මේ වර්තමානය වන විට රටේ ආර්ථික/ මුල්‍යමය තත්වය අනුව ආයේ කතා දෙකක් නෑ මහජන බැංකුවට හරි ලංකා බැංකුවට හරි සල්ලි දාපං. ආයේ වෙන කියන්න දෙයක් නෑ.

ඔය දෙකේ ඉන්න උන්ට කියපන් මිනිස්සුන්ට සුහදශීලී විදියට ඉන්න කියල. උන් නිකන් උන්ගේ සල්ලි ගන්න යනව වගේ ඉන්නේ...![]()
අත්ද්කීමෙන් කියන්නේ බැංකු සීයකට දැම්මත් වැඩක් නෑ උබ withdraw කරනවා නම්
සම්පත් බැංකුව හොදය. doble s එකේ පොලිය පොඩ්ඩක් වැඩි. එත් saving තියල වැඩක් නෑ
සල්ලි 25,000 එකතු වෙනකොට BOC / NSB වගේ බැංකුවකට ගෙනිහින් FD දාපන් පොඩ්ඩ පොඩ්ඩ.. කාලයක් යානකොට ඉබේ එකතු වෙලා තියේ
මේකත් හිතල බලපන්
1) මාසේ වියදම බස් වියදමේ ඉදන් මාස 2- 3 ලියපන්. එතකොට වැඩියෙන් වියදම් වෙන්නේ මොකටද කියල තෙරෙය් උබට
2) මාසෙට බැංකුවෙන් සල්ලි ගන්න වාර ගණන මාසේ මුල තීරණය කරලා ඒ ගානට මැනේජ් කරපන්
3) 2 වැනි ක්‍රමේට බැරි නම් දවස් 3 - 4 කට වරක් සල්ලි ගානින් ගාන plan කරලා
මේ වර්තමානය වන විට රටේ ආර්ථික/ මුල්‍යමය තත්වය අනුව ආයේ කතා දෙකක් නෑ මහජන බැංකුවට හරි ලංකා බැංකුවට හරි සල්ලි දාපං. ආයේ වෙන කියන්න දෙයක් නෑ.

මචංලා..මගේ පඩිය දැනට එන්නේ HNB ගිණුමකට. ඒකෙම තිබ්බොත් වියදම් වෙනවා තේරෙන්නේ නෑ![]()
ඒ නිසා මම බැලුවේ අලුත් account එකක් වෙන බෑන්ක් එකක හදලා මාසෙට ගානක් දාන්න.
පොඩ්ඩක් කියපං පොලිය benefits එහෙම හොද මොන ඒවගේද? විස්තර ටිකක් දාපං අත්දැකිම් එක්ක
ලංකාව ඇතුලෙ මොන බැංකුවෙ සල්ලි දැම්මත් දැන් Tax & Hidden Charges ගොඩයි. මගෙ Accounts තියෙන්නේ HNB එකේ. ඒකට අදාලව මට වැදිලා තියෙන චාර්ජස් මෙහෙමයි.
01. Savings A/C එකෙන් අනිවා With Holding Tax වදිනවා 5%. (එකවුන්ට් එකේ තියෙන සල්ලි වලින් නෙවෙයි, ඒ සල්ලි වලට හම්බෙන පොලියෙන් 5%ක් රජයට ගන්නවා. මේක හැම බැංකුවකම ගන්නවා)
02. Savings Minimum Balance Rs.3000/- maintain කරේ නැත්තන් මාසෙට රු.20ක් වගේ Service Charge එකක් යනවා.
03. Current A/C එකේ Minimum Balance Rs.10,000/- නැත්තන් රු.200ක් වගේ සර්වස් චාර්ජ්.
04. චෙක් රිටන් වලට රු.2000ක් වගේ කැපෙනවා. හැබැයි HNB නමි ගොඩක් වෙලාවට චෙක් එක රිටන් කරන්න කලින් කතා කරලා කියනවා උදේ 10ට කලින් සල්ලි දාන්න කියලා.
05. ATM එකෙන් සල්ලි ගන්න එකට රු. 5ක් කැපෙනවා. කවුන්ටර් එකෙන් සල්ලි ගන්න එකට රු.15ක් කැපෙනවා. (රු. ලක්ෂ 2ට අඩුනම්)
HNB එකේ ස්ටාෆ් එක ගොඩක් හොඳයි. Peoples & BOC නම් වැඩක්ම නෑ. Sampath එකෙත් ටිකක් හොඳයි.