Health Mlafia සෞඛ්‍ය මාෆියාව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    ඖෂධ ජාවාරමට එරෙහි වූ සටන්කාමියා – මහාචාර්ය සේනක බිබිලේ


    Lasantha Kularatna
    Share




    https://roar.media/sinhala/identities/prof-senaka-bibile-contributions-against-big-pharma/



    යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහන යටතේ තිබූ ප්‍රමුඛතම යෝජනාවක් වූයේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යලි ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව වෙලාගෙන සිටින ඖෂධ මාෆියාව තුරන් කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ස්වාධින ආයතනයක් ලෙස ජාතික ඖෂධ අධිකාරිය බිහි වෙනවා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ජනතාව වෙත ආරක්ෂාකාරී, ගුණාත්මකභාවයෙන් යුත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම එහි මූලික අරමුණු වෙනවා. නමුත් ඖෂධ ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි මතින් හා තර්ජන හමුවේ පෙර ලෙසටම නැවතත් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කුඩු වී විනාශ වී ගොස් ඖෂධ ජාවාරමේ අදුරු සෙවනැලි සුපුරුදු ලෙස හොල්මන් කරන්නට පටන්ගෙන තිබෙනවා.

    ඉතින් අද අප ලිපිය තුළින් ගෙන එන්නට අදහස් කරන්න ලෝකයම වෙලාගෙන පවතින, ලොව දෙවැනියට කළු සල්ලි උපයන ජාවාරම වන ඖෂධ මාෆියාවෙන් ශ්‍රී ලාංකික ජනතාව ගලවා ගැනීම සඳහා තම දිවිය පවා දෙවැනි කොට සළකා මෙරටට ගැළපෙන ඖෂධ ප්‍රතිපත්තියක් ගෙන එන්නට වෙර දරමින් මානව හිතාදරයෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨයෙක් පිළිබඳවයි. ඒ අපූර්වතම මනුෂ්‍යා සේනක බිබිලේ නම් මහාචාර්යවරයායි.

    ත්‍රිත්ව විද්‍යාලයෙන් කොළඹ වෛද්‍ය විද්‍යාලයට

    මහාචාර්ය සේනක බිබිලේ (Colombo Telegraph)

    1920 වසරේ පෙබරවාරි 13 දින මොණරාගල වෙල්ලස්‌සේ රටේ මහත්තයෙක් වූ චාර්ල්ස් විලියම් බිබිලේ හා අහංගම කතළුවේ අටදාගේවත්ත වලව්වේ සිල්වියා ජයවර්ධන නම් යුවලට දාව වැඩිමහල් දරුවා ලෙස සේනක විලියම් බිබිලේ උපත ලබන්නේ අහංගම කතළුවේදීයි.

    කුඩා සේනක මූලික අධ්‍යාපනය බදුල්ල විද්‍යාලයකින් හැදෑරූ අතර ද්වීතික අධ්‍යාපනය හදාරන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. සේනක කුඩා අවධියේම ඔහුගේ පියා මෙලොව හැර යන අතර පවුලේ වගකීම පැවරෙන්නේත් ඔහුගේ කර මතයි. ඉගැනුමට උපන් හපන්කම් දැක්වූ මේ ශිෂ්‍යයා තම පියා මෙන් සමාජය දෙස වෙනත් කෝණයකින් බලන්නට උත්සාහ කළ අයෙක් බව ගම්වාසීන්ගේ මතය වුණා. පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කරන සේනක කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබනවා.

    ඖෂධවේදය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා

    ශිෂ්‍ය අවදියේදී – ඉදිරිපස දකුණේ වාඩි වී සිටින්නේ සේනක බිබිලේයි(Trinity College Kandy Worldwide Website)

    කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී “දඩාබෝයි” රන් පදක්කමද, ශෛල්‍ය වෛද්‍ය අංශයෙන් “රොක්වුඩ්“ රන් පදක්කම්ද ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් දක්වන සේනක සෑම වසරකම වෛද්‍ය විද්‍යාලයේ හොඳම ප්‍රතිඵල ලබමින් පලමු පන්ති සාමාර්ථයක් සමඟ සාර්ථකව වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරනවා.

