අපේ උන්?

වැරදි කරන උන් කොහොමද ඔහොම generalize කරන්නේ? හැම ආගමකම, ජාතියකම, රටකම වැරදි කරන උන් ඉන්නවා බන්, අපේ උන් විතරක් නෙවේ. ජපානේ ගිහින් වාහනයක් හොරකම් කරපු එකම එකා ලංකාවේ එකෙක් විතරද? වෙන එහෙ ගිහින් වැරදි කරපු එවුන් නැද්ද?
ලංකාවේ එවුන් එහෙ ගිහින් වැරදි විතරද කරන්නෙ? එතකොට එහෙ ගිහින් වැදගත් විදිහට තමන්ගෙ රස්සාව කරගෙන ඉන්න උන් නැද්ද? Logan Paul ජපානේ ගිහින් කරපු විඩීයේ එකට ලෝකෙම උන් බැන්නා,
හැබැයි කවුරුවත් ඇමරිකන් කාරයෝ ඔහොමමයි කියලා generalize කරාද?
හොඳට බලපන් මේ පෝස්ට් එකේ ටයිට්ල් එක, හරියට මේ ලංකාවේ උන්ට විතරක් සිංහලෙන් විතරක් දැන්වීම් දැම්මා වගේ පෙන්නන්න තමා ට්රයි කරලා තියෙන්නේ, ඇත්ත කතාව මේක සිංහලෙන් විතරක් නෙවේ තව ගොඩක් භාෂා වලින් දාලා තියෙනවා. හොඳට බලපන් අර නිල් පාට බොක්ස් එකේ තියෙන එකත් කියවලා. අර උඩින් තියෙන්නෙ Filipino වලින් එකම දැන්වීම
මට තියෙන ප්රශ්නේ ඇයි අපේ උන් අපිවම මේ විදිහට නරකයි කියලා හංවඩු ගහගන්නේ? 
පොඩ්ඩක් ලෝකේ වෙන අනිත් රටවල් වල වෙන නීති විරෝධි දේවල්, අසම්මත දේවල් ගැන හොයලා බලපන්, ලංකාව හොඳයි කියලා හිතෙයි.
සුළු පිරිසක් කරන වැරදි වලට මුළු ජාතියකටම ඇඟිල්ල දික් කරන එක සාදාරන නෑ.