ප්‍රථම ආදී ආන්නද රාජ්‍ය නායකයා

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ප්‍රථම ආදී ආන්නද රාජ්‍ය නායකයා

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දැන් ගොඩ නැගී තිබෙන වාතාවරණය තුල හුදු චාරිත්‍රවිධියක් පමණි. එනම් නොවැම්බර් මස 17 වෙනිදා ලංකාවේ ජනාධිපතිතුමා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවන බව මම මුලින්ම පවසා සිටියේ 2016 ජූලි මස 15 වෙනි දින මා විසින් පල කරන ලද මෙම නූල මගින්ය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751511

    මෙම අවධියේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන බව විශ්වාස කරන ලද්දේ සුළු පිරිසක් විසින්ය.

    ලංකාව වැනි රටක් ඉදිරියට ගෙනයාමේ හැකියාව ගෝඨාභය සතුව ඇති බව මම එදා සිටම දැන සිටි දෙයක් වේ. එමනිසා ඔහු අනාගතයේ ජනාධිපති හෙවත් රටේ රාජ්‍ය නායකයා වනු ඇතැයි මම අපේක්ෂා කලෙමි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ බෞද්ධ විද්‍යාලයක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවන ප්‍රථම රාජ්‍ය නායකයා වනු ඇත. මමද ආදී ආනන්දීයයෙකු වන නිසා මම මේ අවස්ථාව උදා වනතුරු බලා සිටින්නේ මහත් ආශාවකින්ය.

    එදා මෙදා තුර ලංකාවේ ආර්ථික සහ සමාජීය දියුණුවට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට ආදී ආනන්දීයයන්ගෙන් ඉටු වූයේ අනුපමේය සේවයකි. තව නොබෝ දිනකින් එම සේවය රටේ රාජ්‍ය නායකයා වීමෙන් ගෝඨාභය මහතාද ඉටු කරනු ඇත.

    අනිකුත් පාසල් වල ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉටුවූ සේවය මම ඉතා ගරු කරන අතර මෙහිදි මම මහත් ප්‍රමෝදයට පත්ව සිටින්නේ ආදී ආන්නදීයයෙකු රට අද වැටි තිබෙන අගාධයෙන් ගොඩට ගෙන ඒමට මූලික වීම අනගාතයේදී සිදුවන බැවින්ය.

    TPEObmE.jpg


    2019-11-16 ප්‍රතිඵලය
    ගෝඨාභය රාජපක්ෂ - ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති සහ ප්‍රථම ආදී ආන්නද රාජ්‍ය නායකයා
    .
     
    • Like
    Reactions: Red-Cat

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම රෝයල් නමුත් ජන්දෙ ගෝටාට, රට ගැන හිතෙනවනම් ඉස්කොලේ අදාල නෑ බන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්බුන ජනාධිපතිකම රටටම විහිළුවක් කරපු අපේ සිරිසේන සර්ට සහ අතටම හම්බුන ආණ්ඩුව ගත්තු දා ඉඳන් පිස්සු කෙලලා තිබුන චන්ද ටික නැතිකරගත්තු යූඑන්පියට අපි අපේ උපහාරය පුදකරන්න ඕනේ අලුත් අපේක්ෂකයෙක්ට පාර හදල දුන්නට :yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ගොඩක් වෙලාවට යන ඉස්කෝලෙන් සහ ආශ්‍රයෙන් ආකල්පමය වෙනසක් ඇති වෙනවා. අන්න ඒක වැදගත්.
    critical වෙන්නෙ ඉස්සරහට ගෝඨාභය ගමන් කරන මාර්ගය මොකද්ද කියන එක.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මම රෝයල් නමුත් ජන්දෙ ගෝටාට, රට ගැන හිතෙනවනම් ඉස්කොලේ අදාල නෑ බන්

    කිව්වට තරහ වෙන්න එපා මචන්, අද රට මේ වැටිලා තියෙන අගාධෙට වැඩියෙන්ම දායක වුනේ Royal දෙන්නෙක්. J.R. සහ රනිල්.
    අපි බලමු Anandian ඉස්සරහට වැඩ කරන විදිය.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pattaren web ekata maru unoth narakada? WEB Marshal Mahesh Senananayaka. web eken ona deyak dana gamu:yes::yes:;);):yes::yes:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දැන්ම ඉස්කෝලෙ අදින්න එපා බං. රෝයල් බල්ලො ඡන්දෙ දෙන එකක් නෑ. උබ කොයි අවුරුද්දෙද
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    දැන්ම ඉස්කෝලෙ අදින්න එපා බං. රෝයල් බල්ලො ඡන්දෙ දෙන එකක් නෑ. උබ කොයි අවුරුද්දෙද

    මම සෑහෙන්න පරණ කෙනෙක්. අවුරුදු 12 ක පාසල් කාලය 1 වසරෙ ඉඳලා ආනන්දෙ හිටියෙ. ඒකයි මේ ගැම්ම තියෙන්නෙ. නැතුව කිසි කෙනෙක් පහත් කරලා කතා කරන්නෙ නෙමෙයි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    iskolen hari kamak na bediyalla. patta.

    එහෙම බෙදිල්ලක් නෙමෙයි බන්. 1996 ලංකාව පළවෙනි පාරට world cup එක දින්නා වගෙ පළවෙනි පාරට Anandian කෙනෙක් රාජ්‍යා නායකාය වෙන එකෙයි, ඒකෙන් ධනාත්මක ප්‍රතිඵල ලැබෙන එකේ සන්තෝසෙ හින්දයි මෙහෙම කියන්නෙ.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එහෙම බෙදිල්ලක් නෙමෙයි බන්. 1996 ලංකාව පළවෙනි පාරට world cup එක දින්නා වගෙ පළවෙනි පාරට Anandian කෙනෙක් රාජ්‍යා නායකාය වෙන එකෙයි, ඒකෙන් ධනාත්මක ප්‍රතිඵල ලැබෙන එකේ සන්තෝසෙ හින්දයි මෙහෙම කියන්නෙ.

    අර්ජුනල ටීම් එක එනකොට උබ හිටියද. යාපනෙ අලලපු වෙලෙ රොහාන් එනකොට හිටියද.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මමත් ගෝඨා ට දෙන්නේ ටාං ටාං , ආනන්දේ අය කොහොමත් රටට, ජාතියට ආදරේ මිනිස්සු.


    මම නම් ඉස්කෝල 10 කට විතර ගියා. 5 වසරේ විභාගයෙන් තමයි ගේමක් ගහලා ඉස්සරහට ආවේ...
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    අර්ජුනල ටීම් එක එනකොට උබ හිටියද. යාපනෙ අලලපු වෙලෙ රොහාන් එනකොට හිටියද.

    අර්ජුන ටීම් එකේ ඉන්නකොට හිටියා. අපි බිග් මැච් එකට ගිහින් චියර් කරපු හැටි තාම මතකයි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මගේ මුල් අනාවැකිය හරි ගියා. හෙට සිට අනිකුත් අනාවැකිද සාර්ථක වේවා යැයි පතමි