    වෛද්‍ය සේනක බිබිලේ 1949 වසරේදී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහායි. එහිදී මහාචාර්ය වාන්හෙඩ් සමඟ එක්ව හෝමෝන කාණ්ඩයක් පිළිබඳ කරන ලද පර්යේෂණයක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයකු ලෙස ඔහු ජනප්‍රිය වෙනවා. එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සේනක බිබිලේ 1954 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආරම්භ වූ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානිය ලෙස සේවය කිරීමට එක් වෙනවා. සේනක බිබිලේ 1958 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා බවට පත් වෙනවා.

    ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය සමඟ (YouTube)

    පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීම උදෙසා ප්‍රභල ලෙස වාමාංශික නැඹුරුතාවයක් දැක්වූ ඔහු ලංකා සමසමාජ පක්ෂය ඔස්සේ තම දේශපාලනික දිවිය අරඹනවා. ජාත්‍යන්තර ඖෂධ වෙළෙඳ සමාගම් වල නින්දිත මුහුණුවර පිළිබඳ මහාචාර්ය බිබිලේ සිය හඬ අවදි කිරීම අරඹන්නේ සිය වාමාංශික නැඹුරුව හේතුවෙන් බව සිතන්නට පුළුවන්. මේ අතරවාරයේ ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමද වෛද්‍ය සේනක බිබිලේ විසින් ආරම්භ කරන ලද අතර පවතින පාලන ක්‍රමය තුළ මෙය කළ නොහැකි බව ඔහුගේ අදහස වුණා.

    1970 වර්ෂයේදී බලයට පැමිණි සමගි පෙරමුණ රජය යටතේ ඔහුටත් වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් භාර දෙනු ලබනවා.

    “සාධාරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙන් නොව, ඖෂධීය නාමයන්ගෙන් ලබාදීම“ බිබිලේ ප්‍රතිපත්තියේ මූලික හරය ලෙස සැලකිය හැකිය. 1971 මාර්තු 23 දින වෛද්‍ය වික්‍රමසිංහයන් සහ මහාචාර්ය සේනක බිබිලේ එක්ව නව යෝජනා ඇතුළත් වාර්තාවක් සිරිමාවෝ මැතිණියට ඉදිරිපත් කරනවා. එහි සදහන් වූ මූලික යෝජනාවන් මෙසේ දක්වන්නට පුළුවන්.

    රටට අවශ්‍ය නොවන ඖෂධ වර්ග ගෙන්වීම නැවතීම.

    ඖෂධ සඳහා වෙළඳ නාමයන් වෙනුවට ඖෂධීය නාමය පමණක්‌ යෙදීම.

    ඖෂධ පිටරටින් ගෙන්වීම, බෙදාහැරීම සම්පූර්ණයෙන් රජයට පවරා ගැනීම.

    ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉතා ඉක්මනින් ආරම්භ කිරීම.

    ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක්‌ බවට පත් කිරීම.

    ඖෂධ පිළිබඳ පේටන්ට්‌ නීති සංශෝධනය කිරීම.

    ඖෂධවල තත්ත්ව පාලනය සඳහා නවීන පරීක්‍ෂණාගාරයක්‌ ආරම්භ කිරීම.

