- දිනෙක, කෙන්යාවේ ණය භරිත නගරයක වූ එක ම හෝටලයට සංචාරකයෙක් පැමිණිණි. මේසය මත ඩොලර් 100යේ නෝට්ටුවක් තැබූ හෙතෙම කාමර පරීක්ෂා කිරීම සඳහා ගියේ ය.
- ඩොලර් 100යේ නෝට්ටුව ගත් හෝටලයේ හිමිකරු පිටතට දිවැ ගියේ මස් කඩකරුට වූ ණය ගෙවා-දැමීමට යි. ඌරු කොටුකරුවාට ඇති ණය ගෙවීමට මස් කඩකරු දිවැ ගියේ ය. ඌරු කොටුකරු දිවැ ගියේ ඌරු කෑම සපයන්නා හට ඇති ණය ගෙවීම සඳහා යි. ඌරු කෑම සපයන්නා ණයට තම සේවය සපයන නගරයේ වෛශ්‍යාව වෙත දිවී ය. අන්තිමේ දී වෛශ්‍යාව හෝටලය වෙත පැමිණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් කුලියට ගත් කාමර සඳහා වූ ණය ගෙවා-දැමූ ය.
- හෝටල් හිමිකරු ඩොලර් 100යේ නෝට්ටුව නැවත මේසය මත තැබී ය. කාමරවලට කැමැති නො වූ සංචාරකයා ආපසු පැමිණ මුදල් නෝට්ටුව රැගෙන පිට වී ගියේ ය.
- කිසිවෙක් කිසිවක් උපයා-ගත්තේ නැත. එහෙත්, ඒ මිනිස්සු කණ්ඩායම ම දැන් ණය බරින් නිදහස් ය. ඔවුහු සුබවාදී ලෙසින් හෙට දවස උදා වන තුරු බලා හිඳිති.
- ඉතින්, මෙන්න මේ විලසින් තමයි අද ලෝකය ව්‍යාපාර කරන්නේ....






