Post only Officially Confirmed News

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩු, කිනිසි, උල් පිහි, හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් නිවෙස්වල ඇත්නම් ළඟම පොලීසියට භාර දෙන්න
    කර්තෘ Staff writer 04 May, 2019 | 3:22 PM

    බෙදාගැනිම්:
    COLOMBO (News 1st) – කඩු, කිනිසි, උල් පිහි සහ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් නිවෙස්වල ඇත්නම් අද සහ හෙට දිනයේ ළඟම තිබෙන පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නීත්‍යානුකූලව හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි ආදිය සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බව ය.​
    අපේ ගෝඩ් :shocked:
     

    Dasunse

    Member
    Oct 18, 2007
    22
    2
    3
    බෝම්බ ලොරියක් ගැන තොරතුරු.. ආරක්‍ෂාව දෙගුණයක් කරයි.. සියළු මුරකපොලුවලට දන්වයි

    May 4, 2019 at 9:20 am | lanka C news

    බෝම්බ ලොරියක් ගැන තොරතුරු.. ආරක්‍ෂාව දෙගුණයක් කරයි.. සියළු මුරකපොලුවලට දන්වයි..
    මඩකලපුවේ විශාල පිපිරීමක් සිදු කිරීම සඳහා බෝම්බ ලොරියක් යොදාගැනීමට සුදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරක් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ සියළුම ආගමික ස්ථාන පාසැල් හා අනෙක් වැදගත් ස්ථානයක් දී ආරක්ෂාව දෙගුණයකින් වැඩි කර ඇත.

    ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම බෝම්බ ලොරිය සෙවීමේ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළ බවයි.

    මෙම බෝම්බ ලොරිය සම්බන්ධයෙන් පළාතේ සියලුම ආරක්ෂක මුරකපොලු මාර්ග බාධක නිලධාරීන් දැනුවත් කර තිබේ.

    අනිද්දා සදුදා දිනයේදී මෙම බෝම්බ ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන්ට බුද්ධි තොරතුරු ලැබී ඇත.
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මතුගම, වැලිපැන්න පොලිස් වසමේ හිඩ්‍රා මාවත, කහටගහහේන මුස්ලිම් පල්ලිය ආසන්නයේ පාලු ඉඩමක තිබි දේශීය නිෂ්පාදිත බෝම්බ 3ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.

    මතුගම කොට්ඨාස හා නීතිය බලගැන්වීමේ ඒකකයේ
    ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාට ලැබුණු තොරතුරක් මත සැකසහිත ඉඩමක් පරික්ෂා කල වැලිපැන්න පොලිස් නිලධාරීන් විසින් බෝම්බ සොයාගෙන ඇත.

    පීවීසි නඝ උපයෝගී කරගෙන සාදා තිබු බෝම්බ අගල් 2.5 විශ්කම්බයෙන් යුත් හා දිගින් අගල් 8ක් පමණ වූ බෝම්බ 3ක් හා ඒ සඳහා උපගෝගි කරගන්නා පුපුරන ද්‍රව්‍ය සහිත ප්ලාස්ටික් බෝතලයක් සොයා ගෙන ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධව එම ප්‍රදේශයේ ව්‍යපාරිකයක අත්අඩංගුවට ගෙන ඇතිඅතර,පැලවත්‍ත යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ කළුතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් උසාවි නියෝගයෙන් ලැබුණු පසු එම බෝම්බ නිශ්ක්‍රීය කිරීම සඳහා එම ස්ථානයේ රැදී සිටිති.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,273
    66,699
    113
    🚨NEWS ALERT🚨 Police request public to handover illegal swords, kris knives in their possession to the nearest police station today or tomorrow -Police Spokesman- (link: http://adaderana.lk) adaderana.lk
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර අයිඑස් ප්‍රහාර දියත්විය හැකි බවට පසුගියදා ආරක්ෂක අංශ වෙත ලැබුණ සැකකටයුතු ආරංචි තවමත් පහව ගොස් නැත. ගිරිඋල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් සුදු ඇඳුම් කට්ටල මිලට ගන්නට ආ මුස්ලිම් කාන්තාවන් සම්බන්ධයෙන්
    පොලිසිය සිදු කළ විමර්ශනය අනුව

    එලෙස පැමිණි කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු සහරාන් හෂීම් නමැති බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුගේ බිරිය බව මේ වනවිට තහවුරු වී තිබේ.

    අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නමැති 24 හැවිරිදි මෙම කාන්තාව දැනට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන රෝගියෙකි. ඇයත් ඇගේ බාල වයස්කාර දියණියත් සයින්දමරුදු ගැටුමේදී තුවාල ලද අතර එහිදී ආරක්ෂක අංශ ඔවුන් කවුදැයි නොදැන තුවාල කරුවන් ලෙස සලකා රෝහල් ගත කර තිබුණි. මේ සහරාන්ගේ බිරිය හා දරුවෙකු බව දැනගත්තේ පසුවයි.

    එම ස්ථානයේ මරාගෙන මැරුණ අයගෙන් බේරුනේද මේ දෙදෙනා පමණක් වන අතර ඇතිවූ පිපිරුම් කම්පන තත්ව නිසා ෆාතිමා සාදියා කන් ඇසීමේ දුර්වලතාවයට පත්ව ඇති බවද වාර්තාවේ.

    ඇයගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් ලිඛිතව සිදුකරන්නට පවා සිදුව ඇත. ඇය ගිරිඋල්ලේදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග කාන්තා සුදු ඇඳුම් කට්ටල මිලට ගත් බවට එහිදී පාපොච්චාරණය කර ඇත.
    එම අනෙක් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාරයේදී මියගොස් ඇති බව ඇය දන්වා ඇත.

    ඔවුන් තවත් ප්‍රහාරයකට සූදානමින් ඒවා රැස් කර ඇති බව පොලිසිය සැකකරයි.
    ඇගේ තත්වය සුව අතට හැරෙන තුරු වැඩිදුර ප්‍රශ්න කිරීම ප්‍රමාද කර ඇති බවත් සුවය ලද පසු මේ ගැන තවත් සොයා බලන බවත් පොලිසිය දන්වා ඇත.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,273
    66,699
    113
    🚨NEWS ALERT🚨 Police request public to handover illegal swords, kris knives in their possession to the nearest police station today or tomorrow -Police Spokesman- (link: http://adaderana.lk) adaderana.lk
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    59183164-284592442452081-8782416128350617600-n.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,632
    113
    🚨NEWS ALERT🚨 Police request public to handover illegal swords, kris knives in their possession to the nearest police station today or tomorrow -Police Spokesman- (link: http://adaderana.lk) adaderana.lk

    Terrorists will come and voluntary handover all 😁 Will they relax operations and ask for volunteers? if Sali and Badur are yet best advisors of lokka, what to do 👀
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,725
    113
    🚨NEWS ALERT🚨 Police request public to handover illegal swords, kris knives in their possession to the nearest police station today or tomorrow -Police Spokesman- (link: http://adaderana.lk) adaderana.lk

    :rolleyes: monawada ban me joke. Gedara thiyana loonu kapana pihiyath thiyunui. Ekath denna onada?:rolleyes:

    Anika dewala karana un gawath puhul kapanna kadu thiyanawa. Thawa 88/89 dawas wala athma arakshawata minissu hada gaththa ewa.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Balapan 1-5 scl witharak niwadu deela may 13a wenakan. Okkoma scl niwadu deela arakshawa thahawuru karala inna oanane. Scl wala thuwakku pathuram ahu wela. Lamai guruwaru demawpio asaranai.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,660
    9,704
    113
    මුස්ලිම් ගම්මානයක් හා පල්ලි සෝදිසි කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හරවා යවා තියෙනවානම්, ඒ ගැන අපිට ගන්ඩ පුලුවන් ක්‍රියාමාර්ග මොනවද ?
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මුස්ලිම් ගම්මානයක් හා පල්ලි සෝදිසි කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හරවා යවා තියෙනවානම්, ඒ ගැන අපිට ගන්ඩ පුලුවන් ක්‍රියාමාර්ග මොනවද ?

    Write it on FB :rolleyes: