නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(01/20)

    1.0 නිවන් දකින්නේ කොහොමද?

    නිවන් දකින්න කියලා බන අහන්න ගිහාම පටිච්ච සමුප්පාදය කියනවා, සතර සතිපට්ඨානය කියනවා, ආර්යෂ්ඨාංගික මාර්ගය කියනවා, පංචස්කන්ධය කියනවා, පංච උපාධානස්කන්ධය කියනවා, උදය වැය කියනවා, අනිච්ච දුක්ඛ අනත්ත කියනවා, ආශ්වාදය ආදීනවය නිස්සරණය කියනවා..... ඔහොම වචන ගොඩයි. ඒ බනට කියන දේ නිවන් මඟේ කොතනට ද අදාල වෙන්නේ කියලා හිතාගන්න බෑ.

    මේ වගේ ආකාර වැඩි නිසා අවුල් ගොඩක් වගෙයි මුලින්ම කෙනෙකුට හිතෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර කියන බර වචන නිසා කියන්නේ මොනවද කියලා තේරෙන්නෙත් නෑ.

    මේ සේරම ලිහාගන කොතනින්ද ධර්ම මාර්ගය ගැන පටන්ගන්නේ කියන එක මටත් තිබුණ ගැටළුවක්. ඒ නිසා අවුරුද්දක් විතර එක දිගට මම බණ අහලා අහලා මේ අවුල් ජාලයේ කොනක් හොයාගන අගටම යනකම් ලිහාගන ලිහාගන යන විදිහයි මාසයක් විතර එක දිගට ටයිප් කරලා ඔබට මේ කියවන්න ලැබෙන්නේ.

    ඒ නිසා මේ thread සේරම අගටම යනකම් කියවන්න. එතකොට මුල මැද අග සේරම ලිහෙයි. ගැඹුරු බණ ට කියන වචන වල තේරුම් සේරමත් මෙතන තියන නිසා මේ පිටු සේරම කියෙව්වට පස්සේ කාගේ බනක් ඇහුවත් තේරෙයි. මොකද අවශ්‍ය සේරම ටික මෙතන තියන නිසා.

    මුලින් තියන කරුණු වල ඒවා අභිධර්මයේ හෝ සූත්‍ර පිටකයේ තියා තැන් සඳහන් කරලා නෑ. ඒත් අගට යන්න යන්න ත්‍රිපිටකයේ තියන තැන් පවා සඳහන් කරලා තියනවා.

    මේ අවුල් ජාලය ලිහාගන්න එක සූත්‍රයක් අරගන බෑ. සූත්‍ර එකින් එකට සම්බන්ධ කරගන ගලපගන යද්දී තමයි මාර්ගය ලිහෙන්නේ. එක සූත්‍රයක කෙටියෙන් තියෙන්නේ මාතෘකාපාලියෙන්. ඒකේ විස්තර තියෙන්නේ තවත් සූත්‍රයක. ඒ සූත්‍රයේ තියන දේ තව විස්තර තියෙන්නේ අභිධර්මයේ. ඒකට අවශ්‍ය තව කොටසක් ආයේ තියෙන්නේ සූත්‍ර පිටකයේ . ඔන්න ඔය වගේ.

    මේ ලෝකයේ ඕනෑම කාම වස්තුවක් අපිට ලැබුනහම ඒක තනියම තමයි ඕනෑම කෙනෙක් භුක්ති විඳිනේ. මැණිකක් හම්බ වුනත් විකුණලා හොරෙන්ම පොතට දාගන්නවා. තමන්ට අයිති කාන්තාවක් වුනත් වෙන කෙනෙක් අල්ලනවටවත් කැමති නෑ. කෑමක් වුනත් ගෙදර අය එක්ක විතරයි බෙදාගන්නේ. ඒත් මේ ධර්මය කෙනෙක්ට ලැබුනම ඒක තව කෙනෙක්ට දෙන්නමයි හිතෙන්නේ. ඒක තමයි මේ ධර්මයේ තියන වෙනස.

    පටිච්චසමුප්පාදය කිව්වම "අවිද්‍යා පච්චයා සංඛාරා" කියලා චක්‍රය විතරක් නෙවෙයි පටිච්චසමුප්පාදය කියන්නේ. තවත් ආකාර 10-12කින් විතර පටිච්චසමුප්පාදය තියනවා. මූලික කරුණු වල ඉඳන් චිත්ත වීථි දක්වා මුල සිට සරලව තමයි මේ ලියලා තියන පටුන තමයි ඔය කලින් තිබුනේ.

    එහෙනම් පටන්ගමු.

