Bank Help

Bank

  • Total voters
    47
  • Poll closed .

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචංලා..මගේ පඩිය දැනට එන්නේ HNB ගිණුමකට. ඒකෙම තිබ්බොත් වියදම් වෙනවා තේරෙන්නේ නෑ :angry: :P ඒ නිසා මම බැලුවේ අලුත් account එකක් වෙන බෑන්ක් එකක හදලා මාසෙට ගානක් දාන්න.

    පොඩ්ඩක් කියපං පොලිය benefits එහෙම හොද මොන ඒවගේද? විස්තර ටිකක් දාපං අත්දැකිම් එක්ක
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    මේ වර්තමානය වන විට රටේ ආර්ථික/ මුල්‍යමය තත්වය අනුව ආයේ කතා දෙකක් නෑ මහජන බැංකුවට හරි ලංකා බැංකුවට හරි සල්ලි දාපං. ආයේ වෙන කියන්න දෙයක් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,787
    31,589
    113
    මේ වර්තමානය වන විට රටේ ආර්ථික/ මුල්‍යමය තත්වය අනුව ආයේ කතා දෙකක් නෑ මහජන බැංකුවට හරි ලංකා බැංකුවට හරි සල්ලි දාපං. ආයේ වෙන කියන්න දෙයක් නෑ.

    ඔය දෙකේ ඉන්න උන්ට කියපන් මිනිස්සුන්ට සුහදශීලී විදියට ඉන්න කියල. උන් නිකන් උන්ගේ සල්ලි ගන්න යනව වගේ ඉන්නේ... :P
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ඔය දෙකේ ඉන්න උන්ට කියපන් මිනිස්සුන්ට සුහදශීලී විදියට ඉන්න කියල. උන් නිකන් උන්ගේ සල්ලි ගන්න යනව වගේ ඉන්නේ... :P

    උබේ දක්ෂකම බැංකුව යාලු කරගෙන, නම්මා ගෙන උබේ වැඩේ කරගන්න එක. උබේ චෙක් එකක් ආවත්, බැංකුවෙන් උබට කෝල් කරලා පාස් කරන්නද කියලා අහන තත්වෙට පත්කරගනින්...(එකවුන්ට් එකේ සල්ලි නැතත්)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    අත්ද්කීමෙන් කියන්නේ බැංකු සීයකට දැම්මත් වැඩක් නෑ උබ withdraw කරනවා නම්
    සම්පත් බැංකුව හොදය. doble s එකේ පොලිය පොඩ්ඩක් වැඩි. එත් saving තියල වැඩක් නෑ
    සල්ලි 25,000 එකතු වෙනකොට BOC / NSB වගේ බැංකුවකට ගෙනිහින් FD දාපන් පොඩ්ඩ පොඩ්ඩ.. කාලයක් යානකොට ඉබේ එකතු වෙලා තියේ

    මේකත් හිතල බලපන්

    1) මාසේ වියදම බස් වියදමේ ඉදන් මාස 2- 3 ලියපන්. එතකොට වැඩියෙන් වියදම් වෙන්නේ මොකටද කියල තෙරෙය් උබට
    2) මාසෙට බැංකුවෙන් සල්ලි ගන්න වාර ගණන මාසේ මුල තීරණය කරලා ඒ ගානට මැනේජ් කරපන්
    3) 2 වැනි ක්‍රමේට බැරි නම් දවස් 3 - 4 කට වරක් සල්ලි ගානින් ගාන plan කරලා
     
    Last edited:

    thanx mchn
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මොකෙට ආවත් කැපිල වෙන බන්කුවක පොලිය වැඩි එක්කට යන්ඩ STANDING ORDER එකක් දීපන්.මගෙ යන්නෙ BOC Smart invester ගිනුම් දෙකකට.

    තව Money lover කියල app එකක් තියේ expence & income රෙකෝඩ් කරන්ඩ පුලුවන් .මට හම්බුන සුපිරිම app එකක් .ඕක use කරල රුපියලක් වියදම් කරත්
    App eke record එකක් දාපන් ලේසි app ekak use කරන්ඩ.අන්තිමට ඒකෙ අපේ වියදම් review කරල බලන්ඩ පුලුවන් .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේ වර්තමානය වන විට රටේ ආර්ථික/ මුල්‍යමය තත්වය අනුව ආයේ කතා දෙකක් නෑ මහජන බැංකුවට හරි ලංකා බැංකුවට හරි සල්ලි දාපං. ආයේ වෙන කියන්න දෙයක් නෑ.

