයන්න යමු අනේ දෙයියනේ මොකුත් කරදරයක් වෙන්න එපා මගෙ මැණිකට”
    “කලබල වෙන්න එපා ලොක්කි මම හෝදිසි කරල බලන්නම් “
    අප්පච්චි උඩුකය නිරුවතින්ම හන්දිය දෙසට දිව්වේ කවීශ පිටවී එතරම් වේලාවක් නැති නිසා මහමග අනතුරක් නම් එය දැනගැනීමට හැකිවෙතැයි සිතුණු නිසාවෙනි.අප්පච්චි සිතු ලෙසම කිලෝමීටර් කීපයකට එපිටින් රිය අනතුරක් සිදුවූ බවට තොරතුරු දැන ගන්නට ලැබිණි.ආරංචි වලින් කියැවුනේ රියදුරාගේ තත්ත්වය බරපතල බවකි.අප්පච්චි ඒ වගක් ඉරේෂා ට නොකීවේය.අතරමගදී උඩුකුරුව පෙරලී තිබූ කවීශ ගේ රතය දුටු ඉරේෂා කෑ ගසා හැඬුවාය.ගම්පොල රෝහලට ඉරේෂා ත් අප්පච්චි ත් ළඟා වන විට රෝගියා නුවර මහ රෝහලට මාරු කර යවා තිබුණි.අම්මාත් පොඩ්ඩීත් නිවසේ තනි වූහ .වෙන්නට තිබූ නරකම දෙය සිදුවී තිබේ.
    කවීශ මහනුවර රෝහලට ගෙනගොස් තිබූ අතර ඉරේෂා ත අප්පච්චි ත් පැමිණි ත්‍රී රෝද රතයෙන්ම මහනුවර බලා පිටත්ව ආහ.ඔවුන් රෝහලට ළඟාවන විටත් කවීශ ස්නායු ශල්‍ය අංශයට මාරු කොට යවා තිබුණු අතර හදිසි ශල්‍ය කර්මයක් සඳහා කටයුතු සූදානම් කෙරෙමින් තිබිණි .ශල්‍යාගාරයට ගන්නා තුරු කවීශ බැලීමට අවසර නොලද අතර ඉරේෂා ගේ දැඩි පෙරැත්තය නිසා ඔව්නට වාට්ටුවට යෑමට අවසර දෙන ලදී.
    කවීශ සිහිසුන්ව සිටි අතර පෙනහලු වාතනය කෙරුනේ බාහිර උපකරණ මගිනි.මුහුණ පුරා සීරූම් තුවාල තිබුණු අතර දකුණු පාදයටත් අතටත් විශාල සැරහුම් යොදා තිබුණු හැටියට දරුණු අනතුරක ලක්ෂණ පෙනෙන්නට තිබිණි .කෑ ගසන්නට එපා කීවද ඉරේෂා ට කවීශ දුටු විට හැඬුම නවතා ගන්නට නොහැකි විය.
    “අනේ මගෙ රත්තරනේ මොකද මේ උනේ..ඇස් අරින්න මගෙ දෙය්යො අක්කි බබා ආව ඔයාගෙ ..අනේ ...”
    කවීශ ගේ හිස පිරිමදිමින් ඉරේෂා විලාප තැබුවාය .
    ඇගේ විලාපය සියලු දෙනාගේ නෙතට කඳුලක් ගෙනාවේය.
    ඉරේෂා සිහිසුන්ව ඇද වැටෙන්නට ගිය විට අප්පච්චි ඈව වත්තම් කරගත්තේ ය
    “ලෙඩාගෙ මොලේට ලේ බැහැල තියෙන්නෙ තාත්තා ..දැං ඔපරේෂන් එකට ගන්නව මෙයාව එලියෙන් තියාගන්න අපි ඔපරේෂන් ඉවර උනාම ආයේ බලන්න දෙන්නම්..ලෙඩාගෙ ත්ත්වෙ නම් එච්චරම හොඳ මදි”
    වෛද්‍යවරයා අප්පච්චි ට කරුණු පැහැදිලි කර දුන්නේය.
    “හොඳමයි මහත්තයෝ..”
    අප්පච්චි ද කඳුලු පිරි නෙතින් ඉරේෂා සමග එලිමහනේ කොරිඩෝවට ගමන් ගත්තේය.කවීශ ගේ නිවසට පණිවිඩය දෙන ලද්දේ ඉරේෂා ගේ අප්පච්චි විසිනි.
