වනාතවිල්ලුව ඔත්තුව දුන් පුද්ගලයා අතුරුදහන්
හේමන්ත කහවලගේ2019-04-25 FacebookTwitter
2579
Views
පුත්තලම වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ දී ඉකුත්දා පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා පිළිබඳ මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති බව ආරක්ෂක අංශ පවසනවා.
මේ වනවිට සැක පළ වී ඇත්තේ ඔහු ඝාතනය කර ඇති බවටයි.
මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඞීමේ සිද්ධියෙන් පසු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී මෙම ප‍්‍රදේශයේ තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100ක් සොයා ගැණුනා.
මීට අමතරව එහිදී ඩෙටනේටර් සියයක් ද සොයා ගැණුනු බවයි ආරක්ෂක අංශ පැවසුවේ.
එමෙන්ම තවත් ගිනි අවි, වයර්, පරිගණක සහ කැමරා සමග එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට පත්වුණා. මෙම සිද්ධියට අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා.