පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් ක&#354

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් ක&#354

    ලොවටම ශීලාචාරකම, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වගවීම හා යහපාලනය උගන්වන හා ඒවා කි‍්‍රයාත්මක කරන්නට යැයි බල කරන ඇමෙරිකා එක්සත් ජනපදය - දේශපාලන වශයෙන් අප පහසුවට ‘‘ඇමෙරිකාව’’ යැයි කියන්නාවූ රට, ඔවුන්ගේම ධර්ම දේශනාවන්ට එරෙහිව කටයුතු කරන අශීලාචාර රාජ්‍යයක් යැයි නැවත නැවතත් ඔප්පු කරන්නාවූ රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ එකඟත්වයෙන් හේග් නුවර පිහිටුවා ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඇෆ්ගනිස්ථානයේ සිවිල් ජනයා ඝාතනය කිරීම පිළිබඳව ඇමෙරිකාවට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කළ යුතු යැයි පසුගිය සතියේ තීන්දු කළ විට, එවැන්නකට කිසිදු ඉඩක් නොදෙන්නේ යැයි ජනාධිපති ට‍්‍රම්ප් ගේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මාධ්‍යයට කීවේය. එය ඇමෙරිකානු නීතියට අත පෙවීමක් යැයි කියූ පොම්පියෝ හේග් නුවර අධිකරණයේ් කිසිදු පරීක්ෂකයෙකුට ඇමෙරිකාවට ඇතුළු වන්නට වීසා නොදෙන්නේ යැයි පැවැසීය. එපමණක් නොව, ඇමෙරිකාවේ මිත‍්‍ර රාජ්‍යයක් වන ඊශ‍්‍රායලයට එරෙහිවද පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන්නේ යැයි මාධ්‍යයට කියූ රාජ්‍ය ලේකම් පොම්පියෝ, අවශ්‍ය වුවහොත් හේග් අධිකරණයට එරෙහි ආර්ථික සම්බාධක වුව පැනවීමට සූදානම් යැයි කීවේය.

    මැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරුමයෙකු වන මේ ඇමෙරිකාව අපේ රට වගවීම් සහිත මානව හිමිකම් සුරකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කිරීමට විශේෂ උත්සාහයක නිරත වන්නෙකි. ඒ වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් කළ යෝජනා වලට අමතරව ඔවුහු ලංකාව වෙනුවෙන් තව බොහෝ දේ කරති. රාජපක්ෂ පාලනය ඉවත් කරගත් පසු චීන මැදිහත්වීම් අවම කර ගැනීමට මේ ආණ්ඩුව වෙනුවෙන් ඔවුන් එසේ කළ යුතුය. ඇමෙරිකානු රාජ්‍ය වෙනුවෙන් විදෙස් රටවල ව්‍යාපෘති සඳහා මුදල් ආධාර ලබා දෙන නිල ඒජන්සිය ‘‘යූ.එස්.ඒඩ්.’’ සංවිධානය වේ. ඔවුහු ලංකාවේද ප‍්‍රජා මට්ටමේ සහ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන මට්ටමින් බොහෝ ව්‍යාපෘති සඳහා ආධාර කරති. ඒවාට වඩා මඳක් වෙනස් රාජ්‍ය ප‍්‍රතිපත්ති අලූතින් සකස් කෙරෙන ආකාරයේ විශේෂ ව්‍යාපෘතියක් වෙනුවෙන් ‘‘යූ.එස්.ඒඩ්.’’ සංවිධානය 2016 ඔක්තෝබරයේදී මලික් සමරවික‍්‍රම ඇමැතිගේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය සමග ගිවිසුමකට අත්සන් තැබුවේය. ඇමෙරිකානු ඩොලර මිලියන කොතෙක්දැයි සඳහන් නොවන එම ව්‍යාපෘතිය, ‘‘ලංකාවේ ආයෝජන වේගවත් කිරීමට සහයදීම’’ නම් සිව් අවුරුදු ව්‍යාපෘතියකි. ‘‘යූ.එස්.ඒඩ්’’ සංවිධානය වෙනුවෙන් එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ ආයතනය ලෙස ගිවිසුමෙහි නම් වන්නේ කෙමොනික්ස් ජාත්‍යන්තර සමාගම නම් ඇමෙරිකානු සමාගමකි. එහි එක් ප‍්‍රධාන කාර්යක් වනුයේ ශී‍්‍ර ලංකාවේ කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය කිරීමය.

