ලෙඩ කපුටෙක් ජනාධිපති කර ගන්න එක
පළමු රැළියටත් ගෝඨා නෑ ! චමල්ගේ නාමයෝජනාව ස්ථිරයි !!
1 October 2019 12:48 pm
377
Shares
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කර සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට තම මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළියටත් සහභාගී වීමට නොහැකි වන තත්වයක් උද්ගත වී තිබේ.
ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඒ මහතා ඔක්තෝබර් 09 වනදා සිට 12 වනදා දක්වා සිංගප්පූරුව බලා යාමට නියමිතව පවතින නිසාය. මේ සඳහා අධිකරණ අවසරය ලබාගැනීමට මෝසමක් අද දිනයේ ඒ මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ මංගල ජනරැළිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද ඔක්තෝබර් 09 වනදා අනුරාධපුරයේදීය.
මෙම රැළිය සඳහා දිනය ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ පසුගිය සතියේදීය. ඒ අනුව පොහොට්ටුවේ සියලු සැලසුම් අර්බුදයට යන තත්වය උද්ගතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඊයේ (30) අභියාචනාධිකරණයෙහි ගොනු කෙරුණු නඩුවත් සමඟ බව පෙනේ.
මේ අතර මෙම නීතිමය ගැටළු නිසාම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස චමල් රාජපක්ෂ මහතා ද ස්ථිරවම නාමයෝජනා භාරදිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරගවැදීමට නොහැකි තත්වයක් ඇති වුවහොත් ස්වාධීනව ඉදිරිපත් වී සිටින චමල් රාජපක්ෂ මහතා දිනවීම සඳහා කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.