සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ-සජිත්
මෙරට සිංහල බෞද්ධ බහුතර ජනතාවට තමන් කිසිදු ආකාරයකින් ද්‍රෝහී වී නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ අද අනුරාධපුර නගරයේ පැවති ජනහමුවකදීයී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
"සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ, මම කිසි දවසක රටට පාවලා දීලා නෑ.
මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට රටට බලපෑම් එල්ල වුණා, ජාත්‍යන්තර අධිකරණ ගේන්න ඕනේ කිව්වා.
ඒ හැමදේටම මම එදා ඊට විරුද්ධ වුණා.
තිබුණටත් වැඩිය බඩුමිල අඩුවෙයි කියලා 69 ලක්ෂයක් වරම ලබා දුන්නා.
රාජ්‍ය බලය ගන්න කලින් තිබුණ බඩුමිලට වඩා වසර හතරහමාරකට පස්සේ එදා බඩුමිලට වඩා අඩු බඩුමිලක් දුන්නයි කියලා මම නම් මීට කලින් අහලා නෑ.
ජනාධිපතිවරණය අවසන් වෙලා මාසයක් ගත වුණා, බඩුමිල අහස උසට වැඩි වුණා.
අද දෙරණ
කපටි නරියෙක්.



