කෝ ඉතින් සත්ත්ව පුද්ගල කතාවක් ඕකේ නැහැනේ....
මම කලිනුත් ප්‍රශ්ණයක් ඇහුවා. ඒකටත් උත්තරයක් නෑ...
සූත්‍රය කියෙව්වෙ නම් සත්ව කතාවත් තේරෙනව. සත්වයා කියල මම අර්ත ගන්වන්නෙ ගෙනහැර දැක්විය හැකි ආත්මයක් (ආත්මකොට ගිනිය හැකි/ගිනිය යුතු) සහිත ජීවියෙක්. උදා - බුදුන්, ස්වාමීන්වහන්සේනමක්, මුදලාලි...ඊටීසී...
අනුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද?” - “රූපය, වේදනාවය, සංඥාව, සංස්කාරය, විඥානය සත්වයායයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“අනුරාධය, ඒ කුමැයි හඟින්නෙහිද? මේ ඒ රූප නැත්තේ වේදනාව නැත්තේ, සංඥාව නැත්තේ, සංස්කාරය නැත්තේ, විඥානය නැත්තේ සත්වයායි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“අනුරාධය, මෙහි තා විසින් මේ ආත්මයෙහිම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සත්වයකු නොලැබිය හැකි කල්හි ‘ඇවැත්නි, උත්තම පුරුෂවූ, අතිපරම පුරුෂවූ, උතුම් නිවනට පැමිණියාවූ යම් ඒ තථාගතවරයෙක්, වේද, ඒ තථාගතතෙමේ ‘සත්වතෙම මරණින් මත්තෙහි වේ’යයි හෝ ‘සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයි හෝ සත්වතෙම මරණින් මත්තෙහි වෙයි.’ නොම වෙයි, හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවේයයි, හෝ යන මේ සතර කරුණෙන් වෙන්ව පනවන්නේයි තාගේ ඒ ප්‍රකාශය සුදුසුද?” - “ස්වාමීනි, මේ ප්‍රකාශය සුදුසු නොවේ.”