    ආයෝජකයන් ආකර්ෂණය කිරීමේදී ලංකාවේ කම්කරු නීති පරාසය බරපතළ අවාසියක් යැයි ඒවා සංශෝධනය කිරීමට ව්‍යාපාර ලෝකයේ බලසම්පන්නයන් කලෙක සිට ආණ්ඩුවලට බලපෑම් කළහ. ඊට අමතරව කම්කරු නීති අණ පනත් 53 ක් ඇතැයිද ඒවායේ වැදගත් කාරණා ආයෝජකයන්ගේ පහසුවට තනි උපදේශන ලේඛනයකට ලිවිය යුතු යැයිද යෝජනා තිබිණ. මේ වික‍්‍රමසිංහ ආණ්ඩුව ඇමෙරිකානු ‘‘යූ.එස්.ඒඩ්.’’ සංවිධානය සමග වැඩි ඝෝෂාවක් නැතිව සහ තොරතුරු කිසිවක් ප‍්‍රසිද්ධ නොකර අත තියා ඇත්තේ ආයෝජකයන් වෙනුවෙන් එවැනි කම්කරු නීති ප‍්‍රතිසංස්කරණයකටය. ‘‘යූ.එස්.ඒඩ්.’’ සංවිධානය 2017 දී කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය සඳහා ඔවුන් යෝජනා කරන්නාවූ නීති රාමුව ඉදිරිපත් කෙරුවේ කම්කරු අමාත්‍යාංශයට නොව, සමරවික‍්‍රම ඇමැතිවරයාගේ සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශයට ය. එහෙත් එයට සේවක විරෝධතා ඉදිරිපත් විය හැකි යැයි ඔවුන් අනුමාන කළ හෙයින් කල් තියා එම විරෝධතා සමනය කර ගැනීමට කම්කරු අමාත්‍යාංශය හරහා වෘත්තීය සමිති එක`ගත්වය ලබා ගැනීමට උත්සාහ ගනු ලැබුවේය. එය අසාර්ථක වූයෙන් ‘‘යූ.එස්.ඒඩ්.’’ සංවිධානයත් ආණ්ඩුවත් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව පෞද්ගලික නීති උපදේශකයන් දෙදෙනකු සමග නව කම්කරු පනත කෙටුම්පත් කර ඇත. එය හඳුන්වන්නට උත්සාහ දරන්නේ සියලූ කම්කරු අණ පනත් එක් කෙරුවක් ලෙසින් ය.

    පසුගිය 13 වන බදාදා ජාත්‍යන්තර කම්කරු සංවිධානය කොළඹ පැවැත්වූ උත්සවයකදී අගමැති වික‍්‍රමසිංහගේ සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉඟි කිරීම් එවැනි විය.

    තවමත් කිසිදු සාකච්ඡාවකට ඉදිරිපත්කර නොමැති ‘‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’’ නමින් වන එම කෙටුම්පත, දැනට බලාත්මකවන කම්කරු නීති පනත් 53 ම අහෝසි කර හාම්පුතුන්ට අවශ්‍ය අයුරු ලියවුණකි. ඒ අනුව මේ පනත් කෙටුම්පත කි‍්‍රයාත්මක කෙරෙන දින සිට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතතාවට අදාළ පොදු කොන්දේසි ඇතුළත් පඩි පාලක සභා පනත සහ සාප්පු හා කාර්යාල පනත අහෝසි වන්නේය.

    විවිධ කාර්මික හා සේවා ක්ෂේත‍්‍ර වෙනුවෙන් පඩි පාලක සභා 44 ක් දැනට කි‍්‍රයාත්මක වන්නේය. කම්කරු අමාත්‍යාංශය විසින් පඩි පාලක සභා පිහිටුවීමේදී නිවැරදි නියෝජන ඊට ඇතුළත් නොකිරීමේ ප‍්‍රශ්න ඇත. එහෙත් පඩි පාලක සභා යනු අවම වැටුප තීන්දු කිරීමේ පාලක සභා පමණක් නොවේ. මාසික වැටුප ගණනය කිරීමත් සේවක පත්වීම් පිළිබඳ මූලික හා අවම කොන්දේසි නියම කිරීමත් වැඩ කරන සතිය හා පැය ගණන තීන්දු කිරීමත් සේවකයන්ට හිමි නිවාඩු ගණනය කිරීමත් පෞද්ගලික අංශයට අයත් වෙළෙඳ නිවාඩු දින ගැසට් කිරීමත් පඩි පාලක සභා සතු නෛතික වගකීම් ය. සාප්පු හා කාර්යාල පනත යටතේ නියම කෙරෙන එවැනි නීතිමය වගකීම් සමූහයක්ද ඇත. ඒ සියල්ල විසින් ඉටු කරන්නාවූ වැදගත්ම කාරණාව වන්නේ රැකියාවේ සුරක්ෂිතතාව සහතික කිරීම වේ. මේ පනත් දෙක සමග කාර්මික ආරවුල් පනත සහ සේවා අවසන් කිරීමේ පනත කාර්මික ආරවුල් නිරාකරණය කිරීමේදී සේවකයන්ට අගතියක් නොවන සේ පියවර ගැනීමට කම්කරු දේපාර්තමේන්තුව සතු නීතිමය ප‍්‍රතිපාදනයන් ය.

    දැනට තම සේවකයන්ගේ සේවා කොන්දේසි තීන්දු කිරීමේදී පඩි පාලක සභා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ විධිවිධාන අභිභවා හෝ ඒවා උල්ලංඝනය කෙරෙන ආකාරයෙන් කොන්දේසි හැදීමට හාම්පුතුන්ට බලයක් අයිතියක් නැත. එනමුත් සියල්ල තනි නීතියක් බවට කෙටුම්පත්කර ඇතැයි පැවැසෙන මේ යෝජිත නව පනතින් මෙතෙක් කි‍්‍රයාත්මක පනත් මුළුමනින් අහෝසි කෙරෙන හෙයින් ඉතිරි වන්නේ හාම්පුතාගේ කොන්දේසි පමණය. සේවා කොන්දේසි තීන්දු කිරීමේ සම්පූර්ණ බලය හා නීතිමය අයිතිය හාම්පුතාට එමගින් ලබා දෙන හෙයිනි.

    ඔවුන්ගේ තර්කය වන්නේ කිසියම් පුද්ගලයෙකු රැකියාවක් භාර ගැනීමේදී හාම්පුතා සමග එළැඹෙන එකගත්වය ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ කොන්දේසි තීන්දු කරන බවත් එය අන්‍යෝන්‍ය එකඟත්වය මත සිදුවන්නක් බවත් එබැවින් එය නීතිමය වශයෙන් වලංගු විය යුතු බවත්ය. එහෙත් මේ විවෘත ආර්ථික ක‍්‍රමයෙහි අසීමිත ලාභයක් ලැබීම ආයෝජනයේ එකම අරමුණ වන කල්හි, එවැනි හාම්පුතුන් අත රැකියා සැපයීම තිබියදී රැකියාවක් සොයන්නකු රැකියාව භාර ගන්නේ කොන්දේසි පිළිබඳ එකඟත්වයක් මත නොව, ජීවත් වන්නට ආදායමක් අවශ්‍ය හෙයිනි. එවැනි තනි පුද්ගලයන්ට රැකියාවේ කොන්දේසි තනි තනිව කේවල් කිරීමේ කිසිදු ඉඩක් ඇත්තේ නැත.

