පිං_පෙට්ටිවලට_මුද්‍රා

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    පිං_පෙට්ටිවලට_මුද්‍රා

    ඔන්න සිංහල බෞද්ධ ජාත්‍යාලයෙන් ඔද වැඩිච්ච උන්ට මරාගෙන මැරෙන්න අවස්ථාවක් ඇවිල්ල තියනවා. අල්ල ගන්න එවුන් නැට්ටෙන් අල්ල ගනිල්ලා. :lol::lol:

    තිස්සමහාරාම විහාරයේ පිං පෙට්ටිවලට මුද්‍රා තබන්න නියෝග - විහාරස්ථානවලින් බදු අයකර ගැනීමේ සූදානමක් ගැන සැකයක්

    තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අධීක්ෂණයට වහා ලක් කරන ලෙස විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන්ට නියෝග කර තිබෙනවා.

    පසුගිය අගෝස්තු මස 8 වනදා තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරයට පැමිණි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් විසින් එම විහාරයේ විගණනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ පිං පෙට්ටිවලින් ලැබෙන මුදල් සහ අනෙකුත් ආදායම් පිළිබඳව මූල්‍ය වාර්තා විධිමත් පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් බව පවසමින්.

    ඒ අනුව විහාරයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගණනය කර භාරකාර ගිණුමට ඒවා බැර කළ යුතු බවටයි විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන්ට නියෝග කර ඇත්තේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ ආණ්ඩුව විහාරස්ථානවලින් බදු අය කර ගැනිමේ උත්සහයක නිරතවන බවට සැකයක් පවතින බවයි. එසේම අදාල සිදුවීම සම්බන්ධයෙන් උන් වහන්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.

    පෙරහැර කරන්නේ ජනතා මුදලින් ඊට විශාල මුදලක් වැය වෙනවා. වාර්ශිකව චෛත්‍යයේ හුණු පිරියම් කරන්න ලක්ෂ 50ක පමණ මුදලක් වැය වෙනවා. සේවකයින්ට කන්න බොන්න දෙන්න ඕනේ. පිං පෙට්ටිය අරින්න නිලධාරින් එනකම් මුරකාරයෝ දාන්න මට වත්කමක් නැහැ.

    ඊට වඩා හොඳයි පිං පෙට්ටිය කැඩුවානම්. පල්ලියට අක්කර හාරසිය ගාණක් තියෙනවා.ඒවායේ මුදල් යන්නේ කොහෙටද? ඒවා ගැන විගණනයක් කරනවාද? මඩකලපුව විශ්ව විද්‍යාලයේ මුදල්වලට මොකද වුණේ?

    රජය මේවාට විගණන කළාද? බෞද්ධ ජනතාවගෙන් ලැබෙන මුදල්වලට විගණනය කරන්නේ මොන පදනමින්ද? පඬුරු පෙට්ටි විගණනය කරන්න ඇවිත් අපි හොරු කියලා හිතනවාද දන්නේ නැහැ. මේවා සාංඝික දේපළක්. අපිට සැකයක් තියෙනවා පන්සල්වලින් බදු ගන්න උත්සහ කරන බව."
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේ ලොජික් එක ආයෙම අනිත් අතට ගත්තොත් මුස්ලිම් උන්ට කියන්න පුළුවන් යේක අපේ ඒවා විගණනය කොරන්න එපා ශාදුලගේ ඒවාට සිල් තියන්නේ නැත්තම් කියලා.. ඒ නිසා ඕනෑම ආගමකට සමාන විය යුතුයි නිතිය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    බදු ගහන එක නම් වැරදි වැඩක්. ඒත් මේ ලැබෙන සල්ලි වලට වෙන දේවල් සටහන් වෙන්න ඕනේ. පන්සලේ නඩත්තු කරලා ඉතිරි වෙන සල්ලි දුප්පත් පන්සල් වලට දෙන ක්‍රමයක් හැදෙන්න ඕනේ. සමහර පන්සල් වලට දානේවත් නෑ. ඒත් ඉතින් මේවා කරන්න එන නිලදාරියො ඔක්කෝටම වඩා දූශිතයිනෙ.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    බදු ගහන එක නම් වැරදි වැඩක්. ඒත් මේ ලැබෙන සල්ලි වලට වෙන දේවල් සටහන් වෙන්න ඕනේ. පන්සලේ නඩත්තු කරලා ඉතිරි වෙන සල්ලි දුප්පත් පන්සල් වලට දෙන ක්‍රමයක් හැදෙන්න ඕනේ. සමහර පන්සල් වලට දානේවත් නෑ. ඒත් ඉතින් මේවා කරන්න එන නිලදාරියො ඔක්කෝටම වඩා දූශිතයිනෙ.
    ඕනෑම බිස්නස් එකකට බදු ගෙවනවා නම් මිනිස්සු.. ඇයි ආගමට විතරක්. ගන්න බේතට, කන්න පාන් බාගෙට බදු ගහනවානම්, නොදන්නා නොදකින නොදැක්ක දෙයියෙක්ට පුදන එකට බදු නොගහන එක හරිම අසදාරණයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බදු ගහන එක නම් වැරදි වැඩක්. ඒත් මේ ලැබෙන සල්ලි වලට වෙන දේවල් සටහන් වෙන්න ඕනේ. පන්සලේ නඩත්තු කරලා ඉතිරි වෙන සල්ලි දුප්පත් පන්සල් වලට දෙන ක්‍රමයක් හැදෙන්න ඕනේ. සමහර පන්සල් වලට දානේවත් නෑ. ඒත් ඉතින් මේවා කරන්න එන නිලදාරියො ඔක්කෝටම වඩා දූශිතයිනෙ.

    ewa koheda tihyena pansalatamai okkoma dewaluth :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    ඕනෑම බිස්නස් එකකට බදු ගෙවනවා නම් මිනිස්සු.. ඇයි ආගමට විතරක්. ගන්න බේතට, කන්න පාන් බාගෙට බදු ගහනවානම්, නොදන්නා නොදකින නොදැක්ක දෙයියෙක්ට පුදන එකට බදු නොගහන එක හරිම අසදාරණයි.

    උබේ කතාවෙ පොයින්ට් එකක් තියෙනවා. ඒත් මේක සම්ප්‍රදාය සංස්කෘතිය එක්ක යන දෙයක්. මේක බෞද්ධ රටක්. ඒක ඒ විදිහටම කෙරෙන්න ඕන. හැබැයි විදිමත් වෙන්න ඕන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕනෑම බිස්නස් එකකට බදු ගෙවනවා නම් මිනිස්සු.. ඇයි ආගමට විතරක්. ගන්න බේතට, කන්න පාන් බාගෙට බදු ගහනවානම්, නොදන්නා නොදකින නොදැක්ක දෙයියෙක්ට පුදන එකට බදු නොගහන එක හරිම අසදාරණයි.

    ආධාර වලට බදු අය කරන්න බෑ
    පන්සල් වලිං ආයෝජනය කිරීමක් කරන්නෑ පන්සල් වල කොටස් හිමියො ඉන්නවද?
    ඕව උඹලගෙ කේන්තියටයි අවධානෙ ගන්නයි කියන කතා මිසක් පදනමක් ඇති වචන නෙමේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඕනෑම බිස්නස් එකකට බදු ගෙවනවා නම් මිනිස්සු.. ඇයි ආගමට විතරක්. ගන්න බේතට, කන්න පාන් බාගෙට බදු ගහනවානම්, නොදන්නා නොදකින නොදැක්ක දෙයියෙක්ට පුදන එකට බදු නොගහන එක හරිම අසදාරණයි.

    mati harako pansalakata, palliyakata salli denne parithyagashili bawa hinda. Eken anith paththata kisi wasiyak (generally speaking) labenne nehe.
    api sevice ekak, product ekak balaporoththu wenne nehe.
    uba kiyana widihata ehenam higannonta dena salli walinuth badu aya karanna one. Non profit funds walinuth badu aya karanna one
     
    හිගන්නෙක් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කලොත් විත්හොල්ඩින් ටැක්ස් එක නැද්ද? NGO එකකට වාහනයක් ගෙනාවොත් කස්ටම් එකෙන් නිකන් දෙනවද? මැටි හරකා කිව්වට අමනාපයක් නැහැ. එත් ෆීල්ඩ් එකේ ඉන්න අයට උපහාස කළා කියලා ෆැක්ට් එක බොරු වෙන්නේ නැහැ. ඕනෙම රටක් ආගමික ආයතන වලින් බදු ගන්නවා. හැබැයි පර්සන්ටෙජ් එක වෙනස්/
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ආධාර වලට බදු අය කරන්න බෑ
    පන්සල් වලිං ආයෝජනය කිරීමක් කරන්නෑ පන්සල් වල කොටස් හිමියො ඉන්නවද?
    ඕව උඹලගෙ කේන්තියටයි අවධානෙ ගන්නයි කියන කතා මිසක් පදනමක් ඇති වචන නෙමේ
    ඇයි පන්සල විතරක් ගන්නේ.. තව ආගම් තියනවා බිස්නස් එකට කරන. මම කතා කලේ පොදු නීතියක් ගැන. බුද්දගමත් එයින් එකක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි පන්සල විතරක් ගන්නේ.. තව ආගම් තියනවා බිස්නස් එකට කරන. මම කතා කලේ පොදු නීතියක් ගැන. බුද්දගමත් එයින් එකක්.

    දැන් එතකොට පල්ලි වල ආධාර කරන ඒවට බදු අය කරනවද ?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දැන් එතකොට පල්ලි වල ආධාර කරන ඒවට බදු අය කරනවද ?
    මුල් පොස්ට් එක ආයෙම කියවන්න. ඔයා තමා එක ආගමක් ගැන කියන්නේ. මම කිව්වේ ඕනෑම ආගමකට නිතිය පොදු වෙන්න ඕනා. එහෙම උනානම් මේ ප්‍රශ්න නැහැ. දොනේෂන් එක වෙනි බිස්නස් එක වෙනයි. රේඩියෝ චැනල් එකක් කරලා එකෙන් එන ආදායම පින් පෙට්ටියට දාලා ටැක්ස් කැමා කරන එක පල්ලිය කලත් පන්සල කලත් වංචාව වන්චාවමයි.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හිගන්නෙක් බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කලොත් විත්හොල්ඩින් ටැක්ස් එක නැද්ද? NGO එකකට වාහනයක් ගෙනාවොත් කස්ටම් එකෙන් නිකන් දෙනවද? මැටි හරකා කිව්වට අමනාපයක් නැහැ. එත් ෆීල්ඩ් එකේ ඉන්න අයට උපහාස කළා කියලා ෆැක්ට් එක බොරු වෙන්නේ නැහැ. ඕනෙම රටක් ආගමික ආයතන වලින් බදු ගන්නවා. හැබැයි පර්සන්ටෙජ් එක වෙනස්/

    Higanna minihata hambena salli walin yamak karana eka wena deyak. eya e salli walin service ekak product ekak gannawanam eka taxable.
    man kiwwe higannata salli dena eka tax gahanna be kiyala. dena manussaya eken wasiyak balaporoththu wenne nehe.
    Same thing with religous donations. dena adhara walin tax gahanna behe. habai e salli yodawaganna de anuwa tax gahanna puluwan

    agamika dewal okkoma watenne non profit. pita ratawalath tax gahanne ne
    https://www.investopedia.com/ask/answers/08/nonprofit-tax.asp
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුල් පොස්ට් එක ආයෙම කියවන්න. ඔයා තමා එක ආගමක් ගැන කියන්නේ. මම කිව්වේ ඕනෑම ආගමකට නිතිය පොදු වෙන්න ඕනා. එහෙම උනානම් මේ ප්‍රශ්න නැහැ. දොනේෂන් එක වෙනි බිස්නස් එක වෙනයි. රේඩියෝ චැනල් එකක් කරලා එකෙන් එන ආදායම පින් පෙට්ටියට දාලා ටැක්ස් කැමා කරන එක පල්ලිය කලත් පන්සල කලත් වංචාව වන්චාවමයි.

    උඹ නිදාගෙන ඉන්නකොටද එහෙම කරනව දැක්කෙ :lol:
    හා උඹ කියන හින්ද ඔන්න බදු ගහනවලු :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    පන්සල් වලින් බදු ගන්න ඒක වැරදි හැබැයි කටරගමෙහ් ඉදන් ඉන්න දේවාල වලින් ආදායම් බදු ගන්න ඕනා
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Higanna minihata hambena salli walin yamak karana eka wena deyak. eya e salli walin service ekak product ekak gannawanam eka taxable.
    man kiwwe higannata salli dena eka tax gahanna be kiyala. dena manussaya eken wasiyak balaporoththu wenne nehe.
    Same thing with religous donations. dena adhara walin tax gahanna behe. habai e salli yodawaganna de anuwa tax gahanna puluwan

    agamika dewal okkoma watenne non profit. pita ratawalath tax gahanne ne
    https://www.investopedia.com/ask/answers/08/nonprofit-tax.asp
    ඔයා ගෙනාපු උදාහරණෙට මම උත්තර දුන්නේ. එක සනාතකරලා ඔයාම පිලිගන්නවා නම් ඒ කාරනාව වෙනම දෙයක් කියලා ඒ පොයින්ට් එක අදාළ නැහැනේ එතකොට. එහෙනම් හිගන්නාගේ බද්දයි පන්සලේ පින් කැටෙයි සමාන කලේ ඇයි ඔයා. අනිකත් කාරනාව. ඔයා ඔය ආටිකල් එකේ තියන ටික කියවන්න. මම කලින් පොස්ට් එකේ කිව්වා බිස්නස් වෙනයි, දොනේෂන් වෙනයි. දඹුල්ලේ පන්සලේ රේඩියෝ චැනල් එකේ සල්ලි පින් පෙට්ටියට දාලා ඒක දොනේෂන් කියලා ගන්න බැහැ.. කතෝලික පල්ලියේ කටුවාපිටිය මරුන උන්ගේ ෆන්ඩ් එක පල්ලියට අරගෙන එක මැල්කම් කැමති අයට දෙන්න බැහැ.. මේවා විගණනය වෙන්න ඕනා.. ඕක තේරෙන්නේ නැතිනම් කරන්න දෙයක් නැහැ ඉතින්..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පන්සල් වලින් බදු ගන්න ඒක වැරදි හැබැයි කටරගමෙහ් ඉදන් ඉන්න දේවාල වලින් ආදායම් බදු ගන්න ඕනා
    දෙවාලෙන් බදු ගන්න එක අසාදාරණයි.. දෙයියා තාම මොනරා පිටේ.. කපුවා බෙන්ස් එකේ.. කැපුවට හිතුනොත් දෙයියා දේවාලෙට දාලා දොර වහනවා.. දෙයියට කෑමත් නැහැ. මම කියන්නේ දෙයියා ලංකාවේ විශාල පිඩනයක ඉන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    දෙවාලෙන් බදු ගන්න එක අසාදාරණයි.. දෙයියා තාම මොනරා පිටේ.. කපුවා බෙන්ස් එකේ.. කැපුවට හිතුනොත් දෙයියා දේවාලෙට දාලා දොර වහනවා.. දෙයියට කෑමත් නැහැ. මම කියන්නේ දෙයියා ලංකාවේ විශාල පිඩනයක ඉන්නේ..

    ඒ පකයලත් දිව්ය විමානෙන් බැහැල පොලවට ආව නං උන්ව ඩිරෙක්ට් කන්ටක්ට් කරනවනේ සිංහලු

    දැන් වෙලා තින්නේ දෙය්යට යන ගාන අතරමැදි කැපුවො ගහනවා

    දෙය්ය බලුවෙලා බල්ලෝ රජ වෙලා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙතන බදු කතන්දරයක් පටලෝලා තියෙන්නෙ හාමුදුරුවො. එයා කැමති නෑ ඩොනේෂන් විගණනය කරනවට. මෙන්න පිං පෙට්ටියට බදු ගහනෝ කියල කිවුවෙ නැත්නම් මිනිස්සු කුලප්පු කරන්න අමාරුයි. මමනම් කියන්නෙ සියලු ආගමික ස්ථාන වල ඩොනේෂන්ස් විගණනය කරලා එදා වේල වලඳන්න නැති පන්සල් පල්ලි වල උන්නතියට ඒ ඩොනේෂන් බෙදල දෙන ක්‍රමවේදයක් හදන්න ඕන. උඹල දන්නවද කතරගම පිං පෙට්ටි වලින් කපුවන්ට ලැබෙන ප්ර්සන්ටෙජ් එක කීයද කියල!!! ඇයි කපුවෙක් වෙන්න මිනී මරාගන්නෙ කියල!!!
     
    waligamaya

    Well-known member
  • ලංකාවේ ලොකු පන්සල් වල හාමුදුරුවරු සල්ලි පොලි කරනවා, පොඩි ගණන් නෙවෙයි මිලියන 5-10. ලොකු මුදලාලිලා සමහ එකට සිංහල, දෙමල මුස්ලිම් හන්ම ජාතියකම මුදලාලිලා ඉන්නව.

    මුන්ගෙන තමයි ලංකාවේ බුදුදහම ඉස්සෙලා රක ගන්න ඕන.
     
    Last edited: