ලංකාවෙ හිටපු දැනට විදෙස් ගතවෙලා ඉන්න සහෝදරයෙක් දාපු පිංතූරයක් මේ..!
ඔහු අපේ රටේ ඉන්නැද්දි රස විඳපු බිස්කට් අැමෙරිකාවෙ සුපර් මාකට් එකකදි දැකලා දාපු පෝස්ට් එකක්..
ඔහු එ්ක දාලා තිබ්බෙ ලංකාව ගැන අාඩම්බරයකුත් හිතේ දරාගෙන.. අැත්තනෙ.. ලඟින් යන එකාවත් මූණක් බලලා හිනා නොවෙන රටක සුපිරි වෙලඳ සලක අපේ බිස්කට් දකිනව කියන එක.. ?
ලඟම නෑයෙක් දැක්ක වගේනෙ.. සහ එතකොට එන ගැම්ම..?
( එහෙම හිතුවම චීන්නු තමා මේ ලෝකෙ ගැම්මටම ඉන්න ජාතිය.. )
මේ පින්තූරෙ දැක්ක ගමන්ම මටත් එ් ගැම්මම අාවා.. අම්මට සිරි යකෝ.. අපෙ බිස්කට් USA වල.. ? පට්ටනෙ.. ! එ්ත්.. පොඩ්ඩක් හිටහං..
අම්මට සිරි කාඩ් බෝඩ්නෙ... ? මට ඉස්සරම අපි චුච්චං කාලෙ අසූගණං වල.. ක්‍රීම් ක්‍රැකර්.. ලෙමන් පෆ් එහෙම අාපු කඩදාසි පැක්ස් මතක් වුණා... ඩෝං ගාලා අකුණක වේගෙන් ෆ්ලෑෂ්බැක් එකක්.. එතකොට මේ මුං අැමරිකාවට යවල තියෙන්නෙ පරණ බිස්කට් ද ?
නෑ බ්‍රෝ.. අැත්ත දුක්ඛිතයි... අපේ කොම්පැණි එහෙට බිස්කට් යවන්නෙ එහෙ පරිසර දූෂණේ අවම වෙන අාකාරයට.. මෙහෙ අපිට බිස්කට් විතරක් නෙමෙයි.. ජෙල් පැකට් එක පවා දෙන්නෙ පොලිතින් පැක් වල.. දන්නෑ..
සමහරවිට අැමරිකාවෙ රූල්ස් අැන්ඩ් රෙගියුලේෂන්ස් වලට අනුව එයාලා අපනයනය කරන්න අැති.. එතකොට අපේ රට.. ? රටේ රූල්ස් නැතත් රටට අාදරේ කරන මේ කොම්පැණි වල ඉන්න මහත්තුරු
( එහෙමනෙ අැඩ් දාන්නෙ.. මනුස්සකමින් පිරිපුන්... යහගුණයෙන් පෙරට.. දැයේ අනාගත පරපුරට පෝෂණය.. බ්ලා බ්ලාහ්.. )
අැයි මේ රටටත් ඔය කඩදාසි පැක් වල බිස්කට් නොදෙන්නෙ ? කොස්ට් එක වැඩියි.. ? ලංකාවෙ අපිට අඩුවට බිස්කට් දෙන්න ඔ්නෙ එ්කයි.. ? බල්ක් එක වැඩියි.. ? USA යවන්නෙ අඩු බල්ක් එකක් ? කී නොකී හේතු ගොඩක් අැති.. එ්ත් මතක තියාගන්න.. ලෝකෙ මූදට පොලිතින් දාන රටවල් අතර මුලටම ඉන්න රටක් තමා අපි.. එ්කට අඩු වැඩි වශයෙන් ටොපි කොලේ සිට හැම මඟුලම පොලිතින් වල පැක් කරල දෙන මේ හැම සමාගමක්ම වග කියන්න ඔ්නෙ..
ලෝකයේ දියුණුයැයි සම්මත රටවල් පුලුවන් තරම් අාදේශක හොයද්දි අපි තාමත් පොලිතින් වල හිරවෙලා.. දත්බේත් ටියුබ් වෙනුවට US වල කෙල්ලෙක් හොයා ගත්තු වීදුරු බෝතල් වල එන කටට දාලා හපල පෙණ අරන් දත් මදින ටැබ්ලට් එකක් ට්‍රෙන්ඩින් වෙනවා.. කෙහෙල් කොලේ පදම් කරල අැතැම් අාසියාතික රටවල් ලන්ච් ෂීට් හදනවා.. මැලේසියාවෙ හාල් පිටි වලින් හදපු ස්ට්‍රෝ තියෙනවා.
අපි... අපි තාම පොලිතින් වල හිර වෙලා.. මතක තියා ගන්න මුලුමනින්ම පොලිතින් නොවුණත් මේ කාඩ්බෝඩ් වලත් පොලිතින් ලේයරයක් තියෙනවා.. නමුත් එහි හානිය අමු අමුවෙ පැක් කරල එන එ්වයෙ තරම් නැති වෙන්න පුලුවන්.. එ්ත් එ්ක එහෙමම නොවේ කියන කාරණේට උදාහරණත් තියෙනවා. මගේ යාලුවො කිහිප දෙනෙක් සෙට් වෙලා දැනට අවුරුදු පහකට හයකට කලින් සිරිපාද අඩවිය සුද්ධ කරන්න ට්‍රයි කලා..
( ට්‍රයි කලා කියල කිව්වෙ අැත්තටම අවුරුදු ගාණක් තිස්සෙ අපි විවිධ කණ්ඩායම් උත්සහ කලත් මුලුමනින්ම සිරිපාද අඩවිය සුද්ධ කිරීම හීනයක් නිසා - එ්කටත් හේතුව මේ කරුම පොලිතින් ) ඔබ විශ්වාස කරන්න ඔවුන්ට දිරා නොගිය ලෙමන් පෆ් අසුරනයක් ලැබිල තිබුණා.. එහි සටහන් වෙලා තිබුණෙ මැනිෆැක්චරින් ඩේට් එක හැටියට 1985 වසරේ දිනයක්...
අවුරුදු සීයක් ගියත් මේ පොලිතින් දිරන්නෙ නෑ.. අනික මොකක්ද මේ කඩවල් වල පිඟන් උඩට ලන්ච් ෂීට් දාලා කරන විගඩම.. ? තරු පහේ හෝටල වලවත් නැති මේ අතිශය සාමාන්‍ය හෝටල් වල කරන සෙල්ලම නිසාත් සෑහෙන පොලිතින් ප්‍රමාණයක් දවසකට අපි මූදට මුදා හරිනවා.. හෝදපු පිඟානකවත් කන්න බැරි පිඟාන උඩට ලන්ච් ශීට් දාගෙන කන සමාජයක.. අපි කොහොමද බං රට හදන්නෙ... එක අතකට අවුලක් නෑ.. අැමෙරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ..