    හාම්පුතාගේ කොන්දේසි රැකියාවේ නීතිමය කොන්දේසි බවට පත් කෙරෙන්නේ වසරක කාලයකට ය. අනතුරුව එම කොන්දේසි අවශ්‍ය පරිදි අලූත් කළ හැකියැයි කියූවට එයද හාම්පුතාගේ අභිමතයට සිදුවනු ඇත. මෙහි ඇති බරපතළකම තේරුම් ගත යුත්තේ මෙතෙක් සේවා කොන්දේසි සමග සේවකයෙකු සතු නිවාඩු, ප‍්‍රසිද්ධ වෙළෙඳ නිවාඩු, ඉරිදා වැටුප් සහිත නිවාඩු ආදිය තීන්දු කෙරුණේ පඩි පාලක සභා මගින් බැව් තේරුම් ගන්නා විටය. පඩි පාලක සභා අහෝසි කළ පසු ඒ අයිතිය හාම්පුතාගේ අභිමතයට යටත් වීම මේ යෝජිත කෙටුම්පතට අනුව වැළකිය නොහැක්කකි. යෝජිත තනි නීති කෙටුම් පතේ පෞද්ගලික අංශයට ප‍්‍රසිද්ධ නිවාඩු ලෙස ඉතිරිකර ඇත්තේ පෝය නිවාඩුව පමණි. ඒ අනුව හාම්පුතුන්ට සිංහල හා හින්දු අලූත් අවුරුද්ද, නත්තල් නිවාඩුව පවා දෙනවාද නොදෙනවාද කියා තීන්දු කළ හැකි ය. මේ රටේ තහවුරුව ඇති දිගු කාලීන සම්මත හා සම්ප‍්‍රදායන් සමග එම නිවාඩු වහා අහෝසි කිරීමට හාම්පුතුන්ට පහසු නැත. එහෙත් සංවිධානයවීමේ සියලූ ඉඩකඩ වසා දමා තනි පෞද්ගලික පත්වීම් ලිපි රැකියාවේ නීතිමය කොන්දේසි බවට පත් කරනු ලැබූ සේවක පිරිස් සමග නිවාඩු තීන්දු කිරීමේ නීතිමය ප‍්‍රතිපාදනය හාම්පුතුන්ට අවශ්‍ය ලෙස භාවිත කිරීමේ ඉඩ මේ කෙටුම් පතෙහි ඇත.

    මේ අතර ‘‘ලිහිල් වැඩ පැය’’ යැයි ප‍්‍රතිපාදනයක් මගින් හාම්පුතාට අභිමත පරිදි දවසේ වැඩ කරන පැය ගණන අතිකාල නොමැති පැය 12 ක උපරිමයක් දක්වා දීර්ඝ කර ඇත. එය ලොවම පිළිගත් පැය 08 ක වැඩ කරන දිනය අහෝසි කරන්නකි. සතියක වැඩ කරන පැය ගණන පැය 45 ට නොවැඩි විය යුතු යැයි කීමෙන් දින 04 ක් ඇතුළත හාම්පුතාට අවශ්‍ය ආකාරයට වැඩ ගැනීමේ නීතිමය අවසරයක් එහි ඇත. ඒ අනුව, ඉතිරි දින 03 සඳහා සේවකයන්ට වැටුප් ගෙවීමට හාම්පුතා බැඳී නැත. එවගේම පැය 02 ක බැගින් සේවය ලබා ගැනීමේ අර්ධකාලීන රැකියා නීතිගත කෙරෙන්නේය. එපමණක් නොව, ‘‘මෑන් පවර්’’ නම් ශ‍්‍රම සැපයුම් ඒජන්සි මගින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සේවක සේවිකාවන් යොදා ගැනීම නීතිගත කෙරෙන අතර, ඔවුන් සේවයේ යොදා ගන්නා හාම්පුතා සේවා කාලය තුළ ඔවුන් වෙනුවෙන් වගකීමෙන්ද නිදහස් කෙරෙන්නේය.

