අම්රිතා උසස් පිවිතුරු නිෂ්පාදනයක්
එක කූරෙන් සුවඳ දෙකක් පිළිබඳ අදහස ලබා දුන්නේ කෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳ මහත්මයෙක්
මෑත කාලයේදී ඉතාම කෙටි කාලයක් තුළ අදාළ නිෂ්පාදන වර්ගය තුළ වෙළෙඳපොළේ අංක එක බවට පත් වූ වෙළෙඳ නාමයක් වශයෙන් අම්රිතා හඳුන්කූරු හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම එය වෙළෙඳපොළේ අංක එක බවට පත් වූයේ වෙළෙඳ දැන්වීම් ප්රචාරණයටත් වඩා නිෂ්පාදනයේ අනර්ඝත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ගේ කටින් කට ලැබුණු ප්‍රචාරය මගින්. එසේම එක කූරෙන් සුවඳ දෙකක් ප්‍රථම වරට හඳුන්වාදුන්නේද අම්රිතා. අම්රිතා වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ වසර එකසිය පණහකට වැඩි අතීතයක් හිමි වර්ෂ 1848 දී ඇරැඹුණු කීර්තිමත් දේශීය සමාගමක් වන සීමාසහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමයි. කව් ඇන්ඩ් ගේට් (Cow &-Gate), බික් රේසර් (Bic) හැක්ස් (Hacks) ඩේන්ටා (DENTA) නින්ජා (NINJA) ලක්ෂපාන (Laxapana) බයෝක්ලීන් (Boiclean) වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ ඩාර්ලි බට්ලර් සහ සමාගමයි. අම්රිතා හඳුන්කූරු පිළිබඳ මේ කතාබහ අම්රිතා නිෂ්පාදනය හඳුන්වාදීමට මුල් වූ එම සමාගමේ අධ්යක්ෂ සංජීව ගුණවර්ධන සහ අම්රිතා සන්නාම කළමනාකරු අනුර මාන්නපෙරුම සමගයි.
ප්රශ්නය - හඳුන්කූරු නිෂ්පාදනය මේ රටේ ප්‍රධාන වශයෙන් පැවතියේ කුඩා ව්‍යාපාරිකයන්ගේ සුළු කර්මාන්තයක් වශයෙන්. ඩාර්ලි බට්ලර් වගේ සුවිශාල සමාගමක් හඳුන්කූරු නිෂ්පාදනයට ඒම රටේ මේ කුඩා ව්‍යාපාරිකයන්ට පහරක් නොවෙයිද?
පිළිතුර - අම්රිතා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකයාට වෙළෙඳපොළ අහිමි කිරීමට නොවෙයි. ඒ වෙනුවට ඔවුන්ට ශක්තියක්වීමට කියලා කියන්න පුළුවන්. සුළු පරිමාණ හඳුන්කූරු නිෂ්පාදකයන් සිටියත් වෙළෙඳපොළේ විශාල කොටසක් හිමිකරගෙන තිබුණේ විදේශවලින් ආනයනය කරන හඳුන්කූරු. ඒවා සුවඳින් හා තතAත්වයෙන් උසස් ය යන හැඟීම පාරිභෝගිකයා තුළ තිබුණා. ඔවුන්ගේ ඇසුරුම් පවා වඩාත් ආකර්ෂණීය වුණා. මේ නිසා අපේ රටේ විදේශ විනිමය පිටරටට ඇදී ගියා. අප අම්රිතා හඳුන්වා දුන්නේ මේ ආනයනික හඳුන්කූරුවලට තරගයක් දීමටයි. ඇත්තටම පිටරටින් ගේන හඳුන්කූරුවලට වඩා හැම අතින්ම උසස් නිෂ්පාදනයක් හඳුන්වාදීමටත් දේශීය වශයෙන් නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අම්රිතා හඳුන්කූරු මගින් අපට හැකි වුණා. ඒ නිසා අද වන විට ආනයනික හඳුන්කූරුවලට වඩා දේශීය හඳුන්කූරු උසස් කියන හැඟීම පාරිභෝගිකයා තුළ ඇතිවෙලා. එය අපේ කුඩා පරිමාණ දේශීය හඳුන්කූරු නිෂ්පාදකයාටත් ශක්තියක්.
ප්රශ්නය - අම්රිතා කියන නම නිසා එය විදේශවලින් ආනයනය කරන නිෂ්පාදනයක් යෑයි බොහෝ අය හිතනවා?
පිළිතුර - අම්රිතා වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ සීමාසහිත ඩාර්ලි බට්ලර් සමාගමයි. ඩාර්ලි බට්ලර් සමාගම ආරම්භ වුණේ වර්ෂ 1848දී. ජනතාව ඉතා දිගු කාලයක සිට හඳුනන එමෙන්ම ජනතා විශ්වාසය හා ආදරය ඉහළින්ම දිනා ඇතිs කව් ඇන්ඩ් ගේට් (Cow &-Gate )බික් රේසර් (Bic) හැක්ස් (Hacks) ඩේන්ටා (DENTA) නින්ජා (NINJA) ලක්ෂපාන (Laxapana) බයෝක්ලීන් (Boiclean) වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ ඩාර්ලි බට්ලර් සහ සමාගමයි.
