කිලෝමීටර් 400 ලීෆ් එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කිලෝමීටර් 400 ලීෆ් එක



    හැමෝම අහන කිලෝමීටර් 400 ලීෆ් එක, පළමු වතාවට පාවිච්චි කරපු ඒවා ගන්න පුළුවන් වෙලා.
    මේ Leaf e+. හැමෝම අහන 62kWh බැටරිය එක්ක. අද ලොව පිළිගත් WLTP ක්‍රමය අනුව කිලෝමීටර් 380 ක දුර පරාසයක් එක්ක.
    දැන් තියන 40 kWh (ලීෆ්) රේන්ජ් එක කිලෝමීටර් 268 යි (ඒ ක්‍රමයටම).



    70360963_10220051093608972_7473193127390478336_o.jpg

    කීයද ගාන?




    ජපානෙන් ගන්න පුළුවන් 2019 කිලෝමීටර් 5,000 පමණ දුවපු රථ යෙන් මිලියන තුනයි කාලකට, ලංකාවට එනකොට රුපියල් මිලියන හත අටක්!
    වටිනවද?
    ඔව්, ටැක්සියක් වගේ දුවන කෙනෙකුට විතරක්. අඩුමගානේ මාසෙකට කිලෝමීටර් පන් හය දාහක් විතර.
    නැත්නම් බොරු වැඩක්, මේ රේන්ජ් එක එහෙමනත්නම් බැටරි කපසිටි එක නිකන් නාස්තිවෙයි, මිලියන එකහමාරක් දෙකක් වැඩිපුර ගෙව්වට.
    බැටරි කූලින්?
    මේකෙත් ලික්විඩ් කූලින් නැහැ. හැබැහි පොඩි සෙල්ලමක් දාල තියනවා හුලගෙන්. බැටරිය වායු සමීකරණය කරලා!
    වෙන රටවල්වල බැටරි කූලින් අවශ්‍යවෙන්නේ ඒගොල්ලෝ වැඩිපුර කරන්නේ ෆස්ට් චාජ් නිසා, දුවන දුර වැඩියි, ලොකු වෙනසක් නැහැ ගානෙත්, ගෙවල්වල චජින් නැහැ වගේ හේතු නිසා. ලංකාවේ හේතු වෙනි, සමහර බැටරි වලට බලපෑවේ වැරදි පුරුදු.
    තරගෙන් පරදියිද?
    නිසාන් ලීෆ් එතකොට කෝනා, MG, BYD වගේ අය එක්ක?
    ධාවන පරාසය ලංකාවේ එච්චර වැදගත් වෙන්නේ නැහැ, 99% අයිතිකරුවන්ට. අවුරුද්දකට දෙතුන් පාරක් යන ට්‍රිප් එකේ දුරට කාර් ගන්න එක මෝඩ වැඩක්

    :P:P:P:P.
    40 kWh බැටරිය එක්ක එක චාජ් එකකින් කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක්* ලංකාවට හොඳටම ප්‍රමාණවත්.
    අමතක කරන්න එපා, නිසාන් ලීෆ් විශ්වසනීය විදුලි රථ ගැන දැවැන්ත වාර්තාවක් තියල තියන බව - අවුරුදු අටකදී කාර් ලක්ෂ පහකට කිට්ටුවෙන්න විකුනලා, ඒ දැනුම, අත්දැකීම ගන්න තරගකරුවන්ට අමාරුවෙයි.
    මේ කාර් දෙක තියනවා, දැන් ඉල්ලන්න පුළුවන්. G grade. කිලෝමීටර් 5,000 පමණ දුවලා. ග්‍රේඩ් 4.5 සහ 5. BOSE සද්දෙ සහ, අවුරුදු දෙකක වගකීමකුත් එක්ක.
    70585796_10220051078848603_1551570941568352256_n.jpg


    70206190_10220051079128610_7330483252613873664_n.jpg


    Sujeeva Premaratne‎
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth


    ඔව්, ටැක්සියක් වගේ දුවන කෙනෙකුට විතරක්. අඩුමගානේ මාසෙකට කිලෝමීටර් පන් හය දාහක් විතර.


    මාසෙට 56000ක්.. යකෝ පැයකට 77 ක්. නොකා නොබී චාර්ජ් කරන ගමනුත් දුවන්න වෙනවා :confused: නැත්තං වැඩක් නැහැලුනෙ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මාසෙට 56000ක්.. යකෝ පැයකට 77 ක්. නොකා නොබී චාර්ජ් කරන ගමනුත් දුවන්න වෙනවා :confused: නැත්තං වැඩක් නැහැලුනෙ.

    පන් හය දාහක් / යකෝ ඒ කියන්නේ
    5 or 6 thousand
    5000/6000 :P:P