Sajith agreed TNA suggestions ?

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    TNA ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට.

    දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇත.

    ඒ ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද වවුනියාවේදී රැස්වූ අවස්ථාවේදීයි.

    යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් පසුගියදා සකස් කළ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ඊට එකඟවන අයකුට සිය සහාය ලබාදෙන බව උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියේය.

    එම යෝජනා නම්,

    1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2.අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6.උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7.උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9.මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10.පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11.උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12.උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13.උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම."යන යෝජනා ඊට ඇතුළත්.

    ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් වවුනියාව පෞද්ගලික හෝලයකදී අද රැස්වුණි.

    ඒ ඉලංගෙයි තමිල් අරසු පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සහ එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    මෙම සාකච්ඡාවෙන් පසුව අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

    එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ කරුණු 13කින් යුතු යෝජනාවලිය පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

    ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ මැතිවරණ ප්‍රකාශ පිළිබඳ සළකා බලා ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.

    එසේම දෙමළ ජාතික සන්ධානය යටතේ ඇති ටෙලෝ හා ප්ලොට් සංවිධානය යන පක්ෂ 2හි තීරණය ද ඉදිරියේ දී සාකච්ඡා කර දැනුම් දෙනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    74514903_2553454614741341_5982857630505238528_n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අන්තවාදය, රට දෙකඩ කිරීම ස්වයන් පාලනය මේවා අත ඈරපු අය එක්ක එකතු වෙන එකේ අවුල මොකක්ද? බෙදුම්වාදය කරේ තියන් යන එවුන් එක්ක ගිවිසුම් ගහන එකයි අවුල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    ? You mean win or lose ?

    If Sinhalese have an ounce of brain matter they would not vote the people who said:

    “We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.



    “Without accepting a traditional homeland the talks will collapse and war will resume.”
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සජිත්ට ලොකු වාසියක් නෑ මේකෙන් අවාසියක් මිසක්..:D
    TNA චන්ද ලක්ශ 5 එනකොට ඊට වඩා සිංහල චන්ද කැඩෙනවා.:rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදාම්මෝහ් කොටි එනවෝ, රට බෙදනවෝ! පරන තැටිය ගහපියෝ!

    cfd6795d4c780615847d7b470f3ce4bc.gif
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මේ තරම් දවස් රාජපක්ෂලා එක එක ජිල්මාට් දැම්මා...
    උතුරේ චන්දය වර්ජනය කරවන්න උපරිම උත්සාහ කලා..
    බැසිල් උපරිම බලය බෙදනවා කියලා පොරොන්දුවෙලා TNA සහය ගන්න හැදුවා...
    දැන් බැරි උනගමන් බයියො කොටි නැගිට්ටවන්න පටන් ගන්නවා ෂුවර්...


    74407470_1142725412784225_7072479580686123008_n.jpg