    මෙතෙක් පාරිතෝෂික ගෙවීම් වලංගුව තිබූයේ සේවක සංඛ්‍යාව 15 ක් හෝ ඊට වැඩි පෞද්ගලික ආයතන සඳහාය. එහිදී පාරිතෝෂිකය ගණනය කිරීමේ සේවා කාලයෙහි සීමාවක් නොතිබිණ. මේ පනතින් පාරිතෝෂික ගෙවීම් වලංගු කෙරෙන්නේ සේවකයින් 50 ක් හෝ ඊට වැඩි නම් පමණි. එහිදී ද සේවා කාලය ගණන් තැබෙන්නේ උපරිම අවුරුදු 20 ට පමණි. එනම් අවුරුදු 25 ක හෝ 30 ක සේවා කාලයක් තිබුණද පාරිතෝෂිකය ලැබෙන්නේ අවුරුදු 20 ට පමණි. මෙවැනි තව බොහෝ අගතීන් සේවක කොන්දේසි ලෙස ලිවීමට හාම්පුතුන් සඳහා ඉතිරිකර ඊට අමුණා ඇති ආලවට්ටම් කිහිපයක්ද ඇත. දින 03 ක සාමාන්‍ය නිවාඩු හා දින 05 ක අසනීප නිවාඩු වැඩියෙන් එකතු කර ඇත. දින 84 ක මාතෘ නිවාඩු කිසිදු විස්තරයක් අර්ථකථනයක් නොමැතිව වලංගු යැයි සඳහන්ව ඇත.

    මේ ආණ්ඩුවේ, විශේෂයෙන් වික‍්‍රමසිංහ අගමැතිගේ සහ ඔහුගේ සමීපතමයන්ගේ ‘‘සංවර්ධනය’’ යනු විවෘත වෙළෙඳපළ ආර්ථිකය හැකි උපරිමයෙන් ලිහා දමා ජාවාරම්කාර ආයෝජකයන් වෙනුවෙන් උපරිම නිදහසක් ලබා දීමය. ඒ වෙනුවෙන් අසංවිධානාත්මක, කේවල් කිරීමේ හැකියාව අහෝසි කෙරුණු තනි තනි සේවකයන් සඳහා කොන්දේසි පැනවීමේ නීතිමය ප‍්‍රතිපාදන ජාවාරම්කාර හාම්පුතුන්ට හදා දීම වෙනුවෙන් මේ ‘‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’’ කෙටුම්පත් කෙරුණකි. ඇමෙරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් මේ වික‍්‍රමසිංහ ආණ්ඩුව ලබා ගන්නා පාඩම් සහ ආධාර එවැනිය.

    එහෙත් මේ වසර තුළ බොහෝවිට එම පනත් කෙටුම්පත කි‍්‍රයාත්මක නොකෙරෙනු ඇත. මේ වසරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා ලෝක බැංකුවෙන් තව ඩොලර් ණය ලබා ගැනීමට එය යොදා ගත හැකිය. ඒ වෙනුවෙන් ඇමෙරිකාවද සහය වනු ඇත. එහෙත් ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් සූදානම්වන ආණ්ඩුවකට ජනප‍්‍රිය පොරොන්දු දෙන අතරතුර මේ පනත ජනතාවට ඉදිරිපත් කළ නොහැකිය. මෙය අවම වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සකී‍්‍රය සාමාජිකත්වය වන ලක්ෂ 26 ක් සහ ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ට අහිතකර ලෙස සෘජුව බලපාන්නකි. ඉන් අති බහුතරයක් මැතිවරණයකදී දිනාගත යුතු සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාවකි.

    එනමුත් මෙහි බරපතළ අවදානමක් ඇත. ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වන කිසිවකුට මේ අතිශය දූශිත විවෘත වෙළෙඳපළ හැර ජාතික සංවර්ධනය සඳහා වෙනත් කිසිදු විකල්ප තේරීමක් නැත. එබැවින් මේ විවෘත වෙළෙඳපළෙහි ජාවාරම්කාරයන්ගෙන් යැපෙන දේශපාලන නායකයන් කවරෙකු ජයග‍්‍රහණය කෙරුවද මේ පනත් කෙටුම්පත ඉවත දැමෙන්නේ නැත. එබැවින් මෙය මේ වසරේ නොවුණත් ලබන වසරේ මේ රටේ පෞද්ගලික අංශයේ සියලූම සේවක සේවිකාවන්ගේ - කුඩා ව්‍යාපාරවල, නිදහස් වෙළෙඳ කලාපවල නුපුහුණු කම්කරුවාගේ සිට ලිපිකරුවන් කළමනාකරුවන් සමග පුංචි තිරයේ තාරකා දක්වා හැමගේ නිවහල් භාවය තීන්දු කරන්නක් වනු ඇත.


    http://www.lakbima.lk/index.php/inquiry/16817-private-job-new
     
    Last edited:
    • Like
    Reactions: saja

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    තවමත් කිසිදු සාකච්ඡාවකට ඉදිරිපත්කර නොමැති ‘‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’’ නමින් වන එම කෙටුම්පත, දැනට බලාත්මකවන කම්කරු නීති පනත් 53 ම අහෝසි කර හාම්පුතුන්ට අවශ්‍ය අයුරු ලියවුණකි.

    කොරහේ කිඹුල්ලු දැකීම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    කොරහේ කිඹුල්ලු දැකීම

    සිංගප්පූරු ගිවිසුම වගේ ඔක්කොම ඉවර වුණාට පස්සෙ මිනිස්සු දැනගෙන වැඩක් නෑ නෙහ් :lol:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    සිංගප්පූරු ගිවිසුම වගේ ඔක්කොම ඉවර වුණාට පස්සෙ මිනිස්සු දැනගෙන වැඩක් නෑ නෙහ් :lol:

    Ithihase indalama kuhaka deshaplakayo giwisum gahuwe koley wahala thamai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මේ කියන කෙටුම්පත දැක්කද?

    මමද? නෑ. පබ්ලික් කරලා නැතුව ඇති තාම :yes: මේ ආටිකල් එකත් අද පත්තරේ පළ වෙච්ච එකක්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,153
    1
    28,764
    113
    යකෝ මේ ලකේපංකාවට ආයෝජකයින් එන්නෙ නැත්තෙ අපේ දේශපාලුවන් කප්පම් ගැනීම, අතිශය සංකීර්ණ බදු ක්‍රම, BOI එකේ අකාර්යක්ෂමතාව නිසා මිසක් කම්කරු නීති නිසා නෙවෙයි. මුන් මෙහෙම පිස්සු නීති හදන්නේ මුන් ගුද සංසර්ගය කරලා වැඩිවෙලා මහා ප්‍රජාතාන්ත්‍රීය මොලවලට විශබීජ ගිහින් නිසා වෙන්න ඇති.

    අනික රටට බරක් වෙච්ච පුලුවන් තරම් අයිස්ගහන රාජ්‍ය සේවක අපතයන්ට (ත්‍රිවිධ හමුදාවට සහ සුලුතරයක් වූ අවංකව සේවය කරන රාජ්‍ය සේවක මහතුන්ට මේ අපහාසය අදාල නොවේ) හැම අයවැයෙන්ම පඩි වැඩි කරද්දී පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් paye tax හූරං කාලා තව අපිව වහල්ලු කරන්න හදන්නේ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යකෝ මේ ලකේපංකාවට ආයෝජකයින් එන්නෙ නැත්තෙ අපේ දේශපාලුවන් කප්පම් ගැනීම, අතිශය සංකීර්ණ බදු ක්‍රම, BOI එකේ අකාර්යක්ෂමතාව නිසා මිසක් කම්කරු නීති නිසා නෙවෙයි. මුන් මෙහෙම පිස්සු නීති හදන්නේ මුන් ගුද සංසර්ගය කරලා වැඩිවෙලා මහා ප්‍රජාතාන්ත්‍රීය මොලවලට විශබීජ ගිහින් නිසා වෙන්න ඇති.

    අනික රටට බරක් වෙච්ච පුලුවන් තරම් අයිස්ගහන රාජ්‍ය සේවක අපතයන්ට (ත්‍රිවිධ හමුදාවට සහ සුලුතරයක් වූ අවංකව සේවය කරන රාජ්‍ය සේවක මහතුන්ට මේ අපහාසය අදාල නොවේ) හැම අයවැයෙන්ම පඩි වැඩි කරද්දී පුද්ගලික අංශයේ සේවකයන්ගෙන් paye tax හූරං කාලා තව අපිව වහල්ලු කරන්න හදන්නේ
    Uba danagenada katha karanne?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමද? නෑ. පබ්ලික් කරලා නැතුව ඇති තාම :yes: මේ ආටිකල් එකත් අද පත්තරේ පළ වෙච්ච එකක්.

    මම කියන්නෙ දැනට තියෙන යල්පැනපු නීති අහෝසි කරල අලුත් පනතක් ගේනව නම් හොඳයි කියල. ඒ වගේම දැනට ලෝකෙ නිවාඩු වැඩිම රටක් මේක. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියාම ගොඩක් ප්‍රශ්න එනවා. වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න අමාරුයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,153
    1
    28,764
    113
    ඔව් බං මේ පාර අයවැයෙන් රු 2500ක් වැඩිකලා. ඊට කලින් වතාවලත් වැටුප් දීමනා විදියට එක එක දීමනා දුන්නා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මම කියන්නෙ දැනට තියෙන යල්පැනපු නීති අහෝසි කරල අලුත් පනතක් ගේනව නම් හොඳයි කියල. ඒ වගේම දැනට ලෝකෙ නිවාඩු වැඩිම රටක් මේක. අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ගියාම ගොඩක් ප්‍රශ්න එනවා. වැඩ බැරි උන්ව රස්සාවෙන් අයින් කරන්න අමාරුයි.

    හොඳට වඩා නරක වැඩියි :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Man nan kiyanne poya niwaduth nethi karanna one.

    නැති කරන්න කොච්චර ජාති තියෙනවද, දූෂණය වංචාව නීතිය නැවීම වගේ

    ඕව කිසි එකක් නොකර පෝය නිවාඩුව නැති කළා කියල රටට සෙතක් නෑ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් බං මේ පාර අයවැයෙන් රු 2500ක් වැඩිකලා. ඊට කලින් වතාවලත් වැටුප් දීමනා විදියට එක එක දීමනා දුන්නා.
    me anduwa apu dawas wala 10000k denawa kiwwane, eken un 10000ma dunne naa. me para 2500 wadi kalama thamai 10000k wenne. nathuwa kailnuth 10000k dila me parath 2500k dunne naa. ehema hama budget ekema padi wadi wenne naa.

    balapan gov job wala basic salary wala adu, unta kiyak hari hambenne owage ekathu una allowance nisa. science degree thiyena untath basic 26k wage dena gov job thiyenawa. allowance ekathu unama thama 35k 40k hambenne. samahara gov job wala witharai hodata padi hambenne (Eg: CEB) anith godak gov job pattama padi adui, un e padiyen jiwathwenne kohomada kiyala hithenawa.
     

    Similar threads