බැළලිය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ බැළලියක අසල වත්තකට ගීයේ යැයි උරණ වූ එම නිවසේ වාසය කළ සිසුවෙකු එම බැළලියට තියුණු ආයුධයකින් පහරදී මරා දමා තිබූ සිද්ධියක් හා එය ප්‍රචාරණයෙන් පසු බියට පත් ඔවුන් ප්‍රදේශය අතැර පළායාමේ සිද්ධි දෙකක් වාර්තාවේ.
    බැළලිය හදා වඩා ගන්නා නිවස ආසන්නයේ තාප්පයකින් වටකරන ලද වත්තට
    මෙම බැළලිය ඇතුළුවීම සම්බන්ධයෙන් උරණ වී මෙම ක්‍රියාව සිදුකර ඇති බව බැළලිය ඇති දැඩි කරන කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. එම කාන්තාව රෙදි වැනිම සඳහා වැල අසලට පැමිණිමේදී මෙම බැළලිය තාප්පය උඩ සිටිනු දුටු බවත් බැළලියට කතා කළ බවත් මඳ වේලාවකින් ඇය නිවස තුළට ගොස් යළි පිටතට පැමිණිමේදි එම නිවසේ සිටින 17 හැවිරිදි පාසල් සිසුවෙකු කොලයකින් ඔතා යමක් නිවස ආසන්නයේ මාර්ගයේ දමා යෑමෙන් පසු සිදුකළ පරීක්ෂාවේදී පිට කොන්දේ දරුණු කැපුම් තුවාලයක් සහිතව තම නිවෙසේ ඇති දැඩි කළ බැළලිය වේදනාවෙන් කෑමොර දෙමින් සිට විනාඩි දහයකට පමණ පසු මියගිය බවත් එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. මියගිය බැළලියට කිරි බොන පැටවකු ද සිටින බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.


    මියගිය බැළලිය වේදනාවෙන් කෑමොර දෙමින් දගලන අයුරු සටහන් ජංගම දුරකනන විඩියෝවක්ද පැමිණිලිකාර කාන්තාව පැමිණිල්ල සමඟ පොලිසියට ඉදිරිපත් කර තිබිණි. සැකකාර සිසුවා පොලිසියට කැඳවීමට නියමිත තිබුණි. ඒ ගැන පුවත්පත් වාර්තාද ඊයේ පළ විය. මේ අතර සිද්ධිය ප්‍රසිද්ධවිමෙන් පසු අත්අඩංගුවට ගැනීමට සිටි සැකකාර පාසල් සිසුවා හා දෙමවුපියන් නිවෙස වසා ප්‍රදේශය හැරගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

    බැළලිය ඇතිදැඩි කළ කාන්තාව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ බණ්ඩාරගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.එස්. දර්ශන මහතා මෙම ක්‍රියාව සිදුකළ බවට පැවසෙන සැකකාර පාසල් සිසුවා අත්අඩංගුවට ගන්න අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ කටයුතු භාරව කටයුතු කරන පොලිස් සැරයන් එදිරිසිංහ මහතා උපදෙස් ලබාදී තිබිණි.

    ඒ අනුව වහා ක්‍රියාත්මක වූ සැරයන්වරයා පෙර්දා (18දා) පෙරවරුවේ පැමිණිලිකාර කාන්තාවට දන්වා 119 පොලිස් යතුරුපැදී සංචාරක නිලධාරීන් සමග අවස්ථා දෙකකදී සැකකාර පාසල් සිසුවාට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමට ගොස් තිබුණද නිවසේ දොරවල් වසා ගේට්ටුවටද ඉබි යතුරු දමා තිබෙන බව වැඩබලන ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබූ බව පොලීසිය පවසයි.


    බැළලිය පිළිබඳ විපරමින් සිටියදී එම නිවසේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවා කොලයක එතු යම් දෙයක් නිවස ආසල මාර්ගයේ කැලෑරොද අසලට දමා යාමෙන් අනතුරුව බැළලිය මහා හඩින් කෑ ගසනු ඇසී අසල්වාසීන් සමග එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවේදී බැළලියගේ පිට කොන්ද දරුණු කැපුම් තුවාලයක් තිබෙනු දුටු බවත්, තමත් ඒ ආසන්නයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලට ගොස් සැකකාර පාසල් සිසුවාගේන් නිවස දෙස බැලීමේදී ඔහු බැළලියට පහරදීමෙන් අනතුරුව වැඟුරුණු ලේ සැකකරු පදිංචි නිවස වටා තිබන සිමෙන්ති පොළව මත හා බිම තිබූ බවත්, සැකකරු ඒවා රෙදි කැබලිවලින් පිසදා වැලිවලින් වසාදමන අයුරු දුටු බවත් පැමිණිලිකාර කාන්තාව සිදුකළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත් ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පක්‍ෂක කේ.එස්. දර්ශන ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

    බන්ඩාරගම - බිමල් ශ්‍යාමන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    neethiya nawanne nethuwa arurata itu kale nethnam thatta rathana ta kiyala upawasayak karamu
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    image_5779c0d5ee.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,696
    113
    මාලඹේ
    හරිම අමාරුයි බං අළුත් පරපුරේ එවුන් එක්ක.
    අැඟටම තමා එන්නේ ඕකුන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙ පූසාද?

    නෑ පූසව මරපු එකා වගේම අහින්සක කොල්ලෙක්. ලගදි හිටන්තුමා නිදහස් කලේ මෙයාව තමා. දෑන් ලන්කාවේ නෑහෑලූ
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    ඔය වගේ එවුන් තමා තරුණ වයසට ඇවිල්ලා මිනී මරන්නේ

    මේක සිරාම සිද්දියක්

    මේ ඒවගේම එකෙක්
    මූත් ඉස්සල්ල පුසෝ මරනවා ඊට පස්සේ මිනිස්සු
    පුළුවන් නං බලන්ඩ netflix documentary එකක්