    මෙම යෝජනා ක්‍රියාවට නැගීමේ අරමුණෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන සංකල්පයද ලෝකයට හඳුන්වා දෙන්නේත් එහි මුල්ම සභාපති බවට පත් වන්නේත් මහාචාර්ය සේනක බිබිලේයි. ඒ 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදායි. ඒ අනුව වසර තුනක් තුළ ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා දෙමින් කෝටි එකොලහක විදේශ විනිමයක් රටට ඉතිරි කර දීමටත් ඔහු සමත් වෙනවා. 1973 වර්ෂය වන විට ඖෂධ ආනයනය සම්පුර්ණයෙන්ම රජය සතුකර ගැනීමට ඖෂධ සංස්‌ථාවට හැකි වන්නේ ඔහුගේ මග පෙන්වීම යටතේයි.

    1976 දෙසැම්බර් 28 දින ඖෂධ සංස්‌ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන තෙක් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදී බදාදා උදෑසනම නැවත කොළඹට දුම්රියෙන් පැමිණෙන්නේ ඖෂධ සංස්ථාවේ රාජකාරී සඳහායි. මෙම කාලයේදී සංස්ථාවේ නිල රථය පවා සේනක බිබිලේ විසින් ප්‍රතික්ෂේප කරනවා
     
    image_1475523092-de77de955b.jpg

    Seneka Bibile

    Murder

    Dr Bibile died in 1977 at Guyana, under mysterious circumstances. The section regarding his death is being consistently removed from Wikipedia by an unknown entity, each time someone updates it.

    අම්මෝ තාමත් සේනක බිබිලේ මැරුණ හැටි wikipedia දැම්මහම නොදන්නා ප්‍රර්ශවයක් එක wikipedia එකෙන් අයින් කරනවා කියලා උන්ම කියනවා.

    https://en.wikipedia.org/wiki/Seneka_Bibile
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    කොළඹ මහ රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර‍ය හා GMOA ටොයිලට් සංකීර්ණය..!

    (ලංකා ඊ නිව්ස් -2019.පෙබ.14, ප.ව.10.30) කොළඹ ජාතික මහ රෝහලේ පසුගිය සති දෙක තුන තුළ හා මෙම සතියේ සිදුවු අතිශය වැදගත් සිදුවීම් දෙකකි.

    ඉන් එකක් වන්නේ වත්මන් රජය විසින් රුපියල් කෝටි 14ක් වැය කර රෝගි සත්කාරක සේවාවන් නැංවීම සදහා මෙරටට ගේවන ලද පෙට් ස්කෑන් යන්ත්‍රය මැෂිම සහිත ඒකකය විවෘත කිරීමයි. පෙට් ස්කෑන් ඒකකය යනු වත්මන් නවීන සුව සේවාවේ අතිශය වැදගත්කමක් සහිත ඒකකයකි.

    මෙම මැෂිම මගින් එක්වර සම්පුර්ණ මානව ශරීරය පරික්ෂාවට ලක් කර පිලිකා ශෛල වර්ධනය වන්නේ නම් ඒ පිළිබද ව කල්තියා හදුනාගෙන ගැළපෙන ප්‍රතිකාර සඳහා යොමු කළ හැකිවේ. සීටී ස්කෑනර් පරීක්ෂාවකින් එවැන්නක් සිදු කළ නොහැකිය. සී ටි මැෂිමකින් කළ හැක්කේ සිරුරේ එක් ස්ථානයක් පමණක් එක්වර ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම පමණි

    කෙසේ වුවද මෙම ඒකකය විවෘත කිරීම මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා ජනමාධ්‍ය ආයතන වෙත ආරාධනය කර තිබුනද අඩු තරමින් එක් ජනමාධ්‍ය ආයතනයක් හෝ සහභාගි වී නොතිබීම විශේෂත්වයකි. අඩු තරමින් රාජ්‍ය මාධ්‍යවත් ඒ සදහා අවශ්‍ය පියවර නොගත් බව එම ඒකකය බාර විශේෂඥ වෛද්‍යවරු කීහ.