    “දෙනගම මහත්තයා ..පුතාට පොඩි කරදරයක් වෙලා කලබල නොවී නුවර හොස්පිටල් එකට එන්න “
    පෑ හතරකට අදික කාලයක් සැත්කම කෙරුනු අතර කවීශ ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකය වෙත මාරු කරන ලදී.කවීශ ගේ දෙමාපියන් රෝහලට එනවිටත් ඉරේෂා හඬමින් කොරිඩෝවේ උන්නාය.අප්පච්චි සිදිධිය සැකෙවින් කවීශ ගේ දෙමාපියනට පැහැදිලි කලේය.කවීශ සිහිසන්ව ඇඳ මත හිඳිනු දුටු අම්මා විලාප තබා හැඬුවාය.
    “පොඩී අනේ මගෙ පුතේ..ඔයාට මොකුත් වෙන්නෙ නෑ රත්තරනේ..”
    අප්පච්චී ද කඳුලු සලමින් හැඬුවේ දරු සෙනෙහස නිසාය.උදේ කතාබස් කොට ගෙදරින් නිකම ගිය දරුවා නිසොල්මනේ ඇඳක බාවා හිඳිනු ඔවුනට දරා ගන්නට බැරිය .
    එලියේ හඬමින් සිටි ඉරේෂා හඳුනාගැනීම ට අම්මාට අපහසු වූයේ නැත.ගෙදරටත් බොරු කියා ඉරේෂා බලන්නට ගොස් සිදුවූ විපතක තරම .අම්මාට කේන්ති ගියේ හිතේ වේදනාව ටය.
    “මෙයා බලන්න ගිහින් තමයි ඔක්කොම උනේ ..අනේ මගෙ දරුවා”
    “ඒ ළමය මොනව කරන්නද..”
    අප්පච්චි කීවේ දුකින් වැලපෙන ඉරේෂා දෙස බලමිනි .
    ඒ අම්මාගේ චෝදනාව ඉවසා සිටිනවා හැර කරන්නට දෙයක් ඉරේෂා ට නැත.ඈ තමාටම චෝදනා කලේ මේ සියලු දේට හේතුව තමා යැයි සිතාය.දෛවය හිතේ හැටියට තමාගෙන් පලිගන්නේ මොන වරදක් කලාටද.මුලු ලෝකයම දොස් කීවත් කවීශ මල්ලී සනීප වෙනවා නම් එවා ඉවසා ඉන්නට මම සූදානම් .
    දින දෙකක් යන තුරු කවීශ උපකරණ වලින් හුස්ම ගත් අතර වෛද්‍යවරුන් සඳහන් කලේ දෙවැනි දිනයේ එම උපකරණ ඉවත් කර බලන බවයි.කරන ලද සැත්කම් සාර්ථක වුවත් මොලයට සිදුවූ හානිය තක්සේරු කල නොහැකි බවත් ඒවායේ අතුරු ප්‍රතිඵල කෙසේවේදැයි නිශ්චිත ව කිව නොහැකි බව වෛද්‍යවරුන් විසින් දැනුම්වත් කරනු ලැබිණි .ඊට අමතරව දකුණු පාදයේ අස්ථි බිඳී තිබේ ඒවාට වෙන් වශයෙන් සැත්කම් කිරීමට නියමව තිබේ.
    ශ්වසන උපකරණ ඉවත් කිරීමට ගත් වෑයම අසාර්ථක වූ අතර වෛද්‍යවරුන් කවීශ ගෙ මොලයේ ක්‍රියාකාරිත්වය යතාතත්ත්වයට පත්වී නොමැති බව තීරණය කලහ.දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තවදුරටත් ප්‍රතිකාර කල අතර සීමිත පිරිසකට පමණක් කවීශ බලන්නට අවසර තිබුණි.ඒ ලද අවස්ථාවල කවීශ ගේ නෑදෑ හිත මිත්‍රාදීහු කවීශ බැලීමට ගිය නිසා ඉරේෂා ට කවීශ බලන්නට ලැබුණේ දවසකට වතාවක් පමණි .තුන් වේලටම රෝහලට ගිය ඉරේෂා අවස්ථාව ලැබුණද නොලැබුණද කොරිඩෝවට වී බලා සිටියාය.අනෙක් වේලාවට දළදා මාලිගාවට ,ගැටඹේ විහාරයට ගිය ඉරේෂා කවීශ වෙනුවෙන් පිංකම් කලාය.
    කවීශ ගේ නිවසේ අයවලුන් ඉරේෂා ටම චෝදනා කල අතර අප්පච්චි පමණක් මද්ධ්‍යස්ත මතයක හිඳිමින් ඉරේෂා අස්වැසීමට වෙර දැරුවේය.කෙතරම් වෙනස්කම් කලත් ඉරේෂා රෝහලට යෑම නතර නොකල අතර අන් අයගේ ඇනුම් බැණුම් ඉවසාගෙන කවීශ වෙනුවෙන් කැපවූ සිතින් ඔහු ළඟට වී සිටියාය.
    කවීශ ගේ අම්මා මදාරා ට රිය අනතුර ගැන තොරතුරු පැවසූ අතර ඇය ද දින කීපයක්ම රෝහලට ආවාය.ඉරේෂා දකින වාරයක් පාසා කේන්ති ගත්තත් එය පිටකලෙ නැත්තේ කවීශ ට හොඳ මදි නිසාය .ඉරේෂා ගෙන් පලි ගැන්මටත් කවීශ ට ළං වීමට ත් මේ තරම් හොඳ අවස්ථාවක් ලැබෙන්නේද නැත.
    කවීශ ට බටයක් මගින් දියර ආහාර පමණක් ලබා දුන් අතර ඉරේෂා සෑම දිනකම ඔහු වෙනුවෙන් අහාර පිළියෙල කරගෙන ආවාය.වෙනදා මෙන්ම ඉරේෂා කොරිඩෝවේ බංකුවකට වී බලා සිටියේ තමාට අවස්ථාව ක් ලැබේවායි පතමිනි.කවීශ ගේ අප්පච්චි ආවානම් ඇතුලට යන්නට පුලුවන් වුණත් අද පැමිණ ඇත්තේ අම්මාත් කවීශ ගේ ආයතන ප්‍රධානියාත් නිසා ඊට ඉඩ නොලැබෙන වග ඈ තේරුම්ගත්තාය.පිලියෙල කරගෙන ආ සුප් එකවත් කවීශ ට යවන්නට සිතුවේ ඒ නිසාය.ඉරේෂා පසුකර අම්මාත් මදාරාත් ඈව ගනණකට නොගෙන යන්නට ගියහ.
    “අම්මා..අම්මා..මේ සුප් එක පුලුවන් නම් කවීශ ට දෙන්න”
    “ඕව ගන්න එපා අම්මා වහ දාල දෙනවද කවුද දන්නෙ..මේ හැම කරදරයක් ම දුන්නෙත් මෙයානෙ”
    මදාරා අම්මාට කිව්වේ ඉරේෂා දෙස රවා බලමිනි.
    “අපි පුතාට කෑම ගෙනාව ඔයා කරදර වෙන්න ඕන නෑ..හැමදාම මෙහෙ එන්න ඕනෙත් නෑ..”
    අම්මාද කියාගෙන ගියේ මදාරාගේ උදව්වට මෙනි.
    “මෙයාගෙ පව්කාර කමට තමයි මේ දේවල් මෙහෙම උනේ..දැන් වත් එයාට පාඩුවෙ ඉන්න දෙන්න..ජස්ට් ලීව් හිම් අලෝන්”
    “මට මගෙ දරුව නැති කරන්න ද හදන්නෙ “
    ඉරේෂා ට හැඬුම් ආවේ අනාරාදිතවය .මේ හැමදේම කලේ කවීශ බේරා ගන්නටය.මම පව්කාරියක් ..ඔව් පව්කාරියක් .ඉරේෂා යන්නට හැරුනේ තවත් මේ අවලාද ඉවසා ඉන්නට බැරි නිසාවෙනි .මේ ජීවිතය ලියැවී ඇත්තේ කඳුලිනි.
    සති දෙකකට ආසන්න කාලයක් ගතවන විට කවීශ තරමක් සුවඅතට හැරුනද ඔහුට කතාකිරීමේ අපහසුතාවක් පැවති අතර අතපය සොලවන්නට හැකියාව ලැබී තිබුණි.ඉරේෂා දකින මොහොතක් පාසා ඒ දෑස් කඳුලින් පිරුණු අතර මොනවදෝ කියාගන්නට බැරිව ඒ දෑස් අසරණව තිබුණි .
