Arrested :Finance Ministry Media Director

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    උණ්ඩ 93ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවට

    DApue89XUAALhC0.jpg


    මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා බියගම, මල්වත්ත, මල්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    බෝර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    යුද හමුදාව සහ පොලිසිය එක්ව මොහොමඩ් අලි හසන් මහතාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම උණ්ඩ තොගය සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් මොහොමඩ් අලි හසන් මහතා බියගම පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පැවසුවේය.

    Finance Ministry Media Director Mohomad Ali Hassan arrested for possessing 93, 12-bore gun ammunition at his Malwana residence - Police Media- adaderana.lk




    පැය කිහිපයකට පසු (2-3 පැය)




    ‘‘අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ - ඒ උණ්ඩ අපේ සීයාගේ‘‘ අත්අඩංගුවට ගත් මාධ්‍ය අධ්‍යක්ෂකගේ පුත්‍රයෙකු කියයි


    මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක මොහොමඩ් අලී හසන්ගේ නිවසේ තිබී අද (29) සොයාගත් වෙඩි උණ්ඩ තම සීයාට අයත් ඒවා බව අලී හසන්ගේ පුත්‍රයෙකු සඳහන් කරනවා.

    මල්වාන ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී බෝර 12 වර්ගයේ ගිනි අවි වලට යොදා ගන්නා මෙම උණ්ඩ තොගය හමුවී ඇති බව වාර්තා වූ අතර මාධ්‍ය අධ්‍යක්ෂකවරයා බියගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අලී හසන් මහතාගේ පුත්‍රයකු පවසා සිටියේ, ආරක්ෂක අංශ විසින් අද (29) උදැසන මල්වාන ප්‍රදේශයේ නිවෙස් සොදිසිකල අවස්ථාවේදී සිය නිවස ද පරික්ෂා කළ බවත්, එම අවස්ථාවේ සිය නිවසේ සිවිලිමේ තිබි බෝර තුවක්කුවක උණ්ඩ සොයාගත් බවත්ය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළා.

    “මේ ගෙදර අපේ සීයාගේ. ඒ කියන්නේ, අපේ අම්මගේ තාත්තා. අපේ සීයාට බොර තුවක්කුවක් තිබිලා තියනවා. 88-89 භීෂණ කාලයේ සීයා ඒ තුවක්කුව පොලිසියට බාරදීලා. දැන් සීයා මිය ගිහින් වසර 17කට වැඩියි. අපේ තාත්තා මේ නිවසට ඇවිත් තියන්නේ පස්සේ කලෙක, අම්මව බැන්දට පස්සේ.

    සීයා ඒ තුවක්කුවට අදාළ උණ්ඩ වහලේ සඟවලා තිබුණා කියලා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අද උදේ අපේ මාමලා ඇවිත් ආරක්ෂක අංශවලට කීවා සීයාට තුවක්කුවක් තිබුණා, ඒක පොලිසියට බාරදුන්නා කියලා. තාත්තා ඒ කියනකොටත් ඒ ගැන දැනගෙන ඉඳලා නැහැ.

    අපි ආරක්ෂක අංශවලට කිවා මේවා අලුත් උණ්ඩ ද ? පරණ උණ්ඩ ද කියලා හොයා බලන්න කියලා. අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ.''

    මෙම උණ්ඩ වසර 35ක් හෝ 40ක් පමණ පරණ බව අපි දන්නවා. ඒත් ඒ පිළිබඳ ඉක්මනින් පරීක්ෂණයක් සිදුකොට රටට ඇත්ත ප්‍රකාශ කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා‘‘
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    Winadi 5kin release karai aye

    ටෞකන්න

    මංගල බල්ලා දැන් මොනවා කියයි ද?
    ප්ට්ට සිලිපර් සෙල් තොගයක් ඉන්නේ, ඉයේ හාමුදුරුවොත් කියුවේ ආයුද පුහුනුව ලබපු 3000ක් ඉන්නවා කියලා.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මංගල බල්ලා දැන් මොනවා කියයි ද?
    ප්ට්ට සිලිපර් සෙල් තොගයක් ඉන්නේ, ඉයේ හාමුදුරුවොත් කියුවේ ආයුද පුහුනුව ලබපු 3000ක් ඉන්නවා කියලා.

    Un wahai ganata
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    Un wahai ganata

    ‘‘අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ - ඒ උණ්ඩ අපේ සීයාගේ‘‘ අත්අඩංගුවට ගත් මාධ්‍ය අධ්‍යක්ෂකගේ පුත්‍රයෙකු කියයි.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    පැය කිහිපයකට පසු (2-3 පැය)



    ‘‘අපේ පවුලේ කවුරුවත් ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැහැ - ඒ උණ්ඩ අපේ සීයාගේ‘‘ අත්අඩංගුවට ගත් මාධ්‍ය අධ්‍යක්ෂකගේ පුත්‍රයෙකු කියයි