    පෙට් ස්කෑන් යන්ත්‍රය රුපියල් කෝටි 14ක් වැනි අතිශය විශාල මුදලක් යොදවා ස්ථාපිත කළ අතර මෙම පරීක්ෂාවක් පුද්ගලික අංශයෙන් සිදු කරන්නේ නම් වැය වන මුදල රුපියල් ලක්ෂ 03 ඉක්මවයි. එමෙන්ම මෙම ඒකකයෙන් මහජනතාවට සිදුවන සේවය සැලකිල්ලට ගෙන ඒ පිලිබඳව මහජනතාවට දැනුම්වත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඒකකය බාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අභිලාශය විය.

    එසේ නැතිව එමගින් තමන්ට පෞද්ගලික ප්‍රචාරයක් ලබා ගැනීමට ඔවුන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොවීය.

    මෙම ඒකකය විවෘත කරන අවස්ථාවට සහභාගි වන ලෙස රෝහලේ අධ්‍යක්ෂ මෙන්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ට ආරාධනය කර තිබුන ද ඔවුන් එක් අයෙක්වත් මෙම අවස්ථාවට සහභාගි නොවීය.

    නමුත් දැනට සති කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෛද්‍යවරු සඳහා වන ආපන ශාලාව හා ටොයිලට් සංකීර්ණය විවෘත කිරීමේ මහෝත්සවයට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් මෙන්ම මාධ්‍ය ආයතන ද සහභාගි වු බව විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම පැවසුහ.

    ඇත්තටම රෝගි සත්කාරක සේවාවන් පුළුල් කිරීම සඳහා ඉවහල් වන පෙට් ස්කෑනර් ඒකකයට වඩා ටොයිලට් සංකීර්ණයක් නිලධාරින්ට හා මාධ්‍යයට වැදගත් වුයේ කෙසේ ද යන්න විමසා බැලිය යුතුය.

    ඇත්තටම මෙවැනි සංවර්ධන ක්‍රියාමාර්ග සදහා මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

    ඊයේ එනම් 2019.02.13 දින අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් අප රටේ ප්‍රථම සුහුරු පාසල Smart School හෙවත් විශ්වෝදා පාසල විවෘත කරනු ලැබීය. මෙම පාසලේ විශේෂත්වය වන්නේ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සියලුම නවීන තාක්ෂණයෙන් එම විදුහල සමන්විත වීමයි. අධ්‍යාපනික තාක්ෂණික වශයෙන් ඉතා වැදගත් ආදර්ශ පාසලක් වශයෙන් එහි ඇති වැදගත්කම සැබවින්ම මිල කළ නොහැකිය.එයට හේතුව නම් වර්තමානයේ ලෝකයේ අධ්‍යාපන ක්‍රියාවලිය තාක්ෂණය හා බද්ධ වෙමින් ක්‍රියාත්මක වන නිසාය. මෙම විදුහල ඉදි කිරීමට රජය රුපියල් මිලියන 350ක් වැය කරනු ලැබීය.

    කෙසේ වුවද රාත්‍රි ප්‍ර‍වෘත්ති ප්‍ර‍චාරයේ දී මම එම පුවත විකාශය කරනු ලැබීය. නවීන තාක්ෂණයෙන් යුත් එම පාසලේ පහසුකම් පිළිබඳව දැක්වෙන රූප රාමු දෙකක් පමණක් ප්‍ර‍දර්ශණය කළ අතර විනාඩි තුනක පමණ ඉතිරි කාලය වෙන්ව තිබුනේ දේශපාලනඥයින්ගේ කතාවලටය. සහභාගි වන මිනිසුන්ගේ මුහුණු වරින්වර පෙන්වමින් තෙවරක්ම රිපීට් කරමින් විකාශය විය.