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කවීශ ට වූ කරදරය නිසා ලොක්කී දුකින් ඉන්නා හැටි බලන්නට දුකය.ඒත් කවීශ ගේ පවුලේ අයවලුන් අපට සැලකූ හැටි හරි නැහැ අම්මා සිතුවාය.මේ කිසිවක් කලින් සැලසුම් කොට සිදුවූවා නොවේ.කවීශ ගේ ආගමනයෙන් ලොක්කීගේ ජීවිතය සතුටින් පිරුණු වග ඇස් ඉදිරිපිටම දක්නට තිබුණි .අද ඒ සතුට හොරු ගෙන ගියා වාගේය.

    “ලොකූ ඉස්කෝලෙ යන්න තිබුණ දවසත් පහු උනා නේද අස්සන් කරල එන්නවත් කඩින් කඩ වත් ගිහින් ආවොත් නරකද”
    “මට එක හිතක් තියාගෙන උගන්නන්න බෑ අම්මා..මට කවීශ නොදැක ඉන්නත් බෑ”
    “අන්තිමේ රස්සාවත් නැති වෙන්න වැඩක් ඔය..කවුරුත් නැතිවෙයි අසරණ උණාම”
    “කවීශ මල්ලි හොඳ කරගෙන ඉන්න ඕන...ඊට පස්සෙ මට මොනව උනත් කමක් නෑ”
    “ඔයාට අන්තිමට මොකුත් නැති වෙයි තමා අර මදාරා කියන්නෙ කවීශ බඳින්න ඉන්න කෙනා කියල දන්නවද?”
    “ඒ එයාගෙ බොස් බඳින්න ඉන්න කෙනා නෙවෙ”
    “බොස් කෙනෙක් ඔහොම සේවකයෙක් ගැන කම්පා වෙනව දැක්කමයි ...ඒ නැතත් මට ඔය කතාව කිව්වෙ කවීශ ගෙ අම්මා ..මම ඔයාට නොකිය හිටියෙ හිත රිදෙයි කියල..ඔයාගෙ හිතේ තියෙන අදහස අස්කරගන්න කිවා..කවීශ පුතා නිසා මිසක් ඕකුන්ගෙ රැස් බලන්න මම නම් යන්නෙ නෑ”
    අම්මා කියවාගෙන ගියේ හිතේ කේන්තියෙනි .ඒ කාරණා කෙසේ වුනත් කවීශ මල්ලී තම ජීවිතය වී අහවරය.ඒ ඇස් වල තවමත් ඇත්තේ ආදරය ම පමණි .මේ ඇස් වල සතුට තැවරූයේ ඒ සොඳුරුතම මිනිසා පමණි .
    කවීශ ගේ අම්මා මදාරා ට වඩාත් ළං වූයේ මේ කරදර මැද ඈ ගෙනා සවිය නිසාවෙනි .දැන් කරන්නට යන හැම වැඩකටම පාහේ ඇගේ අදහස් විමසා සිටියේ ඈට මේ කටයුතු ගැන දැනුම් තේරුම් ඇති නිසාවෙනි .ඉරේෂා තරම්ම හැඩ නැතත් ඇගේ පෙනුමේ වරදක් කියන්නට නැත.නවීන පන්නයේ හැඩ වැඩ නිසා ඈ ඉහල පැලන්තියේ වග දැක්කම කියන්නට පුලුවන.කවීශ සුවපත්වන දිනෙක මදාරා වෙනුවෙන් ඔහු හා කතා කල යුතුය.ඉරේෂා වැනි උකුල හිස් ගැහැනියක ට වඩා මදාරා දාස් ගුණයකින් හොඳය.
    දින කීපයක්ම මදාරා කවීශ ගේ නිවසට පැමිණ අම්මා සහ අප්පච්චි සමඟ රෝහලට ගියාය.ඇතැම් රෑ බෝ වූ දිනෙක නිදා ගත්තේ කවීශ ගේ ගෙදරය.
