Courier පාස්පෝට්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද ලංකාවෙ පාස්පෝට් එකක් වෙන රටකට කූරියර් කරන්න තහනමක් තියනවද නැද්ද කියල. මගේ බබාට බ්‍රිටිෂ් පාස්පෝට් එක ඇප්ලයි කරන්න සපෝටින් ඩොකියුමන්ට් එකක් විදිහට නෝනගෙ පාස්පෝට් එකත් ඕන. බබා හම්බෙන්න ගිහින් එයා තාම ලංකාවෙ. Brexit එකට කලින් කරගන්න කියල බැලුවෙ.

    මේ වගේ දෙයක් කලින් කරල තියන කෙනෙක් හොඳ කූරියර් සර්විස් එකකුත් සජෙස් කරන්න. DHL document service කියල එකක් තිබුන වගේ මතකයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා විදිහට passport එක declare කරලා යවන්න බෑ. යැව්වත් නැති උනොත් claim එකක් ගන්න බෑ.

    document කියල බාර දෙන්න පුළුවන්. උන් ගන්න දේ නොදැන ගෙනිහින් දෙය්
    එත් නැති උනොත් මොකද කරන්නේ...?

    99% නැති වෙන එකක් නෑ... හොදට parcel කරලා හොද service එකකට දුන්නොත්
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    methana owwa aha aha inne ai bn? DHL wage lankawe agents lata cl karala ahapanko...

    Call kare ne ban thaama. DHL-UK website eke thiyanawa unta awulak ne kiyala passport courier karanna. E unata mata heenen wage mathakai lankawe eka thahanam kiyala. Eka clarify karaganna meke damme ban.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    DHL ඔෆිස් එකට කතා කරා.

    එයාලා කියල දුන්න මොකද කරන්න ඕන කියල.

    ඉස්සෙල්ලම බත්තරමුල්ල DHL ඔෆිස් එකට ගිහින් කියන්න ඕනලු මට පාස්පෝට් එකක් රටෙන් පිටට යවන්න ඕන කියල. එතකොට DHL ඔෆිස් එකෙන් දෙනවලු ලෙටර් එකක්. ඒක අරගන බත්තරමුල්ලෙ ඉමිග්රේෂන් ඔෆිස් එකට ගිහින් approval එක ගන්න ඕන. DHL ස්ටෑන්ඩඩ් සර්විස් එකෙන් තමයි යවන්න තියෙන්නෙ. රු7060 ගන්නවලු, සතියකින් විතර යනවලු, බොහෝ වෙලාවට පාස්පෝට් පැකේජස් UK කස්ටම් එකෙන් හෝල්ඩ් කරනවලු. එහෙම උනොත් අමතර තව දවස් දෙකක් විතර යයිලු.

    උදවු කරපු හැමෝටම ගෙදර ගිහින් රෙප් දෙන්නම්.
     
    • Like
    Reactions: HKavinda