ප්රශ්නය - අම්රිතා නියම ප්‍රමිතියේ උසස්ම නිෂ්පාදනයක් කියලා කියන්නේ සාක්ෂි ඇතිවද? හේතු සහිතවද?
පිළිතුර - ඩාර්ලි බට්ලර් සමාගම පාරිභෝගිකයාට වගකියන වගකීම් සහගත සමාගමක් වශයෙන් තමන්ගේ ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පෙර එහි ප්‍රමිතිය සම්පූර්ණ වශයෙන් අගැයීමට ලක් කරනවා. එය අම්රිතා හඳුන්කූරුවලටත් පොදුයි. ඒ අනුව අප මුලින්ම අම්රිතා හඳුන්කූරු නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳව දේශීය පර්යේෂණාගාර මගින් පරීක්ෂා කළා. ඒ අනුව මෙහි කිසිදු අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නැති බව සොයා ගත්තා. නමුත් අප එයින් සෑහීමකට පත් වුණේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් ස්වාධීන පර්යේෂණ ආයතන තිබෙනවා. ලොවම පිළිගත් එවන් පර්යේෂණාගාර වෙතින්ද ඒ ප්‍රමිතිය නැවත තහවුරු වුණා. හඳුන්කූරු මගින් පිටවන දුම ආඝ්‍රාණය වන නිසා පිටවන දුමද අප ජාත්‍යන්තර පර්යේෂණාගාර මගින් පරීක්ෂා කළා. එම පරීක්ෂණවලින්ද අම්රිතා හඳුන්කූරෙන් පිටවන දුමෙහි ශරීර සෞඛ්‍යයට අහිතකර කිසිවක් නොමැති බවට තහවුරු වුණා. ඒ අනුව අම්රිතා හඳුන්කූරුවල උසස්ම ප්‍රමිතිය පිළිබඳව අපට පාරිභෝගික ජනතාවට සහතික වෙන්න පුළුවන්. අපට නිසැකවම කියන්න පුළුවන් අම්රිතා උසස් පිවිතුරු නිෂ්පාදනයක්.
ප්රශ්නය - ඇයි ඩාර්ලි බට්ලර් සමාගම හඳුන්කූරු නිෂ්පාදනයට පිවිසුණේ?
පිළිතුර - හඳුන්කූරු කියන්නේ පූජා භාණ්ඩයක්. ඒ නිසා ඒක පිවිතුරු නිෂ්පාදනයක්. ඩාර්ලි බට්ලර් කියන්නේ අපේ රටේ ජනතාවට අවශ්‍ය නිෂ්පාදන උසස්ම අයුරින් ලබාදීම ගැන නිතර හිතන සමාගමක්. ඉතින් ජනජීවිතයට ඉතා සමීප මේ පූජා භාණ්ඩය උසස්ම තත්ත්වයෙන් නිපදවීම මේ රට තුළම වසර එකසිය පණහකට වැඩි අතීතයකට උරුමකම් කියන දේශීය සමාගමක් වශයෙන් අපේ යුතුකමක් වශයෙන් අප කල්පනා කළා. උසස් ප්‍රමිතියේ හඳුන්කූරු නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම හුදු ව්‍යාපාරික කාර්යයක් පමණක් නොවෙයි, ආගමට දහමට ලැදි අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන සේවයක් විය හැකි බවත් අපට හැඟී ගියා. හඳුන්කූරු කියන්නේ පිවිතුරු නිෂ්පාදනයක්. අපත් එය පිවිතුරු හිතකින් ඉදිරිපත් කරන නිෂ්පාදනයක්.
ඇත්තමට පිටරටින් එන හැම හඳුන්කූරකටම වඩා උසස් අම්රිතා හඳුන්කූරු අපේ රටේ සමාගමක අපේ නිෂ්පාදනයක් බව දැන් ජනතාව දන්නවා. එනිසා අම්රිතා හඳුන්කූරු මගින් පිටරටට විදේශ විනිමය යන එක වළක්වන්න පමණක් නොවෙයි, අපේ රටේ තරුණ තරුණියන්ට විශාල රැකියා ප්‍රමාණයක් ලබාදීමටත් අපට හැකිවුණා. ඇත්තටම බොහෝ උසස් දේශීය නිෂ්පාදන වගේම අම්රිතා හඳුන්කූරත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන නිෂ්පාදනයක්. අපේ ඊළඟ ඉලක්කය අපනයනයයි.
ප්රශ්නය - කොහොමද මේ එක කූරේ සුවඳ දෙකයි අදහස ආවේ?
පිළිතුර - මිනිස්සු සුවඳයි. හොඳ මිනිස්සු ගාව තියෙන්නේ එක හොඳ ගුණයක් පමණක් නෙවෙයි බොහෝ හොඳ ගුණාංග හොඳ මිනිසුන් ළඟ තියෙනවා. ඩාර්ලි බට්ලර් සමාගමේ අපි පාරිභෝගික ජනතාව සමග වගේම අපේ උසස් පාරිභෝගික නිෂ්පාදන ජනතාව අතරට ගෙනයැමට අපට උපකාරී වන වෙළෙඳ මහත්වරු සමගත් ඉතා සමීප සුහද ඇසුරක් පවත්වාගෙන යනවා. එක කූරෙන් සුවඳ දෙකක් පිළිබඳ අදහස අපට එලෙස ලබා දුන්නේ කෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳ මහත්මයෙක්. ඒ මුදලාලි මහත්තයා තමයි ඇහෙව්වේ මහත්තයෝ සුවඳ දෙකක් තිබෙන හඳුන්කූරක් හදන්න බැරිද කියලා.
ප්රශ්නය - එහෙම හඳුන්කූරක් ඔබ විසින් හඳුන්වාදෙන තුරු වෙළෙඳපොළේ තිබුණේ නෑ නේද?
පිළිතුර - ඔව්. අදහසක් ඇති වුණාට ඒක ක්‍රියාත්මක කරන එක ලේසි නෑ. එකම හඳුන්කූරෙන් සුවඳ දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් අපට ඉතා දීර්ඝ වශයෙන් පර්යේෂණ කරන්න සිදු වුණා. ඇත්තටම ඩාර්ලි බට්ලර් සමාගම සතුව ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණාගාර පහසුකම් පවතිනවා. ඒ නිසා තමයි අපට මේ පර්යේෂණය සාර්ථක කර ගන්න හැකි වුණේ. අනිත් අතට මේක අමාරු පර්යේෂණයක් වුවත් ඒ වෙනුවෙන් කැපවීමට අපට තවත් හේතුවක් තිබුණා. මොකද මේක සංස්කෘතික නිෂ්පාදනයක් වීම. ඉතින් හිතේ කැපවීම අධිෂ්ඨානය වැඩියි. ඒ නිසාම අපට මේ පර්යේෂණය සාර්ථක කර ගැනීමට හැකි වුණා. ඒක කූරේ සුවඳ දෙකක් සමග අම්රිතා හඳුන්කූරු වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. ෙච්තනාව පිරිසිදු නම් වරදින්නේ නෑ කියනවා වගේ ඉතාම සීමිත කාලයක් තුළ අපට සමස්ත වෙළෙඳපොළම ජයගැනීමට හැකි වුණා.
ප්රශ්නය - අම්රිතා ප්‍රචාරණ ව්‍යාපාරය තුළ නැවුම් වෙනසක් අප දුටුවා. විනාඩි දෙකක ගීතයක් ඔබ භාවිතා කළා?
පිළිතුර - සංස්කෘතික නිෂ්පාදනයක් වන අම්රිතා හඳුන්කූරු ප්‍රචාරණ ව්‍යාපාරය තුළත් එම ලක්ෂණය පැවතිය යුතුයි. අම්රිතා හඳුන්කූරු වගේම ඒ හා සබැඳි ප්රචාරණයත් පූජාවක් බවට පත් කිරීමට අප උත්සාහ කළා. ඇත්තටම අපට අගනා බොදු ගීත කලාවක් තිබෙනවා. ඒ නිසා අපි අලුත් බොදු බැතී ගීsයක් නිර්මාණය කළා. එතකොට අම්රිතා වෙළෙඳ දැන්වීමක් ලෙසින් අසන්නන්ට කරදරයක් වුණේ නෑ. ඒ වෙනුවට බොදු බැති ගීතයක් ලෙසින් ඔවුන්ගේ සිත් පහන් කළා. අපි සිත් සුවඳින් පිරේවා කිව්වේ ඒ නිසා.
ප්රශ්නය - බෞද්ධ සංකල්ප අම්රිතා හඳුන්කූරු රූපවාහිනී ප්‍රචාරණයේදීත් සාර්ථකව භාවිත කළා?
පිළිතුර - මිනිසත් කමේ සුවඳ පැතිරෙයි කියන බෞද්ධ සංකල්පය මත පදනම් වෙලා තමයි හීන්සැරය ප්රචාරක ආයතනයෙන් ඒ රූපවාහිනී දැන්වීම නිර්මාණය කළේ. එයටත් සුවිශාල ප්‍රතිචාර හිමි වුණා. ඇත්තටම අම්රිතා හඳුන්කූරෙන් වගේම ඒ හා සබැඳි සෑම කාර්යයකින්ම මිනිසුන්ගේ සිත් සතන් සුවඳින් පිරවීමට අපට අවශ්‍ය වුණා. එය අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒක නිසාම අප බෞද්ධයා නාලිකාව සමගත් විශේෂ බෞද්ධ වැඩසටහන් රැසක් සඳහා අපේ දායකත්වය බැති සිතින් පිරිනමනවා.
සාකච්ඡා කළේ
ඉන්දක අබේරත්න
kattiya mokada me gana kiyanne