    උබ මාර කතාවක් නේ කියන්නේ රටේ ආර්ථික හා මුල්‍ය තත්වය නිසා ලංකාවේ තියෙන විශාලම වත්කම් තියෙන පවුද්ගලික බැංකු ටික කඩා වැටුනොත් ඉතින් අනිත් පවුද්ගලික ආයතනත් ඒවා එක්කම කඩා වැටෙයි නේ , එතකොට ලංකාවේ 90% කගේ රැකියා අනතුරේ . අදායම් බදු නැතුව රජයත් අනතුරේ එතකොට රාජ්‍ය බැංකු ටික විතරක් යහතින් තියෙයි කියල හිතන්ඩ ඉන්නේ .:lol:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    මචංලා..මගේ පඩිය දැනට එන්නේ HNB ගිණුමකට. ඒකෙම තිබ්බොත් වියදම් වෙනවා තේරෙන්නේ නෑ :angry: :P ඒ නිසා මම බැලුවේ අලුත් account එකක් වෙන බෑන්ක් එකක හදලා මාසෙට ගානක් දාන්න.

    පොඩ්ඩක් කියපං පොලිය benefits එහෙම හොද මොන ඒවගේද? විස්තර ටිකක් දාපං අත්දැකිම් එක්ක

    SPERM bank eke dapan
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බැංකු වල පොලිය අඩුයි. ඒ හින්දා ධම්මික පෙරේරගෙ ෆයිනෑන්ස් කම්පැනි එකක FD දාන්න මාස තුනෙන් auto renew වෙන්න.
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ලංකාව ඇතුලෙ මොන බැංකුවෙ සල්ලි දැම්මත් දැන් Tax & Hidden Charges ගොඩයි. මගෙ Accounts තියෙන්නේ HNB එකේ. ඒකට අදාලව මට වැදිලා තියෙන චාර්ජස් මෙහෙමයි.

    01. Savings A/C එකෙන් අනිවා With Holding Tax වදිනවා 5%. (එකවුන්ට් එකේ තියෙන සල්ලි වලින් නෙවෙයි, ඒ සල්ලි වලට හම්බෙන පොලියෙන් 5%ක් රජයට ගන්නවා. මේක හැම බැංකුවකම ගන්නවා)

    02. Savings Minimum Balance Rs.3000/- maintain කරේ නැත්තන් මාසෙට රු.20ක් වගේ Service Charge එකක් යනවා.

    03. Current A/C එකේ Minimum Balance Rs.10,000/- නැත්තන් රු.200ක් වගේ සර්වස් චාර්ජ්.

    04. චෙක් රිටන් වලට රු.2000ක් වගේ කැපෙනවා. හැබැයි HNB නමි ගොඩක් වෙලාවට චෙක් එක රිටන් කරන්න කලින් කතා කරලා කියනවා උදේ 10ට කලින් සල්ලි දාන්න කියලා.

    05. ATM එකෙන් සල්ලි ගන්න එකට රු. 5ක් කැපෙනවා. කවුන්ටර් එකෙන් සල්ලි ගන්න එකට රු.15ක් කැපෙනවා. (රු. ලක්ෂ 2ට අඩුනම්)

    HNB එකේ ස්ටාෆ් එක ගොඩක් හොඳයි. Peoples & BOC නම් වැඩක්ම නෑ. Sampath එකෙත් ටිකක් හොඳයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මගෙත් තිබ්බා HNB එකක්. . මාසෙකට ලක්ශ 5ක් විතර ගනුදෙනුත් වුනා. .
    මන් එකවුන්ට් එක ඕපන් කරද්දි මුන් 50000ක් සේවින්ස් එකක හෝල්ඩ් කරන් හිටියා කරන්ට් එකවුන්ට් එකට කියලා. .
    මාස 6කට පස්සෙත් මුන් හෝල්ඩ් එක අයින් කලේ නෑ ඇහුවම කිව්වා කරන්ට් එකවුන්ට් එක තියෙනකල් සේවින්ස් එකේ 50000 හෝල්ඩ් කරන් තියෙනවා කියලා. .

    පස්සේ උන්ට උකාගනින් කියලා කරන්ට් එකයි, සේවින්ස් එකයි දෙකම වැහුවා. .