    “මදාරා දුව අර කෙල්ලගෙ කරදරෙන් ගැලවෙන්නෙ කොහොමද කියල මම කල්පනා කලේ..මොන වචන කීවත් ගානකට ගන්නෙ නෑ ..මල වදයක් වෙලා තියෙන්නෙ..එදා ඔය ගමන නොගියානම් කොල්ල කරදරයක් නොවී ඉන්නව”
    “මහ කපටි කෙල්ලෙක් අනුකම්පාව ගන්නනෙ අම්මා හදන්නෙ ..එක්කො කවීශ ඔතනින් අයින් කරන්න ඕන නැත්තම් එයා අයින් කරන්න ඕන”
    “අපෙ නෑයො පවා අහනව කවුද කියල..අපිටත් ලැජ්ජයි..වැලහින්න වගේ අඩාගෙන පුතා බලන්න යනව ඒක එයාට හොඳ ත් නෑ”
    “ඒකනම් ඇත්ත අම්මා ස්ටාෆ් එකටත් කරදරයි එයා නිසා අපි මොනවාම හරි කරන්න ඕන”
    කවීශ ගේ රෝගී තත්ත්වය කෙමෙන් සුව අතට හැරෙමින් තිබුණු අතර දැඩි සත්කාර ඒකකයෙන් වාට්ටුවට මාරු කරන ලදී.නමුත් ඔහුගේ කතා ව සම්පූර්ණයෙන් යතා තත්ත්වය ට පත්ව නොතිබිණි .කවීශ ට නිරන්තරයෙන් සිහියට ආවේ ඉරේෂා අක්කාව පමණි .මදාරා අම්මාත් සමඟ කුලුපග ව සිටිනු දකින විට හිතට එන්නේ කේන්තියකි.අම්මලාත් ලැජ්ජාවක් නැතිව ඇගෙන් උදව් ගන්නා නිසා සිදුවන්නේ ඇයගේ ණය කාරයින් වීමටය.ඉරේෂා අක්කා ට තම නිවසේ අයගෙන් ප්‍රභල විරුද්ධත්වයක් එල්ල වනවාට සැක නැත.ඈ ඇනුම් බැනුම් අසන්නේ තමා නිසාය.මුලු ශරීරයේ ම ඇත්තේ වේදනාවකි.ඒත් ඊට වඩා රිදෙන්නේ හිතයි.හිතේ සතුටක් ඇත්තේ ඉරේෂා අක්කා දකින නිමේෂයේ පමණි .සවස ඈ නලළත තබා ගිය හදුවේ උණුසුම තවම ඇත.




    දහසය වන පරිච්ඡේදය
    ඉරේෂා රෝහලින් පිටව ආවේ වෙනදාට වඩා සවස් වූ පසුවය කවීශ මල්ලී යන්තමින් වචන ගලපා අක්කි බබා කියා කීවෙ අදය.ඔහුගේ තත්ත්වය කෙමෙන් සුව අතට හැරීම හිතට සතුටකි අතහැර දැමීමට සිතාසිටි තම ජීවිතයට දැන් අලුත් බලාපොරොත්තුවක් ඇත.අම්මා කෙසේ කීවද මදාරා ට කවීශ මල්ලි කැමති නැත.කවදා හෝ ඔහුගේ මුවින් කියන තුරු මේ කිසිවක් බාර ගත යුතුනැත.අප වෙන්කිරීමට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුවත් ඒවාට මුහුණ දීමට මේ ආදරය ශක්තිමත් ය.
    සිතුවිලි සයුරේ ගැලෙමින් ඉරේෂා අඳුරේම පය ඉක්මන් කර ආවේ ඉක්මනින් නිවසට ළඟා වීමටය .වෙනදා අප්පච්චි තනියට ආවත් අද ඔහුට පණිවුඩය දී ගන්නට නොහැකි වුනේ දුරකථනය බැට්‍රි බැස ගිය නිසාය.වංගුවෙන් හැරී ඈ හිතේ සෝදිසියෙන් ඇවිද ආවද මුදල ගැන නොසිතා ත්‍රී රෝද රතයක වත් ආවානම් හොඳ ය කියා සිතුනේ හිතේ බියක් උපන් නිසාවෙනි .තමා පසුකර කීපදෙනෙක් එහෙට මෙහෙට ගිය ත් ඔවුන් හඳුනාගන්නට බැරි තරම් මග අඳුරුය.දිය කඳුර ගාවින් හැරී ගුරු පාරෙන් ආවේ ඒ මග කෙටි නිසාය.එක්වරම තම පසුපසින් වේගයෙන් ආ යතුරු පැදියක් මග හරස් කරනැවැත්තුවේ නොසිතූ පරිද්දෙනි.ආපසු හැරී දුවන්නට හැදුවත් පිටුපස අසුනේ සිටි පිරිමියා ක්ෂණික ව බැස විත් ඇගේ මුව වසා අල්ලාගත්තේය.මුලු මුහුණ වැසෙන සේ හෙල්මටයක් පැළද සිටි ඔහු ගිනි අවියක් ඇගේ හිසට එල්ල කරගෙන කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.
