අපේ සමහර ගති පුරුදු...
අපි හැමෝටම එකිනෙකාට ආවේණික ගුණාංග තියෙනවා. හොඳ නරක දෙකම.
ඒ වගේම තමයි පුරුදු. අපි නොදැනුවත්වම කරන සමහර දේවල් අපිට කාලයක් යද්දී පුරුද්දක් වෙනවා.

ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපි නොදන්නා නමුත් අපේ තියෙන සමහර පුරුදු, ක්‍රියාකාරකම්, බයවල් වගේ......
උදාහරණයක් විදිහට නිතරම අත හෝදන කෙනෙක් ඉන්න පුළුවන්. අසාමාන්‍ය විදිහට.ඒක එක්තරා මානසික රෝග ලක්ෂණයක්.

ඉතින් ඒ වගේ මමත් සෑහෙන කාලයක් ඉඳල ඒ වගේ මගේ තියෙන යම් යම් ලක්ෂණ, පුරුදු, අඩු පාඩු, බයවල් මොනවද කියල ලැයිස්තුවක් ගත්තා.
මේ වගේ දේවල් ඔයගොල්ලන්ටත් ඇති.
- මට නිතරම හීන පේනවා. සාමාන්‍යයෙන් ඕනෙම දවසක හීන 2,3 අනිවාර්යයෙන් පේනවා. ඒ හීන හැම එකක්ම මතකේ රැඳෙන්නේ නැහැ.
නමුත් සමහර හීන කිහිප විටක්ම පේනවා. උඩකින් බිමට වැටෙනවා. පියාඹනවා වගේ හීන ආයේ ආයේ පෙනවා.
- නිදි ආඝාතය ( Sleeping paralyze ) ඉස්කෝලේ යන කාලේ ඉඳලම තියෙනවා. දැනටත් සතියකට දෙකකට සැරයක් නින්දේදී ඕක වෙනවා.
- බෑග් එකක්, පර්ස් එකක් අස් කරාම මොනවා හරි අමතක වුනාද කියල සැරින් සැරේ අර ඔක්කොම එලියට අරගෙන බලනවා.
ලිස්ට් එකක් ගත්තත් සමහර වෙලාවට ෂුවර් නැහැ.
- Trypophobia - පොඩි පොඩි හිල් ගොඩක් එක තැනක තියෙනවා දකිද්දී පුදුම අප්පිරියාවක් එන්නේ. විශේෂයෙන්ම ඇඟේ තියෙද්දී.
අර දියමිටියෝ කාපුවහම අඩි පතුල් වල හිල් හැදෙන්නේ. අන්න ඒ වගේ.
ඒ වගේ දෙයක් දැක්කම දවස් ගානක් යනකම් ඒක ඔලුවේ හිටිනවා.
- ගැඹුරු වතුරට පුදුම බයක් තියෙන්නේ.ගැඹුරු වතුරක් දකිද්දී කකුල් සීතල වෙලා පන නැතුව යනවා.
- වීදුරු වලට කැපෙයි කියල හෙන බයයි. බිඳුණු වීදුරුවක් අයින් කරන්න පුදුම මහන්සියක් වෙනවා.
තවත් තියෙනවා...මතක් වෙන විදිහට දාන්නම්. මෙව්වා මානසික ලෙඩක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලොකු ගැටළුවක් නැහැ.
මේ වගේ සමහර පුරුදු අත් හැර ගන්න, බයවල් නැති කර ගන්න මොනවද කරන්න පුළුවන්...එහෙම කරපු උදවිය ඉන්නවද ?

හැබැයි Sleeping paralyze වුනා ම නම් ඇඟට හරි අමාරුයි.

එළකිරියේ කට්ටියටත් මේ වගේ ආවේනික පුරුදු, ලක්ෂණ තියෙනවද ?