අහෝ_සජිත්..

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සජිත්ගේ මැතිවරණ ප්‍රචාරණ වගකීම් අකිලට හා කබීර්ට - ප්‍රතිපත්ති සෑදීම රාජිතට



    ඉදිරි ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ධුරය සදහා අමාත්‍ය රාජිත සේනාරත්න පත් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජේ්‍යෂ්ඨයින් සමග අරලිය ගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම තනතුරට පත් කිරීමට තීරණය කෙරුණා.



    ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු මෙහෙයවීම භාරදී ඇත්තේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය කබීර් හෂිම්ටයි. එමෙන්ම ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සැකසීමේ කමිටුවේ සභාපතිත්වයට අමාත්‍ය රාජිත සේනාරත්න පත්කර තිබෙනවා.



    අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න පවසා ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට වැඩි වයසක් නොමැති බැවින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අවශ්‍ය නොවන බවයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය විසින්ද අනුමත කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.



    මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් එක්සත් ජාතික පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම වෙනුවෙන් ඊයේ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් පිරිනමා තිබෙනවා. ඒ, අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති ධුර අපේක්‍ෂයා ලෙස නම් කිරීමේ පීි‍්‍රතිය නිමිත්තෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම භෝජන සංග‍්‍රහය පිරිනමා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.



    එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද එක් වුණා. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.



    ඉදිරි ජනාධිපතිවරණය සදහා හංසයා ලකුණින් තරග වදින අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ලබන ඔක්තෝම්බර් මස 3 වනදා නාමයෝජනා භාරදීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ සම්මේලනයද ලබන ඔක්තෝම්බර් මස 3 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එ
    ක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පළමු ජන රැළිය ඔක්තෝම්බර් මස 10 වනදා කොළඹ ගාළු මුවදොර පිටියේදි පැවැත්වෙන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.


    neth news
     
    • Like
    Reactions: ieannet

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    70866104-931544280577549-4661987477102264320-n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එදා හංස පූට්ටුවේ ආඬි හත් දෙනාගෙ මෛත්‍රී පාලනය කැඳහැලිය...
    මෙදා පාර හංස පූට්ටුවෙ සජිත්ගෙ කැඳ හැලිය...
    දෙකෙන්ම ජනතාවට කැඳවත් නැහැ...



    71846031_2436220949967439_4584098073390612480_n.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රාජිත සේනාරත්න පවසා ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට වැඩි වයසක් නොමැති බැවින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අවශ්‍ය නොවන බවයි.

    Born: January 12, 1967 (age 52 years)



    :rofl::rofl::rofl::rofl:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අවුරුදු 52 යි වයස බැලු බැල්මට කියන්න බෑ තාමත් කොල්ලා වගේ ඉන්නේ ( ගස් නගිනවා,ක්‍රිකට් ගනවා,ඩ්‍රම්ස් ගහනවා සිංදු කියනවා,ගිටාර් ගනවා,බස් එලවනවා,ගිටාර් ගහනවා,අලි කිස් කරනවා) 60 පැන්නත් නාකි වෙන්නේ නෑ :rofl::P
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    එදා හංස පූට්ටුවේ ආඬි හත් දෙනාගෙ මෛත්‍රී පාලනය කැඳහැලිය...
    මෙදා පාර හංස පූට්ටුවෙ සජිත්ගෙ කැඳ හැලිය...
    දෙකෙන්ම ජනතාවට කැඳවත් නැහැ...



    71846031_2436220949967439_4584098073390612480_n.jpg
    :yes::yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් එනව කිව්ව විතරයි වහල්ලු ටික සේරම කුලප්පු වෙලා දිගට හරහට ත්‍රෙඩ් දානව :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සජිත් එනව කිව්ව විතරයි වහල්ලු ටික සේරම කුලප්පු වෙලා දිගට හරහට ත්‍රෙඩ් දානව :rofl:

    රාජිතට help කරන්නේ උඹ නේ ? ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    සජිත් එනව කිව්ව විතරයි වහල්ලු ටික සේරම කුලප්පු වෙලා දිගට හරහට ත්‍රෙඩ් දානව :rofl:


    පොහොට්ටු සපෝටර්ස් ල ඉස්සෙල්ල අංශක 360 ටම ගැහුවනෙ, දැන් එල්ල බලා ගහනව


    කැපුවත් කොළ උං ශේප් එකේ ගරිල්ලා ප්‍රහාර ගහනව


    :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රාජිතට help කරන්නේ උඹ නේ ? ;)

    මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
    සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොහොට්ටු සපෝටර්ස් ල ඉස්සෙල්ල අංශක 360 ටම ගැහුවනෙ, දැන් එල්ල බලා ගහනව


    කැපුවත් කොළ උං ශේප් එකේ ගරිල්ලා ප්‍රහාර ගහනව


    :rofl:

    ඒ කියපු එක නං තේරුනේ නෑ :sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සජිත් එනව කිව්ව විතරයි වහල්ලු ටික සේරම කුලප්පු වෙලා දිගට හරහට ත්‍රෙඩ් දානව :rofl:

    කුලප්පු වෙන්න දෙයක් නෑ නැව් පති වගේ දේශපාලන ගැඩවිල්ලු දාගෙන තමන්ගේ වල තමන්ම කපා ගන්නවා දැක්කම දුකයි රනිල් සීයා නම් ආතල් එකේ ඇති සජිත් ගොයියා පැරදුනාම ආයිත් මිනිහව මුල්ලට දාල පක්ෂ නායක කමයි විපක්ෂ නායක කමයි රැකගන්න පුලුවන්නේ