    “මේ අහපන් ..මෙතන කලබල කරන්න හැදුවොත් වෙඩි තියල දානව දැනගනිං ..සද්ද බද්ද නැතුව කියනදේ අහගනිං”
    බයටම හැඬුම් ආවත් කෑ ගෑමෙන් ඵලක් නැතිවග ඈ තේරුම් ගත්තාය.
    “උඹ දන්නවද කවීශ බණ්ඩාර දෙනගම..නුවර පනස් එකේ වාට්ටුවේ ඒ සයිඩ් එකේ දෙවෙනි ඇඳේ ඉන්න උඹේ ලව් එක නේද ඒ ආ..”
    ඉරේෂා හිස සොලවා ඔව් කීවාය.
    “උඹ ඌට ඇත්තටම ආදරේ නම් මම කියන විදිහට වැඩේ වෙන්න ඕන ..ඌ ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ උඹ මම කියන දේ අහනවද නැද්ද කියන එක උඩ..තේරුනාද”
    ඉරේෂා අසරණ ව වෙව්ලමින් ඔහුගේ ගර්ජනාව අසාගෙන සිටියාය .
    “උඹ ඌත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තන්න ඕන..ආයේ කවීශ බලන්න ,කවීශ ට කතා කරන්න තහනම්..ඒ වගේම මේ ගැන පොලීසියට කීවොත් වෙන්නෙත් කලින් කියපු දේම තමයි”
    “අනේ මට කවීශ මල්ලි නොදැක ඉන්න බෑ”
    ඈ ඉකිගසා හැඬුවාය.
    “එහෙනම් ඒ උඹ මල්ලි බබාව බලන අන්තිම දවස කියල මතක තියාගනින්”
    යතුරු පැදියේ සිටි කෙනා සිවුරුහම් බා ඉඟි කල නිසා ඉරේෂා අල්ලාගෙන සිටි මැරයා ඈව අතැර ගිනි අවිය තොල්මත තබා නිහඬව ඉන්න ලෙස සන් කලේය.
    “අනේ කවීශ මල්ලි ට මොකුත් කරන්න එපා ..මම කියන විදියට ඉන්නම්”
    බලාපොරොත්තු නොවූ ලෙස ඉරේෂා කියවාගෙන ගිය නිසා කලබල වූ තුවක්කු කරු තුවක්කු වෙන් ඇගේ හිසට පහරක් ගැසුවේය.ඒ පහරත් බියත් නිසාම ඉරේෂා ගුරු පාරේ සිහිසන්ව ඇද වැටුනාය.
    “එක්කො එන වෙලාවක් කියල යන්න ඕන මේ ලමයි කිසි වගකීමක් නෑ අපි නිස්කාරනේ බයේ දඟලනව”
    අප්පච්චි කීවේ ඉරේෂා වෙනදාට වටා සුනංගු වූ නිසා කර ඔසවා බලමිනි.
    මෑත සිදුවූ දේවල් නිසා තනිපංගලමේ ගමන් යෑම නුවණට හුරු නැත.එද මාණික්‍ය පැළදි යුවතියක් රට හරහා ගියාට අද රටේ ත්ත්වය වෙනස්‍ ය.කාන්තාව කොහේදීත් අනාරක්ෂිත ය.අප්පච්චි මුවින් නොබැන මගට බැස්සෙ ඉරේෂා සොයාගෙන එන්නටය.
    “මම පාර ට ගිහින් බලන්නම් ඒයි”
    “හා ලොකුත් දැං හරි මුරන්ඩු වෙලා..ඔයත් පරිස්සමෙන් “
    අම්මා අප්පච්චිට විදුලි පන්දම දෙමින් කීවාය .
    අප්පච්චි පුරුදු පාරෙන් හන්දියට ගිය විට දැනගත්තේ ඉරේෂා නුවර බසයෙන් බැස ගෙදර බලා පිටත්ව විනාඩි දහ පහලොවකටත් වැඩි බවය.වැටෙන පොද වැස්ස ගනන් නොගෙනම අප්පච්චි ඉදිරියට ඇදුනෙ ලොක්කි දියකඳුර ගාවින් කෙටි මගේ ගොස් තමාට මග හැරෙන්නට ඇතිවග කල්පනා කරමිනි.කනාමැදිරි එලියක් බඳු විදුලි පන්දමේ බැටරි මාරු කරන්නට හිතා සිටියත් ඊට ඉඩක් ලැබුණේ නැත.වැහි මන්දාරමද නිසා ඉදිරියේ අඩි තුන හතරකට වඩා නොපෙනේ.මේ පාර කෙල්ලකුට තනිව යාමට සුදුසු නැත අප්පච්චි සිතින් බනිමින් පය ඉක්මන් කලේය.වංගුවෙන් මෑත් වන විටම යතුරු පැදියක් නවතා තිබී හැල්මෙ පිටව යනු ඔහු යන්තමින් දුටුවේය.පාර මැද මොනවා හෝ වැටී ඇති වග යන්තමට පෙනේ.හිතට ගැස්මක් ආවත් ඔහු අඩියට දෙකට මග ගෙවා ආවේය.ලොක්කී හිසේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී උන්නාය.
    “අනේ ලොක්කියේ ...දරුවෝ”
    කෑ ගසා උදව් ඉල්ලූවද ඇසෙන මානයේ කවුරුත් නොමැති බව දන්නා නිසා අප්පච්චි ඈව දෝතට දරාගෙන අපහසුවෙන් හන්දිය වෙත දිව ආවේය.
    ගම්පොළ රෝහලට ඇතුලත් කෙරුනු ඉරේෂා සිහිඑලවා ගන්නට සමත්වූයේ පැය කීපයකට පසුවය.වෛද්‍යවරුන් පැවසුවේ හිසට එල්ලවූ පහරටත් වඩා ඈ පසුවන්නේ මානසික කම්පනයක බවය.ඉරේෂා ට මැරයාගේ වදන් සිහිවන මොහොතක් පාසා හී ගඩු පිපී ආවේය.තමා තුවක්කු කටකට මුහුණ දී සිටිබව සිහිවන විටත් හිතට බය ය.මැරයා කතා කල විදියෙන් තේරුම් යන්නේ තමාත් කවීශ මල්ලීත් පිලිබඳ මනා අද්ධ්‍යනයක් කර ඇති බවකි.වාට්ටුව පිළිබඳව පවා තක්කෙටම විස්තර කියු හැටියට කවීශ මල්ලි ට අනතුරක් කිරීම ඔහුට සුලු දෙයකි.කාට හෝ ඒ මැරයා එවූ කෙනාට උවමනා අප වෙන්කිරීමට නම් ආදරය නාමයෙන් ඔබේ ජීවිතය බේරා ගන්නට ඕන කැපකිරීමක් කරන්නට මම සූදානම් .එවැනි අවශ්‍යතාවක් ඇති ප්‍රධාන සැක කරුවන් දෙදෙනෙකු ඇත කෙනෙක් ඉන්දිකය අනේකා මදාරා සහ කවීශ ගේ පවුලේ අයවලුන්‍ ය.
    ඒත් වැඩි සැකය එල්ල වන්නේ ඉන්දික ටය ඔහු මෙවැනි ක්‍රියා සඳහා නම් දරා සිටියකු වන අතර තමාගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඔහු පසුවන වග නොරහසකි .ඒ කෙසේ වෙතත් අවදානමක් ගෙන කවීශ මල්ලී අනතුරේ දම්න්නට මා සූදානම් නැත.
    දින තුනක් තිස්සේ ඉරේෂා අක්කා තමා බලන්නට ආවේ නැත මොනවා හෝ ප්‍රශ්න යක් සිදුවී ඇතත් තොරතුරක් දැනගන්නට කිසිම විදියක් නැත තම දුරකථනය ට මොනවා උනාදැයි නිනව්වක් නැත.ඉරේෂා අක්කා තම පෙම්වතිය බව දැන් ගෙදර හැමෝම දන්නා කරුණකි .ඒ නිසා කවීශ අම්මා පැමිණි විට ඈ ගැන විමසා සිටියේ ය.
    “අක්..ක කෝ..”
    “මම දන්න අක්කෙක් නෑ ..තාමත් ඔයාට ලැජ්ජාවක් නෑ නේද ..ඔය අක්කාව පස්සෙ ගිහින් කරගත්ත හරිය මදිද..ඇයි තවත් ගින්දර දෙන්නෙ මේ අම්මට”
    ඇගේ දෑසේ කඳුලකි.අම්මාවරු කොයි වේලෙත් සිතන්නේ දරුවන්ගේ යහපත ගැනය.කවීශ නිහඬව අනෙක් පස බලා ගත්තේය .ලෙඩෙකු වී ඇඳට වී ඉන්නා තමාට මීට වඩා අරගල කරන්නට බැරිය.
    මදාරා පමණ ට වඩා කවීශ ට උදව් කරන්නේ මන්දැයි ඉද්දමල්ගොඩ කීපවරක්ම කල්පනා කලේය.කවීශ බලන්න ට ගිය වෙලාවේ වෛද්‍යවරුන් පැවසූ අන්දමට වැඩි ඉඩකඩ ඇත්තේ ඔහු සදාකාලික අබ්බගාතයකු වීමටය.එවන් කෙනෙකු හා එකතු වුව හොත් මදාරා ගේ ජීවිතය නිරපරාදේ විනාශ වී යනු ඇත.පවුලට හිතවත් තම ව්‍යාපාර බලාකියාගත හැකි බෑණෙක් අවශ්‍ය කර ඇත.
    “මැන්ඩි මම දෙයක් අහන්න හිටියෙ ඇයි ඔයා ඔච්චර කවීශ ට උදව් කරන්න උනන්දු “
    “මම කවීශ ට කැමතියි..ඩැඩී “
    “ආ යූ මෑඩ්..දේ ආ නොට් අප්ටු අවර් ලෙවල්..ඒ නැතත් හැන්ඩිකැප් කෙනෙක් මැරි කරල ජීවිතේ ම දුක් විඳින්නද හදන්නෙ ..ඉෆ් යූ වෝන්ට් ටු හෙල්ප් හිම් ඩූ දැට් බට් නතින්ග් ඕෆ් ද ලිමිට්.”
    “ඩෝන් කෝල් හිම් අ හැන්ඩිකැප් .. අයි විල් මැරි හිම්”
    “ඩෝන් බී ස්ටබර්න්..ඉෆ් යූ වෝන්ට් ටු ස්ටේ හියර් යූ පලේ බයි මයි රූල්ස්”
    මදාරා කිසිත් නොකියා සිටියේ ඩැඩීගෙ හැටි දන්නා නිසාවෙනි .තවමත් මේ ව්‍යාපාර සියල්ලේම තනි අයිතිය ඇත්තේ ඩැඩීටය.ඔහුට උවමනා නම් තමාව මේ දැන් උනත් MD පදවියෙන් නෙරපා දැමිය හැකිය.මේ වන තුරුත් තමාට කියා උපයාගත් ධනයක් නැත.
    මදාරා අම්මා සමග කතා කලේ කවීශ නුවර රෝහලින් පෞද්ගලික රෝහලකට රැගෙන යාම පිළිබඳව ය.ඒ තරම් වියදමක් දැරීමේ නොහැකියාව කියාගන්නට බැරිව අම්මා ලතැවෙන විට මදාරා එම වියදම් දැරීමට භාර ගත්තාය.කවීශ සියලු කාරනා කටයුතු සිද්ද වනතුරු කිසිත් දැන සිටියේ නැත.වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ එසේ වෙනත් රෝහලකට මාරු කිරීමේ උවමනාවක් නැති බව උනත් මදාරා සහ අම්මාගේ උවමනාව මත කවීශ ගම්පහ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී.
    ඉරේෂා කාලයට ඉඩ දී සියලු වේදනා ඉවසා සිටියා ය.පෙර කර්මය අනුව මේ සියලු දේ වෙනවා වන්නට ඇත.මාත් කාගේ හෝ සතුට ආදරය මේ ලෙස උදුරාගෙන ඇති.නිරන්තරයෙන් කවීශ මල්ලී හිත මත්තේ රැඳුනත් ඔහු ගැන විමසා සිටින්නට හිතට බය ය.තමාගේ තනියට සිටින්නේ කඳුළු පමණි .පාසලෙන් කැඳවීම් ලිපියක් ලැබුණේ බලාපොරොත්තු නොවූ මොහොතකය.පාසලට ගියේ හිතේ චකිතයෙනි විදුහල්පතිනිය ගෙන් බැණුම් අසාගන්නට සූදානමින් ඈ කාර්‍යාල යට ගියාය.
    “ඉරේෂා කොහොමද ඉතිං..මොකද දරුවො උනේ “
    “කරදර වගයක් උනා මැඩම් “
    “ඒකනේ තවත් කරදරයක් තමා මේ..ඔයාට ට්‍රාන්සර් එකක් ඇවිත්”