    ජනතාවට වැදගත් වන්නේ දේශපාලනඥයින්ගේ කතා හෝ මුහුණු නොවේ. සැබවින්ම එම පාසලේ දර්ශන, පුවත් විකාශයේ දී ඇතුළත් කළා නම් එම ප්‍ර‍වෘත්තිය සාර්ථක වන්නට හෝ සංවර්ධන පණිවුඩය ජනතාව අතරට යාමට ඉඩකඩ තිබිනි.එහෙත් එය වළක්වමින් කටයුතු කළ ආකාරය හා ප්‍රවෘත්ති සංස්කරණය කර තිබු ආකාරය සැබවින්ම හිතා මතාම කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බව මගේ විශ්වාසයයි.

    ඒ සම්බන්ධව රූපවාහිනියේ ඉහළ පුටුවල සිටින බලධාරින් සිතා බැලිය යුතුය.

    කෙසේ වුවද මේ රජයේ සංවර්ධන වැඩ සටහන් අපේ සමහර ජනමාධ්‍යයට අරහන් බව පෙනේ. මහින්දගේ බත් බැලයන්ගේ ටොයිලට් එකත් උළුප්පා පෙන්වන මාධ්‍යයට පෙට් ස්කෑනර් යන්ත්‍ර‍ ඒකකය සත පහකට වැඩක් නැත. ඒකට හේතුව ඒක රනිල්ගේ ආණ්ඩුවේ වැඩක් වන හෙයිනි.

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව යැයි පැවසිය යුත්තේ ඒ නිසාය.

    විශේෂ ලියුම්කරුවෙක් විසිනි
    https://lankaenews.com/news/8944/si
     
    • Like
    Reactions: SuperX

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොනව උනත් රජිතය ඔකට නම් ලොකු ගෙමක් දුන්න තමා
    ගොඩක් ඩොකා ලා මිනිහට කැමතිම නත්තෙ ඔක නිසා කලින් පනින එවට ප්‍රිවට් ගිහින් ලෙඩ්ඩු හුරතල් කරන එවා අමරු උනෙ රජිතය නිසා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉන්දියාවේ අමුතු දොස්තරලා:shocked:

    36289911_886627964854119_1155584732222717952_n.jpg



    මා කලක් ඉන්දියාවේ ගත කරන සමයක සුලු රෝගී තත්වයක් හේතුවෙන් ප්රාන්ත රෝහලකට ඇතුල් උනෙමි.හෙදියක් හෝ රෝගියෙක් සොයා ගැනීමට ඉතා අපහසු වූ අතර අoගසම්පූර්ණ විශාල ගොඩනෑගිල්ල පාලුවට ගොස් තිබුණි. කෙලවර කුඩා බන්කුවක පත්තරයක් කියවමින් සාමාන්ය සෙරෙප්පු හැදි පුද්ගලෙයෙකු දුටු මා "දොස්තර කොහිදෑයි” ඇසුවෙමි. "මම තමයි දොස්තර "ඔහු පිලිතුරු දුණි.මා මවිතයට පත් වූයේ ලන්කාවේ දොස්තරලාත් සමග සන්සන්දනය කිරිම මගිනි . ඊලගට මා මෙහි රොගීන් නැත්තේ ඈයිදෑයි කියා ඇසුවෙමි .
    "ඈයි? ලෙඩවෙන්නද ආස ? " එම්.බි.බි.එස් උපාදියක් හිමි දොස්තරගේ පිලිතුර එය විය. ලොව 2වන වැඩිම ජනගහනයක් හිමි රටේදී විදි මේ සිදුවීම මට කිසිදා අමතක නොවේ. ඇත්ත වශයෙන්ම යම් වෙදකමක් සත්යයක්නම් රෝහල් හිස්වී යායුතු බව මට පසක් වුනේ එවිටය.
    ඉන්දියාවේ රොගින් ගනන ඉහල මට්ටමක තිබුනද ප්රතිශතයක් ලෙස එය ඉතා ඉහල මට්ටමකින් නොමෑතිවී තිබිය යුතුය . වසන්ගත තත්වවලදී රෝහල් පිරේ..එය සාමාන්ය තත්වයකි. මත්පෑන් බොන්නන් කොහොමත් කොයිරටෙත් ලෙඩ්ඩුය.
    මෙරට දොස්තරවරු යනු කවුරුන්දෑයි මට ඉගෑන්නුවේ එම සෙරෙප්පු හැදි පත්තරයක් කියවමින් සිටි දොස්තරය .