    බුදුරජානන්වහන්සේගේ බණ කියන විදිහ තමයි "අනුපිළිවෙල කතාව" මුලින්ම කරලා, ඊට පස්සේ " සාමුක්කන්සික දේශනාව" කරනවා

    අනුපිළිවෙල කතා කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනව, කෙක්ඛම්මයේ ආනිසන්ස

    දාන කතා, සීල කතා වලින් කෙරෙන්නේ අහගන ඉන්න කෙනාගේ හිතේ අලෝභ, අද්වේශ, අමෝහ වැඩෙන එකයි. (ලෝභ, ද්වේෂ, මෝහ දුරු වෙන එකයි)

    සග්ග කතා වලින් කරන්නේ සුගතිය ගැන කියන එකයි

    ඔය ටික අහද්දී අහගන ඉන්න කෙනාගේ හිතේ අලෝභයක්, අද්වේෂයක් ලෞකිකව පැන නැඟෙනවා, එතකොට සුගති ගැන ආසාවක් එනවා. ඒ කියන්නේ කාම ලෝක සැපය ගැන ආසාවක්. ඊට පස්සේ කාමයන්ගේ ආදීනවය කියනවා. කාමයන්ගේ ආදීනවයට අහද්දී එයාට කාමයන්ගෙන් මිදෙන්න හිතෙනවා. කාමයන්ගෙන් මිදෙනවා කියන එකට තවත් නමක් තමයි නෙක්ඛම්මය කියන්නේ. ඊට පස්සේ නෙක්ඛම්මයේ ආනිසංස කියනවා.

    ඔන්න ඔය විදිහට කාමයන්ගේ මිදීම ගැන කියද්දි අහගන ඉන්න කෙනාගේ හිත පංච නීවරණ වලින් මිදෙනවා. දැන් ඔන්න නෙක්ඛම්මයේ ඉද්දී සාමුක්කන්සික දේශනාව කරනවා. සාමුක්කන්සික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍යය ඇසුරින් කරන දේශනාව .

    පංච නීවරණ වලින් තොරයි කියන්නේ එයා ඒ වෙලේ ඉන්නේ ලෞකික 1 වෙනි දැහැනක වගේ. ඒ දේශනාව අහගන ඉද්දී එයාට කන් ඇහෙනවා. ඔන්න එක මොහොතක මෝරලා තිබුන මලට හිරු එළිය වැටෙනවා වගේ පංච නීවරණ වලින් තොර "විනීවරන මොහොතක" එයාට සෝතාපන්න ඵලය ලැබෙනවා. සෝතාපන්න මාර්ග හිතෙන්-> සෝතාපන්න ඵල හිතට යන මොහොතේ නිබ්බාන ධාතුව ස්ඵර්ශ කරන්න ලැබෙනවා.

    ඔන්න ඔය විදිහටයි බුදුරජානන්වහන්සේගේ කාලයේ බන අහලා සෝවාන් වුනේ

    සාමුස්කන්සික දේශනාවේදී කරන්න්නේ චතුරාර්‍ය සත්‍යය ගැනයි. චතුරාර්‍ය සත්‍යය කිව්වත්, පටිච්චසමුප්පාදය කිව්වත්, ආශ්වාද ආදීනවය නිස්සරනය කිව්වත්, උදය වැය කිව්වත්, සමුදය නිරෝධය කිව්වත්, අනිච්ච දුක්ඛ අනත්ත කිව්වත් හැම පැත්තකින්ම කියන්නේ සසර ගමන් යන විදිහයි, සසර ගමන නවත්වන විදිහයි ගැනයි

    එතකොට ඇයි ඔය වර්ග ගොඩක් තියෙන්නේ? ඒක තමයි මේ ධර්මයේ තියන ආශ්චර්ය.

    සුප්‍රබුද්ධ රජතුමාගේ බෑනා කිව්වත්, යසෝදරාවගේ ස්වාමියා කිව්වත්, රාහුල කුමාරයාගේ පියා කිව්වත්,...... ඔය මොන ආකාරයට විස්තර කළත් එකම කෙනෙක් ගැනයි ඔය කියන්නේ, අන්න ඒ වගේ තමයි නිවනට යන මාර්ග ටිකයි ඔය හැම එකකම කියන්නේ. ඔය මොන ක්‍රමයෙන් ගියත් යන්නේ එකම තැනටයි.

    මුහුදේ කොතනින් ඇඟිල්ල ගහලා බැලුවත් ලුණු රසයි වගේ මුළු ත්‍රිපිටකය පුරාම මොන සූත්‍රය කියෙව්වත් තියෙන්නේ ආශ්වාදය ආදීනවය නිස්සරණයයි. එහෙමත් නැත්නම් අනිච්ච දුක්ඛ, අනත්තයි, එහෙමත් නැත්නම් පටිච්චසමුප්පාදයයි.

    ආශ්වාදය අපි හදාගන්නේ අපේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන 6න්. ඒ නිසා ඔය නිවන් මඟ විස්තර කරන ක්‍රම වලින් එක ක්‍රමයක් තමයි සලායතන ක්‍රමය. අපි එතනින් පටන්ගමු

    මේ ධර්මය තේරුම් ගන්න ඇස් දෙකක්, කටක්, නහයක්, දිවක්, කයක්, මනසක් දෙවියන්ටත් තියෙන්නම ඕනේ. ඔය ආයතන 6යි, ඒවට ගෝච්චර වෙන දෙවල් ගැනයි බුදුහාමුදුරුවෝ කිව්වේ.

    බුදුහාමුදුරුවෝ සූවිසි ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය 24ක් දේශනා කලා. "හේතු ප්‍රත්‍ය"ය කියන්නේ ඔය 24න් එකයි. හේතු ප්‍රත්‍යයෙන් තමයි සත්ත්වයා සසර ගෙනියන්නේ

    හැබැයි ඇසට රූපයක් ගැටුනම ඒකේ හේතුව නැති වුනාම ඵලය නැති වෙනවා කියන එක නෙවෙයි බුද්ධ දේශනාව. එහෙම නම් නිවන් දකින්න ඒ හේතු සේරම නැති වෙන්න ඕනේ. "අන්න ඒ හේතුවත් ඇති වෙන්නත් හේතුවයි" නැති කරන්න ඕනේ

    ඒ හේතුව ඇති වෙන්නත් හේතුව තමයි "ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ". ඔය හේතු 6න් තමයි සසර ගමන යන්නේ. (හේතු තමයි ඔය 6)

    1.1 දුක්ඛ ආර්‍ය සත්‍යය

    දුක කියනවා, දුක්ඛ සත්‍යය කියනවා, දුක්ඛ ආර්‍ය සත්‍යය කියනවා. ඔය තුනේ වෙනස මුලින්ම හඳුනගන්න ඕනේ. ඒ නිසා දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ මොකක්ද කියලා බලමු,

    වේදනාව කියන්නේ රිදෙනවා කියන එක නෙවෙයි, දුක් වේදනා, සුඛ වේදනා, අධුක්ඛම අසුඛ වේදනා කියලා වේදනා වර්ග 3ක් තියනවා. අපි සැප දුක් උපේක්ෂා කියන්නෙත් ඔය ටිකටමයි. ඔය වේදනා ටික අපිට ලැබෙන්නේ අපි පෙර සංසාරයේ කරපු දෙයක් නිසයි. ඒ නිසා ඒවට විපාක වේදනා කියනවා ඒ වේදනාවල් විඳින එකේ කෙලෙස් නෑ.

    ඒත් ඔය කිව්ව වේදනා ටික මත අපේ තියන රාග, ද්වේෂ, මෝහයන්ගෙන් අපි හදනවා
    • සංඛාර දුක්ඛ,
    • විපරිනාම දුක්ඛ,
    • දුක්ඛදුක්ඛ කියලා තවත් දුක් 3ක්. ඒවට කියන්නේ "ආශ්වාද දුක්"

    *** විපාක සැප වේදනාවක් දැනුනම "අනේ ෂෝක්" කියලා අපි ඒකත් එක්ක රාගයෙන් බැඳිලා, ඒ කියන්නේ ආශ්වාදයෙන් අරන් "විපරිනාම දුක" හදාගන්නවා.

    *** දුක් වේදනාවක් ආවම ඒකත් එක්ක ගැටිලා "දුක්ඛදුක්ඛ" හදාගන්නවා. අපි ඒ දුක හදාගන්නෙත් ආශ්වාදයෙන්. මොකද අපිට කෙනෙක් ගෙදරට ඇවිත් ගැහුවොත් අපිත් ආපහු පන්නගන ගිහින් හරි ගහනවා. එහෙම හැහුවම අපිට සතුටුයි. එහෙම ආපහු ගහලා අපි ලබන්නෙත් ආශ්වාදයක්. අපි ආපහු ගහන්න කලින් ඌ දිව්වා නම් අපිට හෙන අවුල්. පහුවදා වෙනකම ඉන්නේ හිතේ අමාරුවෙන්. හෙට මෙතනින් යන්න වරෙන්කෝ දෙන්නම් කියලා ඉන්නේ.

    *** ඒ වගේම උපේක්ෂා වේදනාවත් එක්ක අවිද්‍යාවෙන් බැඳිලා "සංඛාර දුක්ඛ" හදාගන්නවා. වේදනා අර්ථයෙන් සැපයි, දුකයි කියන ඔය සේරටම ප්‍රඥා අර්ථයෙන් දුකක් කියලයි දකින්නේ. "දුක්ඛ ආර්ය සත්‍යය" කිව්වේ ඔන්න ඕකටයි. ආශ්වාදය දුකයි කියලා ඔන්න ඔය විදිහට කියන්නේ වේදනා අර්ථයෙන් නෙවෙයි ප්‍රඥා අර්ථයෙන්.

    ඒ කියන්නේ අපි ආශ්වාදය කියලා ලබන්නේ අපිට විපාකයෙන් ලැබෙන "සැප දුක් උප්කේෂා" මත "රාග ද්වේෂ මෝහ" වලින් ගොඩ නඟන එකක්. බුදු දහමේ උගන්වන්නේ ඔන්න ඔය කිව්ව ආශ්වාදයෙන් මිදෙන්නයි. ඔන්න ඔය ආශ්වාදයෙන් මිදුන කෙනා රහත්.

    ඒ කියන්නේ නිවන් දකින්න නම්
    "සැප වේදනාවක් එක්ක හදාගන්න රාගය" අයින් කරන්න ඕනේ
    "දුක් වේදනාවක් එක්ක හදාගන්න ද්වේෂය" අයින් කරන්න ඕනේ
    "උපේක්ෂා වේදනාවක් එක්ක අවිද්‍යාවෙන් බැඳෙන එක" අයින් කරන්න ඕනේ

    (කොහොමද රාග, ද්වේෂ, මෝහ නැති කරන්නේ කියලා පසුවට විස්තර කරනවා. ඕක එක පාර කරන්න බෑ. එහෙම කරපු කෙනා රහතන්වහන්සේ නමක්.)

    විපාක සැප/දුක් නැති කරන්න බෑ. රහතන්වහන්සේටත් "විපාක දුක්" තියනවා. කවුරු හරි ගැහුවොත් රහතන්වහන්සේටත් රිදෙනවා. ඒ වගේම රහතන්වහන්සේත් "විපාක සැප" වේදනා විඳිනවා.

    පංචස්කන්ධයේ විපාක දුක ට කියනවා "දුක්ඛ සත්‍යය" කියලා
    පංච උපාධානස්කන්ධයේ මේ අලුතෙන් හදාගන්න දුක් 3 ට කියනවා "දුක්ඛ ආර්‍ය සත්‍යය" කියලා

    පංච උපාධානස්කන්ධයේ මේ දුක් 3 හැදෙන්නේ මනෝ මූලිකව. ඒකයි ප්‍රඥා අර්ථයෙන් කියන්නේ

    1) "ඛන්ධ" සූත්‍රයට අනුව දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ "පංච උපාධානස්ක්නධය"
    රූපඋපාධානස්කන්ධය, වේදනාඋපාධානස්කන්ධය, සංඥාඋපාධානස්කන්ධය, සංඛාර උපාධානස්කන්ධය, විඥ්ඥාන උපාධානස්කන්ධය

    2) "ආයතන" සූත්‍රයට අනුව දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ "අධ්‍යාත්මික ෂඩායතනය"
    චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්‍යායතනය, කායායතනය, මනායතනය

    3) ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, සච්චවිභඞ්ග සූත්‍රය ට අනුව

    “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

    ඔය අන්තිමට කියපු ඉපදීම, මරණය කොහොමද දුක්ඛ ආර්‍ය සත්‍යයක් වෙන්නේ කියලා පසුවට විස්තර කරලා තියනවා

    1.2 දුක්ඛ සත්‍යය

    අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කියන මේ තුන්කාලයේම ඉන්න අය දුකෙන් මිදුනා නම් ඒ මිදුනේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ කිව්වේ, “මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් තියනවා නම් (ඒ කියන්නේ ආශ්වාදයක් තියනවා නම්) ඒ ආශ්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත, රෝග, භය විදිහට දකින්න, එහෙම දැකපු කෙනා දුකින් මිදෙනවා” කියලයි කිව්වේ.

    එතකොට තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති වුනාම දුකෙන් මිදෙනවා. ඔය කිසිම ආශ්වාදයක් ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. ඒකට කියනවා අනිච්ච කියලා.

    ඔබ කිසියම් වස්තුවක් කෙ‍රෙහි තෘෂ්ණාවකින්, ඒ කියන්නේ ආශ්වාදයක් විඳිමින් ඉන්නවා කියමුකෝ, දුක කියන එක ඒ ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ. ඔබට දුක කවදාවත් පෙනෙන්නේ නෑ.

    කවදා අරි ඒ ආශ්වාදය නැති වුන දවසට ඔබ කියයි ඒකෙන් ලැබුන දුක් කන්දරාව. උදාහරණයක් විදිහට ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ දරුවගේ ආශ්වාදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර දුක් වින්දත් ඒ හැම දුකක්ම ඔබට ආශ්වාදයක්. කවදා හරි ඒ දරුවා මැරුනොත්?? (හෝ දරුවා මැරෙන්නෙත් නැතුව කවුරු හරි ඔබට කෝල් කරලා කිව්වොත් දරුවා මැරුණා කියලා).

    අන්න ඒ වෙලේ ඔබට දුක එනවා. ඔබ විඳපු ආශ්වාදය නැති වුන නිසා. ඒ වෙලේ වටේ පිටේ ඉන්න අයට ඔබ අඬ අඬ මේ දුක් ලිස්ට් එකම කියයි

    # මම කොච්චර දුක් වින්දද මේ ළමයා ලොකු මහත් කරන්න
    # මම නොකා නොබී මේ දරුවට ඉගැන්නුවේ
    # මම දවසම මැරිලා මේ ළමයට කන්ඩ අඳින්න දුන්නේ... ඔය වගේ

    දරුවා මැරෙනකම් ඔබට ඒ හැම දෙයක්ම දුකක් විදිහට දැනුනේ නෑ. ළමයා පොඩි කාලේ කැත කළාමත් ආසාවෙන් සේදුවේ. ඒ ඔබ ළමයා කෙරෙහි තිබුණු තෘෂ්ණාව නිසා. තවත් විදිහකින් කිව්වොත් ළමයාගේ ආශ්වාදයෙන් ඔය දුක් සේරම වැහිලා තිබුනේ. ඔන්න ළමයා මැරුන දාට ඔබට දුක තේරුණා. ඒකට කියනවා "දුක්ඛ සත්‍යය" කියලා. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතයේ යම් යම් ආශ්වාද විඳින්න දුකක් විඳිනවා. ඒත් ආශ්වාදය නිසා ඒවා අපිට දුකක් විදිහට දැනෙන්නේ නෑ. ඒක දුකක් කියලා තේරුම් ගන්න එක තමයි දුක්ඛ සත්‍යය

    1.3 දුක

    එතකොට දුක කියන්නේ මොකක්ද? දුක හැදෙන්නේ කොහොමද කියලා අචෙලකස්‌සප සූත්‍රයේ හොඳට පැහැදිලි වෙනවා

    “"භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරන ලද්දේ ද? කාශ්‍යපය, එසේ නො කියව.
    භවත් ගෞතමයෙනි, කිම, දුක අනුන් විසින් කරන ලද්දක්ද? කාශ්‍යපය, එසේ නොකියව.
    භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දක් ද? කාශ්‍යපය, එසේ නොකියව.
    භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් අනුන් විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තක් (අධිච්චසමුප්පන්න ) ද? කාශ්‍යපය, එසේ නොකියව.
    භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ ද? කාශ්‍යපය, දුක ඇත්තේ ම ය.
    එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නොදනී ද? නොදකී ද? කාශ්‍යපය, මම දුක නොදන්නේ නොවෙමි. නොදක්නේ නොවෙමි. කාශ්‍යපය, මම දුක දනිමි. මම දුක දකිමි.

    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, අචෙලකස්‌සප සූත්‍රය, 33 පිටුව)

    දුක මම හැදුවා කිව්වොත් ඒකට කියනවා "ශාශ්වත දෘෂ්ඨිය" කියලා. එතකොට දුක නැති වුනාට පස්සේ මම ඉන්නවා කියලා දෘෂ්ඨියක් ගන්නවා
    "මම ඉපදුන නිසා තමයි මේ දුක ආවේ. ඒ නිසා මම මැරෙන්න ඕනේ" කියලා සමහරු හිතනවා. ඒක එක මිත්‍යා දෘෂ්ඨියක්

    දුක අනෙකෙක් හැදුවා කිව්වොත් ඒකට කියනවා "උච්චේද දෘෂ්ඨිය" කියලා. එතකොට දුක පිට කෙනෙක් දුන්නා කියලා හිතුවොත් දුක නැති කරන්න පිට උන් සේරම නැති කරන්න ඕනේ කියලා දෘෂ්ඨියක් ගන්නවා. ඒ කියන්නේ "මේ මිනිහා කසාද බැන්ද දා ඉඳන් තමයි මම දුක් විඳින්නේ, එහෙම නැත්නම් අල්ල්ලපු ගෙදරට මූ ආවා දා ඉඳන් තමයි අපිට දුක් කරදර ආවේ, මේ ආණ්ඩුව ආව දා ඉඳන් තමයි අපිට දුක" වගේ සිතුවිලි අපේ තියනවා. ඒ කියන්නේ බාහිරින් තමා දුක අපිට ආවේ කියලා අපි හිතනවා. ඒක තවත් මිත්‍යා දෘෂ්ඨියක්

    "ඉස්සර ඔයත් මමත් වෙන වෙනම හොඳට හිටියා අපි දෙන්නා එකතු වෙලා කසාද බැන්ද දා ඉඳන් තමයි දුක ආවේ". ඒ කියන්නේ තමනුත් වෙනත් අයත් දෙගොගොල්ලම නිසයි දුක ආවේ කියලා හිතාගන ඉන්නව. ඒකත් මිත්‍යා දෘෂ්ඨියක්

    ඉබේ හටගන්නවට කියන්නේ අධිච්ච්සමුප්පන්න. දුක ඉබේ හටගන්නවා කියලා හිතාගන ඉන්නවා කියන එකත් මිත්‍යා දෘෂ්ඨියක්. මොකද ඉබේ හටගන්නවා නම් ඉබේම නැති වෙනකම් ඉන්න ඕනේ

    දුක නැද්ද අහපුවහම "දුක තියනවා" කියලත් කියනවා. ඊට පස්සේ කියනවා "භාග්‍යවතුන්වහන්ස මට දුක දේශනා කරන සේක්වා!" කිව්වට පස්සේ කියනවා

    "අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥ්ඥානයවෙයි...මෙසේ හුදු දුක් රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංඛාරනිරෝධය වේ. සංඛාර නිරෝධයෙන් විඥ්ඥාන නිරෝධය වේ..... මෙස් ඒ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ

    (සම්මා පටිපදා සූත්‍රයේ වචන ටිකම ආයෙත් අචේලකස්සම සූත්‍රයෙත් කියනවා)

    ඔය කියන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදයමයි. ඔන්න ඔහොම පටිච්චසමුප්පාදව තමයි අපි දුක හදාගන්නේ.

    අවිද්‍යාවෙන් සංඛාර කරගත්තම එකට කියනවා ආශ්වාද කියලා. රාගයෙන් නම් සංඛාර කලේ රාගයෙන් හදාගන්න දුක. ඒ කියන්නේ "විපරිනාම දුක්ක" (සැප වේදනාවට ආශ්වාදයෙන් බැඳෙනවා. ඒ ආශ්වාදයට කියන නමක් තමයි විපරිනාම දුක්ඛ)

    ද්වේශයෙන්නම් සංඛාර කලේ, "දුක්ඛ දුක්ඛ" (දුක් වේදනාවට ආශ්වාදයෙන් බැඳෙනවා. ඒ ආශ්වාදයට කියන නමක් තමයි දුක්ඛදුක්ඛ). මෝහයෙන් නම් කලේ "සංඛාරදුක්ක".

    ඔන්න ඔය විදිහට පටිච්චසමුප්පන්නවයි දුක හදාගන්නේ. අවිද්‍යාව නිරෝධ කලාට පස්සේ ඒ දුක නැති වෙනවා.


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඔය හදපාන්ගොඩ නිවාතාප ලමයගෙ බයිලාවක් නේද?
    අහුවෙන්න එපා හොර ගණයන්ට,,
    :lol::lol:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24596457 said:
    ඔය හදපාන්ගොඩ නිවාතාප ලමයගෙ බයිලාවක් නේද?
    අහුවෙන්න එපා හොර ගණයන්ට,,
    :lol::lol:

    නෑ... නිවාතාප හාමුදුරුවන්ගේ බණ මම එකක් වත් අහලා නෑ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113

    නෑ... නිවාතාප හාමුදුරුවන්ගේ බණ මම එකක් වත් අහලා නෑ

    එහෙනම් උඹ දන්නෙත් නැතුවම මේව ප්‍රමොට් කරන්නෙ?
    ඔය නාතයි ,අනාතයි ගාන්නෙ. නොදන්න බයිලා කියන්න ගිහින් බණ කියන්න තහනම් වෙච්ච නිවාතාප උන්දැ.

    :lol::lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24596526 said:

    එහෙනම් උඹ දන්නෙත් නැතුවම මේව ප්‍රමොට් කරන්නෙ?
    ඔය නාතයි ,අනාතයි ගාන්නෙ. නොදන්න බයිලා කියන්න ගිහින් බණ කියන්න තහනම් වෙච්ච නිවාතාප උන්දැ.

    :lol::lol::lol:

    Thread 20 ම කියවපන්කෝ...
    ත්‍රිපිටකට ඇසුරින් සේරම තියෙන්නේ
    මමයි මේ සේරම ටයිප් කරලා ලිව්වේ


     
    • Wow
    Reactions: Yeezus

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    You must spread some Reputation around before giving it to Hipapotemas again.


    උබට ගොඩාක් පින්...මේ පිනෙන් හැකි ඉක්මනින් නිවන් මගට එලබේවා..
     
    • Like
    Reactions: Yeezus

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113

    Thread 20 ම කියවපන්කෝ...
    ත්‍රිපිටකට ඇසුරින් සේරම තියෙන්නේ
    මමයි මේ සේරම ටයිප් කරලා ලිව්වේ


    මේක උඹ ලිව්වා වෙන්න බෑ..කියට වත්.. මේ නිවාතාපගෙ ටෝන් එක උඹට ආවෙ කොහොමද එහෙනම්.. උබත් නිවාතාප සෙට් එකේම කෙනෙක්.

    ත්‍රිපිටකේ ඇසුරෙන් ලිව්ව කිව්වට පටලවාගෙන ඉන්නෙ උඹත්... නිවාතාප ,වහරක-මීවනපලානේ ,වල්ස්මුල්ල්ලෙ සරණ ගියපු කෙනෙක් නම් වහාම ඒ නොබණ අහල මුලා නොවී හරි හාමුදුරු කෙනෙක් ලියපුව කියවපන්. තෙරුවන් සරණයි..
    Eg. රේරුකානෙ චන්දවිමල , නා උයනෙ අරියධම්ම , මාන්කඩවල සුදස්සන, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවෝ ..
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24596606 said:
    Eg. රේරුකානෙ චන්දවිමල , නා උයනෙ අරියධම්ම , මාන්කඩවල සුදස්සන, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවෝ ..

    බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බණ කියන්න වෙනම භාෂාවක් හැදුවේ නෑ. ඒ කාලේ තිබුණු භාෂාවෙන්ම තමයි ධර්මය දේශනා කලේ. ඒ වෙද්දී බමුණන්ගේත් සප්ත බොජ්ජංග තිබුණා. ස්වාමින්වහන්සේලා බමුනන්ගේ ආරාමයකට ගිහාම එයාලා අහනවා

    "අපිත් සප්ත බොජ්ජංග දේශනා කරනවා. ඔබලාගේ සප්ත බොජ්ජංග වලයි අපේ ඒවගෙයි වෙනස මොකක්ද කියලා"

    (ඒ ගැන වැඩි විස්තර ඕනේ නම් "පරියාය සූත්‍රය" මෙතනින් බලන්න )

    අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ තිබුණු භාවණා ඒ නම් වලින්ම ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළා. දැන් ආපහු භාවිතා වෙන්නෙත් ඒ ලෝකෝත්තර අර්ථ වැහිලා වචනයේ අර්ථය උඩින් පල්ලෙන් අරන් ලෞකික අර්ථයෙන්

    ඔබ අය කියපු ස්වාමින්වහන්සේලත් රැල්ලට ගුරුවරයා කියලා දුන්න ලෞකික අර්ථ ඒ විදිහටම ගත්ත අයයි

    මේ තෙඩ් දෙකේ තියනවා ලෝකෝත්තර අර්ථ ගැන

    නිවන්_මඟ_මෙන්න-(14/20)
    8.0 ත්‍රිපිටකයේ වැසී තිබෙන ලෝකෝත්තර අර්ථ
    8.1 අට්ඨිය සංඥාවේ ලෝකෝත්තර අර්ථය
    8.2 ඉන්ද්‍රිය භාවනාවේ ලෝකෝත්තර අර්ථය
    8.3 මෛත්‍රී භාවනාව වේ ලෝකෝත්තර අර්ථය
    8.4 පිළිකුල් භාවනාවේ ලෝකෝත්තර අර්ථය (පටිකූල සංඥා)
    8.5 අසුභය වැඩීමේ ලෝකෝත්තර අර්ථය
    8.6 මරණානුස්සතියේ ලෝකෝත්තර අර්ථය

    නිවන්_මඟ_මෙන්න-(15/20)
    8.7 ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24596526 said:

    එහෙනම් උඹ දන්නෙත් නැතුවම මේව ප්‍රමොට් කරන්නෙ?
    ඔය නාතයි ,අනාතයි ගාන්නෙ. නොදන්න බයිලා කියන්න ගිහින් බණ කියන්න තහනම් වෙච්ච නිවාතාප උන්දැ.

    :lol::lol::lol:

    අනිච්ජ යනු අනිත්ය නොවන බවට සාක්ෂි

    (වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්‍රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )


    1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට

    සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්ය පදය දැමූ විට “සියල්ල අනිත්ය වේ “ නමුත්,

    මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව

    අරි අට මග කිසි ප්‍රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්ය වන්නේ නිවන අනිත්ය නොවන බවයි .
    තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව

    "මේ සතරක් සත්යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.

    තවද ,

    ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව


    "නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්ය නොවන බව දක්වා තිබේ .

    2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව

    "යමෙක් අනිත්ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,

    මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව

    විපරිණාමය (හෙවත් අනිත්ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .



    3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව

    මරණය අනිත්යයි .


    (නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )

    මේ අනුව අනිච්ච යනු අනිත්ය නොවන බව 100%ක් පැහැදිලිය.


    අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම

    1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු

    පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.

    2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 164 පිටු

    "අනත්තා අසාරකඨ්ටේතාති"

    3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු

    "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."


    අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්‍රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි



     
    • Like
    Reactions: netlife007

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු..sj91 කොපි පේස්ට් කුරුසයත් ඇවිල්ල් දුවගෙන...:lol::lol::lol:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.


    මේක ඔප්පු කරල පෙන්වන්න. පංච උපාදාන්සකන්දයෙන් පිටත තිබෙන්නාවූ/හටගන්නාවූ ආත්ම දෘෂ්ටියක් හඹාගිය භික්ශුවකට එය වැරදි බව පෙන්වා යමක් අනිත්‍යනම් එය දුකනම් එය මමය, මගේය මගේ ආත්මය ලෙස ගැනීම (ආත්මකොට) දොස්සහිත බව පෙන්වා අනාත්මය තහවුරු කිරීමක් නෙ බුදුන් ඒ සූත්‍රයෙ කියල තියෙන්නෙ. ඔයාලගෙ හාංදුරුවංගෙ මොන ඥානෙන්ද ඔය සූත්‍රය කියෙව්වෙ. ඔයා ඔය කතාව කියන්නෙ සූත්‍රයේ කුමන කාරණාවක් පදනම් කරගෙනය?

    මෙන්න සූත්‍රය
    තාමත් ඉස්සරවගේ ප්‍රිංටිං මිස්ටේක් අල්ලං තමන්ගෙ මිස්ටේක් එක ප්‍රිංටිං මිස්ටේක් පිටිං යවනවද:lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අඩෝ මට කෝකද හරි වැරදි කියලවත් තේරෙන් නැනේ බන්
    මම ඔක්කොම කියෙව්වා
    යකෝ අපිට අපේ බුද්දාගම ගැන කිසිම දැනුමක් නැනේ
    ශික් ලැජ්ජයි මටම
    :(:(
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අඩෝ මට කෝකද හරි වැරදි කියලවත් තේරෙන් නැනේ බන්
    මම ඔක්කොම කියෙව්වා
    යකෝ අපිට අපේ බුද්දාගම ගැන කිසිම දැනුමක් නැනේ
    ශික් ලැජ්ජයි මටම :(:(


    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොතපතින් පටන් ගන්න. ත්‍රිපිටකයත් කියවන්න. සූත්‍ර සෙන්ට්‍රල් එකේ පාලි එක්කම කියවන්න පුලුවන්. නැතිනම් බුද්ධජයන්ති ත්‍රිපිටක මුද්‍රනය කියවන්න. (ඔය උඩ එක්කෙනා රඟන්නෙ බුජ ත්‍රිපිටකයෙ සූත්‍රයක තියන ප්‍රිංටිං මිස්ටේක් එකක් අල්ලං වෙන්න ඕන. මිනිහගෙ මතය ඒ සූත්‍රයෙම ඊලඟ ඡේද ටිකෙන් කැඩෙනව. නමුත් එයාලගෙ බමුණු මත මේකට ඔබවන්න ඕන නිසා බොරුවට රඟනව)

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
    ආර්ය අෂ්ටාංගික මාර්ගය
    සතර සතිපට්ඨානය
    චතුර්සත්‍ය
    පටිච්චසමුප්පාදය ගැන කියවල බලන්න දැනුම ඕනනම්.
    යම් දැනුමක් ලැබුවට පස්සෙ කටුකුරුන්දේ ඥානනන්ද හාමුදුරුවන්ගෙ පොතපත බලන්න.



    හැබැයිමොක කලත් සතිපට්ඨාන භාවනාව/සිහිය(සතිය) පුරුදු නොකර දහම ගැන කොච්චර කරුනු එකතුකරගෙන දැනගත්තත් නිසි පලක් ලැබුවා යැයි සතුටුවෙන්න අමාරුයි.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl



    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොතපතින් පටන් ගන්න. ත්‍රිපිටකයත් කියවන්න. සූත්‍ර සෙන්ට්‍රල් එකේ පාලි එක්කම කියවන්න පුලුවන්. නැතිනම් බුද්ධජයන්ති ත්‍රිපිටක මුද්‍රනය කියවන්න. (ඔය උඩ එක්කෙනා රඟන්නෙ බුජ ත්‍රිපිටකයෙ සූත්‍රයක තියන ප්‍රිංටිං මිස්ටේක් එකක් අල්ලං වෙන්න ඕන. මිනිහගෙ මතය ඒ සූත්‍රයෙම ඊලඟ ඡේද ටිකෙන් කැඩෙනව. නමුත් එයාලගෙ බමුණු මත මේකට ඔබවන්න ඕන නිසා බොරුවට රඟනව)

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම
    ආර්ය අෂ්ටාංගික මාර්ගය
    සතර සතිපට්ඨානය
    චතුර්සත්‍ය
    පටිච්චසමුප්පාදය ගැන කියවල බලන්න දැනුම ඕනනම්.
    යම් දැනුමක් ලැබුවට පස්සෙ කටුකුරුන්දේ ඥානනන්ද හාමුදුරුවන්ගෙ පොතපත බලන්න.



    හැබැයිමොක කලත් සතිපට්ඨාන භාවනාව/සිහිය(සතිය) පුරුදු නොකර දහම ගැන කොච්චර කරුනු එකතුකරගෙන දැනගත්තත් නිසි පලක් ලැබුවා යැයි සතුටුවෙන්න අමාරුයි.

    ela machan mama balanam
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113


    හැබැයි මොක කලත් සතිපට්ඨාන භාවනාව/සිහිය(සතිය) පුරුදු නොකර දහම ගැන කොච්චර කරුනු එකතුකරගෙන දැනගත්තත් නිසි පලක් ලැබුවා යැයි සතුටුවෙන්න අමාරුයි.

    ඔබ සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද?

    කායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකටද?

    ඕක නෙවෙයි කායේ කායානුපස්සනා කියන්නේ

    බුද්ධශාසනයේ තියෙන්නේ කායේ කායානුපස්සනාවයි.
    මෙන්න ඒක ගැන විස්තර

    නිවන්_මඟ_මෙන්න-(07/20)
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    මේක ඔප්පු කරල පෙන්වන්න. පංච උපාදාන්සකන්දයෙන් පිටත තිබෙන්නාවූ/හටගන්නාවූ ආත්ම දෘෂ්ටියක් හඹාගිය භික්ශුවකට එය වැරදි බව පෙන්වා යමක් අනිත්‍යනම් එය දුකනම් එය මමය, මගේය මගේ ආත්මය ලෙස ගැනීම (ආත්මකොට) දොස්සහිත බව පෙන්වා අනාත්මය තහවුරු කිරීමක් නෙ බුදුන් ඒ සූත්‍රයෙ කියල තියෙන්නෙ. ඔයාලගෙ හාංදුරුවංගෙ මොන ඥානෙන්ද ඔය සූත්‍රය කියෙව්වෙ. ඔයා ඔය කතාව කියන්නෙ සූත්‍රයේ කුමන කාරණාවක් පදනම් කරගෙනය?

    මෙන්න සූත්‍රය
    තාමත් ඉස්සරවගේ ප්‍රිංටිං මිස්ටේක් අල්ලං තමන්ගෙ මිස්ටේක් එක ප්‍රිංටිං මිස්ටේක් පිටිං යවනවද:lol:


    මහත්තය අනාත්මය තහවුරු කිරීමක් බුදු දහමේ මම දන්නා හැටියට නැහැ මෙන්න ත්‍රිපිටක සාක්ෂි. මජ්‌ඣිම නිකාය 1, සබ්බාසව සූත්‍රය (පිටුව 23). (http://www.thripitakaya.org/tipitakaya/Index/37?s=101)

    "මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී...


    මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘතග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශොකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි."

    ආත්මයක් ඇත/නැත යන්න සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එකක් කියල පැහැදිලව කියල තියනවා, ඉතින් මහත්තයෝ තථාගතයන් වහන්සේ වෙනත් තැනක අනාත්මය (ආත්මයක් නැත යන්න) තහවුරු කරයිද?
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113


    හැබැයිමොක කලත් සතිපට්ඨාන භාවනාව/සිහිය(සතිය) පුරුදු නොකර දහම ගැන කොච්චර කරුනු එකතුකරගෙන දැනගත්තත් නිසි පලක් ලැබුවා යැයි සතුටුවෙන්න අමාරුයි.
    මෙහෙම දෙයක් කවුද, කොහෙද කියල තියෙන්නේ මහත්තය?