මේ කතාව ඔබ කියවිය යුතුමයි!
වෙලාව හවස හතරට විතර ඇති.. කඩයක් අසල තිබුණ ලී පුටුවක ඉදගෙන ප්ලේන්ටියක් බිබී මම හිටියේ බොරැල්ලට කිට්ටුවෙන්.. පොඩි ළමයෙක් එක්ක ඇහට කනට පේන අම්මා කෙනෙක් පාර පැන්නේ කහ ඉරක් පේන මායිමක නැති තැනකින්..කොහොම හරි සාමන්ය වේගයකින් දකුණු පැත්තේ ඉදන් ආව යතුරු පැදියක් හදිසියේම මේ දෙන්නාගේ ඇගේ හැප්පුනා..මිනිස්සු වට වුනා.. පාර බ්ලොක් වුනා..
මම දන්නා තරමින් උන්මන්තකයෙකු ඇරුනාම කිසිම කෙනෙක් පෞද්ගලික හේතුවක් නැතුව නොදන්නා අයව ගිහින් හප්පන්නේ නෑ.. ඒක අත් වැරදීමක්.. මහ බැංකුවෙන් සල්ලි අත්වැරදීමකින් අන්සතු වෙන රටේ මේක සාමන්යම දෙයක්..අපි ගහන්න කලියෙන් කරන්න ඕනේ ඇත්ත තත්වය හොයලා බලලා නීතිමය වශයෙන් ප්රශ්නය විසදන එක.. ඒත් අපේ අය පුරුදු වෙලා ඉන්නේ නීතියේ දෙවගන ඇස් බැදගෙන ඉන්න වෙලාවේ කොහොම හරි පැනි මුට්ටිය බාගන්න.. ඒ කිව්වේ මේ නඩුව අදාල ගමේ ගම්වාසීන් විසින් විසදන්න.. සුපුරුදු විදිහට ඉතින් කට්ටිය වට වුන ගමන් කරේ බයික් එකේ අයියාගේ බෙල්ලෙන් අල්ලලා ඇදලා ගත්ත එක..
ඇස් පේන්නේ නැද්ද පව්කාරයෝ කියලා පටන්ගෙන අලංකාර ඇතුවම ඝණ පිහිටවලා කුනුහරපෙන් බනින්න ගත්තා.. මේ වෙද්දීනම් අර පොඩි ලමයාට කුනුහරත් පුළුවන් ඇති. ඇයි දෙයියනේ ඒ තරමට කුනුහරප.. ඔය වෙලාවේ ඔතන්ට ආවා මේ කතාවේ වන් ශොට්.. ඇවිල්ලා බෙල්ලෙන් අල්ලලා මේ මනුස්සයාට හොදටම ගැහුවා.. ඒ හැමවෙලේකම කිව්වේ “වැරැද්ද කරලාත් මේ කාලකණ්නියා කතා නොකරන හැටි, කතා කරපන් මිනිහෝ, කතා කරපන් මිනිහෝ තෝ බීලා නේද” කිය කිය තමා ගැහුවේ.. අම්මා ලස්සනනම් දරුවා වඩාගන්න තාත්තලා ගොඩක් ඉන්න ලංකාව ඇතුලේ මේ මිනිහා හොදටම ගුටිකෑවා.. ඒත් වචනයක්වත් කිව්වේ නෑ.. අතින් පයින්නම් මොනාදෝ කිව්වා මිසක් කතා කරේනම් නෑ තමා..ඇත්තටම එයා අතේ වරදක් නෑ.. කොටින්ම ඒ ළමයාටවත් සුළු තුවාලයක් නෑ.. වැටුනාම විතරයි..
කොහොම හරි හැප්පුන අයට වඩා තුවාල මේ අයියාට..අපි එකතු වෙලා රන්ඩුව නවත්තලා එයාව පටවගෙන ඉක්මණින්ම ජාතික රෝහලට ගියා.. බය වෙලා වගේ හිටියා මිසක් යනකන්වත් අපි එක්ක කතා කරේ නෑ..කට ගාවත් තුවාල නිසා කතා කරගන්න බැරුව ඇති.. දත්වලටත් තුවාලයි.. හතර පස් දෙනෙක් එකතුවෙලා ගහපුවාම ඔයින් ගියා ඇති.. අයියාට බෙහෙත් දැම්මා.. එතනට එක පාරම ගෑනු කෙනෙක් දුවගෙන ආවා..
ඒ ආවේ අයියාගේ බිරිද.. මම ඒ අක්කා ගාවට ගිහින් විස්තරේ කිව්වා.. මෙයා එතන කතා නොකර ඉන්නේ නැතුව, මෙයාගේ අතේ වරදක් නෑ කියලා කියන්න තිබ්බනේ කියලා මම අක්කාට කිව්වා.. තෙත බරිත වුන ලේන්සුව ගුලි කරගෙන අක්කා මට මෙහෙම කිව්වා..
“යුද්ධේදී වුන බ්ලාස්ට් එකකින් මෙයාට ගොඩක් ඩැමේජ් වුනා මල්ලී, කන් ඇහෙනවා අඩුයි, ඒ වෙලාවේ ස්නායු සම්බන්ධව කරපු ඔපරේෂන් එකක් අසාර්ථක වෙලා එදා ඉදන් මෙයා වචන පිටකරන්නේ අමාරුවෙන්, සමහරවෙලාවට අත පයින් ඇරුනාම මෙයාට වචන එන්නේම නෑ.. තාම ශොක් එක වගෙත් තියෙනවා.. මෙයාට අපි වාහන පදින්න දෙන්නේ නෑ මල්ලී.. එයාගේ නංගී හොස්පිල් ඇඩ්මිට් කරපු නිසා එයාව බලන්න තමා බයික් එකත් අරගෙන කොළඹ ආවේ… ඒත් ඇයි මල්ලි මෙයාට මෙහෙම ගැහුවේ.. ”
මුවහත් පිහියකින් ඇන්නානම් මීට වඩා සනීප විය හැක.. අපි සෙවිල්ලක් බැලිල්ලක් නැතුවකරන සමහර දේවල් ඇතුලේ කොච්චරනම් ගැබුරු කතා තියෙනවාද කියලා හිතුනා.. අපි නොදන්නා, නොහිතනා කොච්චරක්නම් දේවල් එලියෙන් බැලුවාට නොපෙනෙන මේ ලෝකේ තියෙන්න පුළුවන්ද කියලා හිතුනා.. ඒ අක්කා කදුළු පිහිදානගමන් අන්තිමට මට මෙහෙම කිව්වා..
“තව කාටවත් මෙහෙම ගහන්න දෙන්න එපා මල්ලී.. හිතාමතා හප්පන්නේ නෑ..මිනිස්සු පව්.”
-උපුටාගැනීම තීක්ෂණ ශ්රී විජේසිංහගෙන්