To all GOT fans…,
A Song of Ice and Fire has over one thousand named characters.
No one can venture to reproduce something like THIS story as a TV series without making massive amounts of compromise. This exercise was always going to fail at SOME point.
Lucky for you, it REALLY failed only at the last season.
Just quit whining and start reading.
කිසි දිනක චරිත දහසකට වැඩිය ඇති මෙවන් නිර්මාණයක් TV series එකක් හෝ Movie එකකින් ඒ අයුරින්ම ඉදිරිපත් කල නොහැක.
දරුණු ලෙස කතාව කප්පාදු කිරීම්, චරිත විකෘති කිරීම්, නැති දුෂ්ඨයන් නිර්මාණය කිරීම්, නැති වීරයින් නිර්මාණය කිරීම් ආදී විශාල වැඩ තොගයක් අවසානයේ පිළිගත හැකි යමක් ඉදිරිපත් කිරීම නම් කල හැක. එය ජනප්‍රය වීමද විය හැක.
"මහාභාරත්" නම් සුප්‍රකට ටෙලි වෘතාන්තය ව්‍යාසගේ මහාභාරත වීර කාව්‍යයෙන් නිර්මාණය කරන ලදී. මෙය විකාශය වන දින වල ඉන්දියාවේ පාරවල් හිස් වූ බවත් ලොව පළමු වතාවට ටෙලි නාට්‍යයක් නිසා පාර්ලිමේන්තු සැසි කල් දමන්නට සිදුවූ බවත් අසන්නට ඇත. නමුත් මින් ආවරණය වන්නේ මහාභාරත වීර කාව්‍යයෙන් අතිශය සුලු කොටසක් පමණි. එයද සැලකිය යුතු ව්කෘති කිරීම් සහිතවය.
අපි කවුරුත් දන්නා The Count of Monte Cristo ගන්න. මෙම දැවැන්ත නවකතාව ආශ්රයෙන් බිහිවූ චිත්‍රපට, නාට්‍ය ආදිය දහස් ගණනක් විය යුතුය. ඒවා බොහොමයක් ජනප්‍රිය විය. නමුත් මුල් නිර්මාණයේ චරිත ඒ අයුරින් ගෙනහැර දැක්වූ කිසිම Movie එකක් TV Series හෝ එකක් මා දැක නැත. මා දන්නා හැම නිර්මාණයේම මෙම සුන්දර කතාව හා සුන්දර චරිත දරුණු ලෙස විකෘති කර ඇත.
හෝමර්ගේ ඉලියඩ් යනු ලොව සියලු රටවල කිසියම් හෝ විශය නිර්දේශයකට ඇතුලත් කර ඇති අමරණීය, අසමසම කලා නිර්මාණයකි. එහි කතාව දින 54ක එකකි. ඉතා පහසුවෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ ඉන් බිහි කල හැක. හෝමර්ගේ ඉලියඩ් ආශ්රයෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. නමුත් අරුම පුදුම කරුණ නම් ඉන් එකක් වත් මුල් කතාව ඒ අයුරින් ඉදිරිපත් කර නොතිබීමයි. එකක් නෑර හැම එකක්ම දරුණු ලෙස මුල් නිර්මාණය වනසා ඇත (මේ කරුණ ගැන අධ්‍යයන පත්‍රිකා පවා පලවී ඇත.).
මේ නිසා කිසිදිනක මුල් නිර්මාණය TV Series/Movie එකක් සමඟ සංසන්දනය නොකරන්න. හැමවිටම මුල් නිර්මාණ රස විඳින්න.
GRRM ප්‍රකාශ කල යම් අදහස් වලින් ඔහුගේ අවශ්‍යතාවය වන්නේ පොත් ඉක්මනින් ලියා මුදල් ඉපයීම නොව ලෝකයට ඉහල මට්ටමේ කලා නිර්මාණයක් දායාද කිරීම බව පෙනේ.
මේ නිසා මේ TV Series එක අදින් අත්හැර මුල් නිර්මාණය වෙත යන්න.