ඔබ?????

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    දවස අවසානයේ සිත සමහන් කරවන (soothing music) සංගීත කණ්ඩයන්ට ඇහුම් කන් දීම මම කරන්නට ඉතාමත් ප්‍රිය කරන දෙයක්, දෙනෙත් පියාගෙන headset එක සහිතව ගෙවන ඒ මොහොත මා සියල්ල පසෙක තබා සැනසීම සොයාගන්නා මොහොතයි..
    දෙනෙත් පියාගත් කල ඔබ සිතිය යුත්තේ
    ❇️ ඔබ කෙතරම් ශක්තිමත් කෙනෙක්ද යන වගයි,
    ❇️ඔබ මින් පෙර මුහුණ දුන් ගැටලුවලට මුහුණ දුන් සාර්ථක ආකාරය ගැනයි
    ❇️ බාධක මැඩගෙන ඔබ මෙතෙක් ආ ජීවන ගමන පිළිබඳවයි..

    ඔබට කියවිය හැකි හොඳම පොත ඔබමයි,
    ඔබෙන්ම තරම් ඔබට දැනුම සොයාගත හැකි අන් යමක් නැත, ඔබ ඔබවම පරිශීලනය කරන්න, ඔබ වන් වෙන අයෙක් මේ මිහිමත නැත, ඔබේ අත්වැරදීම් තුලින් ඔබ ලබා ගන්නා අවබෝධය අච්චු ගැසූ පොතක ලියැවුනු දෙයකට වඩා ඔබම අවබෝධකරගනු ඇත..
    ඔබට අනුවාදන, පරිවර්තන අනවශ්‍යය, ඔබ ඔබමයි,
    ඔබට ආදරය කරන්න, ඔබව රැකබලාගන්න, ඔබ වෙනුවෙන් ඔබ සිටින බව නිතරම මෙනෙහි කරන්න..

    ගත්තෙ FB
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    22.gif


    පට්ට...!!.
    Rep ++++ from
    honeymoon-avenue-script-regular.png