COPE කමිටුව

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Arjun mahendran kage uwamanawata path wechcha ekekda?
අපේ රනිල් සෑර් ආණ්ඩුවටම ඇරගන්නේ අර්ජුන නිසානේ.. අන්තිමට පක්ෂ නායකකමත් නැතිකරගන්නවා ඕකා.
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    අපේ රනිල් සෑර් ආණ්ඩුවටම ඇරගන්නේ අර්ජුන නිසානේ.. අන්තිමට පක්ෂ නායකකමත් නැතිකරගන්නවා ඕකා.

    Itin wareda kaageda?
    Everything leads to the top...uda awul nan yata aniwaren awul...uda hondanan yata awul wenna tiyena chance eke godak adui...bohoma sarala deyak...
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Itin wareda kaageda?
    Everything leads to the top...uda awul nan yata aniwaren awul...uda hondanan yata awul wenna tiyena chance eke godak adui...bohoma sarala deyak...
    මගේ අතින් ලොකු මිස්ටේක් එකක් උනා. උබ කියද්දී මට එක මතක් උනේ. අපරාදේ.. වොටර්බෝඩ් එකේ කන්ට්‍රක්ට් එකකින් හොද ගානක් ගන්න තිබ්බා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න දැන් උබලා මට බනින්න එපා කොහොම කොහොම හරි පොහොට්ටුවේ UNP SLFP හම්බ මන්ත්රියාගේ රෙදි ගැලවිලා හිරේ වැටෙන්න ඕනේ

    ටීවී එකේ පෙන්න කෝප් කමිටුව තනිකරම රනිල්ගේ දෙර්ශපලානික කමිටුවක්

    පොඩ්ඩක් බලපන් එකපාරම මේ ටිවිඑකේ පෙන්නන කෝප් කාගේ පැත්තේ කාට සපෝර්ට් කරන වැරදි පෙන්නන්ද බය කරන්නද ඇත්තටම නඩු මගට යයිද
    පොඩ්ඩක් ගැට ගහලා බය කරලා තියාගන්න හදයි ද

    සජිත්ට සපෝර්ට් කරන
    1. මුදල් ඇමති මන්ගල
    2. මෙච්චර කලක් ආණ්ඩුව පුකත් දීලා ආරක්ෂා කරපු බදුර්දීන් හකීම්
    3. එහෙට මෙහෙට වාසි පැත්තට පනින්න ඉන්න අර්ජුනගේ මලයා නිශාන්ත ගේ වැඩ
    4 සජියාගේ ම සංස්කෘතික අරමුදල

    ගහන්න ඕනේ නිසා පොහොට්ටුවට හිමින් තට්ටුවක් දානවා අවරුදු දෙකක් තිස්සේ ඇදෙන අකිලගේ වාර්තාව උඩින් කිස් එකක් දෙනවා කෝ අර රවීගේ විදුලි වංචාව බදුම්කරේ දවසේ ඉඅදන් ඇදුනු එයාර් ලංකා වංචාවට මොකද වුනේ තාම කොට උඩ

    මොනයම් හොරුන්ට සජියා ජනදිපති කරන්න අසාවක් නැහැ වෙන දේ ඇස් හැරලා බලාගෙන හිටපන්
    මුන්ට මෙන් කියලා දඩුවම් ලැබේයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,202
    9,097
    113
    හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ්(SLC) එකට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නෑ. නමුත් ඒ සඳහා කටයුතු සූදානම් කරන ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ශ ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලනව. ඒ 2009 වසරෙදි. අවශ්‍යතාව ලෙස පෙන්වන්නෙ 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ග්‍රවුන්ඩ් එකක් සැපයීම. ඉල්ලීමට ක්‍රිකට් බෝඩ් එකට එකඟ වන්න සිද්ද වෙනව.

    ඉදිකිරීම් සඳහා SLC සහ ශ්‍රී ලංකා වරාය (SLPA) අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කෙරෙනව. නමුත් මෙම අවබෝදතා ගිවිසුමේ ඉදිකිරීම් සඳහා අපේක්ශිත වියදම සඳහන් වන්නේ නෑ. එහෙත් SLC විසින් මේ සඳහා දැරිය හැකි උපරිම මුදල රුපියල් බිලියන 1.2ක් පමනක් බව සඳහන් වනව. ව්‍යාපෘති යෙ දළ වියදම රුපියල් බිලියන 2.45ක් වනු ඇතැයි අනුමාන කෙරෙනව.

    SLC සහ SLPA අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කලද, ඉදිකිරීම් ව්‍යාපෘතියකදී අත්‍යාවශ්‍යයෙන් කෙරෙන 'කොන්ත්‍රාත් ගිවිසුම' (Contract agreement) මෙහෙදී අත්සන් කෙරී නැති බව සඳහන් වනවා.

    SLPA විසින් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා තෝරගන්නෙ හම්බන්තොට වරාය ඉදිකරමින් සිටි චයිනා හාබර් සමාගම. මෙහෙදි සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම නව ව්‍යාපෘතියක් ලෙස ටෙන්ඩර් කිරීමකින් තොරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියටම අනුබද්දිත (Variation Order) ව්‍යාපෘතියක් ලෙස නම් කෙරෙනව.

    ඉදිකිරීම් Client - SLC
    ඉදිකිරීම් Contractor - SLPA
    (SLPA වෙනුවෙන් කොන්ත්‍රාත්තුව කරන්නෙ -චයින හාබර් සමාගම)

    සාමාන්‍යයෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියක variation එකක් යනු එම ව්‍යාපෘතියට අදාල කොටසක් ලෙස ඉදිරිපත් වෙන නව යෝජනාවක්. උදාහරන වශයෙන් යම් ප්‍රදේශයක පාළමක් ඉදි කිරීමට මූලික සැලසුම වූ ව්‍යාපෘතියක් සිදු කරන අතරවාරේ අවට ඇති කුඩා පාළමක්, බෝක්කුවක් වැනි දෙයක් (මූලික සැලසුමට අන්තර්ගත නොවූ) සෑදීමට යෝජනා වන්නේ නම් ඒ සඳහා නැවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාළම සාදන කොන්ත්‍රාත්කරුගෙන් නැවත මිළ ගනන් කැඳවා අදාල ව්‍යාපෘති ය බාර දෙනව. මෙහෙදි පාළම සෑදීමේදී කොන්ත්‍රාත්කරු භාවිතා කල මිළ ගනන් වලට සාපේක්ශව ඉහල මිළ ගනන් යොදා අමතර ව්‍යාපෘතිය සඳහා මිළ ගනන් ඉදිරිපත් කිරීම කොන්ත්‍රාත්කරුවන් අතර සුලබ ක්‍රියාකාරකමක් (උදා - පාළමේ කොන්ක්‍රීට් ඝන මීටරක වැඩකට රු 25,000ක් ලෙස bid කලේ නම් නව ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් ඝන මීටරයක් සඳහා රු 35,000ක මිළක් ඉදිරිපත් කිරීම වැනි)

    එයින් ගත් කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය විශේශිත variation order එකක්. මොකද වරායක් හදන ව්‍යාපෘතිය කට එයට කිසිම අදාලත්වයක් නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් අමතරේ හදන්න තමා යෝජනා වෙන්නෙ.

    2011 දී ව්‍යාපෘතිය අවසන් වනවා. SLPA හෙවත් කොන්ත්‍රාත්කරු විසින් SLC වෙත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.76ක බිලක් ඉදිරිපත් කරනව. නමුත් මෙම ගෙවීම සම්පූර්නයෙන්ම සිදු කරන්න SLC අපොහොසත් වනව. ඔවුන් මූලිකව එකඟ වූ පරිදි බිලියන 1.2ක් පමනක් ගෙවනව. ඉතුරු මුදල ගෙවීම රජයට බාර දෙනව (මහින්ද රාජපක්ශ රජය SLC වෙත ව්‍යාපෘතිය කිරීම සඳහා පොල්ඹවාගන්නෙ අමතරව යන මුදල රජය විසින් දරනවා යන ගිවිසුම පිට). නමුත් එවකට රජය විසින් මෙම ගෙවීම සිදු කිරීම පමා කරනව.

    ආණ්ඩුව මාරු වීමත් සමඟ 2015 ජූලි මසදී චයිනා හාබර් සමාගම සූරියවැව ව්‍යාපෘතිය සඳහා අවසාන බිල (Final payment certificate) ඉදිරිපත් කරනව. එහි අගය රුපියල් බිලියන 5.27ක්. අගය මෙතරම් ඉහල යාමට හේතුව 2011 දි බිල ගෙවීම පැහැර හැරීම නිසා චයිනා හාබර් සමාගම වෙත අය විය යුතු පොලී මුදල වැඩිවීම නිසා. (ඕනෑම දේශීය සහ විදේශීය කොන්ත්‍රාත් ගිවිසුමක් ප්‍රාකාරව කොන්ත්‍රාත්කරුට ලබා දිය යුතු මුදල් නිසි වේලාවට ගෙවීම් නොකරයි නම් ඒ සඳහා අමතර පොළියක් අය කිරීම කොන්ත්‍රාත්කරුගේ අයිතිවාසිකමක්)

    අවසානයේ ගැටලුව තව දුරටත් දුරදිග යාම වැලැක්වීම උදෙසා යහපාලන රජය විසින් මෙම සියලු මුදල් මහා භාණ්ඩාගරයෙන් ගෙවා දැමීමට තීරනය කරනව.

    රුපියල බිලියන 5කට අධික මුදලක් වැය කොට ඉදි කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වර්ථමාන තක්සේරුව රුපියල බිලියන 2ක් පමන වන බව කෝප් කමිටුව විසින් හෙලිකොට තිබෙනවා.

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මසක නඩත්තු වියදම රුපියල් මිලියන 5කට අධික මුදලක් බව SLC සඳහන් කරනව. එම වියදම් සපුරාගත හැකි ආදායම් ලබා ගැනීම අපහසු නිසා අද වන විට ක්‍රීඩාංගනය අවම භාවිතා මට්ටමේ පවතිනව.

    සංවර්දනය කියන්නෙ කොහේ හෝ තැනක කොන්ක්‍රීට් ගොඩක් ගොඩ කිරීම නොවන බවට දිය හැකි උදාහරන දුසිම් අතරින් තවත් එකක් තමා සූරියවැව. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කිසිම අවශ්‍යතාවක් නොතිබූ තැනක අති විශාල මුදලක් වැය කරන්න යෝජනා කෙරෙන්නෙ හුදෙක් එක් දේශපාලකයෙක්ගෙ උවමනාවක් නිසා.

    රටේ අවාසනාවට මිනිස්සු සංවර්දනය කියල දකින්නෙත් මේ වගේ කොන්ක්‍රීට් ගොඩවල්. අසවලා නම් ක්‍රිකට් ග්‍රවුන්ඩ් හැදුවා මෙයාල මොනවද කලේ යන ප්‍රශ්නය අහන මිනිස්සුන්ට මෙවන් අසාර්තක ව්‍යාපෘති වල පව ගෙවන්න සිද්ද වන්නේ, රටේ ඵලදායි සංවර්දනයක් උදෙසා තමන් විසින් ලබා දෙන බදු මුදලින් කියල ගානක්වත් නෑ. ඒ වෙනුවට ඉල්ලන්නෙ කොහේ හෝ දෑසට පෙනෙන කොන්ක්‍රීට් ගොඩවල්.

    Copied from FB
     
    • Like
    Reactions: waca

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්න දැන් උබලා මට බනින්න එපා කොහොම කොහොම හරි පොහොට්ටුවේ UNP SLFP හම්බ මන්ත්රියාගේ රෙදි ගැලවිලා හිරේ වැටෙන්න ඕනේ

    ටීවී එකේ පෙන්න කෝප් කමිටුව තනිකරම රනිල්ගේ දෙර්ශපලානික කමිටුවක්

    පොඩ්ඩක් බලපන් එකපාරම මේ ටිවිඑකේ පෙන්නන කෝප් කාගේ පැත්තේ කාට සපෝර්ට් කරන වැරදි පෙන්නන්ද බය කරන්නද ඇත්තටම නඩු මගට යයිද
    පොඩ්ඩක් ගැට ගහලා බය කරලා තියාගන්න හදයි ද

    සජිත්ට සපෝර්ට් කරන
    1. මුදල් ඇමති මන්ගල
    2. මෙච්චර කලක් ආණ්ඩුව පුකත් දීලා ආරක්ෂා කරපු බදුර්දීන් හකීම්
    3. එහෙට මෙහෙට වාසි පැත්තට පනින්න ඉන්න අර්ජුනගේ මලයා නිශාන්ත ගේ වැඩ
    4 සජියාගේ ම සංස්කෘතික අරමුදල

    ගහන්න ඕනේ නිසා පොහොට්ටුවට හිමින් තට්ටුවක් දානවා අවරුදු දෙකක් තිස්සේ ඇදෙන අකිලගේ වාර්තාව උඩින් කිස් එකක් දෙනවා කෝ අර රවීගේ විදුලි වංචාව බදුම්කරේ දවසේ ඉඅදන් ඇදුනු එයාර් ලංකා වංචාවට මොකද වුනේ තාම කොට උඩ

    මොනයම් හොරුන්ට සජියා ජනදිපති කරන්න අසාවක් නැහැ වෙන දේ ඇස් හැරලා බලාගෙන හිටපන්
    මුන්ට මෙන් කියලා දඩුවම් ලැබේයි
    COPE කමිටුව 09-08-2019 08:33 PM LOL
    රේප් කැපුවා කියලා දැන් උබට මොකද්ද ලැබුනේ කෝ මේ කෝප් එකේ වැඩ රනිල් සජිත් යාලු වෙන්නලුනේ යන්නේ අනේ වාසනාවන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කෝ මේ කෝප් එකේ සෙට් එක ගුලිය ගිලොගෙන දිරවනාවාද ??

    ඔබට සතුටුද දැන්
    :lol::lol::lol: