පැහැදිලිවම තියනවා.......උඹේ මතේ තමයි මම ඉන්නේ...මගේ ඡන්දේ ගෝඨාභය ට.
නමුත් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා....ඒ තමයි ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය.
අරටු බැහැපු පක්ෂ වාදීන්ට මහ මැතිවරණය නෙමේ මොන ඡන්දයකදිත් ඔවුන් දෙන්නේ පක්ෂයට මිසක් පුද්ගල චරිතයකට නෙමේ. නමුත් දැන් දැන් මිනිස්සු ලෝකය එක්ක විවෘතයි, සමාජ මාධ්‍ය එක්ක සමීපයි. මිනිස්සු අතරට තොරතුරු යන්නේ වේගයෙන්.ඒ වගේ පරිසරයක මිනිස්සු තෝරාගැනීම් කරනවා වැඩියි.
අන්න එතකොට සාම්ප්‍රදායික දේශපාලකයා ගැන මිනිස්සු දෙපාරක් හිතන්න පෙළඹෙනවා.
නමුත් තවමත් සාම්ප්‍රදායික දේශපාලකයාගෙන් පිට නාදුනන මුහුණකට මිනිස්සු ඡන්දය දෙන්න බයයි.ඒකයි විකල්පය තවමත් පසුගාමී.
සරලවම කිව්වොත්, රෝහිත, විමල්, ගම්මන්පිල,එස් බී, රාජිත, මංගල,රවී,හකීම්, බදියුදීන් වගේ දේශපාලකයෝ මැතිවරණයට ඉදිරිපත් වුනොත් අවම ඡන්ද ගණනකින් හරි දිනනවා.එතකොට පාරිලිමෙන්තුවේ පුටු ටික නැවතත් අර පරණ මුහුණු වලින්ම පිරෙනවා.
ඒ දේ නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගෝඨාභය ළඟ තියෙනවද ?
මොකද ගෝඨා දිනවන්න වැඩ කරන්නේ අර උඩින් කිව්ව කට්ටියගෙන් කොටසක්.එතකොට ඒ මිනිස්සු කිසිම් දෙයක් බලාපොරොත්තු නොවී ඉන්නේ නැහැ නේ...
( මිනිස්සු හැටියට අපි දැනගන්න ඕනේ කාවද පාර්ලිමේන්තු යවන්නේ වගේ සරල උත්තරයක් වැඩක් නැහැ.ගෝඨා ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ ඔය උඩ කියපු කොටසෙන් ගෝඨා ගේ වටේ ඉන්න කට්ටිය නම් ආයේ බුද්ධිමත්, අවංක මිනිස්සු පාර්ලිමේන්තු යවනවයි කියන එක නිකන් සිල්ලර විහිළුවක්.
මොකද 2010 මහින්දත් කොච්චර හොඳ උනත් සහචරයන්ගේ කල් ක්‍රියාව නිසා 2015 ගෙදර ගියා.
ඒක නිසා ඒ මිනිස්සු ඉදිරිපත් නොවෙන තැනට පත් වෙන්න ඕනේ කියන එකයි මගේ මතය )
![]()
ඔහු ජනාධිපටි උනොත් ඊලග මැතිවරණයට ඔහු ඔහු වටේ ඉන්න බුද්ධිමත් මිනිසුන් එවනවා.......