    ලන්කාවේ දොස්තරලා ව්යාපාරිකයින්ය . බිස්නස් යනු බිස්නස් ය . රොගින් නොමෑති වුනොත් බිස්නස් කර හමාරය.ඒ නිසා ලෙඩ්ඩු සම්පූර්ණයෙන් සනීප නොවි සිටිය යුතුය .නැතිනම් වෙනත් අතුරු ආබාද සෑදෙන ආකාරයේ බෙහෙත් දී සනීප කලයුතුය . ඖෂධ විකුනාගෑනීම සදහා දොස්තරවරු තම ගරුත්වය පාවාදී ඇත . මා දිනක් ලන්කාවේ ඩිස්පෙන්සරියකට ගියේ බඩේ අමාරුවකටය .එහිදි පෙති කරල් හත් අට වර්ගයක්ම ලබා දුණි. මිලද ඉතා සැරය .මාගේ නෑදෑ අයකුවන දොස්තරවරයෙකුගෙන් මේ දුන් බේත් ගැන ඇසීමෙන් ඔහු පැවසුවේ ඔය ලෙඩේට ඔතරම් බෙහෙත් ගොඩක් අනවශ්ය බවය . ඔතනින් පෙති කරල් 2 වර්ගයක් පමණක් රෝගය සනීප වීමට ප්රමානවත් බව ඔහුගේ නිර්දේශයයි . මේ එක් සරල උදාහරණයක් පමණි.
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    ඖෂධ සමාගම් සහ විස ආහාර විකුණන බහුජාතික සමාගම් සහ වෙනත් මත්දව්ය සමාගම් අතර යටින් ඩීල් තිබෙනවා විය යුතුය . ඔවුන්ට දුප්පත් රටක දේශපාලකයින් අල්ල ගෑනීම එතරම් ගේමක් නොවේ.. මෙය ලෝක මට්ටමින් ක්රියාත්මක වන මාෆියාවකි. මෙරට රජයේ දුර්වලකමද මීට එක් හේතුවකි

    රට්ටු විසින් නිර්මාණය කර දුන් ගෞරවයට මුවා වී මෙරට දොස්තරවරුන් කරන මේ ජාවාරමට තිත නොතැබුවොත් රටේ ජනතාවගේ ජීවිත අනතුරේය...

    අද බටහිර ඩොකෙක් වීමද ෆාමසියක් කිරිමද සසර පලදෙන මහා පාපකර්මයකට හේතු වී ඇත ..:yes:

    :angry::angry::angry::angry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Rajitha handle a businesses but he has a big game with MOs monopolies & drug companies.

    I’ve heard that too. This guy seems to be a businessman. That’s why Anura Bandaranaike filed a case against him sometimes back. Therefore cannot trust this guy anyway.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    ලංකාවේ Pharmaceutical /Consumable / Dietary supplement (Medical related) industry එකේ වර්තමාන monthly sales තත්වය

    හේමාස් 1.5 Billion
    බවර්ස් 950M ( 350M from Sustagen)
    සන්ෂයින් ( වටවල ) 750M
    එමාචෙමි 700M


    ලාංකික නිෂ්පාදකයෝ

    Akbar , JL Morrison ( Hemas group) , Pharma associates , Glaxo, Astron, Gamma pharma, New pharmacy, Aleris
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    Medical Devices ප්‍රමුඛ සමාගම් over 1 Billion sales per year

    Technomedic ( Nextgen , Meditechnology, Eurovision ,LUSH ,............)
    Analytical instruments ( Biomedica, Surgicare.......)
    Mediequiment pvt ltd
    Access Healthcare
    Hemas

    500M - 1B companies
    TMI Solutions
    B Braun
    Hayleys
    Premium International
    Sunshine
    JL Morrison (Hemas Group)

    500M- 1B companies

    TMI Solutions
    Baurs
    MG Medical
    Shield Healthcare
    Hemsons
    Mervinsons
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    SPC Story 1

    ලංකාවේ ලොකුම බෙහෙත් සහ පාරිබෝගික ශල්‍ය ද්‍රව වෙළඳපල හසුරුවන්නා වන SPC 100% රජයේ ආයතනයකි.

    වෙද දෙවියෙකු වන මහදුරු සේනක බිබිලේ තනි උත්සාහයෙන් ගොඩ නැගූ මෙයින් ප්‍රතිලාබ ලබන්නේ ඔබ මා වැනි දුප්පත් රෝගීන් පමණක් නොවේ.

    අයුතු ලෙස එකෙන් ලාභ ලබන ප්‍රධාන පුද්ගලයින් බොහොමයකි.

    1.Secretaries of President (Changing the tender decisions)
    2.Health Minister & His clans (Changing the tender decisions)
    3.Ministry Directors & Doctors (Changing the tender decisions , create a demand, create a shortage, avoid local manufactures, delaying the process)
    4.Members of Technical Evaluation committees (Selecting Favorable companies)
    5.Medical Supply Division (Top Positions - Peon ) -( Provide wrong reports about demand & supply, Shortage create a demand for stock available suppliers,Local purchasing scams, hidden quality failures & returns, Quality checking random sample changing )
    6.Company managers & representatives (Bribing)
    7.Hospital Pharmacists & staff (Wrong reports, delay about the drug failures reporting)
    8.SPC outlet managers - All staffs , Peons ( Local purchasing scams)
    9.Medical Laboratory technicians (MLTs) - (Waste chemicals for PP, Miss use, Steeling , hide quality failures )
    10.Custom related Government Officers - ( Bribing for shipment related problems)
    11. SPC stores managers ( Steeling, wasting by rain/moisture , missed storing practices)
    12. Drug registration authorities - ( Quack registrations for Ministry clans , friends from drug companies , quality checking scams)
    13.Environment authority staff ( Disturbing to local manufactures as per the guidence from importers)
    14.Puttalam Holcim company ( expired drug disposing /burning )

    detail descriptions soon ......



     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    මේ ගැන මීට කලින් කිරියේ වෙන​කෙනෙකුත් කතා කරලා තියනව මම දැක්කා.

    චැනලින් සෙන්ටර්වලින් උබලා බෙහෙත් අරන් තියනවද​? පොඩි උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් පෙති 10කට වැඩිය දෙනවා. තව ෆාමසියෙන් ගන්නත් මොකක් හරි ලියලා දෙනවා. ඒත් ඒ ලෙඩේටම හන්දියේ ඉන්න ඩොකාගෙන් බෙහෙත් ගත්තොත් එයා දෙන්නේ පෙති 4ක් වගේ පොඩි ගානක්. මෙතනත් මොකක් හරි අවුලක් තියනවා මචන්. චැනලින් සෙන්ටර්වල දොස්තරලා පෙති ජාති ගොඩක් දෙන්නෙ ඇයි? අනිත් දේ තමයි ඒ තැන්වලින් පොඩි උණකටත් amoxicillin 500mg කරල දෙනවා. ෆාමසියේ වැඩ කරන අය කියනවා මේක පොඩි පොඩි ලෙඩවල්වලට බොන්න එපා කියලා. අනිත් දේ තමයි මේ කරල​ පොඩි උන්ටත් දෙනවලු. මේවගේ තව බෙහෙත් ජාති ගොදක් ගැන මත ෆාමසියක වැඩ කරන කෙනෙක් කිව්ව බන්.:(


    මේවා ගැනත් හොයන්න ඕනි බන්

    lankawe doctorsla hena sera antibiotic denawa giya gaman.